උතුරේ සිංහලයන්ට අවුරුදු කන්න දෙනු…

April 13, 2018 at 3:00 pm | lanka C news
උතුරේ සිංහලයන්ට අවුරුදු කන්න දෙනු…

ඊයේ සහ පෙරේදා දින දෙකේ උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු කිහිප දෙනෙක් උතුරේ සිංහල ගම්මාන කිහිපයකට සහ බෞද්ධ වෙහෙර විහාර කිහිපයකට පැමිණියහ.

උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම්, එම්.කේ.සිවාජිලංගම්, පී.සත්‍යලිංගම්, ටී.රවීකරන්, ජී.ටී.ලිංගනාදන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගී වූහ. ඔවුන් මෙසේ පැමිණියේ උතුරේ සිංහලයන්ට අවුරුදු සැමරීමට අග හිඟ කමක් තිබේදැයි සොයා බලා උදවු උපකාරයක් කිරීමට නොවේ; බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ ආවාස ගෙයි අඩුපාඩු සොයා බලා ඒවා සැපිරීමට ද නොවේ.

උතුරු පළාතේ සිංහලයන් පදිංචි වී සිටීම පිලිබඳ සති කිහිපයක සිට එක්වරම දෙමළ ජාතිවාදී උගතුන් කිහිප දෙනකු සහ රාජ්‍ය නොවන සංවිධාන කප්පිතන් කිහිප දෙනකු හඬ නැගී ය. දෙමළ ජාතිවාදී දේශපාලඥයන් (නො) නෑ ගම් පැමිණ ඇත්තේ ඊට පසුවයි. උතුරේ සිංහලයන් පදිංචි වූයේ අන්තිම සති කිහිපයේ නොවේ. සිංහල නමින් ජාතියක් බිහි වූ දා සිට ඔවුහු එහි පදිංචි ව සිටියහ (“දෙමළ ජනතාවගේ සංක්‍ෂිප්ත ඉතිහාසය” නමින් මා විසින් ලියන ලදුව විසිදුනු ප්‍රකාශකයන් අතින් 2009 මැයි මාසයේ පළවූ කෘතියේ ද තවත් පොත් පත්, ලිපි ලේඛන ගණනාවක ද මේ ගැන විස්තර සදහන්ය). එසේනම් මේ හදිසියේ දෙමළ ජාතිවාදීන් කලබල වී ඇත්තේ ඇයි? මේ සදහා ආසන්නම හේතු කාරණාව උතුරු පළාතේ ප්‍රාදේශීය සභා සදහා පැවති ජන්දයේ ප්‍රතිඵල සහ එම සභා පිහිටුවීමේ දී උද්ගත වූ තත්වයයි. මුළු රටේම ජන්ද ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින්නේ කවුද යන්න කිසිවකුට අමුතුවෙන් කිව යුතු යුතු නොවේ. එහෙත් ඒ රස්නය නිසා උතුරේ අප ලැබූ ජයග්‍රහණය ගැන එතරම් කතා බහක් ඇති නොවිණ. දෙමළ ජාතිවාදීන්ට එහි තරම පෙනුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දිවුරුම් දී සභාවේ අසුන් ගන්නා විටයි; ඇතැම් සභාවල තීරණාත්මක ජන්දය පොහොට්ටුවේ මන්ත්‍රීවරු සතු වන විටයි.

මතුපිටට දෙමළ ජාතික සන්ධානය ලෙස පෙනී සිටිය ද අද උතුරේ දේශපාලනය කොත්තු රොටියකි. ත්‍රස්තවාදය ආරම්භක සමයේ කුඩා කුඩා කණ්ඩායම් ලෙස බෙදී සිට පසුව කොටින්ට බියේ යටපත්ව ගිය කණ්ඩායම්වල කල්ලිවාදය දැන් උපරිමයටම මෝරා ඇත. එකෙකුට එකෙක් නැත. අනෙත් පසින් හින්දු, කතෝලික සහ ඉවැන්ජලික කණ්ඩායම් ලෙස බෙදී ඇත. ඒ සියල්ලට වඩා කුලවාදය බලවත්ය. මේ අල්ල පනල්ල හමුවේ උතුරේ ප්‍රාදේශීය සභා ගණනාවක මන්ත්‍රී ධුර හිමි කර ගැනීමට පොහොට්ටුවට හැකි විය. මන්නාරම නගර සභාව, මන්නාරම ප්‍රාදේශීය සභාව, නානාට්ටන් ප්‍රාදේශීය සභාව, වවුනියාව නගර සභාව, වවුනියාව දකුණ-සිංහල ප්‍රාදේශීය සභාව, වවුනියාව දකුණ-දෙමළ ප්‍රාදේශීය සභාව, වවුනියාව උතුර ප්‍රාදේශීය සභාව, මුලතිවු මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය සභාව, යාපනය වේලනි ප්‍රාදේශීය සභාව සහ පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධුර තහවුරු කර ගැනීමට පොහොට්ටුවට හැකි විය. ඒ අතුරින් වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරයත්, වේලනි ප්‍රාදේශීය සභාවේ උප සභාපතිධුරයත් පොහොට්ටුවට හිමි විය. උතුරැ පළාතේ වවුනියාව දකුණ නමින් සිංහල ප්‍රාදේශීය සභාවක් තිබීම දෙමළ ජාතිවාදීහු නොඉවසති. තවද වවුනියාව උතුර ප්‍රාදේශීය සභාවේ ගජබාපුර-මොණරවැව, කල්‍යානපුර,ඇතාවැටුනුවැව, සම්පත්නුවර යනුවෙන් සිංහල කොට්ටාශ 4 කි. ඉන් පත්වූ සිංහල මන්ත්‍රීවරු 5 දෙනා එම ප්‍රාදේශීය සභාවේ තීරණාත්මක සාධකය වී ඇත. එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය සභාවේ ඇහැටුගස්වැව, කිරිඉබ්බන්වැව, නවගජබාපුර සහ ජානකපුර එක්කර වැලිඔය නැගෙනහිර නමින් සිංහල කොට්ටාශයක් ඇත.

ප්‍රාදේශීය සභා ජන්ද ප්‍රතිඵලවලින් දෙමළ ජාතිවාදීන්ට දැනෙන භාෂාවෙන් පිළිතුරක් ලැබී ඇත. ඔවුන් කලබල වී උතුරේ සිංහලයන්ගේ වරිග පරම්පරා විමසන්නේත්, පන්සල් ඉඩකඩම්වල හිමිකාරීත්වය විමසන්නේත් මේ නිසාය. ප්‍රාදේශීය සභා සීමා නිර්ණයේදී (ආරම්භක අවස්ථාවේ) උපක්‍රමශීලී ලෙස කටයුතු කිරීම නිසා උතුරේදී මේ ජයග්‍රහණය ලබා ගැනීමට අපට හැකි විය. පසුව ඒවා වෙනස්කර උතුරේ සිංහලයන් නොසලකා හැරීමට ජාතිවාදීන් ක්‍රියා කළ ද ඒ මුළුමුනින් සාර්ථක නොවීය.

මුහුණු පොතේ රට කරවන “කල්ලිවාදී” නන්දිකඩාල් (2009) සහ කෝපි කෝප්ප (2015) ජාතිකවාදීන් නොදැන සිටිය ද උතුරේ මේ ජයග්‍රහණය ඉබේ ලැබුණු එකක් නොවේ. [මුහුණු පොතේ අදහස් පළ කිරීම හෝ සංවාද කිරීම නොකළ යුතුයැයි මම නොකියමි. එහෙත් 10-12 එක් වී කල්ලි තනාගෙන අරූට කෙලින්නේ කොහොමද මූට කෙලින්නේ කොහොමද යනුවෙන් ද්වේශය මුල් කර ගෙන සාකච්ජා කරමින් තම කඳවුරේ අයටම අපහාස උපහාස කරන, ට්‍රොස්ස්කිවාදී උපක්‍රම අනුගමනය කරන, අලුත මතු වූ තදියම් වීරයන්ට පැවසිය යුත්තේ ඔය ආකාරයේ කණ්ඩායම් බොහෝ ගණනක් සමග පසුගිය විසි වසරක කාලයේ අප ගනුදෙනු කර ඇති බවත් ඒ බොහෝ දෙනා අද බෙහෙතකටවත් සොයා ගත නොහැකි බවත්ය. මේ අයගේ අපරිණත හැසිරීම් සහ අදහස් පළ කිරීම් මගින් සිදු වන්නේ 95% අදහස් අතින් ගැලපෙන පුද්ගලයන් පවා අමනාප වී අපෙන් දුරස් වීමයි. සැබවින් කළ යුත්තේ 5% අප සමග එකඟ වන පුද්ගලයා පවා දිනා ගෙන අපේ කර ගැනීමයි. සිංහල සංස්කෘතියෙන් උකහා ගත යුතු වැදගත්ම ගුණාංගය මේ අය ඉවත දමා ඇති සැටියකි. තර්ජන හමුවේ පුද්ගල සම්බන්ධතා සහ සාමූහික බව නඩත්තු කිරීම ගැන මහින්ද රාජපක්ෂ මහතාගෙන් මේ අයට බොහෝ දේ ඉගෙන ගත හැකි බව මගේ අදහසයි]. ඉතා සුක්ෂමව සැලසුම් කර, සුදුසු පුද්ගලයන් තෝරා බේරාගෙන, මහන්සි වී සංවිධාන කටයුතු කර කැප කිරීම් කර ලබා ගත් ජයග්‍රහණයකි. මෙහිලා මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ඉතා පරිණත ලෙසත් විචක්ෂනශීලී ලෙසත් කටයුතු කළ බව සදහන් කළ යුතුය. ඒ සඳහා වෙනම ම මෙහෙයුමක් දියත් විය. බිම් මට්ටමේ සංවිධාන කටයතු පැවරුනේ උතුරු මැද හිටපු මහ ඇමති එස් එම් රංජිත් මහතාටය. එහිලා දායක වූ අනෙකුත් පුද්ගලයන් කවුදැයි වෙන් වෙන්ව හෙළි කිරීම සුදුසු නොවන බව මගේ හැගීමයි. ජන්දයෙන් අප ලබා ගත් වැදගත්ම ජයග්‍රහණය නම් උතුරේ සිංහල ගම්මාන හැම එකකින්ම වාගේ දක්ෂ තරුණ නායකයන් හඳුනා ගැනීමට හැකි වීමයි. එමෙන්ම යාපනය සහ මන්නාරම ප්‍රදේශවලින් සංවිධානයේ දක්‍ෂ දෙමළ තරුණයන් කීප දෙනෙක් හඳුනා ගැනීමට ද අපට හැකි විය.

ජාතිවාදී උගතුන්ට සහ දේශපාලනයන්ට අවශ්‍ය උතුරේ ශුද්ධ දෙමළ රාජ්‍යයක් පිහිටු වීමටයි. කොටි ත්‍රස්තවාදීන් එක් දිනක් ඇතුලත උතුරෙන් මුස්ලිම් ජනයා පළවා හැරියේ ඒ උදෙසාය. දැන් උතුරේ සිංහලයන්ගේ (සීමිත) දේශපාලන බලය ඔවුන්ට හිසරදයක් වී ඇත. අප කළ යුත්තේ උතුරේ අපගේ මන්ත්‍රීවරු හැකි සෑම අයුරකින්ම ශක්තිමත් කිරීමයි. දෙමළ ජාතිවාදීන් වුව ද සිංහලයන් අතර ජීවත්වන විට ඔවුන්ගේ ජාතිවාදී ලක්ෂණ යටපත්වන බව පැහැදිලිව දක්නට ලැබෙන දෙයකි. මේ නිසා උතුරේ (ද) ශිෂ්ඨාචාරය ගොඩ නැංවූ සිංහලයන් වැඩි වැඩියෙන් එහි පදිංචි විය යුතුය. යාපනයේ දෙමළ ජනතාව වැල්ලවත්තට පැමිණි පසු ශ්‍රී ලාංකික දෙමළ බවට පත් විය. උතුරේ දෙමළ ජනතාව ශ්‍රී ලාංකික දෙමළ බවට පත් කිරීමට හැකියාව ඇත්තේ සිංහල ජනතාවටයි. ඒ සඳහා වැඩි වැඩියෙන් සිංහල ජනතාව උතුරේ පදිංචි විය යුතුය. එමගින් උතුරේ සිංහල උරුමය සුරැකෙන අතරම දෙමළ ජාතිවාදී උගතුන් නිර්මාණය කල ව්‍යාජ ඉතිහාසය පරාජය කිරීමටද අපට හැකි වේ.

සිංහල අවුරුද්ද අභිමුව [සිංහලයන් වී උපත ලැබීම නිසාම] උතුරේ භික්ෂුන් වහන්සේලා සහ සිංහලයන් බියට පත් කිරීම, අඩන්තේට්ටම් කිරීම ඉතා දුෂ්ඨ අසත්පුරුෂ ක්‍රියාවකි; නිදහස අහිමි කිරීමකි. උතුරේ සිංහල උරුමය වෙනුවෙන් සියලු පීඩන දරා කාෂ්ඨක මහ පොළව සමග පොර බදන මාමඩුවේ, බෝගස්වැවේ, උලුක්කුලමේ, වැලිඔයේ සිංහල ජනතාව අප කිසි විටක අමතක නොකළ යුතුය. අප මේ සිංහල අවුරුද්ද සැමරිය යුත්තේ මේ බව සිත්හි දරා ගෙනය.

– චන්න ජයසුමන

23,576 Viewers

16 Comments to “උතුරේ සිංහලයන්ට අවුරුදු කන්න දෙනු…”

  1. Alfred says:

    we can imagine who is terrorist. Sinhala or tamil.
    Same thing can do at wellawatta and all colombo area. But sinhala people are kind. they do not care and they want keep corporation with all. How many Kovil in Colombo area. who is going to ask their deeds ?

  2. cw says:

    Hats of to you, Sir. I am a Channa, too

  3. ඉන්දික ලක්මාල් says:

    අප හැමටම දෙවරක් හිතීමට ඉඩ කඩ සැලසූ ලිපියක්. තරුණ දේශප්‍රේමී මහාචාර්යතුමනි ඔබට සුබ අලුත් අවුරුද්දක්..

  4. Saradiel says:

    What is indeed your problem TNA? Go to hell stupied TNA terrorist party members ..This is SINHALESE MOTHERLAND …
    If the Sinhalas cannot settle in Jaffna, the Tamils cannot settle in Colombo and so on….If Tamils want a separate state based on Tamil ethnicity, that can only be in their place of Tamil ethnic origin – TAMIL NADU (or Dravidastan) and NOT in Sri Lanka. This point should be announced very loud and repeatedly by the Sinhalas to shut these Tamils up for good.

  5. OLU says:

    සිංහල ජාතික සංවිධාන, සිංහල දේශප්‍රේමින් උතුරේ සිංහල ගම් වල ගොස් තනිවී සිටින අපේ සිංහලයන්ට බෞද්ධ සංඝරත්නයට , බෞද්ධ වෙහෙර විහාර වල දියණුවට ඔවුන්ට ශක්තියක් වී සිංහල බලය පෙන්වීමට මේ කාලයයි දැන් ..උතුර අපේ රටේම කොටසක් පිටින් ආව දෙමළ කල්ලතොනින්ට එහි උරුමය අයිති කරගැනීමට ඉඩ නොදිය යුතුයි ….සිහලුනේ ,සමගිවී එක්වී අපේ රට ජාතිය ආරක්ෂා කරව් ..අද ගැන නොවේ අපේ සිංහලයාගේ මතු පරපුර ගැන සිතා අපේ මව් බිම රැකීමට කටයුතු කරව්
    උතුරේ TNA දෙමළ ඊළම් ජාතිවාදීන්ට පාඩමක් කියා දියයුතුයි …අපේ සිංහල ගම්මාන වලට අපි ආධාර කලයුතුයි ..ඔවුනට ආරක්ෂාව සලසා දීම සිංහල අපේ වගකීමයි යුතුකමයි ..ඒ සදහා සිංහල දේශප්‍රේමී සංවිධාන කටයුතු කල යුතුයි ..අපේ සම්පුර්ණ සහය ඔවුනට ලබාදීමට අපි සුදානම්
    (සිංහල අවුරුද්ද අභිමුව [සිංහලයන් වී උපත ලැබීම නිසාම] උතුරේ භික්ෂුන් වහන්සේලා සහ සිංහලයන් බියට පත් කිරීම, අඩන්තේට්ටම් කිරීම ඉතා දුෂ්ඨ අසත්පුරුෂ ක්‍රියාවකි; නිදහස අහිමි කිරීමකි. උතුරේ සිංහල උරුමය වෙනුවෙන් සියලු පීඩන දරා කාෂ්ඨක මහ පොළව සමග පොර බදන මාමඩුවේ, බෝගස්වැවේ, උලුක්කුලමේ, වැලිඔයේ සිංහල ජනතාව අප කිසි විටක අමතක නොකළ යුතුය. අප මේ සිංහල අවුරුද්ද සැමරිය යුත්තේ මේ බව සිත්හි දරා ගෙනය.)

    චන්න ජයසුමන මහතාට අපේ ප්‍රණාමය

  6. SARA says:

    TNA STOP TAMIL RACISM & EELAM TERRORISM IN NORTH
    TNA claims Tamil Homeland – Where? Stop harassing Sinhalese people who live in North & Stop destroying our Sinhalese culture-what culture is that? The Tamils in the North are fixated to everything South Indian – Government . why not tell them to stop destroying your culture
    The Sinhalese are now asking. All agree it is nowhere but in South India where Tamils originally came from, where Tamil language and culture originate from and where Tamil customs and traditions. Every aspect of Tamil culture and traditions finds their root to Tamil Nadu therefore there is nothing to claim anything as having evolved in North Sri Lanka. Apart from spending a lot of money on plugging ‘Tamil Homeland’ to every demand there is absolutely no historical proof of such to claim that Tamils evolved from this so-called area.
    Jaffna peninsula and Nagadipa is mentioned when Buddha first visited Sri Lanka. Yapane derives from Sinhalese Yapapatuna. Nagas who were related to the ruling royal family in Kelaniya were the ancient inhabitants of Jaffna. A Kiripalu tree was said to have been consecrated by Buddha while in 2nd century AD King Bhatikatissa built a relic house at the foot of this tree. King Aggbodhi II during the 6th century AD patronized this same vihara…There are hundreds and hundreds of artefacts and historical proof to show the Sinhalese were living in the North.

  7. Prasanna says:

    හෙට අනිද්දා හම්බ වෙයි.

  8. mali says:

    If you explore the ancestral history of all the people of north and south they can not prove their relatives here before 2 generations .still most of their relatives in India Tamilnadu and Kerala .That itself shows they are invaders and settlers from South India.How on earth they claim homeland here .For us all grand parents or great great grand parents all had been living here and we do not have any relatives in India or anywhere .So that itself tells that sinhalese home land is srilanka and this is not the tamil homeland.i

  9. sinha le says:

    උතුරේ මහඇමති රෙජිනෝල් කුරුසකාරයා පන්නා දැමිය යුතුය කොටි දෙමලු මුට කැමති මෙවැනි දේවල් වලට සහාය දෙන බැවිනි

    • CAT says:

      According to Historical (written & archeological) evidences, There were no permanent Tamil settlements in this country till British regime started in 1815. British official documents prove, history of permanent Tamil settlement in Ceylon (Sri Lanka ) is not more than 160 years. And Administrative reports denotes that, So called “Tamil Home land areas” had been colonized with Tamils speaking People “Malbarians”

  10. Love nature says:

    උතුරෙන් පලවා හැරී සිංහල ජනතාව පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වහා ම රටට හෙළි කරන ලෙස උතුරේ අවතැන් වූ සිංහලයන්ගේ එකමුතුව පවසයි.

  11. sinha le says:

    උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලායි සිංහල ගම්මානයේ ප්‍රජා ශාලාව සදහා වැසිකිලියක් සාදාගැනීමට මුහුදුබදපත්තු ප්‍රාදේශීය ලේකම් ඉඩ නොදෙන බව කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරාධිපති තිස්සපුර ගුණරතන හිමි සදහන් කර සිටියා.

    කෝකිලායි සිංහල ගම්මානයේ ඇති ප්‍රජාශාලාවන් දෙකක් සදහා අවශ්‍ය වැසිකිලි ඉදිකිරිම සදහා ධිවර අමාත්‍යවරයා විසින් මුදල් වෙන්කර ඇති අතර එම වැසිකිලි ප්‍රජාශාලාව සතු ඉඩමේ ඉදිකිරීමට දිය නොහැකි බව ප්‍රාදේශීය ලේකම් ගුණපාලන් මහතා පැවසුබව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණරතන හිමි සදහන් කර සිටියා.

    මේ පිලිබදව උතුරුපලාත් ආණ්ඩුකාරවරයවෙත පැමිණිලි කලත් කිසිදු සාධාරණ විසදුමක් ලබාදීමට ඔහුට හැකියාවක් ලැබී නෑ.

    වැසිකිළියක්වත් ඉදිකරීමට ඉඩ නොදෙන උතුරේ රාජ්‍ය නිලධාරීන්ගෙන් දුක් විදින උතුරේ සිංහලයන් වෙනුවෙන් බලාපොරොත්තු විය හැක්කේ කුමක්දැයි මෙහිදී උන්වහන්සේ ප්‍රශ්න කර සිටියා.

  12. lion says:

    ඕලන්ද පාලනය යටතේ යාපනයේදී වෙළෙඳ බෝගයක්‌ වන දුම්කොළ වගාව අරඹන ලදී. මුලදී මේ සඳහා ඉඩම් බද්දට ලබාගත් අතර වැඩිම බදු මුදල වූ රික්‌ස්‌ ඩොලර් 4000 ගෙවන ලද්දේ රත්නසිංහ නම් අයකුටය. (හේග් කෞතුකාගාර ලිපි ලේඛන) පසුව වගාකරුවන්ට ඉඩම්වල අඛණ්‌ඩ අයිතිය ලබාදීම සඳහා 1707 දී “තේසවලමෙයි” නීතිය ඇතිකෙරිණි.
    . ඕලන්ද පාලන සමයේ උතුරේ පළාත පූර්ණ සිංහල පළාතකි. ෂෂ රාජසිංහ විසින් ත්‍රිකුණාමලයේ ත්‍රිකෝණ කොටුව (ගලේ කොටුව) බඳින ලදී. මේ අසල කොට්‌ටියාරයට ගොඩබැසි රොබට්‌ නොක්‌ස්‌ පියපුතුන් කැඳවාගෙන ගියේ මහනුවර රජු වෙතටය.
    . 1761 යාපනේ දක්‌වන ඕලන්ද සිතියමෙහි චාවාකච්ෙච්රිය අසල (තෙන් ආරච්චි ජනාවාසයේ) කුඩා වැව් 21 ක්‌ දක්‌වා ඇත. මේ තනි සිංහල ජනපදයකි. එමෙන්ම තම දේශසීමාව වූ අලිමංකඩ අසල ඕලන්ද බලකොටුව සිතියමෙහි දැක්‌වේ. ඉන් දකුණ රජුගේ පාලනයයි.

  13. Love nature says:

    අපේ රට ශ්‍රීලංකා නොව සිංහලේ විය යුතුය

    ආදියේ සිට මේ දිවයින සීහල , සීහලක , සිංහල හා එහා නම් වලින් උපතලද සින්හලාන් , සේය්ලාන් සිලෝන් , සිහෝල් , ආදී නම් වලින් හැඳින්විණි සංස්කෘත පොත්වල සිංහල නාමය බහුලව යෙදී ඇත . සමන්තපාසාදිකා අටුවාවේ එය ”සීහල ” ලෙස සිටී දෙමල පොත්වල ” සින්ගලම් ‘ ලෙසද තැනෙක”ඊලම් ‘ ලෙසද ඇත . සීහලම් , ඊළාම් ලෙස බින්දී ඇත . චීන්නු යෙදුවේ” සෙන් – කියා -ල ” යනුවෙනි අරාබින් ‘සරන්දිබ් ” ලෙස ලිව්වේ සීහල දීප ” යන්නය . ටොලමි” සලිකේ ” නමින් ලිව්වෙ සීහලක නම විය හැක තවත් අරාබි වචනයක් නම් සිංහල ද්වීප යන්නට සමාන ”සිං ගල් දිබ් ” යන්නය තිකුනාමලයේ නිත්තුප්පානේ සෙල්ලිපියක ”’ සිං ඝලේන්ද්‍ර ශිලාමෙඝ ”යනුවෙන් ඇත
    වයඹ දිග ඉන්දියාවේ පළමුවන සිය වසට අයත් ඛරෝෂ්ටි ශිලා ලේඛන දෙකකම ‘සිංහල නමින් පුද්ගල නාම දැක්වේ තැනෙක ”සිංහ’ ” නමින්ද තවතනෙක ”’සිහිලකගේ යහළු සිංහ මිත්‍ර ‘ යනුවෙන් ඇත . ලංකාවේ බ්‍රාහ් මී ශිලා ලිපියක”’සිධ සිහස බමනහ ‘ය් දැක්වේ සිහස යනු ” සිංහගේ ‘ යනුය්. . ඉන්දියාවේ සමුද්‍ර ගුප්ත රජුගේ — ක්‍රි ව 4 සියවස –” ලිපියක අපරට වැසියන් ”’සයින්හලක ”’ එනම් සිංහලේ නිවැසියන් ලෙස හඳුන්වා ඇත . නාගාර්ජුන කොණ්ඩයේ සෙල්ලිපියක ” සීහල සංඝ ” නම් භික්ෂුන් පිරිසක් විසින් එහි ආරාමයක් කරවූ බව සඳහන්ය . ඒ 4 වන සියවසේදීය . සීහල දේශයෙන් ගිය සංඝයා සීහල සංඝ වුයේ අන්ග්ලොවරුන්ගේ රට ඉංග්ලන්ඩ් වූ ලෙසිනි මහා භාරතයේ එක කොටසක ”සින්හලාන් ලෙසද තැනෙක ”සින්හලාහ් ” ලෙසද ඇත . විභීෂණ සීතාට සිංහලයන්ගේ රට පෙන්වූ හැටි ‘බාල රාමායනයේ ” දැක්වේ රාජසුය යාගය සඳහා සිංහල රජුන් පැමිණි බව මහා භාරතයේ රාජසුය පර්වයේ දැක්වේ අලහබාද් ප්‍රශස්තියක ” සයින්හලික ” නම් වචනයක් ඇත . බුධ්ධගයාවේ සෙල්ලිපියක ”සිංහලද්වීප ජන්මනා …..” ලෙසද කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රයේ ”’සිංහල ද්වීපේ මයුර ග්රාමේ කුලා නාම නදී ”’ යනුවෙන් දෙතනකම ඇත . ඉන්දීය ඉතිහාසයට ආලෝකය සැපයු ”මන්ජුශ්‍රී මුල කල්පයේ ”” සිංහල ද්වීප වාසීනඃ ”’යය දැක්වේ .
    සිංහලය මුතු උපදිනා ආකාර අටෙන් එකකි ——රත්න පරීක්ෂා —
    සිංහලය මුතු උපදින පළමුවෙනි තැනය — අගස්ති මතය මේ තැන්වල කෙලින්ම රට සිංහල නමින් හඳුන්වා ඇත

    • Boo says:

      මේ වටිනා තොරතුරැ ගොන්න ලබා දුන්නාට ඔබට බොහොම තුති. බොහොමයක් නමින් පමනක් සිංහලයන් මේ තොරතුරැ නොදනී.

  14. Manel says:

    Thanks Channa. Very straight writings. TNA and Tamil racists trying to provoke usually kind hearted Sinhalese. If You provoke them, You all can not imagine what will be the end. Don’t forget what happened to Tamil terrorist Piripaharan.

Main News