උතුරේ ආගමික සිද්දස්ථාන වලට හානි කිරීමට එරෙහිව විරෝධතා…

March 6, 2018 at 8:40 am | lanka C news
උතුරේ ආගමික සිද්දස්ථාන වලට හානි කිරීමට එරෙහිව විරෝධතා…

උතුරේ විවිධ පුද්ගලයින් විසින් හින්දු ආගමික සිද්ධස්ථාන වලට හානි සිදු කිරීම හෙලා දකිමින් එවැනි සංස්කෘතික සිද්ධස්ථාන ආරක්ෂා කරගත යතු බව පවසමින් යපනය නල්ලූර් කෝවිල ඉදිරිපිටදී විරෝධතා පා ගමනකින් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයාට සන්දේශයක් භාර දෙනු ලැබීය.

සෛව මහ සභාව මගින් සංවිධානය කරන ලද මෙම විරෝධතා පාගමන පළමුව නල්ලූර් කෝවිලේදී විශේෂ දේව පූජාවක් පවත්වා උතුරේ හින්දු ආගමික සිද්ධස්ථාන ආරක්ෂා කර දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුව කෝවිල් මාර්ගයේ විරෝධතා පා ගමනක් සංවිධානය කොට තිබුණි.

අනතුරුව විරෝධතා පා ගමන අවසානයේ කෝවිල් පාරේ පිහිටි උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයාගේ නිල නිවසට ගිය විරෝධතා කරුවන් එහිදී ප්‍රධාන අමාත්‍ය වරයාට සන්දේශයක් භාර දෙමින් ඉල්ලා සිටියේ උතුරේ හින්දු ආගමික සිද්ධස්ථාන විනාශ කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු බවටත් ආසන්න වශයෙන් යාපනය චෙම්මිණි ප්‍රදේශයේ පිහිටි හින්දු ආගමික සිද්ධස්ථානයකට හානි සිදු කොට ඇති බවටත් දැනුම් දෙන ලදි.

අනතුරුව ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා විසින් විරෝධතා කරුවන්ට දැනුම් දෙනු ලැබූ අදාල කරුණ සම්බන්ධයෙන් එලඹෙන පලාත් සභාසැසි වාරයේදී සාකච්ඡා කොට අශ්‍ය පියවර ගන්නා බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,301 Viewers

2 Comments to “උතුරේ ආගමික සිද්දස්ථාන වලට හානි කිරීමට එරෙහිව විරෝධතා…”

  1. හ්ර්ර්harry says:

    “සෛව මහ සභාව මගින් සංවිධානය කරන ලද මෙම විරෝධතා පාගමන පළමුව නල්ලූර් කෝවිලේදී විශේෂ දේව පූජාවක් පවත්වා උතුරේ හින්දු ආගමික සිද්ධස්ථාන ආරක්ෂා කර දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුව කෝවිල් මාර්ගයේ විරෝධතා පා ගමනක් සංවිධානය කොට තිබුණි.”
    දෙවියන්ටත් බැරි වැඩේ මහ ඇමතිට පුලුවන්ද?

  2. Wikramabahu says:

    kavuda mehema karanne? bauddhayoda? muslimunda? monawada sakshi? bauddha siddhastana, purawastu aadiyanam winasha karana bawata sakshi thiyanawa. mewa karanne ekama kattiyakda? naeththam heta anidda ena geneva sessionwaladi lankawata erehi meheyumakda?

Main News