උළු ලොරියක බඩු ලොරියක් ගැටෙයි.. එක් අයෙකු මරුට තවත් 4 කට බරපතලයි…

August 30, 2017 at 8:02 am | lanka C news
උළු ලොරියක බඩු ලොරියක් ගැටෙයි.. එක් අයෙකු මරුට තවත් 4 කට බරපතලයි…

වව්නියාව කලුකුණ්නම්මඩු ප්‍රදේශයේදී ඒ-9 මාර්ගයේ අද (30) අළුයම ලොරි දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකදී පුද්ගලයෙකු මිය ගොස් තවත් 04 කට බරපතල තුවාල සිදුව ඇති බවට ඉරට්ට පෙරිය කුලම් පොලීසිය කියා සිටියේය.

කොච්චිකඩේ ප්‍රදේශයේ සිට පැමිණි උළු ලොරියක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කලුකුන්නම්මඩුව මන්සන්ධියේදී ඒ-9 මාර්ගයේ අයිනක නවත්වා එහි මුදලාලි වරයා ඇතුලු තිදෙනෙකු විසින් පරික්ෂා කරමින් සිටින අතර තුරදී අනුරාධපුර දෙස සිට වව්නියාව දෙසට ගමන් ගත් භාණ්ඩ ප්‍රවාහන ලොරියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව නවතා තිබූ උළු ලොරියේ ගැටී ඇත්තේ කාර්මික දෝෂය පරික්ෂා කරමින් සිටි තිදෙනාද යටකරගෙනය.

භාණ්ඩ ප්‍රවාහන ලොරිය ගැටීමත් සමග උළු ලොරිය මාර්ගයෙන් විසිවී පෙරලී ගොස් ඇති අතර උළු ලොරියේ පැමිණි තිදෙනාගෙන් උළු මුදලාලි මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර භාණ්ඩ ප්‍රවාහන ලොරියේදී දෙදෙනෙකුට බරපතල තුවාල ලබා සිව් දෙනාම වව්නායව මහරෝහලට ඇතුලත් කොට ඇති බවට අනතුර සම්බන්ධයෙන් වැඩදුර පරික්ෂණ සිදු කරන ඉරට්ටපෙරියකුලම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,065 Viewers
Main News