උතුරේ ස්වේච්ඡා ගුරුවරුන් උතුරු ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට හිඳ විරෝධතාවක…

December 12, 2018 at 2:08 am | lanka C news
උතුරේ ස්වේච්ඡා ගුරුවරුන් උතුරු ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට හිඳ විරෝධතාවක…

උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ට ස්ථීර ගුරු පත්වීම් ලබා දෙන ලෙසට ඉල්ලා (11) උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට උතුරු පලාත් ස්වේච්ඡා ගුරුවරුන් විසින් විරෝධතාවයක නිරත වූහ.

උතුරේ ස්වේච්ඡා ගුරුවරුන් දහසකට වැඩි ප්‍රමාණයක් සිටි අතර ඉන් කොටසකට පමණක් ස්ථීර ගුරු පත්වීම් ලබා දීමට රජය පියවර ගත්තද ඉතිරි ස්වේච්ඡා ගුරුවරුන්ටද ස්ථීර ගුරු පත්වීම් ලබා දෙන ලෙසට රජය ප්‍රකාශ කලද මේ දක්වා ස්ථීර ගුරු පත්වීම් නොලැබුනු බවට විරෝධතාවයේ නිරත වූ ස්වේච්ඡා ගුරුවරුන් කියා සිටියහ.

මේ වන විට උතුරේ ස්වේච්ඡා ගුරුවරුන් 288 දෙනෙකු තවමත් ඉතිරිව සිටින අතර එම ගුරුවරුන්ට ස්ථීර ගුරු පත්වීම් ලබා දීමට මධ්‍යම රජය පියවර ගත යුතු බව ඉල්ලමින් ස්වේච්ඡා ගුරුවරුන් පිරිසක් විසින් මෙම විරෝධතාවය සිදු කරනු ලැබීය.

මේ පිළිබඳව උතුරු පලාත් ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් ජේ.සෝමසිරි මහතා ඇතුලු නිලධාරීන් විසින් සිදු කරන ලද සාකච්ඡාවේදී විරෝධතාකරුවන් වෙත දැනුම් දෙනු ලැබූ මේ වන විට රටේ දේශපාලනික වශයෙන් පවතින ව්‍යාකූල තත්වය හා වගකිව යුතු අමාත්‍ය වරයෙකු නොමැතිවීම හේතුවෙන් පිළිගත හැකි විසඳුමක් ස්වේච්ඡා ගුරුවරුන්ගේ ගැටලුවට ලබා දීමට නොහැකි බැවින් වගකිව යුතු රජයක් මෙන්ම අමාත්‍ය මණ්ඩලයක් පත් වූ වහාම අදාල ගැටලුවට විසඳුම් ලබා දීමට උතුරු ආණ්ඩුකාර වරයා පියවර ගන්නා බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

614 Viewers
Main News