උතුරේ ඉඩම් නිදහස් කිරීම් හා අතුරුදහන් වූවන් ගැන සොයන්න බි‍්‍රතාන්‍යයෙන් එයි..

January 8, 2018 at 8:02 am | lanka C news
උතුරේ ඉඩම් නිදහස් කිරීම් හා අතුරුදහන් වූවන් ගැන සොයන්න බි‍්‍රතාන්‍යයෙන් එයි..

මහබ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් පිරිසක් උතුරු පලාතේ සංචාරයක නිරත වූ අතර එහිදී (06) දින උතුරු පලාත් ආණ්ඩුකාර් කාර්යාලයේදී ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතා හමු විය.

ඩැන් කාඩ්න් , මිචේල් ඩොනලන් , ක්‍රිස් ග්‍රීන් , කෙලී ටෝල්හස්ට් , ක්ලිමෙන්සි මජීස් යන මහබ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් පිරිස උතුරු ආණ්ඩුකාර්වරයා හමු වී උතුරේ ජනවාර්ගික සමගිය හා සංහිදියා වැඩිපිළිවල මෙන්ම රජයේ සංවර්ධන කටයුතු පිළිබඳවද විමසා ඇත.

එහිදී බ්‍රිතාන්‍ය මන්ත්‍රී කණ්ඩායම විසින් දැනට උතුරේ සිදුකෙරන යුද්දයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් සිදු කෙරන විරෝධතා සත්‍යග්‍රහයන් හා අතුරුදහන් වූවන් වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන්ද දැනට ආරක්ෂක අංශයේ සතු සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් නිදහස් කිරීම් සම්බන්ධයෙන් උතුරු ආණ්ඩුකාරවරයාගෙන් කරුණු විමසා ඇත.

එහිදී උතුරු ආණ්ඩුකාරවරයා විසින් රජය විසින් අතුරුදහන් වූවන් වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් මෙන්ම ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් මේ වන විට නිදහස් කර ඇති ප්‍රමාණයන් හා ඉදිරියේදීද ඉඩම් නිදහස් කිරීමට පියවර නෙ ඇති බවට සවිස්තරාත්මකව කරුණු දක්වා ඇත.

එමෙන්ම මධ්‍යම රජය විසින් උතුරේ සිදු කරනු ලබන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් උතුරු ආණ්ඩුකාර තුම්න විසින් කරුණු දැක්වීමෙන් පසුව රජයේ සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රශංශාව පල කිරීමටද මහබ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,096 Viewers
Main News