උතුර හා නැගෙනහිර යුද හමුදාව සතු ඉඩම් 76% ක් ආපසු භාර දී අවසන්..- හමුදාපති

February 26, 2018 at 8:02 am | lanka C news
උතුර හා නැගෙනහිර යුද හමුදාව සතු ඉඩම් 76% ක් ආපසු භාර දී අවසන්..- හමුදාපති

2009 වසරේ යුද්දෙ අවසන් වීමෙන් පසුව මේ වන විට යුද හමුදාව සතුව තිබූ ඉඩම් වලින් 76% ක භූමි ප්‍රමාණයක් මුල් අයිතිකරුවන් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කොට අවසන් බවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා වව්නියාවේදී පැවසීය.

යුදහමුදාපති වරයා මේ බව පැවසුවේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ කාර්යාල දෙහමල් ගොඩනැගිල්ලක් හා සෙසු නිලයින්ගේ භෝජනාගාරයක් විවෘත්ත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් හා අධීක්ෂණයෙන් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිවූ මෙම කාර්යාල ගොඩනැගිල්ල රුපියල් මිලියන 20 කින් හා සෙසු නිලයින්ගේ භෝජනා ගාරය රුපියල් මිලියන 14 ක් වැයය වී ඇත.

එහිදී නව ගොඩනැගිලි විවෘත් කිරීමෙන් පසුව උතුරු නැගෙනහිර ඉඩම් ගැටලු සම්බන්ධයෙන් මාධ්‍යෙව්ධීන් නැගූ ප්‍රශන්යකට පිළිතුරු දෙමින් යුද හමුදාපති වරයා කියා සිටියේ,

‘මේ ඉඩම් ගැටලු ගැන මේ දවස්වල වැඩි පුරම කතාවන දෙයක් 2009 වසරේ සිට මේ දක්වා අපි 76% ක භූමි ප්‍රමාණයක් නිදහස් කරල අවසන් පෞද්ගලික හිමිකරුවන්ට වගේම රජයේ ආයතන වලටත් ඒ වගේම තමයි මේ වසරේත අපි තවත් අක්කර 500 කට අධික ප්‍රමාණයක් පෞද්ගලික අයිතිකරුවන් වෙනුවෙන් ලබා දෙන්න පියවර අරන් තියනවා ඒ වගේම තමයි අපි ඉඩම් ලබා දී කඳවුරු ඉවත් කරගැනීමෙන් පසුව නැවත කඳවුරු සුදුසු ස්ථානයන්හි ස්ථාපිත කිරීමට අවශ්‍ය මුදලුත් අපිට රජය විසින් ලබා දී තිබෙනවා.

‘මේ ඉඩම් නිදහස් කිරීමේදී ගැටලුවකුත් තියනවා යුද හමුදාව මේ ඉඩම් නිදහස් කිරීමේදී පෞද්ගලික හිමිකරුවන්ට සෘජුවම දෙන්නෙ නැහැ අපි ඉඩම් භාර දෙන්නේ ප්‍රදේශයේ සිටින දිසාපතිට දිසාපතිතුමා තමයි ලේකනගත කර තිබෙන්නේ හිමිකරුවන් කව්ද කියල මෙතනදී සමහරෙක් පිටරට ජීවත් වෙනවා සමහරෙකුට මේ ඉඩම්වල අයිතිය තහවුරු කරන්න බැරිවෙලා තයනවා ඒ නිසා අප විසින් භාර දුන්නු ඉඩම් අයිතිකරුවන් වෙත භාරදීම මන්දගාමී ස්වරූපයකුත් තියනවා නමුත් දිසාපතිවරුන් හා ප්‍රදේශීය ලේකම් වරුන් උපරිම් උත්සයහක් දරනවා ඒ වෙනුවෙන්,

‘මේ උපවාස කරන අය වෙනුවෙන් විශේෂයෙන් මුලතිව් දිස්ත්‍රීක්කය ගත් විට ඒ අයට ඉඩම් ලැබිලත් තියෙන්නේ නමුත් කාලෙන් කාලට එතෙර ඉන්න අයගේ පැවත්මට මේ අයව සමහර අය විසින් මෙහෙයවා ඉඩම් ඉල්ලමින් ක්‍රියාතමක වෙනවා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ අයට හි දේ මොකද්ද කියලා.

‘පොදුවේ ගත් වට යුද හමුදාව විනෝද වෙන්නෙ නැහැ මේ ඉඩම් තියාගෙන ජාතික ආරක්ෂාවට හානියක් නොවන ආකාරයට තමයි යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාව මේ භූමිවල යොදවල තියෙන්නේ ඒ නිසා ජාතික ආරක්ෂාවට ගැටලුවක් නොවන විදිහට දෙන්න පුලුවන් හැම ඉඩමක්ම දෙන්න පුලුවන්නම් අපි දෙනවා,

ඒ වගේම තමයි මම හැම වෙලාවෙම කියනවා මේ ඉඩම් විශය දන්නේ යුද හමුදාව ,ගුවන් හමුදාව හා නාවික හමුදාව කියලා අපිව පුහුණ කරලා කැවෙලා තියෙන්නේ මේ විෂයට මේ විෂය දන්නැති අය ඉඩම් ගැන මොනව කිව්වත් මේවට උත්තර දෙන එක අපේ කාලය නාස්ති කිරීමක් විතරයි කොහොම නමුත් අපි ඉන්න තැන ඉඳගෙන රටේ ආරක්ෂාව සපයන් බැඳිලා ඉන්නවා අපිට ඒ ශක්තිය තියනවා. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,267 Viewers

6 Comments to “උතුර හා නැගෙනහිර යුද හමුදාව සතු ඉඩම් 76% ක් ආපසු භාර දී අවසන්..- හමුදාපති”

  1. රාවණා says:

    ඉඩම් වලින් 76% ආපහු දීල සතුටු වෙයල්ලා… මුන් ඇමරිකාවෙන් ඉගෙන්න ගන්න ඕනේ එහෙ මහ ජාතියට තියෙන සැලකිල්ල

    • Kamal says:

      ඇමරිකාවෙ මහජාතිය මොකද්ද බන්? 😀

      • රාවණා says:

        සුදු මිනිස්සු බන්… (Caucasian race / Anglo-Saxons) බොට තේරුණාද?

        • Saradiel says:

          උතුර හා නැගෙනහිර යුද හමුදාව සතු ඉඩම් 76% ක් දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට බෙදලා දීම කොහොමද ජාතික සංහිදියාවක් වෙන්නේ ? එය අපේ රටේ ජාතික ආරක්ෂාව සතුරන් අතට පත් කරනවා වගේ වැඩක් නේද ?
          අධිආරක්ෂක කලාප සුළු ජාතිකයා අතට පත් කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්
          හමුදාපතිවරු යමපාලනය කරන අනුවන ක්‍රියාවලට සහය පළකිරීමෙන් සිදු වන්නේ අපේ රට ජාතිය අනතුරකට හෙලිමයි
          සිරිසේන -රනිල් ඕනෑම බලු වැඩක් කරයි බලයේ සිටීමට ..මේ ක්‍රියාවෙන් සිදුවන්නේ ඊළම ට බෙදුම්වාදයට පාර කැපීමක් .තවම උතුරේ සිංහල ජනතාවට ඔවුන්ගේ ඉඩම් ලබාදී නැහැ …උතුරේ සිංහල ජනතාව අනාථ යන ලෙස ජිවත් වේ ..මේකද ජාතික ආරක්ෂාව ? සිංහලයාට කුඩම්මාගේ සැලකිලි ඔවුන්ගේ මව් බිමේ ..පිටින් ආව කල්ලතොනින්ට රටේ ඉඩම් නොමිලේ බෙදා දෙනවා ..එය සාධාරණද ?

  2. ajita de costa says:

    yako oka dila pala – gal musalaya

    • OLU says:

      ඊළම ඉල්ලා නැවත කොටි LTTE ත්‍රස්තවාදීන් සටන් කරන්න පටන්ගත්තාම ඔය දෙමළුන්ට බෙදා දුන්නු අධිආරක්ෂක කලාපය බේරගන්න දිවි පුදන්න සිදුවන්නේ අපේ සිංහල කොල්ලන්ට ..අධිආරක්ෂක කලාප LTTE ත්‍රස්තවාදීන්ගෙන් බේරගන්න අපේ රණවිරුවෝ දහස් ගණනක් දිවි පිදුවා
      පුදුමය හමුදාපති වරුන්ට අතීතය අමතක වීමයි ..යමපාලනයේ කොටි රුකඩ පාලකයන් කියන කියන පදයට නැටිමයි
      ලැජ්ජයි ජඩ පාලනය ලැජ්ජයි වත්මන් හමුදාපති වරු මිට වඩා රටේ ජාතියේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි දේශපාලකයන්ගේ අවශ්‍යතාවයන් ගැන පමණක් සිතා වැඩ නොකළ යුතුයි ..රටේ අහුදාවක් තියෙන්නේ රට ජාතිය ආරක්ෂා කිරීමටයි ..වසර කීපයකට බලයට පත්වන දේශද්‍රෝහී පාලකයන් රැකීමට නොවේ
      පාලකයන්ගෙන් රට ජාතියට අවැඩක් සිදුවේ නම් ඒවායින් රට ජාතිය රැක ගැනීම අපේ ත්‍රිවිඩ හමුදාවේ කාර්යයි

Main News