එංගලන්තයේ ශිෂ්‍යයෙකුට උසස් අධයාපන ලබා දෙන මුදල නැවත රජයට අයකර ගන්නවා…

August 21, 2017 at 5:30 pm | lanka C news
එංගලන්තයේ ශිෂ්‍යයෙකුට උසස් අධයාපන ලබා දෙන මුදල නැවත රජයට අයකර ගන්නවා…

‘බි‍්‍රතාන්‍ය වැනි රටවල රජය ශිෂ්‍යයෙකුට උසස් අධ්‍යාපනය ලබාදෙන මුදල නැවත රජයට අයකර ගන්නවා. ශ‍්‍රී ලංකාව මහා බි‍්‍රතාන්‍ය වැනි පොහොසත් රටක් නොවුනත්, අපේ සිසුන්ට නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නට හැකිවීම පිලිබඳ අපි ආඩම්බර වෙනවා’ යයි ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පලකලේ යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ 25 වැනි සංවත්සර උත්සවයට පසුගියදා එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

‘නව රජය යටතේ මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මාධ්‍ය නිදහස, අධිකණයේ ස්වාධීනත්වය හා රාජ්‍ය සේවයේ නිදහස ඇතිකර තිබෙනවා. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ක්ෂේත‍්‍රයේ පූර්ණ නිදහසක් නව රජය මඟින් ඇතිකර තිබෙනවා. විශ්ව විද්‍යාල ස්වාධීනව පවත්වාගැනීමට එකී උපකුලපතිවරුන්ට සම්පූර්ණ නිදහස සහ බලය ලබා දී තිබෙනවා. එමෙන්ම විශ්ව විද්‍යාල පද්ධතිය නවීන ලෝකයට ගැලපෙන ආකාරයට වැඩිදියුණු කිරීමටත්, සියළු විශ්ව විද්‍යාලවල මානව හා භෞතික සම්පත් සංවර්ධනය ඉදිරි වසර කීපය තුල සම්පූර්ණ කරනවා. රටේ විශ්ව විද්‍යාල උසස් මට්ටමකින් පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු පහසුකම් රජය මඟින් ලබාදී තිබෙනවා. එවැනි පසුබිමක් තුල රටේ අනාගතය බාර ගන්නට සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසියාකාරව පවත්වා ගැනීමට සියළු දෙනා කැපවිය යුතුයි.

මහා බි‍්‍රතාන්‍ය වැනි දියුණු රටවල නිදහස් අධ්‍යාපනය ගැන ලොකු සංවාදයක් තිබෙනවා. පාලක පක්ෂය නිදහස් අධ්‍යාපනය සඳහා වැඩියෙන් මුදල් අය කරන්න කියනවා. කම්කරු පක්ෂය පවසනවා නිදහස් අධ්‍යාපනයක් ලබා දෙන්න කියලා. නමුත් වත්මන් තත්වය නම් සිසුවෙකුට විශ්ව විද්‍යාල ජීවිතය පවත්වා ගෙන යන්න රජයෙන් ආධාර කරනවා. එක් සිසුවෙකුට බි‍්‍රතාන්‍ය පවුම් 50,000 ක් ලබා දෙනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන්න. එම සිසුන් විශ්වවිද්‍යාලය අධ්‍යාපනය අවසන් කර රැුකියාවක් කර එම සියළු වියදම් නැවත විශ්වවිද්‍යාලයට ගෙවිය යුතුයි. නමුත් අපි ආඩම්බර වෙනවා අපි ඔවුන් තරම් පොහොසත් නොවුනත් අපි අපේ සිසුන්ට නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කිරීම ගැන’

– රජිත සමරසූරිය

5,946 Viewers

10 Comments to “එංගලන්තයේ ශිෂ්‍යයෙකුට උසස් අධයාපන ලබා දෙන මුදල නැවත රජයට අයකර ගන්නවා…”

  1. Dev says:

    ඒ දියුනු රටවලනෙ ඉස්සෙල්ල ඒවගෙ රට දියුනු කරල හිටපන්කො, ඊට පස්සෙ ඉගන ගන්න දෙන සල්ලි ගන්න බලමු, අනික ඒ රට වල සල්ලි ආපහු ගන්නෙ රස්සාවක් කරනකොට එකෙන් පඩියෙන් කපාගන්නව​, ඒකත් අවුරුද්දෙ පඩිය ඩොලර් 50 000 වැඩිනම් විතරයි කපන්නෙ

    • SARA says:

      Why England, compare with Sweden. In sweden not only education is free, students are getting about Rs 80,000 per month, can get a no interest loan in addition.

  2. magiya says:

    Mahapolatath widinna wage hadanne. ane mehema hingana anduwak.

  3. hitan gedara appuhami says:

    එංගලන්තය කියන්නේ කුරුසෙට මුවාවී අනිකුත් රටවල් මංකොල්ලකා පොහොසත් වූ රටක්.ඔවුන් එම මුදල් වියදම් කොට රට දියුණු කළා.දැන් ඔවුන්ට අවශ්‍ය උගතුන්, බුධිමතුන් විදේශ වලින් ගෙන්වා ගැනීමට මුදල් ආයෝජනය කල හැකියි. ශ්‍රී ලංකාව බුදුදහමින් පෝෂණය වූ අවිහිංසාවාදය අගය කරන සාමකාමී දේශයක්. ණයවී කටයුතු කිරීම අපගේ බහුතර සිංහල ජනතාවට නුහුරු දෙයක්. ණයවී ඉගෙන ගැනීමට සිදුවුවහොත් අපගේ අහිංසක දුප්පත් දරුවන් අධ්‍යාපනයෙන් ඉවත් වෙනවා. එවිට රටට අවශ්‍ය උගතුන් බිහිවන්නේ කෙසේද?. උගතුන් නොමැතිව රටක් දියුණු වන්නේ කෙසේද?. අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය එවැනි නුගතුන්ගෙන් පිරුණු සැමදා දුප්පත් රටක් ලෙස ලංකාව තිබෙනවා දැකීමයි. එනිසා තමයි ඔවුන් ලංකාවේ තිබෙන නොමිලේ අධ්‍යාපනය විනාශ වෙනවා දකින්නට කැමති. එවිට ඔවුන්ට අවශ්‍ය පරිදි සැමදා අපව නැටවිය හැකිවෙනවා. මේ රටේ ඉන්න කලුසුද්දනටත් අවශ්‍ය එය සිදු වීමයි. එවිට උන්ට සැමදා බලයේ සිටිය හැකිවේවි. පෞද්ගලික අධ්‍යාපනයට කඩේ යන උඩගෙඩි දෙන මේ සැමට දැන හෝ නොදැන උවමනා එම දෙයයි.
    නොමිලේ අධ්‍යාපනය යනු රට වෙනුවෙන් කරන හා කළහැකි ඉහලම සහ හොදම ආයෝජනයයි. එය වෙනත් කිසිදු ආයෝජනයකට සමකල නොහැකියි.

  4. SuMa says:

    විපක්ෂෙ ඉන්නකොට අධ්‍යාපනයට 6% ක් වෙන් කරන්න උද්ගෝෂණය කරපු අය බලයට ආවහම දැනට දෙන ප්‍රමාණයත් වැඩි කියන්න එනගලන්තෙනුත් උදාහරණ හොයනවා. අපේ මල්ලිලාත් මේ කටවල් වලට හැමදාමත් රැවටෙනවා. පුද්ගලයෝ කව්ද කියලා තේරුම් ගන්න උත්සහ කරන්නේ නෑ.

  5. Mahesh says:

    Kany highway innawa neda!

  6. Douglas says:

    Rich and Poor gap keeps on increasing in UK and their education is mostly private and for rich western countries it is opposite and education is run by state and it is of very high standard and free and Scandinavian countries state takes care of cost of education. We should follow Western European good systems and out dated British systems only design for privilege and in the U.K. 14 million people below poverty level and

  7. sira says:

    ඒ උනාට එංගලන්තෙ ඕන ගොනෙකුට ඕන දෙයක් කියන්න දෙන්නෙ නැහැනෙ.

  8. Kings says:

    ඒ වුනාට මේ ගොනා දන්නෙ නැහැ එංගලන්තෙ දියුනු වුනෙ අපේ වගේ රටවල් කොල්ල කාල කියල. බොරු කයිවාරු නැතුව ඉස්සෙල්ල රට දියුනු කරල හිටපල්ල. කැන්ඩි හයිවේ හදනව කියල දැන් අවුරුදු දෙකහමාරයි. තවම එක කිලෝමීටරයක් හැදුවද? මහින්ද ලොක්කා හිටියනන් හදලත් ඉවරයි. මේ ගොන්නු හැමදාම පිටරටවල් ගැන විතරක් කතා කරනව. තවම එක මහා පරිමාන ඉන්වෙස්ටර් කෙනෙක්වත් ආවද?

Main News