උදේ පාය බාගයක් පොලිස් නිලධාරීන්ට භාවනා කරන්නැයි පොලිස්පතිගෙන් නියෝග..

April 12, 2017 at 3:29 am | lanka C news | ලංකා සී නිවුස්
උදේ පාය බාගයක් පොලිස් නිලධාරීන්ට භාවනා කරන්නැයි පොලිස්පතිගෙන් නියෝග..

රට පුරා පොලිස් ස්ථාන 471ක රාජකාරී කරන පොලිස් නිලධාරීන් 85000 දෙනෙකු සෑම සතියකම සදුදා සිට සිකුරාදා තෙක් පෙරවරු 8.30 සිට 9.00 දක්වා භාවනා කරන ලෙස පොලිස්පතිවරයා විසින් සියලූම පොලීසිවලට දන්වා ඇත.

ඒ අකුන එම භාවනා වැඩසටහන් ගිය ෂතියේ සිට ආරම්භ කර ඇති බවත් එහි අරමුණ වන්නේ රාජකාරිය ආරම්භයේදීම සිත සැහැල්ලූ කරගැනීම බවත් පොලිස් මූලස්ථානය කියයි.

විශේෂ චක‍්‍රලේඛයකින් මේ පිලිබදව සියලූම පොලිස් ස්ථානවලට දන්වා ඇත.

3,004 Viewers

12 Comments to “උදේ පාය බාගයක් පොලිස් නිලධාරීන්ට භාවනා කරන්නැයි පොලිස්පතිගෙන් නියෝග..”

  1. රිටිගල මුදියන්සේලාගේ ජයසේන says:

    එතකොට කූජීතයා උදේ ඉඳන් “භාවා නාව නාව” ඉන්නවා….

  2. Indra says:

    පොලිස්පති තුමා ගැන මෙතෙක් අහපු වටිනම පුවත. කව්රු කළත් හොඳදේ හොඳම තමයි. අද ලෝකයේ දියුණු රටවල් තමන්ගේ සමාජය හික්මවන්න භාවනාව යොදාගනිද්දී ඒ භාවනාවේ ජානමය උරුමය තියෙන අපි කීයෙන් කීදෙනයිද ඒක ප‍්‍රායෝගිකව තමන්ගේ ජීවිතවලට ගලපාගන්නේ. මේක ඉතාම වටිනා ප‍්‍රවේශයක්. තම තමන්ගේ පෞද්ගලික අරමුණු මතිමතාන්තර එක්ක අරගෙන මේ වටිනා අර්ථයට විකට මුහුණු දෙන්න හදන්න එපා කියන එක මනුෂ්‍යත්වයේ හරයේ නාමයෙන් සමාජයෙන් ඉල්ලා සිටිය යුතුයි. සරු දේ සරු වශයෙන් දකින්න පොලිස්පතිතුමා ඇතුළු ඔබ සැමට හැකිවේවා…

  3. ExUNPer says:

    “….සිත සැහැල්ලූ කරගැනීම බවත් පොලිස් මූලස්ථානය කියයි”

    අදහස හොඳයි.

    නමුත්, රටේ නායකයෝ නීච ලෙස රට විනාස කරමින් පිටරටුන්ට සහ බෙදුම්වාදීන්ට රට පාවා දෙනකොට, බුදු දහමෙන් සහ රණ විරුවන්ගෙන් පලිගන්නකොට සිත සැහැල්ලූ කරගැනීම පුලුවන්ද ?

    බැහැ ! උපන් හැදුනු රට ගිලෙනව පෙනි පෙනි බලා ඉන්න කාටවත් බැහැ !!

  4. Boo says:

    මාර මොලේ ! ඒ කියන්නේ සතියේ දවස් වල උදේ 8.30 ඉඳන් 9 වෙනකල් ලංකාවට පොලිස් සේවයක් නෑ ! හොරුන්ට, මත් කුඩු කාරයින්ට, නීති කඩන්නන්ට මරු චාන්ස් එක, ඇයි ඒ වෙලාවට මුළු රටේම පොලිසිය මුල්ලක ඉඳගෙන භාවනා කරනවා! අපි උන්ට ඒ වෙලාවට පඩි ගෙවනවා.

    කවුද අප්පා මේවා මේ විදිහට යෝජනා කරන හරකා?

  5. asaranaya says:

    ඊට පස්සේ ගිහින් වතුර හෝස් අල්ලපියව්, කඳුලුගෑස් ගහපියව්, සිත මොලොක්වන තරමට නීතියත් නවන්න පුලුවන් වෙයි, අනේ අම්මපා දෙයියෝම සාක්කි!

  6. සිසිර says:

    පව් අප්පා … police රාලහාමිලා භාවනා කරන 8.30-9. පාතාලයේ රාලහාමිලා රට පාලනය කරාවි.. මෙහෙමත් බූරුවන් රැලක්

  7. Dickie Bird says:

    Niyamai…. gewal bidinna peya 1/2 yak deela thibenawa.
    Genunge passa mirikanne koi welawada deela thiyenne danne nehe.

  8. Niru says:

    Hello this is not going to work. Get the buggers to somebody any body for 30 minutes in the morning before they start work that will keep them motivated

  9. love nature says:

    උපාසක සක සක රා කෝප්ප දෙක දෙක

  10. Saradiel says:

    කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
    මෙදෙකිනි මෙසසර දුක් දුර ලන්නේ
    සුදනෙනි කිම වීරිය නොකරන්නේ

    “බොහොම කලාතුරකින් බුදු කෙනෙකු උපදින්නේය. මිනිස් බව ලබාගන්නේ ඉතාමත් දුෂ්කරතාවෙකිනි. මේ සංසාර දුක දුරුකරන්නේ මේ කරුණු දෙකෙනි සත් පුරුෂයෙනි මෙය ලැබූ අවස්ථාවේ වීරිය නොකරන්නේ මන්ද?”

  11. Saradiel says:

    කොතන වුණත් නැත මරු හට බාදා
    විදින මෙසැප පින් ඇති තෙක් වේදා
    ගෙවන සසර දුක් බුදු බණ නාදා
    කුමන නැටුම් කෙළි කවට සි නාදා

    “කොතනකදී වුවත් මරණයට බාදාවක් නැත. අප විඳිනා වූ සියලු සැප පින්ඇති තෙක් පමණි. සසර දුක් නැති කරන්නා වූ බුදුබණ නො අදහා සිනාසෙමින් කරන මේ නැටුම් ගැයුම් වැයුම් කුමණ විහිලුවක්ද?”

  12. love nature says:

    පර ස්ත්‍රීන් සේවනය කරන ප්‍රමාදී පුද්ගලයා කරදර විපත් හතරකට ගොදුරු වනවා. එනම් පව් රැස් වීම, සිතේ චකිතය නිසා සතුටක් විඳින්නට නොලැබීම, අන් අයගෙන් නින්දාවට පත් වීම හා මරණින් පසු නිරයේ ඉපදීමයි. බුදුරජාණන් වහන්සේ වදාළේ බයේ ගැහි ගැහී කාන්තාවන් සමඟ කාම සේවනයේ යෙදීමෙන් ලැබෙන ආස්වාදය ඉතා ම ස්වල්ප බවයි. එය පවතින නීතියට පටහැනි ක්‍රියාවක් නිසා රජයේ නීතිය ක්‍රියාත්මක කරන අයට අසු වුණොත් බරපතළ දඬුවම් විඳින්නට සිදුවන බවයි. එම නිසා වැරදි කාම සේවනයෙන් වැළකී පර ස්ත්‍රීන් සේවනයේ නොයෙදී තම බිරිඳගෙන් පමණක් සතුටු විය යුතු බවයි. මිනිස් ලොව සිටිය දී එක් කාන්තාවක් තම ස්වාමියා ඉක්මවා වෙනත් පුරුෂයන් ඇසුරු නොකිරීම නම් වූ ගුණධර්මය නිසා දෙව්ලොව ඉපදී මහත් සැපයට පත් වූ ආකාරය විමාන වස්තු පාළියේ පතිව්‍රත්‍රා විමානයේ සඳහන් වනවා.

Main News