උතුරේත් නිදහස් උළෙලක් පැවැත්වෙයි..

February 4, 2018 at 5:30 pm | lanka C news
උතුරේත් නිදහස් උළෙලක් පැවැත්වෙයි..

70 වැනි නිදහස් සැමරම වෙනුවෙන් වව්නියාවේ නගරසභා ක්‍රීඩාංගනයේදී අද (04) උදෑසන අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය.

යුදහමුදාව,නාවික හමුදාව හා පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම වව්නියාවේ සිංහල දෙමළ පාලස්ල කිහිපයක දරුදැරියන්ගේද සහභාගීත්වයෙන් වව්නියාව දිසාපති සෝමරත්න විධාන පතිරණ මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පූර්ණ සංවිධානත්වයෙන් වව්නියාවේ සියලුර රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන්  නිදහස් සැමරුම සංවිධානය කොට තිබුණී.

වව්නියාවේ පැවති නිදහස් සැමරුමේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වී සිටියේ කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතා වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මෙන්ම වව්නියාවේ රාජ්‍ය ආයනයන්හි සියලුම නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ වල හා පොලීසියේ උසස් නිලධාරීන් රැසක්ද සහභාගී වි සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,822 Viewers

2 Comments to “උතුරේත් නිදහස් උළෙලක් පැවැත්වෙයි..”

  1. lion says:

    යාල වනයේ සතුන්ගේ නිදහස නැතිකල බදියුදීන් ලැජ්ජා නැතුව නිදහස් දිනය සමරනවා

  2. kamalasirikuruwita says:

    ” වව්නියාවේ පැවති නිදහස් සැමරුමේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වී සිටියේ කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතා “. මොනවා !!!රිෂාඩි බදියුදීන් ? ( මෙයා ගැන කතන්දර ඔක්කොම ඔලුවට එනවා අප්පා ) අපේ වීරෝධාර හමුදාවල් මෙච්චර පාච්චල් කරන්නේ ඇයිද මන්ද ?

Leave a Comment

Main News