උතුරේ හමුදාව වෙනුවෙන් දමිළ ජනතාව පෙනී සිටියි….

March 8, 2018 at 2:06 am | lanka C news
උතුරේ හමුදාව වෙනුවෙන් දමිළ ජනතාව පෙනී සිටියි….

උතුරු පළාතේ සිවිල් ආරක්ෂක බලකායේ රාජකාරී කරන සේවක සේවිකාවන් උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය වෙත පැමිණ උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු රෙජිනෝල්ඞ් කුරේ මහතා හමුවී විශේෂ ඉල්ලීමක් සිදු කලහ.

ඒ උතුරු පළාතේ සිවිල් ආරක්ෂක බලකායේ සේවය කරන තමන්හට පුහුණු කටයුතු සිදුකරන ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන්ගේ කරඇති ස්ථාන මාරුවීම් තමන්ගේ මූලික පුහුණුවීම් කාලය අවසන් තෙක් නවතා දමන ලෙසයි.

වසර 30ක කාලයක පැවති යුද්ධය නිමා වීමෙන් පසු උතුර සහ දකුණ ප‍්‍රදේශයන්හි සංහිඳියාව ඇති කිරීමෙන් උතුරේ LTTE ත‍්‍රස්තවාදී කණ්ඩායම වෙත බැඳී සිටි තරුණ තරුණියන් පුනරුත්තාපනය කිරීමෙන් පසු ඔවුන්ගේ රැකියා ප‍්‍රශ්නයට විසඳුමක් ලබා දීමටත් උතුරේ අනෙකුත් තරුණ තරුණියන්ගේ රැකියා ඌනතාවයට විසඳුමක් වශයෙනුත් මෙම තරුණ තරුණියන් රටේ ආර්ථික ව්‍යුහය ශක්තිමත් කර රටේ සාමකාමී සංවර්ධනයක් කරා ගෙන යාමට 2012 වර්ෂයේදී ආබාධිත හා ආබාධිත නොවූ ද්‍රවිඩ තරුණ තරුණියන් 3500ක ආසන්න ප‍්‍රමාණයක් බඳවාගෙන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව උතුරු ප‍්‍රදේශයේ ස්ථාපනය කරනු ලැබූ අතර අද මේ වනවිට මොවුන් රජයේ විශ‍්‍රාම හිමිකම සහිත ස්ථිර සේවකයින් බවට පත්ව ඇත.

කිළිනොච්චි ප‍්‍රදේශයෙන් විශාල පිරිසකට රැකියා ප‍්‍රශ්නය විසදා රටේ ආර්ථික සංවර්ධනයකට යොමු කර අද වන විට මෙම භට/භටවරියන් වස විස නැති රටක් යටතේ ජනතාවට පෝෂ්‍ය පදාර්ථ ආහාර වේලක් ඇති කිරීමට විශාල ප‍්‍රමාණයෙන් වගාවන් සඳහා යොමු වී ඇත. ඒ පමණක් නොව එම අයගේ පවුල්වල සාමාජිකයන්ද අද වනවිට ආර්ථික සංවර්ධනයක් කරා ගෙන යාමට මෙම දෙපාර්තමේන්තුව වෙත හැකියාවක් ලැබී ඇත.

තවද රටේ සංවර්ධනය ඉදිරි මගකට ගෙනයාම සඳහා මේ වනවිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ කාර්මික/කෘෂිකාර්මික පාඨමාලා සඳහා උතුරේ සිවිල් ආරක්ෂක සාමාජිකයින් අනුයුක්ත කර ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කර රටේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා පුලූල් දායකත්වයක් ලබාදෙන අතර ආගමික හා සංස්කෘතික වැඩසටහන් ක‍්‍රියාත්මක කරමින් දැනට ප‍්‍රදේශයේ පවතින මත්ද්‍රව්‍ය උවදුරට සහ ඩෙංගු උවදුරින් පීඩාවට පත්වන සමාජය හා ජනතාව වෙත ලබාදෙන පිළියමක් වශයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් හා ඩෙංගු මර්ධන වැඩසටහන් මෙම ප‍්‍රදේශය ආවරණය වන පරිදි උතුරු ද්‍රවිඩ සිවිල් ආරක්ෂක තරුණ/තරුණියන් විසින් සිදුකරමින් විශාල දායකත්වයක් ලබාදෙනු ලබයි.

උතුරු ප‍්‍රදේශයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත බඳවා ගත් සාමාජිකයින් සඳහා මූලික පුහුණු පාඨමාලාවන් ආරම්භ කරඇති අතර මේ වනවිට පුහුණුව ලත් සිවිල් ආරක්ෂක සාමාජිකයින් රාජ්‍ය ආයතනයන් වෙත ආරක්ෂක රාජකාරී සඳහා යොදවා එම ආයතනයන්හි ආරක්ෂාව සම්බන්ධව පූර්ණ දායකත්වය ලබාදෙමින් පවතී.

උතුරු ප‍්‍රදේශයේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 200කට ආසන්න ප‍්‍රමාණයක් ආරම්භ කර සුදුසුකම් ලත් සිවිල් ආරක්ෂක සාමාජික/සාමාජිකයින් 350කට පමණ ආසන්න ප‍්‍රමාණයක් යොදවා ප‍්‍රදේශයේ දුවා දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කරමින් හා පාසල් අධ්‍යාපනය හදාරමින් සිටින සිවිල් ආරක්ෂක සාමාජික/සාමාජිකාවන්ගේ දුවා දරුවන් සඳහා නොමිලයේ අභ්‍යාස පොත් හා ශිෂ්‍යත්ව ප‍්‍රධාන වැඩසටහන් සිදුකරනු ලබයි.

එසේම අද මේ වනවිට උතුරු ප‍්‍රදේශයේ සාමය හා සංහිඳියාව සඳහා මොවුන් ඉමහත් දායකත්වයක් ලබා දෙන අතර වර්තමානය වනවිට උතුර හා දකුණ යාකරන සාමයේ පාලම නිර්මාණය කිරීමට මෙම දෙපාර්තමේන්තුව වෙත හැකියාව ලැබී ඇත.

යුධ මානසික මට්ටම අවසන් කොට සමාජයට වැඩදායී පුද්ගලයින් බිහිකිරීම අරමුණ කරගනිමින් ශ‍්‍රී ලංකා යුධ හමුදාව කරගෙන යන වැඩපිළිවෙල ඔවුන් ඉතා අගය කරන අතර ඔවුන් ප‍්‍රකාශ කර සිටින්නේ ජාති, ආගම්, කුලභේද පිළිබඳව ඔවුන්ට කිසිදු ගැටළුවක් නොමැති බවත් ඔවුන්ව හරිමගට යොමු කරන ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන් වෙනුවෙන් ඔවුන් ඕනෑම මොහොතක පෙනී සිටින බවත්ය.

– වජිර කොඩිතුවක්කු

11,068 Viewers

One Comment to “උතුරේ හමුදාව වෙනුවෙන් දමිළ ජනතාව පෙනී සිටියි….”

  1. podi gamaya says:

    sweet news to my years

Main News