උතුරේ ඡන්දය සැමදා මෛත්‍රීට පමණයි කියුවත්, උතුරේ ජනතාව සැමදා විපක්ෂයේ බව ජේ.ආර්.ට, ප්‍රේමදාසට, චන්ද්‍රිකාට, රනිල්ට, මහින්දට වුන දෙයින් පැහැදිලියි…

October 6, 2017 at 6:28 am | lanka C news
උතුරේ ඡන්දය සැමදා මෛත්‍රීට පමණයි කියුවත්, උතුරේ ජනතාව සැමදා විපක්ෂයේ බව ජේ.ආර්.ට, ප්‍රේමදාසට, චන්ද්‍රිකාට, රනිල්ට, මහින්දට වුන දෙයින් පැහැදිලියි…

වසර 30 ක යුද්ධය අවසන් කොට දකුණේ මෙන්ම උතුරේ ජනතාවට ඇතුළු සමස්ථ ශ්‍රීලංකාවටම සාමාය ගෙන ඒ මට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛව එදා රජයට හැකි විය. ඒ අනුව පලමු වරට උතුරු සහ නැගෙනහිර පලාත් සභාවන් සඳහා මැතිවරණ පවත්වා එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ අභිලාෂයන් අනුව පලාත් සභාවක් පිහිටුවා ගැනිමට අවස්ථාවක් උදාකරදීමට ඒ අනුව හැකිවිය.

එහෙත් පසුගිය ජනාධිපතිවරණයේ දි උතුරේ සහ නැගෙනහිර ජනතාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනිමට තම ඡන්දය ප්‍රකාශ කලේය.

එයින් උදම් ඇනු යහපාලන මැති ඇමතිවරු මින් ඉදිරියට උතුරේ සහ නැගෙනහිර ඡන්දය සදාකාලිකව තමන්ට පමණක් දිනාගැනීමට හැකිය යන්න මතවාදයක් දකුණේ ජනතාව තුලට කා වැද්දිමට උත්සහයක් ගත් අතර කොළඹට වී වරප්‍රසාද භුක්ති විදිමින් ආණ්ඩුව සමග සම්බන්දකම් පවත්වන දෙමළ හා සුලු ජාතික පක්ෂ නායකයින් ගේ අදහස් නිසා උතුරේ මෙන්ම නැගෙනහිර ජනතාව සම්පූර්ණයෙන්ම සිටින්නේ යහපාලන නායකත්වය සමඟ පමණක් මෙන්ම රාජපක්ෂවරුන්ට කිසිකලක උතුරේ නැවත දේශපාලන කිරිමට නොහැකි බව දකුණේ ජනතාව ඉදිරියේ සපථ කොට ප්‍රකාශ කර ඇත.

එහෙත් උතුරේ දේශපාලන හැසරිම නිසියාකාරව හදරා ඇති පරිනත දේශපාඥයන් මෙරටේ 1948 නිදහසින් පසුව බොහෝ අවස්ථාවන් වල උතුරේ දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කොට ඇත්තේ පවතින ආණ්ඩුවට විරුද්ධව බවත් එය මහින්ද රාජපක්ෂ හෝ ජේ ආර් ජයවර්ධන යන හිටපු ජනාධිපතිවරුන්ට විරුද්ධව නොවන බවත් සාක්ෂි සහිතව දනි.

උදාහරණ ලෙස, උතුරේ ජනතාව 82 ජනාධිපතිවරණය, ජේ ආර් ට වඩා කොබ්බෑකඩුවට ඡන්දය දීමත්, 89 දි ප්‍රේමදාසට වඩා සිරිමා බණ්ඩාරනායක මැතිනියට ඡන්දය දීමත්, 94 දි ගාමිණී දිසානායක විරුද්ධව චන්ද්‍රිකාට ඡන්දය දීමත්, 2005 දි චන්ද්‍රිකා ආණ්ඩුවට විරුද්ධව රනිල් වික්‍රමසිංහට ඡන්දය දීමත්, 2010 දි මහින්ද රාජපක්ෂට විරුද්ධව එදා යුද්ධය කල විරුද්ධ පක්ෂය නියෝජන කල ෆොන්සේකාට ඡන්දය දීමත් ගැන සැලකීමේ දි පහසුවෙන් තේරුම් ගත හැකිය.

මහින්දට විරුද්ධව මෛත්‍රීට ඡන්දය දුන් ආකාරයෙන්ම ලබන වර මෛත්‍රීට හා රනිල්ට විරුද්ධව මහින්ද හෝ ඔහුගේ නියෝජිතයා වෙනුවෙන් උතුරේ ඡන්දය ලබන ජනාධිපතිවරණයේ දි ලබාදෙන බව සෑබ ලෙස දේශපාලන ගැන අවබෝධයක් ඇත ඕනම කෙනෙකුට තේරුම් ගැනීමට මේ අනුව හැකියාවක් ඇත.

එමෙන්ම පසුගිය සති අන්තයේ උතුරේ දේශපාලන ප්‍රවර්ධන වැඩපිළිවෙළකට බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා එහි දින 3 ක් ගත කලේ ය. එහිදි ඔහු උතුරේ ජනතාව මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් මුණගැසීම මෙන්ම එහිදි මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වීමද උතුරේ පුවත්පත් මහා ඉහළින් වාර්තා කොට තිබුණි.

එහිදි හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ලබන වසරේ උතුරු පලාත් සභාවේ කාලය ඉකුත් වී මැතිවරණය එන බවත් එහෙත් දෙමළ සංධාන මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමඟ එක්ව පසුගිය දා පාර්ලිමේන්තුවේ ඡන්දය දීම නිසා උතුරේ ද පලාත් සභා ඡන්දය නැගෙනහිර මෙන් කල් යන බවත් ඒ අනුව එහි බලය නැවත සිංහල ආණ්ඩුකාරවරයකු යටතට යෑමයි. ඒ අනුව වැඩි බලතල අපේක්ෂාවෙන් සිටි දෙමළ ජනතාවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලබාදුන් දෙමළ මහ ඇමතිවරයකුගේ බලතල අහිමි වී එය ආණ්ඩුකාරවරයකු යටතට අකැමැත්තෙන් වුවද පත්කිරිමයි. ඒ අනුව මේ ආණ්ඩුව උපක්‍රමශීලීව කටයුතු කොට ඇති බවත් උතුරේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් යටපත් කොට ඔහුනට විශාල අසහනයක් මෙන්ම අනවශ්‍ය පීඩනයක් දේශපාලන වශයෙන් මේ වනවිට ඇති කොට ඇති බවයි.

– විශ්ලේෂක

10,355 Viewers

4 Comments to “උතුරේ ඡන්දය සැමදා මෛත්‍රීට පමණයි කියුවත්, උතුරේ ජනතාව සැමදා විපක්ෂයේ බව ජේ.ආර්.ට, ප්‍රේමදාසට, චන්ද්‍රිකාට, රනිල්ට, මහින්දට වුන දෙයින් පැහැදිලියි…”

  1. RW says:

    That is because none of the governments have settled their problems.

    • Sunil Gamage says:

      Only way to settle this problem is to give a seperate state for tamils and they will then join Indian federation

  2. samisa says:

    Ela Thats true …

  3. sinhaya says:

    Indiyawen kakussi walawal sudda karanna apu demala thastrawadin sinhalayange uture idan ayithi kara gaththa. oya idam ayithi sinhala apita.. mee rata sinhala rata..inidiyanwen apu demala thrasthawadinta meka ayithi nae..unta mee janda ayithiyak deema waradi..mun 2009 iwara karanna natuwa ape manussa kamata bera gaththa ekai waradda.. para demalo meka mataka tiya ganin meka sinhala rata..ubalata ona ona dewal meke karanna bae..ubala indiyawe idan awe sinhalayange kakussi sudda kirimatai wahal sewayatai. ubalata mehe inna one nam sinhalayanta garu karanna sinhala rate nithi walata yatath wela idapan..nathnam ubalage rata indiyawata balayan…

Leave a Comment

Main News