උතුර කැළඹූ ආවා කල්ලියේ ප‍්‍රබලයන් 04ක් අත්අඩංගුවට..

July 9, 2018 at 5:30 pm | lanka C news
උතුර කැළඹූ ආවා කල්ලියේ ප‍්‍රබලයන් 04ක් අත්අඩංගුවට..

පසුගිය දිනයන්හි යාපනයේ නිවාස වෙතට කඩා වැදී අලාභහානි සිදු කල ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

චුන්නාකම් පොලිස් වසමේ පසුගියද එකම රාත්‍රියක නිවාස 3කට කඩා වැදුනු ආවා කල්ලි සාමාජිකයින් නිවාස දේපල හානි සිදු කොට පලා යාම හා ඊට පෙර දිනයක පුද්ගල පහර දීම් හා දේපල හානි සිදු කරන ලදමෙම ආවා කල්ලි සාමාජිකයින් සම්බන්ධයේන් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව සිදු කරන ලද හදීසි සෝදිසි මෙහෙයුමකදී සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි නාගලිංගම් දයාකරන්, 20 හැවිරිදි පංචලිංගම් කිරුසන්, 22 හැවිරිදි සුදාකරන් තවරූබන් හා 23 හැවිරිදි නඩරාජා මධුෂණ් නැමති අය වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන චුන්නාකම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,748 Viewers

3 Comments to “උතුර කැළඹූ ආවා කල්ලියේ ප‍්‍රබලයන් 04ක් අත්අඩංගුවට..”

  1. john the baptice says:

    උතුරු ප්‍රදේශයේ යළි අර්බුදකාරී තත්ත්වයක්‌ ඇති කරන “ආවා කල්ලිය” මෙහෙය වන්නේ ස්‌විස්‌ටර්ලන්තයේ ප්‍රිබුග් ප්‍රාන්තයේ කොටි ඩයස්‌පෝරාව බව අනාවරණය වී ඇත.

    කොටි ඩයස්‌පෝරාවේ ප්‍රධානියකු ඒ සඳහා යාපනයේ ආවා කල්ලි ක්‍රියාකාරීන්ට අරමුදල් මෙන්ම යතුරුපැදි පවා ලබාදීමට කටයුතු කර ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. ස්‌විට්‌සර්ලන්තයේ ඇති ඩයස්‌පෝරා වත්කම ඩොලර් මිලියනයකට අධිකය.

    උතුරේ අර්බුදකාරී තත්ත්වයක්‌ ඇති කිරීමට මූලිකව ස්‌විස්‌ සන්තෝෂම් මාස්‌ටර්ද, වෙට්‌ර සන්නස්‌ නමැත්තාද දායක වී ඇත.

    එහෙත් මොවුන් ස්‌විට්‌සර්ලන්තයේ සිටින්නේ වෙනත් නම්වලින් නිසා ස්‌විස්‌ රජය ඔවුන්ගේ අනන්‍යතාව හෙළිකර නැත.

    මේ වසරේ දී ස්‌විට්‌සර්ලන්තයේ සුරිච් නගරයේ සිට ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් රැසක්‌ උතුරට පැමිණ තිබේ.

    එහෙත් එම පිරිස ගැන උතුරේ දී නිරීක්‍ෂණය වී නැත.

    ස්‌විස්‌ කොටි ඩයස්‌පෝරාව සතු අතිවිශාල මුදලක්‌ ස්‌විස්‌ බැංකුවල ඇති බවද හෙළිවී ඇත.

    • Alapaluwa says:

      ඔබගේ අදහසට මමද එකගවෙමි. මේ ප්‍රදාන මහා මොලකරුවානම් ඩයස්පෝරාවේ ඉතාමත් තැනක් උසුලන සුරෙන්සුරේන්ද්‍ර නම් මහා කෝටියය..

    • Sandy says:

      හප්පේ….සන්හිඳියාවට මුකුත් වෙයිද දන්නෙ නෑ, මේ ප්‍රබාකරන්ගෙ කාලෙ ඉස්කෝලෙ ගිහින් ජිල් බෝල ගහල සැපට හැදුනු දරුවො ටික අල්ලලා

Leave a Comment

Main News