උතුරේ කොටි හිතවාදීන් රාජපක්ෂ පාලනය බියෙන් සිටියේ.. සම්මුතිවාදී ආණ්ඩුව යටතේ අද ඉන්නේ උද්‍යෝගයෙන්..- හෙල උරුමය

May 17, 2018 at 9:20 am | lanka C news
උතුරේ කොටි හිතවාදීන් රාජපක්ෂ පාලනය බියෙන් සිටියේ.. සම්මුතිවාදී ආණ්ඩුව යටතේ අද ඉන්නේ උද්‍යෝගයෙන්..- හෙල උරුමය

ජාතික හෙළ උරුමය ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මැයි 18 – කදුළු සලන දිනයට උතුරේ සුදානම.

තිස්වසරක එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදය පරාජයට පත්කර එළඹෙන මැයි 18වන සිකුරාදා දිනට වසර 09ක් සපිරේ. ගෙවුනු වසර 09 තුළම මෙම දිනය දෙමළ ජනතාවගේ ශෝක දිනයක් ලෙසත් දෙමළ ජන සංහාරක දිනයක් ලෙසත් ලෝකවාසි දෙමළ ජනතාව කදුළු සලන දිනයක් ලෙසත් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ ඉතුරු වී සිටින කල්ලි කණ්ඩායම් හා එල්.ටී.ටී.ඊ.හිතවාදි දෙමළ දේශපාලන කණ්ඩායම් හා ශිෂ්‍ය සංවිධාන එලෙස මෙම දිනය සිහිපත් කළ යුතු බව සඳහන් කර ඇත. ගෙවී ගිය වසර 09 තුළම අඩු වැඩි වශයෙන් මෙම දිනය ශෝක දිනයක් ලෙස සිහිපත් කිරීමට ඔවුන් විවිධ ක්‍රියාකාරකම් මුදාහැර ඇත. ත්‍රස්තවාදය පරාජය කළ රාජපක්ෂ පාලනය යටතේ මෙම ක්‍රියාකාරකම් වලට බියක් හා සීමිත කම් තිබු නමුත් සම්මුතිවාදී හවුල් ආණ්ඩුව යටතේ එම බිය හා සීමිත කම් තුරන් වී ඇති අතර එම දිනය සිහිපත් කිරීම සඳහා මෙම කණ්ඩායම් උද්යෝගීමත්ව කටයුතු කරමින් ඇත.

ගෙවී ගිය වසර තුන තුළ එහි ප්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනයක් සිදුවී ඇත. වත්මන් රජය මෙම දිනය සිහිපත් කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් වල සුදානම පිළිබඳව අහක බලාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර එම ලිහිල් භාවයට මුවා වී එල්.ටී.ටී.ඊ සංවිධානයේ මියගිය නායකයින් ඔවුන්ගේ මතවාදය ඔවුන්ගේ දර්ශනය, සංකේත, වර්ණ ප්‍රවර්ධනය කරමින් ඇත. රජය මෙහිදී අහක බලාගෙන සිටින හා නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළ වඩාත් උත්කර්ෂවත් ආකාරයට මෙම දිනය සිහිපත් කිරීමට කදුළු සැලීමට, පහන් දැල්වීමට උතුරු පළාත සුදානම් වෙමින් ඇත. උතුරේ දෙමළ දේශපාලනයේ ඇති වී ඇති බෙදීම් නිසා සම්බන්දන්, සුමන්දිරන්, ටී.එන්.ඒ සංධානය අභිබවා යමින් අභියෝගාත්මකව දෙමළ සමාජය අත්පත් කරගැනීම සඳහා ගජේන්ද්‍ර, පොන්නම්බලන්ගේ සංධානය ඉදිරියට එමින් ඇත. එයට සිවාජිලිංගම්, ආනන්දී සසිධරන් ඇතුළු හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේත් ඔවුන්ගේ පවුල්වලත් සහය හිමිවී ඇත. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රමුඛ ටී.යු.එල්.එෆ් සංධානය ද තරඟයට ඇතුල්වෙමින් වඩ වඩාත් බෙදුම්වාදී වෙමින් ඊළාම්වාදී අරමුණු දෙසට තල්ලුවෙමින් ඇත.

මහඇමති විග්නේෂ්වරම්ගේ කණ්ඩායම ද මෙම බලඅරගලයට අවතීර්ණ වී ඇති අතර සම්බන්ධන් සුමන්දිරන් සංධානය පසුබසිමින් ඇත. පසුගිය පළාත් පාලන මැතිවරණයේදීත්, මැයි  දින සැමරැම් වැඩසටහන් වලදීත් ඔවුන් පසුපාදයෙන් සෙල්ලම් කරනු දැකගත හැකිවූ අතර මෙම තත්ත්වය ඉදිරියේ දෙමළ ජනතාවගේ අභිලාෂය වෙනුවෙන් ඔවුන් ද වඩ වඩාත් ජාතිවාදී වෙමින් සිංහල විරෝධී

වීමටත්, ආණ්ඩු වීරෝධීවීමේ දෙසටත් තල්ලුවෙමින් ඇත. මෙහි අලුත්ම තත්ත්වය නම් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සහය ගජේන්ද්‍රන්ගේ කණ්ඩායම හිමිකර ගැනීමත් සමග එම ව්‍යාපාරය වඩාත් රැඩිකල් මුහුණුවරක් ගෙන ඇත. ගජේන්ද්‍රන්ගේ මැයිදින රැළියෙන් එය පිළිබිඹු වූ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානය පැවති සමයේ එල්.ටී.ටී.ඊ මැයි රැළි වල හැඩරුවට සමාන හා ස්වරූපයක් මෙහි දැකගත හැකිවිය.

පළාත් සභා අමාත්‍ය ආනන්ද සසිධරන් , උතුරු පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් එළඹෙන මැයි 18 දෙමළ ජනතාවගේ ශෝක දිනයක් වශයෙන් නම්කරන ලෙස යෝජනා කර ඇත.

ඒ අතර යාපනය සරසවි ශිෂ්‍ය සංගමය උතුරු පළාත් සභාවට චෝදනා කරන්නේ වෙල්ලමුල්ල වෛයික්කාල්හි පළාත් සභාවට අයිති භූමීයේ මිය ගිය දෙමළ ජනතාව හා එල්.ටී.ටී.ඊ.නායකයින් වෙනුවෙන් ස්ථාවර සමරු කුළුණක් ඉදිකිරීමට අවසර නොදීමෙන් උතුරු පළාත් සභාව සහ මහඇමතිවරයා දෙමළ ජනතාවට ද්‍රෝහී වී ඇති බවයි.

මේ අතර ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ලෙස කටයුතු කළ ශිවකරන් පසුගිය කාලයේ සම්බන්ධන් හා සුමන්දිරන් කණ්ඩායම විසින් පක්ෂයෙන් නෙරපන ලදි. ශිවකරන් මන්නාරම ප්‍රදේශයේ පදනම් කරගත් එල්.ටී.ටී.ඊ.හිතවාදී සටන්කාමී තරුණ නායකයෙකි. මැයි 18 දෙමළ ජනතාව කදුළු සලන දිනයක් ලෙස සිහිපත් කිරීම සඳහා මන්නාරම් ප්‍රදේශය පදනම් කරගෙන ලහි ලහියේ ඔහු සුදානම් වෙමින් ඇත. ශිවකරන් මේ වන විට මන්නාරම ප්‍රදේශයේ දෙමළ ජනතාව අතර ආධාර මුදල් රැස්කරමින් මෙම දිනය කදුළු සලන කළුවර දිනයක් කිරීමට සුදානම් වෙමින් ඇති අතර ආවේගාත්මක කරුණු 08කින් යුතු ලිපියක් උතුරු මහඇමතිවරයාට හා පළාත් සභාවට ඉදිරිපත් කරමින් ස්ථාවර ස්මාරකයක් ඉදිකිරිම සඳහා පළාත් සභාවට අයිති වෙල්ලමුල්ල වෛයිකාල්හි භූමී භාගය ලබාදෙන ලෙස එමගින් බලකර ඇත. එල්.ටී.ටී.ඊ.සංවිධානයේ පුනරුත්ථාපනය නොවූ ක්‍රියාකාරිකයෙකු වන ජෙබා මන්නාරමේ සමරු වැඩසටහනට එළිපිටම කටයුතු සුදානම් කරමින් ඇති අතර මෙම සමරු වැඩසටහනේ ආරාධිත දේශනය සඳහා යාපනය සරසවියේ ආචාර්ය ශිව මෝහන්ට ආරාධනා කර ඇත.

මේ අතර යාපනය සරසවි ශිෂ්‍ය සංගමය 18වන දින උදෑසන සරසවිය තුළ මෙම සිහිපත් කිරීමේ වැඩසටහන කර ඉන්පසු ශිෂ්‍යයින් 3000ක් සමග මෝටර් බයිසිකල් මත නැගී එල්.ටී.ටී.ඊ.සංකේත ප්‍රදර්ශනය කරමින් වෙල්ලමුල්ලි වෛයික්කාල් වෙත යාමට සුදානම් කරමින් ඇති අතර එහිදී සමරු ඵලකයට මුල්ගල තැබීමට ද සුදානම් වෙමින් ඇත.

එමෙන්ම ප්‍රභාකරන්ගේ උපන්ගම වන වැල්වැටිතුරේයි ප්‍රභාකරන් නිතර ආගිය අම්මාන් කෝවිලේ එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු ක්‍රියාකාරිකයෙකු වන පුනරුත්ථාපනය නොවූ ප්‍රභාකරන් නැමැත්තා එල්.ටී.ටී.ඊ. සංකේත වලින් ප්‍රදර්ශන රථයක් සුදානම් කර උතුරු පළාත පුරා ගමන් කිරීම ආරම්භ කර ඇත. උතුරු පළාත පුරා ගමන් කිරීමෙන් පසු එම ප්‍රදර්ශන රථය වෙල්ලමුල්ල වෛයිකාල් වලට යාමට නියමිතය. උතුරු පළාත පුරාම (මැයි 18) මෙම දිනය සිහිපත් කිරීම සඳහා එල්.ටී.ටී.ඊ.හිතවාදි කල්ලි කණ්ඩායම් යුහුසුළුව ක්‍රියාත්මක වෙමින් ඇති අතර මේ සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය එල්.ටී.ටී.ඊ. ඩයස් පෝරාව හරහා මේ වන විට ලැබෙමින් ඇති අතර විශේෂයෙන් ස්විට්සර්ලන්තයේ සිට ක්‍රියාත්මක වන ඉනියවන් කණ්ඩායම වඩාත් සක්‍රීය මූල්‍ය දායකත්වයක් ලබාදෙමින් ඇත.

දැනගන්නට ලැබී ඇති විශ්වාසවන්ත ආරංචි මාර්ග අනුව රජය මේ දක්වා නිසි නියෝගයක් ආරක්ෂක අංශ වලට හෝ පොලීසියට ලබා දී නොමැති අතර අහක බලාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස දැනුම් දී ඇති බව දැනගන්නට ලැබේ. ගෙවී ගිය වසර 03 තුළ සාමය හා සංහිඳියාව වෙනුවෙන් වත්මන් රජය විජයග්‍රහණයේ රණවිරු පෙළ පාලිය නතර කර ඇති බවද මෙහිදී සිහිපත් කළ යුතුය. මෙම ලියුම්කරුගේ අදහස නම් මෙම දිනයට මුවා වී එල්.ටී.ටී.ඊ. සංවිධානය හෝ එහි නායකයින් ඔවුන්ගේ දර්ශනය, මතවාදය ඔවුන්ගේ සංකේත වර්ණ හා පොතපත ප්‍රවර්ධනය කිරීමට කිසිලෙසකින්වත් ඉඩනොදිය යුතු බවත් පෞද්ගලිකව තම ප්‍රියයන් අහිමිවීම වෙනුවෙන් දුක්වීමට හා කදුළු සැලීමට අවස්ථාව ලබාදීම ගැටළුවක් නොවනමුත් සංවිධානාත්මක ස්වරූපයකින් අයුතු ජනරාශියකට හා සාමූහික වලිප්පුවකට ඉඩ නොදිය යුතු බවයි. එවැන්නක් කිරීමට උත්සාහ දරන්නේ නම් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම රජයේත්, වගකිව යුතු අංශවලත් අත්නොහැරිය හැකි වගකිමක් බව අවධාරණය කරන අතර රටට නිදහස හා සාමය උදාකර ගැනීමට ගෙවා ඇති වන්දිය හා මිළ අධික බව පමණක් මතක් කර දීමට කැමැත්තෙමු. අසීරු සතුරෙක් පරාජය කර ලබාගත් විජයග්‍රහණයකින් පසු ජයග්‍රාහකයා කඩුව කොපුවේ දමාගත යුතුය. ජයග්‍රහණය පෙන්වමින් නිතර කඩුව අමෝරා සිටිය යුතු හෝ ළෙලදවිය යුතු හෝ හතරවටේ කඩුව වැනිය යුතු නොවේ. එහෙත් සතුරාට යළි හිස එසවීමට හෝ නැගිටීමට ඉඩ නොතැබිම ජයග්‍රාහකයින්ගේ වගකීම වේ.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
ජාතික සංවිධායක
ජාතික හෙළ උරුමය

21,391 Viewers

23 Comments to “උතුරේ කොටි හිතවාදීන් රාජපක්ෂ පාලනය බියෙන් සිටියේ.. සම්මුතිවාදී ආණ්ඩුව යටතේ අද ඉන්නේ උද්‍යෝගයෙන්..- හෙල උරුමය”

  1. Hesh says:

    හෙල උරුමේ දැන් පාර්ශව දෙකක් තියෙනවද වර්ණසිංහ සහ පච රණවක පාර්ශවය කියලා? මොකද පචයනම් කියන්නෙ රට ටොපේ ටොප් එකට යනවා කියලා.

    • Nalaka says:

      ව්‍යවස්ථාදායක සහ අධිකරණ නායකත්වය සිංහල බහුතරයෙන් ගලවා අවසන්….20වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් විධායක නායකත්වයෙන්ද සිංහල බලය ගලවමු…!

    • පොළොන්නරුවේ පොඩි හිමි says:

      2015 දී සිංහලේ කොඩිය අල්ලස්බ එක ගාව ප්‍රදර්ශණය කලාම මුජබුර්ස්නා රහුමාන්හි ක්සින්හළේ කොඩියට විරුද්ධව පොලිසි ගියා. ඉන් නොනැවතී බස්නාහිර පළාත් සභාවට යෝජනාවක් ගෙනාව සිංහලේ කොඩිය බස්නාහිර පළාත තුල තහනම් කරන්න කියලා. ඒ සිංහල විරෝදී දේශද්‍රෝහී ජාතිද්‍රෝහී යෝජනාවට හෙළ කරුමේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ( ජවිපෙ ඉන්නකොට නම කමල් දේශප්‍රිය) සහ ඉතාලි නිරෝෂා අතුකෝරල මන්ත්‍රී දෙදෙනා මුජබු රහුමාන්ගේ යෝජනාවට පක්ෂව අනුමත කරමින් සිංහලේ කොඩිය බස්නාහිර පළාත තුල තහනම්අ කිරීමට අත්සන් කළා.

      මහින්ද එක්ක ඉන්න කාලෙම පා.චා සිංගපුරු ගොස් දුමින්දයා බෙහෙත් ගත්තු මවුන්ට් එලිසබෙත් රූහලෙන් බෙහෙත් ගත්ථා. ඒවාට ගෙව්වේ ඥානකෝන් නෙමෙයිද? කියක් ගත්තද i සිංහල ජාතිය පාවා දෙන්න?

  2. Nish says:

    ඒකද උබලා පසුගිය මැතිවරණයෙත් යූන්පී එකත් එක්ක එකට චන්දෙ ඉල්ලුවෙ?

  3. Kolitha says:

    oyatika apita kiyannada ubala samalingikayinge aanduwen laginne…ubalage maha ekaatai hora ganayatai oya kathawa kiyapalla……

  4. Ranjan says:

    Yasapalanaya epawela wage. Megollanta kiyanne `Singhala Sakkili` kiyala.

  5. sasi says:

    හෙලකරුමයේ සියලුදෙනාටම් හෙන වෙදෙන්න ඕන

  6. Damma says:

    One should piss to the mouth of this “Shaw Baudhaya” (Display Buddhist).

  7. Ratawasiya says:

    Niwatayo dakkama eluwoth rawula paanawalu! Yudde iwara nokalanam ada wenakota ekeeya Sri Lankaawak natha.

  8. එක්නැලිගොඩ says:

    “ගෙවී ගිය වසර තුන තුළ එහි ප්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනයක් සිදුවී ඇත. වත්මන් රජය මෙම දිනය සිහිපත් කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් වල සුදානම පිළිබඳව අහක බලාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර එම ලිහිල් භාවයට මුවා වී එල්.ටී.ටී.ඊ සංවිධානයේ මියගිය නායකයින් ඔවුන්ගේ මතවාදය ඔවුන්ගේ දර්ශනය, සංකේත, වර්ණ ප්‍රවර්ධනය කරමින් ඇත.” ———– නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

    අෑ බොල පර කලුසුදු සිංහයෝ මෙහෙම කියන තොපි ඉන්නේ ආණ්ඩුවෙ නෙවෙයිද? තොපේ පචයට මේක කැබිනට් එකේ කියන්න කොන්ද පන නැති නිසාද උබ මේ ලියුම් කෑලි ලිය ලිය නටන්නේ

  9. buddhi says:

    balayata kedara wunama kotith puss patawwage thamai penenne

  10. amaraweers says:

    Thuk nodakin waranasinghe/ Patali ubala labana para gedara tamai!!!!!

  11. mali says:

    Helakarumaya has no place among sinhala people they can celebrate whatever thing with LTTE just like JVP.No need to make a statement to the media hoping to cheat sinhaal people .now we know who are the traitors and no following from sinhala people for these traitors.

  12. NAK says:

    mey koti haththata koheda hela urumayak?

  13. නැවුම් මාවත​ says:

    අපේ වර්ණ ගැන්වූ සිංහයා ජාතිය සංවිධානය කරාවි.රට බාර ගන්නට ඉන්නා පාඨලී රණ හඬ නගාවි.ඒ රණ හඬ වක නොගැසෙනු ඇත​.

    • Dushantha says:

      හා හා මේ දවස් වල ආලාපාළුවා කුළියට කොමෙන්ට් ගස්සව ගන්නවා.

  14. vishnu says:

    ඉන්න හැටි විතරක් ඇටිකෙහෙල් කාපු රිලව්
    දෙන්න වගේ. ඕක හෙළ උරුමයක් නෙවේ
    මල කරුමයක්.තොපි ඉතින් රනිල්ගෙ පස්ස
    ලෙවකකා හිටපියවූ.ඊළඟ චන්දෙදි තොපේ
    ගමනක අවසානය අපි පෙන්නන්නම්

  15. නැවුම් මාවතේ අපි says:

    නැවුම් මාවතේ අපේ පැතුම පච නැති හෙටක්?

  16. Priyadarshana Gomes says:

    Both these gentlemen are top grade womanisers. Also corruption kings.

  17. David Milli-banda says:

    Ammata siri………… Kawda munwa form kalay?? Jeppo da ?

  18. නැමුන මාවතේ දෙකට නැමුන අපි says:

    අපි හෙළයේ උරුමය අහිංසක කොටින්ට දෙමු.උන්ට උන්ගේ පරාජයේ ශෝකය සමරන්න ඉඩ දෙමු.අපට ඕනෑ උඩින් හෝ යටින් බලය පමණි.ඒ වෙනුවෙන් කොණ්ඩය බූ ගා හෙළුව වනන්නට වුවත් අපි බිය නොවෙමු.

  19. ෴හෙළයා෴ says:

    එජාප කසල කන්දේ ලගිනා චම්පිකටත් රාජිතටත් හෙට දිනයේ සිදු වන්නේ ඒ කසල කන්දේම හිස ඔබාගෙන අපාගත වන්නටය.බලය වෙනුවෙන් සිය ශරීරයේ වටිනාම කොටසේ අග්ගිස්ස වුවත් කපා ගන්නට මේ වසලයින් දෙදෙනා සූදානම් බව පැහැදිලිය​.හෙළයට මුවාවී හෙළයම අනුභව කරනා මේ පාපතරයින් උදේ කියනා බස හවසට වෙනස් කරන්නේ උරග න්‍යායෙනි.මුහුද හත් ගව්වක් තිබියදී මුන් අමුඩ ගසා ඇත​.දැන් ඒ අමුඩ වසුරුවලින් තෙත් කර ගෙන මුලු රටම ගඳ ගස්වන්නේය​.හෙළයේ උරුමය රකිනා මුවාවෙන් රකින්නේ ජාතික ධනය කොල්ල කෑ යැංකි වෘෂභයින් බව පැහැදිලිය​.උන් හා ලගිමින්ම දෙස බස රැස රකින්නට වැදි බණ දෙසති.

  20. ranjan says:

    මාත් දුන්නා හෙළ උරුමයට දැන් නම් මුන්ට දෙන්නෑ මුන් ඔක්කෝම දේශපාලු වෝ.

Main News