උසස්පෙළට A3 ගත් සිසු සිසුවියන්ට සහතිකයක් සමඟ තිළිණයක්…

February 3, 2018 at 2:08 am | lanka C news
උසස්පෙළට A3 ගත් සිසු සිසුවියන්ට සහතිකයක් සමඟ තිළිණයක්…

පසුගිය උසස්පෙළ විභහගයෙන් ඒ සමර්ථ 3 ක් ලබා ගත් සියළුම සිසු සිසුවියන්ට වටිනා සහතිකයක් සමඟ තිලිණ ප්‍රධානයක් කර ලෙසත් ඒ තුලින් අදාළ සිසු සිසුවියන් පමණක් නොව අනෙකුත් ළමුන්ද දිරිමත් කිරීමක් සිදුවන බවත්, ඌව පළාත් ආණ්ඩුකාරවර අධ්නිතිඥ ඇම්.පී.ජයසිංහ මහතා පැවසුවේ ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති ඌව පළාත් ආණ්ඩුකාරවර ලේකම් ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ජාවකදීය.

මෙහිදී පළාතේ අධ්‍යාපන කටයුතු වල ප්‍රගතිය පිළිබඳවද පළාත් ආණ්ඩුකාරවරයා විමසන ලදි.

විභාග දෙපාර්තමේන්තුව සකස් කළ නිර්දේශයට අනුව පසුගිය උසස්පෙළ විභාගයෙන් දිවයිනේ දෙවැනි ස්ථානය ඌව පළාතේ ලබා ගෙන ඇති බවත් එය ජාතික සමීක්ෂණයට අනුව වෙනස් වන්නේ දශම ගණනකින් බවත් නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලින්ද දිවයිනේ අනෙකුත් පළාත් අතර ඉහල මට්ටක සිටින බවත් ඒ අනුව පළාතේ සිසු සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු වල ප්‍රගතියක් තිබෙන බවද නිලධාරීන් පැහැදිලි කරන ලදි.

පළාතේ විභාග ප්‍රතිපල අවම මට්ටමක පවතින පාසැල් හඳුනාගෙන එම විදුහල් වල විදුහල්පතිවරුන්ට ඉදිරියට සපුරා ගත යුතු ඉලක්ක හඳුන්වාදී එම ඉලක්ක සම්පුර්ණ කරගැනීමට කටයුතු කරන ලෙසත් ඒ පිලිබඳ ප්‍රගතිය විමසා බලන ලෙසත් ආණ්ඩුකාරවරයා උපදෙස් දෙන ලදි. එමෙන්ම අවශ්‍ය මුල්‍ය පහසුකම් සලසාගෙන පළාතේ පාසල්වල අඩුපාඩු සපුරා ගැනීමට ක්‍රියා කරන ලෙසත් පළාතේ අධ්‍යාපන කටයුතු වල ගුණාත්මක සංවර්ධනයක් ලබා ගැනීමට සියළුම නිලධාරීන් උපරිම කැපවීමෙන් කටයුතු කිරීම තමා අපේක්ෂා කරන බවද වැඩිදුරටත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරන ලදි.

ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ජාවට ඌව පළාතේ ප්‍රධාන ලේකම් පී.බි.විජේරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් එච්.එම්.සෝමතිලක, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සන්ධ්‍යා අඹන්වල මිය, ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිසන් සභා ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු, අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ඇතුළු සියළුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.

– uva media

2,458 Viewers

One Comment to “උසස්පෙළට A3 ගත් සිසු සිසුවියන්ට සහතිකයක් සමඟ තිළිණයක්…”

  1. kate says:

    Chandeta Wada! Why didnt’ they do it before?

Main News