උදයංග වීරතුංග ඇමරිකා යන්න ගියේ ගෝටා හමුවෙන්නයි.. ඔහු අත්අඩංගුවට ගැනීමේ රාජපක්‍ෂ රෙජිමය කැළඹිලා..

February 5, 2018 at 2:10 pm | lanka C news
උදයංග වීරතුංග ඇමරිකා යන්න ගියේ ගෝටා හමුවෙන්නයි.. ඔහු අත්අඩංගුවට ගැනීමේ රාජපක්‍ෂ රෙජිමය කැළඹිලා..

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමෙන් රාජපක්ෂ රෙජිමය කැළඹීමට පත්ව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් හම්බන්තොට, කලුතර සහ රත්නපුර දිස්ත්‍රික්කයන් හී වීරකැටිය, බේරුවල, කොළොන්න, උඩවලව, සහ රන්වල යන ප්‍රදේශවල දී පැවැති ජනහමු වලට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“පසුගිය රජය සමයේ සිදු වූ දුෂණ වංචා පිළිබද විභාග කිරීම සදහා නව අධිකරණ 03 ක් ස්ථාපිත කරනවා. එමගින් එම නඩු විභාග කඩිනම් කරන්න පුලුවන්. මෙම මැතිවරණය හිටපු ජනාධිපතිවරයාට ගල උඩ සටනක් වෙලා. ඡන්දය දිනා ගැනීමට හොරකම් කරපු මුදල් විශාල ලෙස වැය කරනවා. ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ කුමන ආකාරයෙන් හෝ මෙම රජය බිද දැමීමයි. හිරේ විලංගුවේ වැටෙන එක නතර කර ගැනීමයි.

පොහොට්ටුවේ අනාගත ජනාධිපති අපේක්ෂකයා රටෙන් පැනලා ඉන්නේ. ගමේ මැතිවරණයට ඔහු එන්නේ නැහැ.හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙවර ඇමරිකාවට පැනලා ගියේ ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයෙන් නොවෙයි. ඇමරිකාවේ විදේශ ගමන් බලපත්‍රය උපයෝගි කර ගනිමින්. ගුවන් ටිකට්පත් ලබාගත්තේ වෙනම තැනකින්. එම ජනාධිපති අපේක්ෂකයා නැවත ලංකාවට එන්නේ ලබන 12 වන දායි. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල බලලා තමයි ලංකාවට එන්නේ. මිග් යානා මිල දී ගැනීමේ ගනුදෙනුවේ මුල්‍ය වංචා හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉන්නේ. යුද්ධය මුවාවෙන් රණවිරු ගැහිල්ලක් ගහලා තිබෙන්නේ. අපිත් යුධ ජයග්‍රහණයට උදවු කළා.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සැගවී සිටියේ. එයා හිතුවා සොයා ගන්න බැරිවෙයි කියලා. සියලු තොරතුරු අපට ලැබුනා. මිග් යානා ගණුදෙනුවේ අතරමැදියෙක් ලෙස මෙම හිටපු තානාපතිවරයා කටයුතු කර තිබෙනවා. එම නිසා එම ගණුදෙනුව පිළිබද සියලු තොරතුරු අපට ලබාගන්න පුලුවන්. මෙම මිග් යානා ගණුදෙනුවේ ගිවිසුම් දෙකක් තිබෙනවා. එකක් නිවැරදි ගිවිසුම, අනෙක ව්‍යාජ ගිවිසුමයි.

උදයංග වීරතුංග මහතා ඩුබායිවල සැගවී සිටියේ. ඔහු ඇමරිකාවේ සිටින ගෝඨාභය රාජපක්ෂ හමුවීමට තමයි යාමට සුදානම් වුනේ. ඔහු ලංකාවට ගෙන ඒම සදහා පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඩුබායි බලා අද (05) පිටත්ව ගියා. මිග් යානා ගණුදෙනුවේ හොදම සාක්ෂිකරුවා උදයංග වීරතුංගයි. මම කරුණු හෙළි කරන විට මට විරෝධය එල්ල කරනවා. නමුත් මම සියලු තොරතුරු හෙළි කරනවා. සියලු පරික්ෂණ නිසි පරිදි සිදු කිරිමට සහයෝගය ලබාදෙනවා. රාජපක්ෂලාගේ ඉරණම මෙම වසරේ දී තීරණය වෙනවා.

මහ බැංකු වංචාව සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ද ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට සුදානම් වෙනවා. අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පළිහේන යන සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන අවසන්. උදයංග වීරතුංග හිටපු ජනාධිපතිවරයාගේ ඥාතියෙක්. තවත් හොරෙක් ඇමරිකාවේ හැංගිලා ඉන්නවා. ඒ ජාලිය වික්‍රමසූරියයි. සොරකම් කරලා බයේ පැනලා ඉන්නේ. උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමෙන් රාජපක්ෂලා බියවෙලා ඉන්නේ. වසීම් තාජුඩීන් ඝාතන පරික්ෂණත් ක්‍රියත්මකයි. නූතන විහාරමහා දේවිය අරලියගහ මන්දිරයේ සිට තාජුඩීන් ඝාතනයට දුරකථන ඇමැතුම් 46 ක් ලබාදුන්නා. විහාරමහා දේවිය ජනතාව බේරා ගැනීමට මුහුදට බිලි වුවත්, නූතන විහාරමහා දේවිය දරුවන් ඝාතනය කිරීමට තමයි සහයෝගය ලබාදුන්නේ. ඒ පිළිබදව ද පරීක්ෂණ ක්‍රියත්මකයි.

මෙම ජනහමුවලට අධිකරණ සහ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය, රාජය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුර සේනාරත්න මහතා හේෂා විතානගේ මහතා, ආසන සංවිධායකවරුන්, අපේක්ෂකයින්,ඇතුලු අතිවිශාල ජනකායක් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

28,739 Viewers

16 Comments to “උදයංග වීරතුංග ඇමරිකා යන්න ගියේ ගෝටා හමුවෙන්නයි.. ඔහු අත්අඩංගුවට ගැනීමේ රාජපක්‍ෂ රෙජිමය කැළඹිලා..”

  1. Dev says:

    Heenen tamai

    • rambanda says:

      ගොබෙල්ස් න්‍යයාය තමයි මූ පිලිපදින්නෙ. කියන්න කියන්න බොරුව ඇත්ත වෙනවා කියල ගොබෙල්ස් කියන හිට්ලර්ගෙ කිට්ටුම සගයා කියල තියනවනෙ. අපට නම් කියන්න තියෙන්නෙ, ඒ න්‍යාය හරියන්නෙ එදා හිටිය මෝඩ මිනිස්සුන්ට යි. දැන් ඕව පිලි ගන්නෙ මෝඩ කොලඹ ඉන්න ටොයි ගැහැනු විතරයි දතෝ කියල. ආ අර ඇඟිල්ල කොර වෙච්ච පුතා මේ දවස් වල එලියට බැහැල නැත්තෙ මොකෝ

    • kamalasirikuruwita says:

      ඔන්න කිව්වා, ඔන්න කිව්වා. අපිට පුලුවන්ද අප්ආ මෙහෙම මවල ගොතල කියන්න. මේක කියල තියෙන්නේ කවුද කියල බැලුව .බැලින්නම් රාජිත. එහෙනම් ඒ කෙප්ප කියවන්න ඕන නැහැ , නිකන් ඇහැ වෙහෙස ගන්නේ මොකටද කියල නිකන් හිටිය. අප්පයි පුතයි කෙබර කැප්ටන් ලා කියල ලෝකප්රසිද්දයිනෙ.

  2. Rohitha says:

    lipa gini molawana thgek diya saeliye – saepayak yaeyi kakuluwa diya keliye.

    • Devaka Jayasuriya says:

      Mahindata kakuluwa kiyanna epa ban.

    • කණිය says:

      ඔය දඟලන්නේ මිනිහගේ අන්තිම දඟලිම. මේකා ගේ ෆිසුස් ගියාට පස්සේ මුන්ගේ අනික් එවුන්ට වෙන්නේ රට ඇරලා යන්න ඔන්න බලන්න මුන්ගේ පවුලටම අනාගතයේ වෙන දේ .මෙහෙම අනාවැකි කියන්නේ ජෝතිශ්යෙන් නෙවෙයි ලෝක ධර්මතාව ගැන සලකලා .මේ දඟලන දන්ගලිල්ලට වැඩිය ඔරොත්තු දෙන්නේ නෑ කල් අල්ලලා ඉන්නේ නැ . ලෝකයේ අධර්මයට ආයුෂ නෑ.
      මේ සත්‍ය මේ නරුමයාට මෙන්ම මොහුගේ පුත්‍රයාටත් එසේම හිටන්ටත් පචයටත් පොදුයි

  3. cw says:

    Is this a Cabinet Minister? OMG. What happened to SL? Such a moron.

  4. Kings says:

    රාජපක්ෂලාට මේ තරම් බය මිනිහෙක් තවත් නැතුව ඇති. හැමදාම හීනෙන් බය වෙනවලු.

  5. pakshikaya says:

    you are very pure person .people will reply .we dont like to listen such talks every day.PUDUMA VAIRAYAK. ME MINISSU MARENNE NATHI AYADA..

  6. don says:

    ovata kiyanne “boru shobana” chande lan venkota thava evi . e unata janathava ayeth revatenne neha,

  7. Nimal R says:

    මේ අවජාතකය cancer වලට අනුමත නොකළ බෙහෙතක් ගෙන්නලා මේ ළඟදී බිලියන් ගණනක් ගත්තා .ඉස්සර ගැහිලි වලින් නැවු 8ක් අරගත්තු පාහරයෙක් .අලුත් ආණ්ඩුවකින් මූ සහ පච රණවක නඩු දමා වරදකරුවන් කර ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතුයි

  8. hora says:

    මෙයා කියන ඒවා කවුද ගණන් ගන්නේ . හැමදේම ඇස් දෙකෙන් දැකලා පස්සේ විස්තර කථනය කරනවා.

  9. හරකෙක් කියන කතා says:

    මි හරකෙක් කියන කතා කව්ද me පත්තරවල දාන්නේ? එත් අතට මේත් අතට මුගේ කටට ගල් අගුරු දාලා මදින්න වෙනවා. බෙහෙත් හොරා.

  10. Boat captain says:

    He didn’t talk about how he stole billions of dollars to buy eight large scale container cargo ships, two super youghts and one speed boat.

    • කුනු දතා ප්‍රාජිත says:

      හා- හා- හා, කට! කට!! කට!!!
      ලූනු බිකක් තරම්වත් හොරකම් කරල නෑ.
      ඔය නැවු ෆ්ලීට් එකම ගත්තෙ දත් ගලවල හම්බ කරපු
      සල්ලි වලින්.

  11. Prasad says:

    Puthagema thathne .
    Thawath oya baila walata rewatenawada?
    Moo e anduwa hitiye be wage kathawa.dath galawala gatta new 7 koheda?

Main News