උතුරේ ගොවියා ණය බරින් නිදහස් කරනවා.. ලංකාවේ ඉතාම දක්ෂ ගොවීන් ඉන්නේ උතුරේ…- ජනාධිපති

October 15, 2017 at 4:40 pm | lanka C news
උතුරේ ගොවියා ණය බරින් නිදහස් කරනවා.. ලංකාවේ ඉතාම දක්ෂ ගොවීන් ඉන්නේ උතුරේ…- ජනාධිපති

අතීතයේ අපේ රට ස්වයංපෝෂිත රටක් ලෙස ගොඩනැගීමට අසීමිත ධෛර්යෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව කෘෂිකර්මාන්තයේ නිරතවූ උතුරේ ගොවි ජනතාවගේ ගැටලූ විසදමින් ඔවුන් නැවතත් ශක්තිමත් ගොවිජනතාවක් ලෙස නගාසිටුවීමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කළ යුතු බවත් උතුරේ ගොවියා ණය බරින් නිදහස් කිරීමට රජ්‍ය හා පෞද්ගලික බැංකු නිලධාරීන් සමග සාකච්ඡා කරන බවට ජනාධිපති තුමන් කියා සිටියේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ 14 වනදා කිලිනොච්චිය විශේෂ කෘෂි ආර්ථික මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට සහභාගී වෙමිණි..

ආර්ථික මධ්‍යස්ථානයේ සමරු ඵලකය නිරාවරණය කර කෘෂි ආර්ථික මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

කිලිනොච්චිය ජනතාවට කෘෂි නිෂ්පාදනවලට හොද මිලක් මෙන්ම පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට කෘෂි නිෂ්පාදන ලබාදීමේ අරමුණින් ඉදිකර ඇති මෙම කෘෂි ආර්ථික මධ්‍යස්ථානය සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 110 කි.

කිලිනොච්චිය ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය විවෘත්ත කිරීමේන් පසුව උත්සව අවස්ථාව ඇමතූ ජනාධිපති තුමන් කියා සිටියේ,

‘මා ඉතාමත් සතුටු වනවා අද කිලිනොච්චිය ප්‍රදේශයේ තමුන්නාන්සේලගේ සේවාව සඳහා වෙළඳ ආර්ථික කටයුතු සඳහා මධ්‍යස්ථානයක් විවෘත්ත කිරීමට ලැබීම ගැන මෙවැනි ආර්ථික මධ්‍යස්ථාන ලංකාව පුරාම පිහිටුවලා තියෙනවා. නමුත් තමුන්නාන්සේලාගේ ප්‍ර දේශට එවැනි දෙයක් තිබුණේ  නෑ. ඒ නිසා අද තමුන්නාන්සේලාට විශේෂයෙන්ම ගොවි ජනතාවට හා ව්‍යාපාරික අංශයට බලපාන මේ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරන්න ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. තමුන්නාන්සේලා දන්නවා අපි මේ වන විට රජය ගොවි ජනතාව සහ නිලධාරී සියළු දෙනා එක්ව අපේ රටේ ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් ආරම්භ කරලා තිබෙනවා. තමුනනාන්සේලා වෙනුවෙන් මෙහිදී කතාකරපු සෙල්වරාණි මහත්මියත් තිරුණාවුකරසු මහත්මයත් තමුන්නාන්සේලාගේ ප්‍ර දේශයේ තිබෙන ප්‍රශ්න ගැන කතා කරා. ඒ දෙදෙනාම තිබන ජල ප්‍රශ්නය ගැන කිව්වා. කෘෂි කර්මයට අවශ්‍ය ජලය වගේම බොන්න වතුර නැති ප්‍රශ්නය කිව්වා.

තමුන්නාන්සේලා දන්නවා දැන් අවුරුදු එකහමාරක් අපේ රටේ දිස්ත්‍රික්ක 12ක වර්ෂාව නැතුව විශාල නියඟයක් තියෙනවා. ඒ වගේම තවත් දිස්ත්‍රික්ක ගණනාවක ගංවතුර ගලලා ඒ ප්‍ර දේශ විනාශ වුනා. රටේ එක් ප්‍ර දේශයක් නියඟය නිසා විනාශ වුනා තවත් ප්‍ර දේශයක් ගංවතුර නිසා විනාශ වුනා. මේ නිසා රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය ආහාර නිශ්පාදනය මේ අවුරුදු එකහමාරේ  50%කින් පහත වැටුනා. මේ ප්‍රශ්නය තියෙන්නේ අපේ රටට විතරක් නෙමෙයි. මේ කාලගුණික හා දේශගුණික විපර්යාසයන් එක්ක සෑම රටකම විශාල ව්‍යවසනයන් ප්‍රශ්න රාශියක ඇති වෙලා තිබෙනවා. තමුන්නාන්සේලා දකින්න ඇති ඊයේ පෙරේදා රූපවාහිනීවල ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍ර දේශයේ විශාල ලැව් ගින්නක් ඇති වෙලා තවම ඒක නවන්න බැරුව ගිහින් තියෙනවා. විශාල විනාශයක් වෙලා තියෙනවා. ලෝකයේ අද බොහෝ රටවල්වල මේ සුළිසුළං, නියඟය, ගංවතුර, ලැව්ගිනි ඒ වගේම භූමිකම්පා මේ වගේ දේවල් විශාල වශයෙන් සිද්ධවෙනවා. ඒනිසා ලෝකයේ අනික් රටවල් වලත් ආහාර නිෂ්පාදනය පහත වැටිලා තියෙනවා. නිෂ්පාදනය පහත වැටෙනකොට මිල ඉහළ යනවා. ඒ අවශ්‍ය ආහාර හා භාණ්ඩවල හිඟයක් ඇති වෙනවා.

අපේ රට වගේම රට අවට ති‍යෙන රටවල් වලත් තත්ත්වය ඒකයි. අපිට පිටරටින් පහුගිය මාස කීපය  තුළ හාල් ගේන්න සිද්ධ වුනා. ඒ රටවල්වලත් සහල් මිල හුඟක් වැඩියි. නමුත් අපේ රටේ ජනතාවට අවශ්‍ය සහල් ප්‍රමාණය පිටරටින් හරි ගෙනල්ල කන්න දෙනවා. මේ නියඟය නිසා ගොවි ජනතාවගේ ආර්ථිකය හුඟක් පහත වැටිලා තියෙනවා. දුප්පත්කම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන්ම මේ පිළිබඳ සොයලා බලලා අවශ්‍ය විසඳුම් දීම රජය මඟින් කරගෙන යනවා. යාපනය, කිලිනොච්චිය, මුලතිව් නැත්නම් උතුරු ප්‍ර දේශය ඇතුළු ලංකාවේ දිස්ත්‍රික්ක 12කට අපි වියළි ආහාර සලාකයක් දෙනවා මේ නියඟය නිසා ඒ ගොවි ජනතාවට වෙලා තියෙන ආර්ථික අමාරුකම් නිසා. පවුල් ලක්ෂ 8කට අපි මේ වියළ ආහාර සලාකය දෙනවා. මේ නිසා අපිට එක මාසයකට වියදම් වෙනවා කෝටි පන්සියය දහයක්. නමුත් අපි ආන්ඩුව සල්ලි බලන්නැතුව ජනතාවගේ බඩගින්න බලලා තමයි මේ පවුල් ලක්ෂ 8කට මේ වියළි ආහාර සලාකය දෙන්නේ. මේ තත්ත්වය නිසා තමයි අපි ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් යුද්ධයක් පටන්ගත්තේ.

අපි පහුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍ර දේශයේ කුඹුරුවලට බැහැලා මමත් කෘෂිකර්ම ඇමතිතුමා හා හැරිසන් ඇමතිතුමන්ලා මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය ආරම්භ කෙරුවා. එහි කොටසක් විදිහට තමා අද උදේ යාපනය ප්‍ර දේශයේ ගොවි ජනතාවට මේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය යන්ත්‍රසුත්‍ර, බීජ සහ පැළ වර්ග බෙදා දුන්නේ. මේ කිලිනොච්චි,මුලතිව් ප්‍ර දේශවල ගොවි ජනතාවටත් ඒ විදිහට බීජ, පැළ , ඒ යන්ත්‍රසූත්‍ර අපි ලබා දීමට කටයුතු කරනවා ඉදිරි දිනවලදී. මේ ගොවි ජනතාවට බීජ දෙන්න, පැළ දෙන්න ඒ වගේම කෘෂිකාර්මික යන්ත්‍ර උපකරන දෙන්න අපි රජය විශාල මුදලක් වෙන් කරලා තියෙනවා.

අපි විශ්වාස කරන දෙවියන් වහන්සේ අපිට බලලා වර්ෂාව අපිට මේ මාස් කන්නයේ ලබා දෙයි කියලා. යාපනය ප්‍ර දේශයටත් හුඟදවසකින් මාස ගානකින් වැහැලා තිබුනේ නෑ. නමුත් අද උදේ පාන්දර ඉදලා විශාල වර්ෂාවක් ඇදහැලුනා. ඒ නිසා මේ මාසයේ අන්තිමට ඉදලා අපි විශ්වාස කරනවා මේ වයළි කලාපයේ විශේෂයෙන් නියඟය තියෙන ප්‍ර දේශවලට වර්ෂාව ලැබෙයි කියලා. ඒ නිසා තමුන්නාන්සේලා සියළු දෙනාට මම ඉල්ලීමක් කරනවා මේ ගොවි ජනතාව විදිහට මේ වැඩසටහනට එකතු වෙන්න කියලා.

තමුන්නාන්සේලා හුඟාක් ගොවිතැන නිසා දුක්විදින අය. තමුන්නාන්සේලාට ප්‍රශ්න හුගාක් තියෙනවා. තමුන්නාන්සේලා සැප විදින මිනිස්සු නෙමෙයි. තමුන්නාන්සේලාට දුක්කරදර රාහියක් තියෙනවා. ඒ අතරට තමා මේ නියඟයත් ඇවිල්ලා කරදර කරන්නේ. ඒ නිසා තමා මම කිව්වේ අපි විශ්වාස කරනවා වර්ෂාව ලැබිලා මේ ජනතාවට සහනයක් ලැබෙයි කියලා. මේ නියඟය ආවත්, ගංවතුර ආවත් පීඩාවට පත්වෙන්නේ කරදර වෙන්නේ දුක්විදින්නේ දුප්පත් ජනතාව. ඒ නිසා මේ තමුන්නාන්සේලා වෙනුවෙන් තියෙන ප්‍රශ්න ගැන අපි රජය විදිහට විහේෂ වැඩපිළිවෙලක් යොදනවා. මේ ආර්ථික මධ්‍යස්ථානය මේ ප්‍ර දේශයේ ගොවි ජනතාවගේ නිෂ්පාදන අළෙවි කරන්න හොඳ තැනක්.

සෙල්වරාණි මහත්මිය කිව්වා හොඳ මිලක් ඕන කියල ගොවීන්ට ඒ වගේම තිරණාවුකරසු මහත්තයා කිව්වා වතුර ප්‍රශ්නයක් තියෙන්නේ මේ ගොවීන්ට කෘෂිකර්මාන්තයට වගේම බීමටත් කියලා ඒ වගේම ඒ දෙන්න කිව්වා ඒ අයගේ ගෙවල් වල ගෘහ කර්මාන්තය කරන්න පුලුවන් කියලා ඒවා දැනටත් කරගෙන යන බව කිව්වා ඒ සඳහා අවහ්‍ය වෙළඳපොලක් ඉල්ලීමක් කළා ඒ වගේම එතුමිය කිව්වා ඒගොල්ල මේව හොඳට නිශ්පාදනය කරල දෙන්නම් පිටරට යවන්නත් පුලුවන් කියලා ඒ නිසා අපි මේ තත්වය සැලකිල්ලට අරගෙන රජය විදිහට තමුන්නාන්සේලාගේ මේ ප්‍රදේශය වෙනුවෙන් විශේෂ වැඩ පිළිවලක් ක්‍රියාත්මක කරනවා ඒ වගේම ඒ අය කිව්වා පුනකරී වැව දියුණු කරන්න ඕන කියල මම ඒ වැව ප්‍රතිශංස් කරණය කරන්න ඉතාම ඉක්මනින් ඉංජිනේරු කණ්ඩායමක් එවනවා අපි ත්‍රීකුණාමල දිස්ත්‍රීක්කයෙ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැව් 100 ක් වැඩ පටන් ගත්තා දැන් 50 කට වඩා වැඩඅවසන් වෙලා තියනවා .

මම හිතාම සතුටුයි මේ උතුරු ප්‍රදේශයෙ වැව් ටිකත් හදලා දෙන්න ඉක්මනටම ඒ නිසා ඒ ගැන මං විශේෂ වැඩපිළිවලක් යොදනවා ඒ වගේම පශු සම්පත් ගැනත් මේ වැසියන් කතා කළා දැන් අපේ හැරිසන් ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමති තුමා කිව්වා පසුගියදා මිලියන 35 ක වියදමින් පශුසම්පත් පර්යේෂණ ආයතනයක් පටන් ගත්තා කියලා මේ ලගම ඒ මධ්‍යස්ථානයත් ඒ වගේම පලාත් සභාවල ආයතනත් සමග අපි බලාපොරොත්තු වෙනවා මේ සත්ව පාලන කටයුතු සම්බන්ධයෙනුත් උදව් කරන්න ඒ වගේම හැරිසන් ඇමතිතුමාගේ අමාත්‍යංශයෙන් මේ ලගම පසුගියදා වී අලෙවි මධ්‍යස්ථාන ගබඩාවකුත් හදලා විවෘත්ත කලා මේ අද විවෘත්ත කරපු ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයටත් කොටි 11 ක් වැය කරල තියනවා ඒනිසා ගොවි ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවන්න මේ සියලු අංශ එකතුවෙලා විශේෂ වැඩපිලිවලක් යොදන්න මම බලාපොරොත්තු වෙනවා

අපි ලංකාවේ අනෙක් පලාත් වලට  වගේම උතුරු ප්‍රදේශයටත් සංවර්ධනය පතා අවුරුද්දකට ඉතා විශාල මුදලක් වෙන් කරනවා අධ්‍යාපන ,සෞඛ්‍ය ,කෘෂිකර්ම ,යන අංශ වලටත් අවුරුදු පතා අපි විශාල වශයෙන් මුදල් දෙනවා ඒ වගේම රජයේ රේඛීය අමාතයංශය හරහාත් මේ ප්‍රදේශවලට මුදල් වෙන් කරනවා හැම අවුරුද්දෙම නමුත් මට පේන දෙයක් තියනවා විශේෂයෙන් මේ මුදල් හරියට වැය වෙන්නෙ නෑ කියන එක සමහර වෙලාවට මුදල් ආපසු යනවා නමුත් අපි මේ ගැන සොයා බැලිය යුතු අවශ්‍යතාවයක් මම දකිනවා අපි රජය විදිහට බලාපොරොත්තුව තමුන්නාන්සෙලාට හොඳ ආර්ථිකයක් ඇති කිරීම මං අද උදේ යාපනයේ ගොවි ජනතාව සමග කතා කළා ඒ ගොල්ල කියූ ප්‍රශන්යක් තමයි බැංකු වලට හුගක් ණය තියනවා ගෙවා ගන්න ක්‍රමයක් නෑ කියලා ඒ නිසා මං බලාපොරොත්තු වෙනවා රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන් ගෙන්නලා මේ ණයවලින් ගොවි ජනතාව නිදහස් කරගැනීම ගැන ඒ අයත් එක්ක සාකච්ඡාවක් කරන්න ඒ වගේම ඒ ගොවි ජනතාව ඉල්ලීමක් කළා අර්තාපල් මිරිස් වැනි දෑ මේ ප්‍රදේශවල වගා කරන්න පුලුවන් පිටරටින් ගේන එක නවත්තල දෙන්න කියලා අපි දන්නවා අපේ රටේ පසුගිය අවුරු 70 කට එහාට ගියොත් එහෙම ලංකාවේ ඉතාම දක්ෂ ගොවීන් ඉන්නේ උතුරේ මේ උතුරේ ගොවියා ගැන මුලු රටම ඉස්සර කතා කළා මං යාපනයේදී කියපු කතාවක් මෙතනදිත් මතක් කරනවා අපි ඉස්කොල් යන කාලේ 1960 ගණන් වල සිංහල ඉස්කෝල වල සිංහල පොත්වල තිබුනා මේ යාපනයේ ගොවියා ගැන විශේෂයෙන්ම සඳහන් කරලා යාපනයේ ගොවියාට බොහො ප්‍රශන තියෙද්දි හොඳම අහාර නිශ්පාදනය කරන්නේ යාපනයේ ගොවියා උතුරේ ගොවියා කියලා සඳහන් කරල තිබුනා ඒ වගේම අපි දන්නවා යාපනයේ ගොවියා පැරණි විදිහට වතුර ගත්තු ආඩියා ළිඳ ගැන පවා සඳහන් වෙනවා පැරණි පොත්පත් වල අපි අද අලුත් තාක්ෂණයත් එක්ක කටයුතු කරන්න ඕන ඒ නිසා ඒ ළිං වලින් වතුර ගන්න තාක්ෂණික පොම්ප ඇතුලු උපකරණ පාවිච්චි කරන්න ඕන අද අලුත් තාක්ෂණයත් එක්ක ගොවියා මඩ ගාගන්නැති බව ඕබත් දන්නවා ඒ නිසා අපි නව උපකරණත් එක්ක කෘෂිකර්මානතයට එක් වෙන්න ඕන ඒකට අවහ්‍ය පසුබිම සක්සන්න අපි ලෑස්තියි රජය විදිහට

අනෙක් කාරණය තමයි මේ අලුත් තරුණ පරපුර කෘෂිකර්මාන්තයට කැමති නෑ රටේම නමුත් මේ තරුණ පරපුරටත් අලුත් තාක්ෂණයත් හඳුන්වලා දීලා ගොවිතැනට ආකර්ෂනය කරවලා ඒ අය එකතු කරගන්න ඕන ඒ ගැනත් අවශ්‍ය වැඩපිළිවල ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඒ නිසා ඔබ හමු වීම ගැනත් අද මා සතුටු වෙනවා රට සංවර්ධනය කිරීමේදී උතුරද දකුණද කියලා ප්‍රශනයක් අපිට නැහැ මේ ප්‍රදේශවල ජනතව මාව ජනාධිපති කරවන්න 80% ක්ට වැඩිය මට ජණ්දය පාවිච්චි කරා මම ඒක කිසිම වෙලාවක අමතක කරන්නෙ නැහැ තමුන්නාන්සෙලා මට ඡන්දය දුන්නේ මං ගැන විශ්වාශයක් ඇතිව ඔබලාට නිදහසේ කරදරයක් නැතිව ජීවත් වෙන්න බයක් සැකක් නැතිව ජීවත් වෙන්න නැවත යුද්දය ඇති වන එක වල්ක්වන්නයි මමත් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මහන්සිවෙන්නේ නැවත මේ රටට යුද්දයක් එන්නෙ නැතිව ගොඩනගන්න ඒ නිසා අපි සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කරන්න ඕන අපිට දේශපාලන පක්ෂ භේදයක් අවහ්‍ය නැහැ අපිට ආගම හා භාෂාව පිළිබඳ භේදයක් අවහ්‍ය නැහැ අපි එකටයි එකතුවෙලා වැඩ කරන්න ඕන එයයි අපේ රජයේ බලාපොරොත්තුව

මම යාපනයට එනකොටත් විරෝධතාවගේම හර්තාලුත් තිබුනා මේ වැඩපිළිවලත් එක්ක සමහර අය මට කිව්වා අද එන්න එපා කියලා උතුරට ඒ මොනවා තිබුනත් යාපනයට අවා කිලිනොච්චියටත් ආවා මං ඒ විදිහට ආවේ තමුන්නාන්සේලා ගැන විශාවශයක් තියාගෙන ඕන අයෙකුට උද්ඝෝෂණ කරන්න පුලුවන් විරෝධතා කරන්න පුලුවන් ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඒව කරන කොට සාමාන්‍ය මහජනයට අවහිරයක් නොවන අයුරින් කරන්න ඕන ඒ වුනාට කඩසාප්පු වහලා හර්තාල් කරන කොට ඒකේ පාඩුව දුප්පත් ජනතාවට ඒනිසා මේ රටේ උතුරේ වේවා දකුණේ වේවා ඕනෑම කෙනෙකුට ප්‍රශ්නයක් තියනවනම් අපිත් එක්ක සාකච්ඡා කරල ඒවා විසඳගන්න පුලුවන්

මම යාපනයේදී කිව්වා වගේම දැනුත් කියනවා ඖනෑම අයෙකුට මේ රජය මාව හමුවෙලා ප්‍රශ්න විසඳගන්න පුලුවන් සාකච්ඡා මාර්ගයෙන් මේ දුප්පත් ජනතාවට කරදර වෙන විදහට අපි කටයුතු කරන්න හොඳනැහැ මම උදෙ එනකොට පිරිසක් කලුකොඩි ඇතිව විරෝධතාවක් කරා මං කාරෙකෙන් බැහැලා ඒ අය ලගට ගියා ඒ අය විරෝධය පල කලා මම ගිහින් ඇහුවා මොකද්ද ප්‍රශ්නය කියලා මම ඒ අයට කිව්වා ඕනම ප්‍රශ්නයක් සාකච්ඡා කරමු සාකච්ඡා කරල විසඳගමු කියලා ඒ නිසා අපි හැම කෙනෙක්ම සමගියෙන් වැඩ කරන්න ඕනැ භාෂාව ආගම කුලය ප්‍රශ්නයක් වෙන්න හොඳ නැහැ අද අපි උදේ පවත්වපු උත්සවය තමයි දෙමළ භාෂා දිනය ඒ දිනය නිමිත්තෙන් ප්‍රධාන ජාතික උත්සවය තිබ්බේ යාපනය හින්දු විද්‍යාලයේ මේ දිමළ භාෂාව කියන්නෙත් අනෙක් භාෂා වගේම ඉතාම උසස් ගරු කළ යුතු භාෂාවක් දෙමළ සිංහල භාෂාවන් අවුරුදු 2000 කට වඩා පරණයි අපි මේ කතාකරන භාෂාවල සමාන චවන හුගක් තියනවා මේ භාෂාව තියෙන්නේ මිනිසුසු බෙදන්න නෙමෙයි එකතුකරන්න භාෂාව මිනිසුන් එකතු කරන පාලමක් නමුත් සමහර අය කරන්නනේ මිනිසුන් බෙදන එකයි සෑම ආගමකම කියන්නෙත් එකතු වෙන්න කියලයි භාෂාව ආගම් කුල නිසා බෙදෙන්න හොඳ නැහැ එහෙම බෙදෙනවනම් ඒක දියුණු සමාජයක ලක්ෂණයක් නෙමෙයි නොදියුණු සමාජයක ලක්ෂණයක් අපි හොඳ ආර්ථිකයක් මේ රටේ ගොඩනගන්න ඕන දුප්පත් කමින් නිදහස් වෙන් ඕන උගත් පරපුරකට මේ රට ඉස්සරහට ගෙනියන්න හදන්න ඕන අද මේ රටේ හොඳ උගතුන් පිරිසක් ඉන්නවා නමුත් සෑම මුලුමහත් පොදු ජනතාවම හොඳ උගතුන් බවට පත් කළ යුතුයි ඒ නිසා තමයි අපි දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන කොච්චර දුප්පත් වුනත් මොන අඩුපාඩුකම් තිබුනත් කිසිම දරුවෙක් ගෙදර තියාගන්න හොඳනැහැ පාසල් යවන්න ඕන මේ ප්‍රදේශවල දරුවන්ව පාසල්යවන්න බැරි තරම් දුප්පත් අය ඉන්නවනම් ඒ අය ගැන හොයල බලලා අපිට කියන්න ඕන ප්‍රදේශීය ලේකම් දිසාපති මැති ඇමති වරුන් ඒ ගැන බලයි අපිට වාර්තා එව්වොත් අපි ඒ අයට උදව් කරනවා ඒ නිසා මේ සෑම අංශයක් ගැනම සොයල බලන රජයක් විදිහට අපි කටයුතු කරනවා

මට කාලය පිළිබඳ ප්‍රශන්යක් තියනවා නැතිනම් මං ඔබලාගේ ගමක් ගානේ එනවා ඔබලා හමු වෙන්න ඔබලාගේ ප්‍රශ්න මම ගමට ඇවිත් දැනගන්න කැමති ඒ නිසා තමයි මම සෙල්වරාණි මහත්මියටයි තිරුණාවුකරුසු මහත්මයටයි කතා කරන්න කියල දුන්නේ මම ඒ දෙන්නට කිව්වා ඕන අඩුපාඩුවක් කතාකරන්න කියලා අපිට බැන්නත් කමක් නැහැ ඒත් කියන්න කියල කිව්වා මං හිතුව බනියි කියලා නමුත් බැන්නෙ නැහැ අඩුපාඩු විතරයි කිව්වේ ඒ නිසා තමුන්නාන්සේලාගේ ප්‍රශ්න හඳුනාගෙන ඒවට විසඳුම් දෙන්න අපි සැමවිටම කටයුතු කරනවා අද මේ කටයුතු සාර්ථක වෙන්න විශේෂයෙන්ම කටයුතු කළ පී.හැරිසන් ඇමතිතුමාටත් ඒ නිලදාරීන් ඇතුලු කාර්ය මණ්ඩලවලටත් ඒවගේම මේ ප්‍රදේශබාර දිසාපතිට ඇතුලු රාජ්‍ය නිලධාරීන්ටත් මා විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා ඒ වගේම වෙහෙස වන පොලීසියටත් ත්‍රිවිද හමුදාවටත් විශේෂ සතූති වන්ත වෙනා මේ ආදරණීය දෙමාපියන්ටත් සියලුම ප්‍රදේශවාසීන්ටත් මා විශේෂ සතූතිය පුද කරනවා ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙලා හොඳ රටක් හදමු..

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පී.හැරිසන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාන් යන මහත්වරුන් ද, පොලිස්පති, ගුවන්හමුදාපති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ද, ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආර්ථික මධ්‍යස්ථානය විවෘත්ත කිරීමෙන් පසුව ජනාධිපති තුමන් විසින් එහි අසල පිහිටි මිල්කෝ ආයතනයේ කිලිනොච්චි කිරි අලෙවිසැලක්ද විවෘත කෙරුනු අතර කිරි අලෙවිසැල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,632 Viewers

5 Comments to “උතුරේ ගොවියා ණය බරින් නිදහස් කරනවා.. ලංකාවේ ඉතාම දක්ෂ ගොවීන් ඉන්නේ උතුරේ…- ජනාධිපති”

  1. Jasaya says:

    Yes. Still we harvest its cultivation. Just dig land snd can still see landmines

  2. love nature says:

    සෙල්වරාණි ගේ වතුර ප්‍රශ්නයට පිළිතුරු සොයන්න ප්‍රථමයෙන් අපේ රටේ සිංහල මහා ජාතියේ ප්‍රශ්න වලට විසදුම් දීලා සිටින්න

    • Vasana says:

      අපි විශ්වාස කරන දෙවියන් වහන්සේ අපිට බලලා වර්ෂාව අපිට මේ මාස් කන්නයේ ලබා දෙයි කියලා..ජනපති
      ජනපති බෞද්ධයෙක්ද ? කුරුසකාරයෙක්ද ? දැන් අපිට එක ප්‍රශ්නයක් ????
      අල්ලාහ් දෙවියන්වහන්සේද ,සර්වබලධාරී දෙවියන්වහන්සේ ගැනද මේ පවසන්නේ ?
      ලගදි යැදුමට ගිය තිරුපති දෙවියෝ වත්ද ?

  3. ගිරවා says:

    ඇහිදගනිල්ලා මිනිසුනේ මේවා හිටන්ගේ බයිලා
    හිටන්ට රජකම ලැබුනා පවුලට රජසැප ලැබුනා
    නිවට සිරාගේ ආප්ප විප්ලවයෙන්
    එළිවෙනකොට උතුරේ ත්‍රස්තවාදීන්ට පන ලැබුනා
    දෙමළට ජාතික ගීයත් දුන්නා
    උතුරේ ජාතිවාදීන්ට රජ සැප ..ත්‍රස්තවාදීන්ට නිදහස
    දෙමළෙන් හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහසදී
    දනින් වැටී නළල ඔබා නිලතල අරගනිල්ලා
    උතුරේ ගොවියා දක්ෂලු
    වැව් හදවලු .දෙමළට සිතු පැතු ඉල්ලන දේ දෙනවලු
    කල දුටු කල වල ඉහගෙන මඩි තරකර ගනිල්ලා
    සිංහලයට හෙනගැහැව්වත් කම් නැත ලු
    මුළු රටම අගාදයේ
    ජාතික සම්පත් උගසට විකිණේ ලු
    මහබැංකුව මහදවාලේ හොරු අරන්ලු
    කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට තියල්ලා…
    විල්පත්තුව වනසා ඉස්ලාම් කොළණි අටවලාලු
    වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා
    සිංහලයා දගගෙට …පෝරකේට
    බීපු ලිඳේ දිය බොරකර මුහුදට ආවඩල්ලා
    සිංහලයට අද කෝ නිදහසක්
    ඇස් ඇර බලපල්ලා

  4. යාය 4 ගුණසේකර says:

    රටේ අනික් පළාත්වල ගොවියන්ට හෙණ ගහල ගියත් කමක්නෑ. අපිට අස්වනු විකුනගන්ඩ බෑ, වී වලට මිළක් නෑ. වතුර නෑ. පොහොර නෑ, වල් අලි කරදරේ, බීජ නෑ, ඕනෙ කරන කෘෂිරසායන නෑ. ණය අහස උසට.

    උතුරට විතරක් කිරි, අපිට කැකිරි.

Main News