උතුරේ තරුණ අසහනයට මූලික හේතුව විරැකියාවයි…

September 6, 2018 at 8:02 am | lanka C news
උතුරේ තරුණ අසහනයට මූලික හේතුව විරැකියාවයි…

”අතීතයේ සිට උතුරු පළාතේ තිබූ කර්මාන්ත වැඩි ප‍්‍රමාණයක් අද වන විට වැසී ගොසින්. කන්කසන්තුරෙයි සිමෙන්ති කම්හල, පරන්තන් රසායනික කම්හල, කිරි ආශ‍්‍රිත නිෂ්පාදන සඳහා වූ කම්හල්, වැඩි ප‍්‍රමාණයක් අද වැසි ගොසින් තිබෙන නිසා උතුරු පළාතේ තරුණ තරුණියන් සඳහා රැකියා උත්පාදන වැඩ පිළිවෙලක් නැහැ. ලංකාව වටේටම මුහුද තිබුණත් ඉන්දියාවෙන් ලූණු ගෙන්වන තත්ත්වයක් අද උදා වෙලා. මේ නිසා ලූණු ආශ‍්‍රිත නිෂ්පාදන කරන කම්හල් ලෙහෙසියෙන්ම ආරම්භ කරන්න පුථවන් කම තිබුණත් කුමන හේතුවක් නිසා හෝ අද ඒවා කඩා වැටිලා. මේ නිසා උතුරේ තරුණ ප‍්‍රශ්නයට මූලිකම හේතුව විරැකියාව” යයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පසුගිය දා යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවසීය.

උතුරු පළාතේ යාපනය දිස්ත‍්‍රික්කයේ සර්ව ආගමික සංවිධාන සහ ස්වේච්ඡුා සංවිධාන හා සමාජ සේවා සංවිධාන යාපනය ආණ්ඩුකාර කාර්යාලයට කැඳවා ඔවුන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා මෙසේ පැවසීය.

”අද වන විට උතුරු පළාතේ තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය වලට නැඹුරුවන තත්ත්වයේ වැඩි වීමක් පෙන්නුම් කරනවා. ඒ වුණාට ඒ තත්ත්වය මැඩ පවත්වා ගන්න දෙමාපියන්ගේ මැදිහත්වීමෙන් පු`ථවන් කමක් තිබෙනවා. දරුවන්ගේ කුඩා කාලය දහම් අධ්‍යාපනය සඳහා නැඹුරු කළහම මේ තත්ත්වය බොහෝ දුරට අවම කර ගන්න පු`ථවන්. අද සමාජයේ පවතින තර`ගකාරී තත්ත්වය යටතේ අම්මලා තාත්තලා බොහෝ කාර්ය බහුලයි. දරුවෝ ගැන සොයා බලන්න වෙලාවක් නැති තරම්. මේ නිසා දරුවෝ කරන්නේ මොනවාද කියලා දෙමාපියෝ බොහෝවිට දන්නේ නැහැ. දෙමාපියන්ගේ මූලික අදහස දරුවන්ට අධ්‍යාපනය ලබා දීමයි. දරුවන් සමාජ ගත කරන විට හැදියාව සහ සමාජශීලි දරුවන් බිහි කළ යුතුයි යන්න පිළිබඳව දෙමාපියන් අද තැකීමක් කරන්නේ නැහැ. හැදියාව සහ සමාජශීලි දරුවන් බිහි කරන්න ආගම විෂයට විශිෂ්ඨ සමිමානයක් ගත් පමණින් පු`ථවන් කමක් නැහැ. ඒ සඳහා දහම් අධ්‍යාපනය ලබා දිය යුතුයි. තාක්‍ෂණය හෝ විද්‍යාව ඉගෙන ගත්තට හැදියාව සහිත දරුවෙක් හැදෙන්නේ නැහැ.

ඒ නිසා මා නැවත නැවතත් කියා සිටින්නේ ද්‍රවිඩ දහම් අධ්‍යාපනය දියුණු කිරීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් සකසන ලෙසයිි. ඒ සඳහා හින්දු ආගමික අමාත්‍යාංශය, හින්දු සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තිබෙනවා. හින්දු ආගමික අමාත්‍යාංශය මගින් උතුරු පළාතේ හින්දු ආගමික දහම් පාසැල් 370ක් පමණ පවත්වාගෙන යන අතර ඒ සඳහා නිසි මග පෙන්වීමක් කළ යුතුව තිබෙනවා. හින්දු සංස්කෘතියට අනුව සිකුරාදා සවස සහ ඉරිදා උදය වරුව දහම් අධ්‍යාපන කටයුතු සඳහා නිදහස් කර තිබෙනවා. නමුත් මේ දිනවල පෞද්ගලික උපකාරක පන්ති තිබෙන නිසා යම් බාධාවක් තිබෙන බවට මෙම රැස්වීමේදී හින්දු ආගමික නායකයන් මා හට පැවසුවා. ඒ සඳහා ගත යුතු හොඳම තීරණය ගත හැක්කේ උතුරු පළාත් සභාවටයි. අනෙකුත්් පළාත් සභා ඉරිදා දිනවල පෞද්ගලික උපකාරක පන්ති නැවැත්වීමේ යෝජනා සම්මත කර ක‍්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ වගේ උතුරු පළාත් සභාවටත් එවැනි යෝජනාවක් ගෙනැවිත් සම්මත කර ගත හැකියි. එවැනි තත්ත්වයක් යටතේ හින්දු ආගමික කටයුතු සහ දහම් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න පුථවන්.

හන්දියක් හන්දියක් ගානේ ආගමික සිද්ධස්ථාන ගොඩ නගලා දරුවන්ගේ සදාචාරය හා විනය හදන්න බැහැ. ඒ සඳහා දරුවන්ට උපදේශනය අවශ්‍යයි. ඒ උපදේශනය දෙන්න හොඳම තැන පාසැල සහ ගමේ කෝවිලයි. හැම ගමකම කෝවිලක් පවතින අතර එම කෝවිලට දරුවන්ගේ පැමිණීම සම්බන්ධ කරලා දහම් අධ්‍යාපනය ලබා දෙන්න පු`ථවන්.

උතුරේ බහුල වශයෙන් කිරි ගවයින් සහ කිරි ගොවීන් සිටිනවා. ඒ වුණාට කිරි වලට සාධාරණ මිලක් නැහැ. ස්වයං රැකියා වැඩ පිළිවෙලක් ආරම්භ කර එම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා දී තරුණ තරුණියන්ට ඒ මගින්ද රැකියා ලබා දීමට හැකි” බවද මෙහිදී අවසාන වශයෙන් රෙජිනෝල්ඞ් කුරේ මහතා පැවසීය.

මෙම රැුස්වීමට සහභාගි වූ නාග විහාරාධිපති මීගහජදුරේ විමලකිත්ති හිමියන් මෙසේ පැවසීය. ”බෞද්ධාගමික දහම් පාසැල් මගින් දරුවන්ට හොඳ පුරුදු, සදාචාරය, හැදියාව උගන්වනවා. ඒක ජීවිතයට හොඳ පිටුවහලක් වෙනවා. ඒ තත්ත්වය සෑම ආගමික මධ්‍යස්ථානයක් මගින්ම ලබා දෙනවා නම් හොඳයි. ආගම තුළින් හැදියාව පුරුදු කරන්න පු`ථවන්. අද සෑම ආගමික සිද්ධස්ථානයකම ආගමික අධ්‍යාපන සේවා පවත්වා ගෙන යනවා. ඒ මගින් සමාජ විරෝධී වැඩ පිළිවෙලවල් මැඩ පවත්නවන්න පු`ථවන්. යාපනය නාග විහාරයේත් දමිල බෞද්ධ දහම් පාසැලක් ආරම්භ කරලා බණ භාවනා වැඩ පිළිවෙලක් පවත්වා ගෙන ගියා. නමුත් අද වන විට කුමන හේතුවක් නිසා හෝ එම දහම් පාසැල වැසී ගොසින් තිබෙනවා. එය නැවත ආරම්භ කිරීම සඳහා ආණ්ඩුකාරතුමාගේ මැදිහත් වීම අවශ්‍ය බව මා මෙහිදී සිහිපත් කර සිටිනවා.

යාපනය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති වසන්ති අර්සරත්නම් මහත්මිය මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”සෑම දෙමව්පියෙකුටම අවශ්‍ය තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නයි. ඒ නිසා දෙමව්පියන් දරුවන්ව උපකාරක පන්ති වලට යවනවා. උපකාරක පන්ති නැතිව උසස් අධ්‍යාපනය කරා යොමු වෙන්න බැහැ. ඒ නිසා මා යෝජනා කරනවා පාසැල් කාලය තුළදීම දහම් අධ්‍යාපනය ලබා දීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න කියලා. ළමයින් අද ක‍්‍රීඩා කටයුතු වලින්ද ඈත් වෙලා. ඔවුන්ගේ මූලික අරමුණ වෙලා තිබෙන්නේ උපකාරක පන්ති වලට ගිහින් උසස් අධ්‍යාපනය කරා යොමු වීමයි. එම නිසා දහම් අධ්‍යාපනය පාසැල් විෂයට ඇතුළත් කර වැඩි දියුණු කරන්න කියා මා යෝජනා කරනවා.”

මෙම රැස්වීම අමතා හින්දු කුරුක්කල්වරුන් කිහිප දෙනෙකුද අදහස් දැක්වූ අතර ප‍්‍රදේශයේ ආගමික නායකයින් සහ බහුජන සංවිධාන වල පිරිස්්ද මෙහිදී අදහස් දැක්වූහ.

– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

2,776 Viewers

6 Comments to “උතුරේ තරුණ අසහනයට මූලික හේතුව විරැකියාවයි…”

  1. david milibanda says:

    Tell them to engage in Agriculture, fishing, farming and tapping.
    There are more unemployed youth elsewhere in the country than in theNorth.

  2. REAL MAN says:

    Ammapa….. Do you think so…. We are having too many jobs in south….UNP is reaching one million job target in next month…

    Do you know ???? Volkswagen factory in Kulityapitiya itself offering 10,000 jobs…. Cool ne……

  3. ExUNPer says:

    Hey Bro,
    That is what Mahinda trie to do….but Viggies were asking an Eelam dream solution.
    If people have freedom and better economy people would live peacefully.
    Earlier Yahapalana govt rejected developing infrastructure..and now realised the importance.

  4. Nuwan says:

    කොය් වෙලාවෙ ආයෙ පත්තුවෙය්ද කියල ශුවර් නැති නිසා ආයෝජකයො උතුරට එන්නෙ නෑ. උතුරේ දේශපාලකයන් පලාත දියුනු කරන්නෙ නැතුව ජාතිවාදය පතුරුවන්න මුලු කාලයම යොදවනවා. විරැකියාව ත්‍රස්තවාදීනට හොද අමුද්‍රව්‍යයක්.

  5. Saradiel says:

    උතුරේ වැඩියක් බලපාන්නේ කුලබේදයයි සියයට 90ක් දලිත් කුලයේ අය ජීවත්වන්නේ විග්නේස්වරන් සම්බන්දන් උසස් කුලයේ අයලු උතුර පාලනය ක‍රන්නේ. මේ තත්වයට හේතුව මෙයලු.

  6. සමලින් ගික කඩ දාලා දීපන් මොන්ගලයෝ. says:

    සමලින් ගික කඩ දාලා දීපන් මොන්ගලයෝ.

Main News