උදයංග ඇමරිකා යන්න ගියේ ගෝටා හමුවෙන්නද.. මිග්-ඇවන්ගාඞ් ගැන ගෝටා කෙලින්ම කියයි..- රාජිතට කිස්කණ පිලිතුරක්..

February 7, 2018 at 6:27 am | lanka C news
උදයංග ඇමරිකා යන්න ගියේ ගෝටා හමුවෙන්නද.. මිග්-ඇවන්ගාඞ් ගැන ගෝටා කෙලින්ම කියයි..- රාජිතට කිස්කණ පිලිතුරක්..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග මහතා ඇමෙරිකාවට යමින් සිටියේ ගෝඨාභය රාජපක්ෂ හමුවීමට බවත් වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපොලේදී නතරකරවාගෙන ප්‍රශ්ණ කිරීමෙන් රාජපක්ෂ රෙජිමය කැළඹීමට පත්ව ඇති බවටත් ප්‍රකාශයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න විසින් කර ඇති බව පසුගියදා මාධ්‍ය මගින් ප්‍රචාරය වී තිබුනි.

මෙය පසුගිය වසර 3 පුරා රාජිත සේනාරත්න අමාත්‍යවරයා හා තවත් රජයට සම්බන්ධ විවිධ දේශපාලනඥයින් විසින් මා සම්බන්ධයෙන් කර ඇති පදනම් විරහිත ප්‍රකාශ ගොන්නට එක්වන තවත් එක් අභූත චෝදනාවක් පමනි. උදයාංග වීරතුංග මහතාට මා හමුවීමට විශේෂ අවශ්‍යතාවක් ඇතැයි මම නොසිතමි. ඔහුගේ පෞද්ගලික ගමන් මට අදාල නොවේ.

ඒ කෙසේ වෙතත් උදයාංග වීරතුංග මහතාගේ නම බාවිත කරමින් රජය විසින් දිගින් දිගටම කරගෙන යන මඩ ප්‍රචාර වලට පිලිතුරු දීමට ඇති හොඳම ක්‍රමය වීරතුංග මහතා සිය කැමත්තෙන්ම ලංකාවට ගොස් පොලීසියට අවශ්‍ය සාක්කියක් ලබා දී තමන්ට එරෙහිව ඇති චෝදනාවලට පිලිතුරු දීමයැයි මම කවදත් විශ්වාස කලෙමි.

නීතිය අවනීතිය වී ඇති යුගයක, රජයේ මර්ධනය පිලිබඳ චකිතයකින් මෙම අභියෝගය මග හැර සිටීමෙන් වන්නේ රාජිත සේනාරත්න වැනි දේශපාලනඥයින්ට දිගින් දිගටම තම සුපුරුදු මඩ ප්‍රචාරයේ යෙදී සිටිමින් ජනතාව නොමග හැරීමේ අවස්ථාව තවදුරටත් ඉතුරුවීම පමනි.

පසුගිය වසර 3 පුරා මා අපකීර්තියට පත්කිරීම සඳහා වත්මන් රජය විසින් විවිධ පරීක්ෂණ ආරම්භ කරන ලදී. රක්නා ලංකා ආරක්ෂක සේවය, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම, අවන්ගාර්ඩ් නාවුක සේවා වැනි පරීක්ෂණ රාශියකදී මවිසින් සාක්කි ලබා දී ඇති අතර ඉදිරියේදීද ඕනෑම පරීක්ෂණයකට මුහුන දීමට නොපැකිලෙමි.

මෙතෙක් මට විරුද්ධව නැගූ කිසිදු චෝදනාවක් ඔප්පු කර ගත නොහැකිවූ රජය තව දුරටත් අලුත් හේතු සොයමින් සිටිනා බව නම් පැහැදිලිය. රටට හැමදාමත් අවංකව සේවය කල මා බොරු ප්‍රචාර හෝ අනිසි පරීක්ෂණ වලින් බිය ගැන්වීමට හැකියැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා සහ රජය සිතන්නේ නම් එය සිහිනයක් පමනි.

එමෙන්ම ඔවුන් තවමත් වටහා ගෙන නැත්තේ රටේ ජනතාව අද දේශපාලනඥයින්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බවයි. රටට වැඩක් නොකර බොරුවෙන් හා මර්ධනයයෙන් රට පාලනය කිරීමට උත්සාහ කරන රජයට ජනතාව සුදුසු අවස්ථාවේ පිලිතුරු දෙනු ඇත.

මීට අමතරව මෙවර ලංකාවට ආපසු පැමිනි පසු රජයේ බොරු චෝදනා හා අසත්‍ය ප්‍රචාර පිලිබඳ වැඩිදුර පැහැදිලිකිරීමක් කරන්නට බලාපොරොත්තු වෙමි.

ගෝඨාබය රාජපක්ෂ
හිටපු ආරක්ෂක ලේකම්,
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට

26,016 Viewers

28 Comments to “උදයංග ඇමරිකා යන්න ගියේ ගෝටා හමුවෙන්නද.. මිග්-ඇවන්ගාඞ් ගැන ගෝටා කෙලින්ම කියයි..- රාජිතට කිස්කණ පිලිතුරක්..”

  1. RP from Canada says:

    “එමෙන්ම ඔවුන් තවමත් වටහා ගෙන නැත්තේ රටේ ජනතාව අද දේශපාලනඥයන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බවයි. රටට වැඩක් නොකර බොරුවෙන් හා මර්දනයෙන් රට පාලනය කිරීමට උත්සාහ කරන රජයට ජනතාව සුදුසු අවස්ථාවේ පිළිතුරු දෙනු ඇත.”
    The above is the best!

  2. අරුණ says:

    මෙවැනි චෝදනවල අරමුණ යහපාලනය රජ කරවීමේ කුමන්ත්රණයට හවුල්වූ ඉතිරිවූ ත්ර ස්තවාදීන්ගේ පොරොන්දු වූ භාගය ගෙවීමයි….මොවුන් සිදුකරනු ලබන්නේ ත්රස්තවාදයට එරෙහි යුද්ධයේදී අයුධ සපයා ගැනීමේ රාජ්යා ආරක්ෂව පිළිබඳ රහස් හෙළිදරව් කරගැනීමයි. බොරු චෝදනා එල්ල කර එයට පිළිතුරු ලෙස සත්යම පැවසීමෙදී එළිදරව් වන්නේ රැකියයුතු රහස්ය.

  3. bandara says:

    ඉංග්‍රීසි ජාතිවාදීන්ගේ සහ සිංහල බිල්ලන්ගේ සැළැසුම් සමග හැරීමටවත් රටට නොහැකිය. ගෝඨාභය පිටුපස වැඩි වශයෙන් ඉන්නේ ඔවුන්ය.

  4. මගේ රට says:

    රට බාරයි නුබට පුතේ…

    • මහා වංසේ says:

      රට බාරයි ඇමරිකන් ගැත්තන්ට පුතේ…..

      අනේ කුහුඹියනේ…..අපටත් ඇමරිකාවට ගැතිකම් කරන අනාගත රජෙක් ඕනේ…..

  5. RW says:

    He was a good worker. But he also insulted others when he had the power. This is politics in Sri Lanka.

  6. daminda says:

    okkoma kunu katha beruwala bookkennn…….

  7. Samuwel says:

    Udayangayath Mehe Gennanna Eke Gotawath lankawata gennamu Gennamu..
    Munta Saaakachaha Mehe Thiyaganna uluwan

    • daham says:

      ltte samuel umbalath dan mehema ninditha kathaa kiyanna ithuru wela inne gotala me rata beragena umbalatath jeewath wenna nidahasa aran deepu nisaa

      • Samuwel says:

        Ethakot Hitau Hamudapathi Pol Gaawada …
        Nikamma Nikam Lekamekuta Puluwanda Youdda Dinanna ? Umbalata Mole Naha Kiyala Api Monaa Karannada =s?

  8. Kings says:

    “එමෙන්ම ඔවුන් තවමත් වටහා ගෙන නැත්තේ රටේ ජනතාව අද දේශපාලනඥයින්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බවයි.”
    හරියට හරි ගෝටාභය මැතිතුමනි. මේ රාජිත් කියන “වසලයා” හිතාගෙන ඉන්නෙ ලංකාවෙ ඡන්ද දායකයො ඔක්කොම මෝඩ මිනිස්සු කියල. අනික මේ මෝඩය කියන ඒවට උත්තර දෙන්න තරම් ඔබ තුමා කලබල විය යුතු නැහැ. මිනිහ රාජපක්ෂලව හීනෙනුත් දැකල හැමදාම බයවෙල කෑගහනවලු.
    අනික, මේ මැතිවරණ කාලෙ පුරාවටම යු.එම්.පී., ශ්‍රී ලංකා, ජේ.වී.පී. සේරමගෙ එකම මාතෘකාව රාජපක්ෂල ගැන විතරයි. ගමට මොනවද කරන්නෙ, මොනවද සංවර්ධනය කරන්නෙ, කොහොමද ගමේ මිනිසුන්ගෙ ජීවිත නගා හි‍ටුවන්නෙ කියල කියන්න තරම් මොලයක් එක්=එකුටවත් නැහැ. රාජපක්ෂ භීතිකාව විතරමයි.

  9. podi gamaya says:

    sahajeewanaya, sanhindiyawa, sammuthiwadaya kiyala wachana thunak ekathu karagana hadapu yaha palanaya hewath jada palanaye weda thamai. avurudu thunak thisse karanna hadapu ekama wedaya thamai horun allanawa kiyala commission dana eka. anthimata mattu une ungema un. janadipathita ona de karanna agamethi denne ne. agmathita ona de janatha sandanaya karanna dene ne. meka pandu anduwak nemei napunsaka anduwak. mewa thamai pradeshiya saba walath karanna hadanne. arjuna ranathunga kiyanne ehemai. janathawata abasaranai. unge kalaya purawata kambe depettata ada ada indi.

  10. published says:

    “ගමට මොනවද කරන්නෙ, මොනවද සංවර්ධනය කරන්නෙ, කොහොමද ගමේ මිනිසුන්ගෙ ජීවිත නගා හි‍ටුවන්නෙ කියල කියන්න තරම් මොලයක් එක්=එකුටවත් නැහැ. රාජපක්ෂ භීතිකාව විතරමයි.”

    Have you ever listened or study what JVP said on their plan.

    Dont lie for your bread & butter.

    Begging is so much great full than what you are doing.

    • Kings says:

      I am not a JVP follower. I do not like to person, who tells one thing and act as another fellow. Best example is your leader. He alway talking to poor side and travel in a business class, when going oversees. And your candidate in our area visit to my place and asked “to whome you are voting this time? Shall we change” only that. Is it the way your candidates are canversing votes? No. constructive ideas. only distructful.

  11. nimal says:

    ගෝටා රටේ අනාගතh

  12. බබා උක්කුන් says:

    ගණන් ගන්න එපා. ඕකට කියන්නේ ගෝඨා + භය

  13. බබා උක්කුන් says:

    ගණන් ගන්න එපා. ඕකට කියන්නේ ගෝඨා + භය
    නම මතක් වෙනකොට කුණු දතාට ඇගේ හුජ්ජ යනවලු

  14. nalaka says:

    ගරු රාජිත ඇමති තුමනි,

    කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියනවා කීය ජනතාව දනී.
    ඔබට මීට වඩා වැඩ තියනවා නේද?

    ඩෙංගු වලට පිලියමක් නෑ.වසංගතයක් වෙලා මිනිසුන් මැරෙනකන් බලා ඉන්නවද?
    ලෙඩ්ඩුන්ට නොමිලේ දෙන බෙහෙත් ටිකත් ගන්න අමාරුයි.සමහර ඒවා නෑ,
    අරෙහෙ ගස් කපනවා.වැස්ස නෑ.
    මිනිස්සු පරිසරට හැම දේම දානවා කිසිම් වැඩපිළිවලක් නෑ
    කරුණා කර දොඩවා දොඩවා ඉන්නවට වඩා කරන්න වැඩ තියනව නේද>

    අපට රාජපක්ෂ ගැන ඔය කතා අහල අප්පිරියයි.ඊයා.

Leave a Comment

Main News