උතුරේ සංවර්ධනයට යුද හමුදාව එපා..- විග්නේශ්වරන් හා TNA විරුද්ද වේ..

June 27, 2018 at 4:40 pm | lanka C news
උතුරේ සංවර්ධනයට යුද හමුදාව එපා..- විග්නේශ්වරන් හා TNA විරුද්ද වේ..

වව්නියාවේ අබලන්ව ඇති වැව් සංවර්ධනය කිරීම සඳහා යුද හමුදාව යොදා ගැනීමට රජය විසින් ගෙන ඇති තීරණයට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් ඇතුලු දෙමළ මන්ත්‍රී වරුන් විරෝධය පා සිටියහ.

වව්නියාව දිස්ත්‍රීක් සවර්ධන කමිටු රැස්වීම ඊයේ (26) වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවේදී වව්නියාවේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ඇති වූ සාකච්ඡාවේදී මෙම විරෝධතාවය පල කළහ.

වව්නියාව දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සඳහා නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් , උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් , දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හා පලාත් සභා මැති ඇමති වරුන්ද වව්නියාව දිසාපති සෝමරත්න විදානපතිරන හා ආරක්ෂක අංශ නිලධාරීන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් සහභාගී වී සිටියහ.

වව්නියාවේ පිහිටි වැව් සංවර්ධනය කිරීම සඳහා යුද හමුදා සහය ලබා ගත යුතු බවට රජය විසින් කැබිනට පත්‍රිකාවකින් අනුමත කර ඇති අතර ඒ බව අමාත්‍ය රිෂාඩ් බදියුදන් මහතා කමිටුවට දැනුම් දුන් අවස්ථාවේදී පළමුව පාර්ලිමේන්තු මන්ත්‍රී සිවසක්ති ආනන්දන් මහතා විසින් කියා සිටියේ යුද හමුදාව වැව් සංවර්ධනය කිරීමට යොදා නොගෙන එම සංවර්ධන කටයුතු ග්‍රාමීය සංවර්ධන කමිටු හරහා ලබා දිය යුතු බවටත්ය එමෙන්ට එයට සහය දක්වමින් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයාද කියා සිටියේ යුද හමුදාවගේ කාර්යන් වෙනම දෙයක් හෙයින් සංවර්ධන කටයුතු වලට යුද හමුදාව දායක නොවිය යුතු බවට දැනුම් දෙනු ලැබීය.

නමුත් එහිදී සිංහල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කියා සිටියේ වැව් සංවර්ධනය ග්‍රාමීය සංවර්ධ කමිටු හරහා සිදුවීමේදී බොහෝ කලක් ගතවන අතරම සංවර්ධනයට ලැබෙන මුදලින් වැඩි වශයෙන් කොමිස් හා පගාවන් හේතුවෙන් වැවේ සංවර්ධනයක් නොවන අතරම යුද හමුදාවට වැව් සංවර්ධනය ලබා දීමෙන් නියමිත කලටත් වඩා වෙලාසනම වැව ප්‍රතිසංස්කරණය කෙරෙන අතරම වෙන් වූ මුදලටත් වඩා වැඩි වටිනාකමක් ලැබෙන හෙයින් යුද හමුදාවටම සිංහල වැව් හෝ සංවර්ධනය කිරීමට අවස්ථාව ලැබිය යුතු බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,889 Viewers

7 Comments to “උතුරේ සංවර්ධනයට යුද හමුදාව එපා..- විග්නේශ්වරන් හා TNA විරුද්ද වේ..”

  1. සිංහල බන්ඩා says:

    විගියලට ඔිනැ වැව් හෝ වෙනත් සංවර්ධනයක් නැහැ. උන්ට ඔිනෑ ජාති වදය මතුරලා දෙමලා දුප්පත්ව තියාගන රට දෙකඩ කොරන්නය්.

  2. fass says:

    Me para koti haththa Hamudawata mara bayak thiyenne, unge hora wada karaganna bari wena nisa

  3. David Milli-banda says:

    its good for the Tamils to occupy the houses built by the Forces but do not want them to build.

    Who built the Mahajana College ? If it was by the Military, then don’t attend school.

  4. LION says:

    Ban TNA racist terrorists party

  5. OLU says:

    වව්නියාවේ පිහිටි වැව් සියල්ල සෑදුවේ සිංහල අපේ මුතුන් මිත්තෝ .මේ සිංහල මාතෘ භුමිය
    TNA කථා කරන්නේ උතුර වෙනම රටක් වගෙයි ..මේ රටේ සෑම බිම් අගලක්ම සිංහල ජාතිය සතුයි ..
    උබලගේ උරුමය ගැන කතා කරපල්ලා තමිල් නඩුවට ගිහින්
    පෘතුගිසින් ,දුම්කොළ වතුවල වැඩට ගෙනාපු මේ දෙමළ සුලුජාතික වහල්ලුන්ගෙ අදහස් කුමක්ද ඒවා සංවර්ධනය කිරීමට ..මේක පුදුම දේශපාලනයක් ,දැන් මේ රටේ උරුමයන් පිලිබදව තීරණ ගන්නේ ජාතිවාදී කල්ලතෝනිද? සුලුජතිකයන්ද ?
    ලැජ්ජයි යහපාලනය ලැජ්ජයි ..සිරිසේන- රනිල් කරුණාකර ඉල්ලා අස්වී ගෙදර යන්න

  6. Nimal Tissa Wijethunga says:

    Yes, Soldiers of any country trained to kill enemies within or outside challenging the writ of the Government of that country.
    if Wigneshwaran or LTTE or similar organisation threatens the Elected government by violent means will be annihilated as same as LTTE.in the recent past.
    Therefore, do not ever think of challenging the writ of the Elected Government of Sri Lanka.
    Tri forces are utilized to do development work as well as community work all over the country and the North is no exception as it is an integral part of Sri Lanka.
    Besides, Chief Minister of a province has no legal rights to oppose such decisions by the Government of Sri Lanka.
    We are 100% percent certain that Military is very popular with ordinary people and even rehabilitated hardcore LTTE Terrorist organisation and in view of the fitting farewell given to a very senior military officer in Kilinochchiya and Mullathivu, TNA and other racists thugs afraid of the popularity of the military and thinking of their survival , they are opposing of deploying Military for the development work as it is a clear indication that they look after their interest and not the interest of the downtrodden Tamil masses.

    • JOY says:

      Why not arrest these Tamil TNA members , LTTE terrorists Supporters ?
      (The Tamil Tigers (LTTE) are considered a terrorist organization by 32 countries)
      Terrorism is like war .Terrorism is , as a rule, a violent methodology of politics, pursued by the weaker
      Government .Terrorist groups can never change their stripes, or so politicians regularly .
      Who need a terrorist organization as a political Party ?(as a political act or campaign)
      BAN racist TNA tamil party

Main News