උතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චි ඉරණමඩු ජලාශය වාන් දමන්න සූදානම්

December 6, 2018 at 2:02 am | lanka C news
උතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චි ඉරණමඩු ජලාශය වාන් දමන්න සූදානම්

උතුරේ විශාලගතම ජලාශය වන කිලිනොච්චිය ඉරණමඩු ජලශය රුපියල් මිලියන 200 ක මුදලින් ප්‍රතිශංස්කරණය කිරීමෙන් පසුව පළමු වතාවට වාන් දැමීමට ආසන්නම මොහෝත උදා වී ඇති හෙයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සෘජු අධීක්ෂණයන් යටතේ ඉරණමඩු ජලාශයේ වාන් දොරටු විවෘත්ත කිරීමට පියවර ගෙන ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ්කුරේ මහතා කියා සිටියේය.

මොරගහකන්ද ජලාශය ක්‍රියාවට නැංවීමෙන් පසුව දෙවන පියවර වශයෙන් කිලිනොච්චිය ඉරණමඩු ජලාශය ප්‍රතිශංස්කරණය කිරීමට ජනාධිපතිතුමන් විසින් පියවර ගැනීමෙන් පසුව මේ වන විට ඉරණමඩු ජලාශය වාන් දැමීමට ඇත්තේ එක් අඩියක් පමණක් බවටද උතුරු ආණ්ඩුකාර වරයා කියා සිටියේය.

මේ පිළිබඳව සොයා බැලීමට උතුරු පලාත් ආණ්ඩුකාර වරයා අද (05) දින ඉරණමඩු ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී නව ව්‍යාපෘතිය යටතේ අක්කර 21,000 ක භූමි ප්‍රමාණයකින් සමන්විත ඉරණමඩු ජලශයේ වාන් දොරටු විවෘත්ත කිරීමට මේ වන විට සියල්ල සූදානම් කොට ඇත.

මුල් සමයේ ඉරණමඩු ජලාශය අඩි 34 කින් සමන්විත වූ අතර යුද්දය හේතුවෙන් ජලශයේ වැව් බැම්ම හා වාන දැඩි ලෙස අබලන් තත්වයක පැවති අතර පසුව ප්‍රතිශංස්කරණය කිරීමෙන් පසුව මේ වන විට ඉරණමඩු ජලාශයේ අඩි 36ක ධාරිතාවකින් වාන්දැමීමට ඉදිකොට ඇති අතරම මේ වන විට අඩි 35 ක් ඉරණමඩු ජලාශය පිරී ඇති අතරම තවත් එක් අඩියක් ජලය වැඩි වන්නේ නම් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු විවෘත්ත කිරීමට නියමිත බවට වාර්මාර්ග ඉංජිනේරු වරුන් උතුරු පලාත් ආණ්ඩුකාර තුමන්ට දැනුම් දෙනු ලැබීය.

ගොවි පවුල් 10,000 කට යල් කන්නයේ සහ මහකන්නයේ ගොවිතැන් කිරීමට ඉරණමඩු ජලාශයෙන් අවස්ථාව උදාවන අතරම ඉදිරියේදී කිලිනොච්චියේ වැසියන්ට ජලාශයේ අතිරික්ත ජලය යාපනයේ වැසියන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රැගෙන යාමටද අරමුණු ජනාධිපතිතුමන්ට ඇති බවටද ඒ සඳහා සහය දුන් ඉංජිනේරුවරුන්ට හා කම්කරුවන් ඇතුලු ආරක්ෂක අංශ වලට උතුරු ආණ්ඩුකාර තුමන් විසින් විශේෂ ස්තූතිය පුද කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,038 Viewers

One Comment to “උතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චි ඉරණමඩු ජලාශය වාන් දමන්න සූදානම්”

  1. Puransisku says:

    ඉරණමඩු ජලාශය නෙවේ මුලු මුහුදම ලුනු අයින්කරල උතුරට දුන්න්නත් දෙමලුන්ගෙ චන්ද සියල්ලම ලැබෙන්නේ දෙමල පක්ශවලටය. අඩුගානෙ රනිල්ටවත් ලැබෙන්නෙ නැහැ.

Leave a Comment