උපාධිධාරීන් රැකියා ඉල්ලමින් විරෝධතා..

May 3, 2018 at 2:04 am | lanka C news
උපාධිධාරීන් රැකියා ඉල්ලමින් විරෝධතා..

උතුරු පලාත තුල මේ වන විට උපාධිධාරීන් 3000 කට අධික ප්‍රමාණයක් විරැකියාවෙන් පෙලෙන බව කියමින් යාපනයේ පිහිටි උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය ආසන්නයේ විරෝධතාවක නිරත වූහ.

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යලය ඉදිරිපිටට රැස් වූ රැකියා විරහිත උපාධිධාරීන් ඉල්ලා සිටියේ රජයේ නව රැකියා ලබා දෙන ප්‍රතිපත්තියේදී උතුරු පලාතට විශේෂ සැලකිල්ලක් දක්වා උතුරේ වරැකියාවට විසඳුමක් ලබා දෙන ලෙසටත් එමගින් යුද මානසිකත්වයටද යම් අස්වැසිල්ලක් ලැබෙන බවටත්ය.

උතුරු පළාතේ පමණක් රැකියා විරහිත උපාධිධාරීන් 3000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව පවසන එම සංගමය ගුරු පත්වීම් ඇතුළු රජයේ රැකියා ගණනාවක්ම 2017 වර්ෂයේදී ලබා දුන් අවස්ථාවේදී යාපනයේ හා උතුරේ සෙසු පළාත්වල  උපාධිධාරීන්ට ලබා නොදී  දකුණු පළාතේ පිරිසට ලබා දී ඇති හෙයින් උතුරේ උපාධිධාරී රැකියා විරහිත වූවන්ට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

විරෝධතාවය පැවති අවස්ථාවේදී උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා රාජකාරී කටයුත්තක් හේතුවෙන් ආණ්ඩුකාර කාර්යාලයේ නොසිටි හෙයින් විරෝධතාවය විනාඩි 20 කට පමණක් සීමා විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,294 Viewers
Main News