ඌවේ අලුත් ආණ්ඩුකාරට මහ ඇමතිගෙන් මරාගෙන මැරෙන විරෝධයක්.. ඉවත් නොකලොත් මහ ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව කියයි..

January 11, 2019 at 12:02 am | lanka C news
ඌවේ අලුත් ආණ්ඩුකාරට මහ ඇමතිගෙන් මරාගෙන මැරෙන විරෝධයක්.. ඉවත් නොකලොත් මහ ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව කියයි..

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 04 වැනිදා පත්කරන ලද රංජිත් කීර්ති තෙන්නකෝන් මහතාට එම පළාත් මහ ඇමතිවරයා වන චාමර සම්පත් දසනායක මහතා ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා වෙනත් තැනකට යොමු නොකරන්නේ නම් ඌව පළාත් සභාවෙන් ඉවත් නොකරන්නේ නම් තමන් මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ යයි වූයේ මහ ඇමතිවරයා කියා සිට ඇතැයි ද වාර්තා වෙයි.

ඒ හේතුවෙන් ඔහු දකුණු පළාත් සභාවට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර දකුණු පලාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා ඌව පලාත් සභාවට පත් කිරීමට කටයුතු කර ඇත.

මෙම දැඩි විරෝධයට හේතුවී ඇතැයි පැවැසෙන්නේ පසුගිය කාලයේ දී ආන්දෝලනයකට ලක්වූ ගුරුවරියක් දණ ගැස්වීමේ සිද්ධිය මෙන්ම උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා විරෝධය දක්වමින් පෙනී සිටිමින් එහි ප්‍රධාන චූදිතයෙක් බව ඌව මහ ඇමතිවරයා පත්ව සිටීමත්ය.

24,146 Viewers

3 Comments to “ඌවේ අලුත් ආණ්ඩුකාරට මහ ඇමතිගෙන් මරාගෙන මැරෙන විරෝධයක්.. ඉවත් නොකලොත් මහ ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව කියයි..”

  1. Nariya says:

    ane umba yanna epaa makabaa vilasama pala

  2. මැදමුලනෙ මුත්තා says:

    කීර්ති තෙන්නකෝන් දැනගත යුතුයි, දේශපාලන කටයුතු විවෙිචනයට වඩා ප්‍රායෝගික දේශපාලනය වෙනස් බව.
    මෙචිචර කාලයක් මැතිවරණ නිරීක්ෂණය කියා CAFEE සංවිධානයට විදේශ රටවලින් ඩොලර් මිලියන ගණන් අරගෙන කළේ බොරැවක් කියල දැන් ඔප්පුවී හමාරයි.
    කට තිබුන පලියට වැඩකරන්න බැහැ. දකුණෙ ඉන්නෙ ඌවට වඩා අමාරැකාරයො. ගුටිනොකා බෙිරැනොත් ඇති.

  3. parakum says:

    Yes you can resign, you can always revert back to your old job in the trains.

Leave a Comment

Main News