උපාධිධාරීනට ආණ්ඩුවෙන් පොලියක් නැතිව බැංකු ණය…

September 9, 2018 at 6:48 pm | lanka C news
උපාධිධාරීනට ආණ්ඩුවෙන් පොලියක් නැතිව බැංකු ණය…

වසර 2020 වන විට ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීම රජයේ අපේක්ෂාව බව රෝහිනි කුමාරි කවිරත්න මහත්මිය සදහන් කළාය.

උතුරු මැද පළාතේ පමණක් මේ වන විට තුරුණු දිරිය යටතේ තරුණ ව්‍යවසායකයින් 249 දෙනෙක් බිහි වි ඇතැයි සමාජ සුභ සාධන හා ග‍්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශයේ අධික්ෂණ මන්ත‍්‍රි හා ලග්ගල ආසනයේ පාර්ලිමේන් මන්ත‍්‍රිනි රෝහිනි කුමාරි කවිරත්න මහත්මිය ස`දහන් කළාය.

එන්ටර් ප‍්‍රයිසස් ශ‍්‍රි ලංකා ණය වැඩ සටහන සම්බන්ධයෙන් ණය අපේක්ෂිත පිරිස් දැනුවත් කිරීම ස`දහා නාඋල ප‍්‍රදේශයේ සියළු රාජ්‍ය බැංකු විසින් සංවිධාන කර තිබු විශේෂ වැඩ මුළුවට එක්වෙන් ඇය ඊයේ(08* නාඋල ශ‍්‍රි නාග ජාතික පාසලේ පැවැති දැනුවත් කිරිමේ අවස්ථාවට එක්වෙමින් මේ බව සදහන් කළාය.

රැුකියා විරහිත උපාධිධාරින් වෙනුවෙන් රජය මගින් කිසිදු පොලියක් නොමැතිව ලබා දෙන ණය යෝජනා ක‍්‍රමය පිළිබ`දව ද ඇය කරුණු පැහැදිළි කළාය.

ණය ලබාගත් පසු උපාධීධාරින්ට රජයේ රැකියා අහිමිවන බවට පලවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය තොරතුරු බව ද ඇය කියා සිටියාය.

එමෙන්ම ලබාගත් උපාධිය භාහිර ද එසේත් නැතිනම් ලබාගත් ක‍්‍රමවේදය නොව උපාධීය පමණක් සැලකිල්ලට ගන්නා බව ද ඇය ස`දහන් කළාය.

මේ අතර සහනාධාර මත ජීවත්වන ක‍්‍රමවේදය වෙනුවට ව්‍යවසායකයින් බිහිකිරිම සදහා ක‍්‍රියාත්මක එන්ටප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා ණය යෝජනා ක‍්‍රමය ඉතා වැදගත් බව ප‍්‍රාදේශිය සංවර්ධන බැංකුවේ නාඋල ශාකා කළමණාකාරිණි අයි.ඞී.කාරියවසම් මහත්මිය සදහන් කළාය.

බැංකුවක් ලෙස එම කර්තව්‍යට උර දෙමින් සිටින බව ද නාඋල ප‍්‍රදේශයේ ණය අපේක්ෂිත පිරිස් අමතමින් ඇය වැඩිදුරටත් සදහන් කළාය.

නාඋල මහජන බැංකුවේ ප‍්‍රාදේශිය කළමණාකාර ගිහාන් ද සිල්වා,ලංකා බැංකුවේ ප‍්‍රාදේශිය කළමණාකාරිනි ලක්ෂානි පත්මසිරි,එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත‍්‍රික් කළමණාකරු අබේරත්න බණ්ඩාර ඇතුළු මහත්ම මහත්මිහු ණය යෝජනා ක‍්‍රමය සම්බන්ධයෙන් අදහස් පලකලහ.

එන්ටප‍්‍රයිසස් ශ‍්‍රි ලංකා ණය යෝජනා ක‍්‍රමය සම්බන්ධයෙන් දැනුවත් වීම ස`දහා නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ විශාල පිරිසක් ද එක්ව සිටියහ.

– ඉන්දික අරුණ කුමාර

6,270 Viewers

6 Comments to “උපාධිධාරීනට ආණ්ඩුවෙන් පොලියක් නැතිව බැංකු ණය…”

  1. sisiraanu says:

    chande langaaaaaaieeeeeeee…..!!!!

  2. Love nature says:

    කියනකොට එහෙමයි කරනකොට මෙහෙයි කිවිවා වාගේ

    සුදු හකුරැ කතාව වගෙයි උපාධිධාරීනට ආණ්ඩුවෙන් පොලියක් නැතිව බැංකු ණය මුදල් කතාව ද මීට සමානය. රඡ වාසලට සුදු හකුරැ සපයන්නෙක් විය. දිනක් රඡතුමා ඔහු රඡවාසලට කැදවා හකුරැ සාදන සැටි විමසා සිටියේය. දේවයන් වහන්ස මම මේවා හදන්නේ බොහෝම සැලකිල්ලෙන් හරිම පිරිසුදුවට. උඩට උඩුවියන් බැදලා,පයට පාවාඩ දාලා තමයි,ඔබ වහන්සේට මේවා හදන්නේ. හකුරැ සාදන්නා තැනට සුදුසු ලෙස පිලිතුරැ දුන්නේය. මේ කතාවේ ඇත්ත නැත්ත සොයා බැලීමට සිතූ රඡතුමා හකුරැ සාදන්නාගේ නිවසට ගියේය. ඔහු හකුරැ සෑදුවේ අපිරිසිදු වටපිටාවක සිටය. උඩුවියන් හෝ පාවාඩ නැත. රඡු ඒ පිළිබදව ඔහුගෙන් විමසා සිටි විට ඔහු පිළිතුරැ දුන්නේ කියන කොට එහෙමයි.කරන කොට මෙහෙමයි කියාය.

  3. david milibanda says:

    Chanda mila dhee gani……………. nayath aran gahamu kathiray pohottuwata.

  4. MatriX says:

    Economy will go into further trouble.

  5. dasun says:

    This is a very good project. This is much better than giving non productive government jobs to obtain votes.

  6. Simon says:

    These will be bad debts if given as chanda gundu. The banking system will also collapse if loans are given without interest and without colateral.

Main News