උමාඔය නතර නොකරයි.. දිගටම කරන්න රජය තීරණය කරයි..

July 13, 2017 at 8:40 am | lanka C news
උමාඔය නතර නොකරයි.. දිගටම කරන්න රජය තීරණය කරයි..

ගැටළුකාරී තත්වයට පත්ව ඇති උමා ඔය ව්‍යාපෘතිය නොනවත්වා දිගටම කරගෙන යාමට වාරිමාර්ග අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙහිදී ජනතාවට හා පරිසරයට සිදුව ඇති හානිය අවම කරගනිමින් ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යෑමට රජය අදහස් කරයි.

දැනට එම ජනතාවට හා පරිසරයට වී ඇති හානි සදහා පිළියම් යෙදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විදේශ විශේෂඥයන්ගේ සහය ලබාගැනීමට උපදෙස් දී ඇත.

වාරිමාර්ග ඇමති විජිත් විජේමුණි සොයිසා මහතා පවසන්නේ උමාඔය ව්‍යාපෘතිය දැන් පවතින තත්වය මත නතර කිරීමට නොහැකි බවත් නතර කලහොත් බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාවට විශාල හානියක් සිදුවනු ඇති බවත්ය.

8,413 Viewers

3 Comments to “උමාඔය නතර නොකරයි.. දිගටම කරන්න රජය තීරණය කරයි..”

  1. hitan gedara appuhami says:

    මමත් ජනතාවගේ පැත්තේ. ඒත් පෝර්ට් සිටි, අධිවේගී මාර්ග, හම්බන්තොට, මත්තල, උමා ඔය (ඌව මහඔය), වගේ දේවල් නවත්වන්න බැහැ. අඩුගානේ හාල් මිළ පාලනය කලොත් මගේ මලය ජනතාව හූරන් කන්නේ කොහොමද.

  2. Vaj says:

    ඕනෑම ව්‍යාපෘතියක් ආරම්භයේදි ජනතාව නොසන්සුන් වෙනවා. පටන් ගැන්මේදි තියෙන අපහසුතා එය සම්පූර්ණ කළ විට මුළුමනින්ම පාහේ පහවී යනු ඇත. උමා ඔය ව්‍යාපෘතියේදි එය බණ්ඩාරවෙලට අගුණ වී තිබෙන්නේ රජයේ නිසි කළමණාකාරිත්වයක් නැතිකම, දේශපාලන කුහකකම හා සැලසුම් විරහිත බව හෝ නොදන්නා කම නිසා හෝ මෙය ප්‍රමාද වී තිබීම නිසයි. අගතියට පත්වන සුළු පිරිස සාධාරණ වන්දි ගෙවීමකින් වෙනත් ස්ථාන වල පදිංචි කළ යුතුව තිබුණා. එහෙනම් අද වනවිට මෙය දේශපාලන ප්‍රශ්ණයක් නොවී මොණරාගල වියළි ගම්බිම් හරිත වර්ණයෙන් බබලන්නටත් තිබුණා. කාළකණ්ණි!!

  3. David Milli-Banda says:

    Rathu Ali {Patiya was the Minister for Agriculture in 2004/2005 who had approved Uma Oya project.

    This project was initiated by Karu Jayasuriya, but he had no money.
    Agreement was signed between Iran & Fowzie onbehalf of the GOSL.

    Why did not the Sri Lanka Consultants order the blocking of leaks? Why was yahapalanaya time they were dragged their feet?
    What was Gamarala Sirisena’s & Nimal Sira Palou’s roles in Uma Oya project?

    Is not the yamalanaya turning this to be a political show to bash Mahinda & JVP leading campaign WHEN THEY WERE THE ACTUAL CULPRITS AND THAT RATHU ALI PATIYA….
    Uma Oya JVP eke redi galawai.

Main News