උහුලන්න බැරියෝ දවසක පාඩුව මිලියන 38යි.. තෙල් මිල වැඩි කරන සූත‍්‍රයක් ඕනෑ..- සිපෙට්කෝ කෑ ගසයි…

April 2, 2018 at 4:40 pm | lanka C news
උහුලන්න බැරියෝ දවසක පාඩුව මිලියන 38යි.. තෙල් මිල වැඩි කරන සූත‍්‍රයක්  ඕනෑ..- සිපෙට්කෝ කෑ ගසයි…

පවතින මිල යටතේ ඉන්ධන අලෙවි කිරීම නිසා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සතියක පඩුව රුපියල් මිලියන 266ක් නැතහොත් දිනකට මිලියන 38ක් බවත් ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සදහන් කරයි.

මේ සදහා එකම විසදුම ලොක වෙලද පලේ තෙල් මිලට අනුරූපීව මෙරට තෙල් මිලද වෙනස් වක ඉන්ධන මිල සූත‍්‍රයක් හැකි ඉක්මනින් හදුන්වා දීම යයිද අමාත්‍යංශ ලේකම් උපාලි මාරසිංහ මහතා පෙන්වා දෙයි.

මේ අතර තෙල් සංස්ථා සභාපති ධම්මික රණතුග මහතා පවසන්නේ ඉන්දීය තෙල් සමාගම සිය මිල ගණන් ඉහල දැමීමෙන් පසු මෙම පාඩුව වැඩිවී ඇති බවයි.

දැන් පාරිභෝගිකයන් ඉන්දීය සමාගමේ පිරවුම්හල්වලට නොයා සංස්ථා පිරවුම්හල්වලට එන බවද ඔහු කියයි.

තමන් මේ වන විට පෙට‍්‍රල්, ඞීසල් මෙන්ම භූමිතෙල්ද අලෙවි කරන්නේ පාඩු ලබමින් යයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.

8,011 Viewers

4 Comments to “උහුලන්න බැරියෝ දවසක පාඩුව මිලියන 38යි.. තෙල් මිල වැඩි කරන සූත‍්‍රයක් ඕනෑ..- සිපෙට්කෝ කෑ ගසයි…”

  1. Basil silva says:

    Ara susil prema goyya hitiya kale mam hitu kiyala laba gaththa

  2. Basil silva says:

    Dhammika Ranatunga vage educated minihek idalath paduida!!!!!!!

  3. බන්ඩා says:

    තෙල් සංස්ථා බිස්නස් එක චන්ද දේසපාලනය සමග පටලවා ගන්න ඒකය් හැම අාණ්ඩුවක්ම කොරන වැරැද්ද

  4. DRS says:

    Who is this president of Ceypetco? I am sure he have no relationship to the minister who wanted to eradicate family involvement.

Main News