එකම නායකයා මහින්ද පමණයි.. වෙන කිසිවෙකු එපා.. ගෝටා වේදිකාවේ තබාගෙන වෙල්ගම කියයි..

September 20, 2018 at 2:10 pm | lanka C news
එකම නායකයා මහින්ද පමණයි.. වෙන කිසිවෙකු එපා.. ගෝටා වේදිකාවේ තබාගෙන වෙල්ගම කියයි..

තම එකම නායකයා වන්නේත් තමන් නායකයා ලෙස පිළිගන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

ඉදිරියේදීද මේ රටේ පාලනය භාර ගත යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා පමණක් බවත් ඒ මහතා සඳහන් කරයි.

ඔහු මෙසේ සඳහන් කළේ නිදහස් කලා සන්ධාන මහ සමුළුව අමතමිනි.

මෙම සමුළුව පැවැත් වුණේ පානදුර උතුරු තලපත්පිටියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

මන්ත්‍රී කුමාර වෙල්ගම මෙම අදහස් පළ කරද්දී ඔවුන් දෙදෙනාම ප‍්‍රධාන ආරාධිත අසුන්වල සිටීමද විශේෂත්වයකි.

මෙම සමුළුව ඉතා විශාල කලාකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති අතර සමුළුව අවසානයේ රාත්‍රි භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි.

25,253 Viewers

38 Comments to “එකම නායකයා මහින්ද පමණයි.. වෙන කිසිවෙකු එපා.. ගෝටා වේදිකාවේ තබාගෙන වෙල්ගම කියයි..”

  1. Dh says:

    If this news is really true… This Guy Has Guts !! He is suitable for next Presidency !

    • Anil Kannangara says:

      Kumara Welgama is a Womanizer. He should be kick out from the Party.
      He is a joker, telling different stories to destroy unity of Pohottuwa party.
      He hails from Owitigala in the Kalutara district, Pasdun Korale where people throw the poles to Moon.

    • Hdh says:

      හු හු!!! අනේ පලයන් සොකඩය යන්න!

  2. Nim says:

    KAWADATH SANWEEDE KALA KARU WANE, OBA HAMADAMA NIWARADE
    THANA SITA GANNA BAWA API DANIMU.
    WEL GAMATA WAHILA THIBENA
    RO GAYATA THAWAMA POHOTTUWA TA BEHETH NATHI WEEMA GANA
    DUKAI.

  3. mali says:

    Mahinda can be twisted the way they wanted ,that is why these corrupted fellows always wanted him.mahinda did not take action for misbehaviour of sagin vas maervin etc.so people got fed up with him and voted for this yamapalanaya and ultimately country and the sinhalese suffering.This fellow should keep his mouth shut without confusing normal less educated voters.

  4. Kalan says:

    Uta waasi labenne Mahindagen witharayi wage…

  5. Rathgama MC says:

    ඇත්ත කියන්න බය වෙන්න ඕන නැහැ නේ,මොකෝ මම කාගෙන්වත් යැපෙන මිනිහෙක්ද?නෑ නේද? කියමින් කාහට තිත්ත උනත්, පැත්ත ගියත් ඇත්ත කියන,යටිකුට්ටු වැඩ නැති,කෙලින් කතා කරන,කියන දෙය මුහුනුටම කියන,මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයේ ඉන්නතුරු එතුමා පමණක් නායකයා ලෙස සලකන,වෙන රාජපක්ෂලා සමග රහසින් වැඩ නැති,මැරෙනකන්ම මම මහින්ද මහත්තය සමග යයි කියන,කළුගන්තොට සිංහයා හෙවත් කුමාර වෙල්ගම මැතිතුමාගේ කතාව 200% ක්ම නිවැරදියි.මෙහෙම කොන්ද පන තියෙන නායකයොත් එක්ක පමණයි මහින්ද මහත්තයට වැරදි හදාගත් මහින්ද යුගයක් 2020 දී යලි ඇතිකළ හැක්කේ.මෙතෙක් බිහි වුන සෑම ජනාධිපතිවරයෙක්ම, වසර බොහෝ ගණනක් මන්ත්‍රීවරයෙක්ව සිට තවත් වසර ගණනාවක් කැබිනට් ඇමති තනතුරක් දරල, මනා අත්දැකීම් සහ පළපුරුද්ද ලබල තමයි ජනාධිපති අපේක්ෂකත්වය ලබල ජනාධිපතිවරණය ජය ගෙන ජනාධිපති උනේ.ග්‍රාම සේවක මහත්තයෙකු ලෙස රාජ්‍ය සේවයට ඇවිත් වසර බොහෝ ගණනක් මන්ත්‍රීවරයෙක් සහ කැබිනට් ඇමතිවරයෙක් සහ ශ්‍රීලනිපයේ ලේකම් වෙලා ඉඳල තමයි සිරිසේන මහත්තයත් ජනාධිපති උනේ.ඕනෑම රැකියාවකට ඊට යන්තම් හරි අදාළ වූ ක්‍ෂේත්‍රයක පළපුරුද්ද හොයනවම නේ,ඉතින් ඒ අනුව තමයි කුමාර වෙල්ගම මහතා කියන්නේ ජනාධිපති අපේක්ෂකයා වන අය අඩු තරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුවත් වෙන්න ඕන කියල.ඒකෙන් ඉතින් අදහස් වන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වුන කෙනෙකුට ජනාධිපති අපේක්ෂකයා විය හැකි කියන එක නම් නොවෙයි,ප්‍රාදේශීය සභාවකවත් මන්ත්‍රී නොවෙච්ච කෙනෙක් මොනම තත්වයක් යටතේවත් ජනාධිපති අපේක්ෂකයා කල නොහැකි බවයි.කොන්ද කෙලින් තියන් කෙලින් කතාකරන හැම වෙලාවකම නිවැරදි පැත්තේම හිටගන්න කුමාර වෙල්ගම මැතිතුමාට අපේ ප්‍රණාමය.

    • යකා says:

      නිකං මෝඩ කතා කියන්නේ නැතුව හිටපන් බූරුවො

    • Gxh says:

      වේල්ගම අපිට වාතයක් පමණි.. ගෝඨා කළ දෙයින් මයිල් ගහක්වත් මූට කරන්න පුළුවන්ද??????????

    • Boo says:

      සිරිසේන ගොයියත් ඔන්න ඔය වගේම තමයි මහින්දට ” මහා රජාණෙනි” කියා කියා මුරුංගා අත්තේ තියලා අන්තිම මොහොතේ පිටිපස්සට ඇන්නේ.

      සිරිසේනට සහ රනිල්ට දැන් යන එන මං නැති නිසා දැන් ඒ පාර මෙයාව පුහුණු කරගෙන යනවා සී අයි ඒ සහ රෝ ඔත්තු සේවා වලින් මහින්දගේ ළඟටම වෙලා ඉඳගෙන මහින්දගේ පාක්ෂිකයින්ගේ හිත හොඳින් දිනාගෙන, අන්තිම මොහොතේ ඒ චන්ද ටික කඩාගෙන මහින්දට විරුද්ධව ඊළඟ පොදු අපේක්ෂකයා වෙන්න.

      කවුරු කවුරුත් ප්‍රවේශමෙන් ! 2015 දී කරුවලේ වැටුණු වලේ ඊළඟ පාර මහා දවල්ම නොවැටෙන්න වග බලාගන්නවානං හොඳා.

  6. Sam Fernando says:

    This man is a UNP mole. He is trying to create a rift in the party. The party member who can score the maximum vote count is non other than Gotabaya.
    95 percent party members are asking for GOTA.
    Mahindra can then become the executive prime minister. Why don’t Vasu and Welgama understand this simple truth ?
    Both of these people are rejected by common voters.

    • Rathgama MC says:

      According to Sam After winning the presidential election with Gota, Mahinda can become become the executive prime minister.So what is the problem if Mahinda and JO decided candidate other than Gota for presidential election.Other thing is no any party will decide their candidate according to the party members wish.Normally working committee of the party will decide the candidate and they will consider mainly a senior minister and that is what always Welgama saying.Any how this problem has to be solved by not by the party members and only by MR and JO

  7. Nimal Perera says:

    So what? MR is the leader of KW & JO but this is the matter of next presidential candidate which MR is not eligible . MR can run the country like Putin did when he was the PM of Russia.

  8. Janathawa says:

    You can express your wish. But there seems to be a huge difference like upper atmosphere and earth between your wish and Nation’s wish.You will either have to surrender to it and help him or can help to a losing candidate.

  9. sunimal says:

    ජනාදිපති මහින්ද අගමැති දිනේස් ආරක්ෂක ගොටාබය “ඇවරයි…දැවරයි…තුන් ඇවරයි.

  10. Rasika says:

    I think this bugger is dreaming, he is suitable than GOTA………..for the presidential post…..And he can win

  11. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Mahinda rajapakse ugannapuwa kumara welgama kiyanawa. G

  12. Alfi says:

    Will see on later, who is the presedint candidate ? now keep quiet everybody.

  13. ranjith says:

    welgama pissan kotuwata yawanna !! amu pissek !!

  14. Alfi says:

    Hon.Mahinda Rajapaksha leader of the party. Gotabaya Rajapaksha ruler of the country near future.

  15. Rathgama MC says:

    2015 ට පෙර තිබුන මහින්ද යුගය මේ පාදඩ පරගැති යුගයට වඩා හොඳ බවට තර්කයක් නැත.නමුත් අද පොහොට්ටුව වටා මේ වන විට එක රොක් වී තිබෙන ජන ගඟට මෙන්ම තව දුරටත් එක වෙමින් ඉන්න ජනතාවට අවශ්‍ය වන්නේ වැරදි හදාගත් මහින්ද යුගයක් හරහා රට රැකගැනීමටත් රට ගොඩ දා ගැනීමටත්ය.තර්කයක් නැහැ කුමාර වෙල්ගම මැතිතුමා මෙන්ම අතිබහුතරයක් පිලිගන්නවා ( අතලොස්සක් හැර ) මෙය කල හැකි එකම නායකයා මහින්ද රාජපක්ෂ බවත් 2020 පොහොට්ටුවේ ජයග්‍රහණයෙන් පසු මේ රටේ පාලනය භාරගත යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා විසින්ම බව.සමහරු කියනවා 95% ක්ම පොහොට්ටුවේ ජනතාව ඉල්ලන්නේ 2020 අපේක්ෂකයා ලෙස ගෝටාභය මහත්තයම කියල.මා නම් එය පිළිගන්නේ නැහැ,කවුරුවත් ඒ ගැන සමීක්ෂණයක් කරලත් නැහැ.මෙය සමහර විට අර ජවිපයටයි එජාපයටයි හැදිච්ච ගෝටා-බය වගේ ගෝටා- උමතුවක් විය හැකියි.කරුණාකර මදක් විමසිල්ලට ලක් කරන්න අනෙකුත් පක්ෂ තම අපේක්ෂකයා තීරණය කරන ආකාරය ගැන.ඇත්තටම කිසිම පක්ෂයක් එම පක්ෂයේ පාක්ෂික ජනතාවගේ ඉල්ලීමට අනුව අපේක්ෂකයා තියා ආසන සන්විධායකවත් නම් කරන්නේ නැත.එය පක්ෂ නායකයා සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෝ මධ්‍යම කාරක සභාව ගන්නා තීරණයට අනුව සිඳු කෙරේ.ඉතින් ඇයි? මේ සරල සිද්ධාන්තය ගෝටාභයම ඉල්ලන උමතුවෙන් පෙලෙන පොහොට්ටුවේ අතලොස්සකට නොවැටහෙන්නේ.එමනිසා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා මහින්ද මහත්තය නොවුන හොත් ඉදිරිපත් කරන අපේක්ෂකයා බැසිල්,ජි . එල්. සහ එකාබද්ධයේ 51 දෙනාගේ එකඟතාවය මත මහින්ද මහතා විසින් නම් කරනු ඇත.සාමාන්යෙන් මෙතෙක් බිහි වූ සියලු ජනාධිපතිවරු ජනාධිපති අපේක්ෂකයා වීමට පෙර බොහෝ වසර ගණනක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසත්,කැබිනට් ඇමතිවරයෙක් ලෙසත් පක්ෂයේ විවිධ තනතුරුත් හොබවමින් පාර්ලිමේන්තුව තුලත් සභා නායක,විපක්ෂ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වැනි තනතුරුද හොබවා පැමිණි ජ්‍යෙෂ්ට දේශපාලඥයින් මිස රජයේ උසස් නිලතල දැරුව නිලධාරියෙක් නම් නොවේ.ජ්‍යෙෂ්ට දේශපාලඥයා සහ රජයේ උසස් නිලධාරියා අතර බොහෝ පරතරයක් තිබේ.රජයේ උසස් නිලධාරියෙකුට කනිෂ්ට දේශපාලඥයෙක් විය හැක එහෙත් ජ්‍යෙෂ්ට දේශපාලඥයෙක් විය නොහැක.මිට පටහැනිව ගියහොත් එය අසාර්ථක විය හැක.ජ්‍යෙෂ්ට දේශපාලඥය පවා එක තනතුරකදී සාර්ථක වුන පලියට ඊට වඩා ඉහල තනතුරකදීද සාර්ථක වේ යයි කිව නොහැක.මිට හොඳම උදාහරණය අගමැති ලෙස ඉතා සාර්ථකත්වයක් ජනප්‍රියත්වයක් පෙන්වූ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කොළඹ මහා නගර සභාවෙන් දේශපාලනය අරඹා පියවරෙන් පියවර පැමිණ හොඳට තෙම්පරාදු වූ ප්‍රතාපවත් චරිතයක් වුවත් ජනාධිපති තනතුරේදී ඉතාම අසාර්ථක විය,පක්ෂයද විනාශ කරමින් එතුමාගේ ජිවිතයද විනාශ විය.මේ නිසා පොහොට්ටුවේ 2020 අපේක්ෂකයා මහින්ද මහත්තය නොවේ නම් ජ්‍යෙෂ්ට දේශපාලඥයෙක් විය යුතුයි කුමාර වෙල්ගම මැතිතුමා කියන කතාව අවතක්සේරු කොට සැලකිය යුතු නැත.

    • Fyhg says:

      අම්මෝ ඔයා ගොඩක් මහන්සි මහන්සි වෙලා දිග උත්තරයක් ලියලා!!! වෙල් ගමට ඔයා කොච්චර ආදරෙයි ද??? ඔයා සුපිරි leadership judge කෙනෙක් වගේ.. තමුසෙට තේරුම් නැති උනාට අපිට නම් හොඳටම තේරුණා ගෝඨා වැඩකාරයා බව !!!!!!!!

      • Rathgama MC says:

        වෙල්ගම,මහින්ද,ගෝටාභය …. මේ කවුරුත් මම අඳුරන්නේ නැහැ.මම රට වෙනුවෙන් 2015 පෙබරවාරි සිට මහින්දවාදියෙක් වූ පාරම්පරික එජාප පාක්ෂිකයෙක් ,වෘතියෙන් වරලත් සිවිල් ඉංජිනේරුවෙක් මද පෙරදිග වසර 18 ක් රැකියාව කරපු.ඒ නිසා මට ඔය කාටවත් කරන්න නම් ඕනෑ නැහැ .මම රට වෙනුවෙන් නිහඬව පොහොට්ටුවට වැඩකරනවා, මහින්ද මහත්තය නැවත මේ රටේ රාජ්‍ය නායකයා කරල,රට බෙරාගන්නත්,රට ගොඩ නගන්නත්,වැරදි හදාගත් මහින්ද යුගයක් යලි බිහිකරන්න කුමාර වෙල්ගමල කරගෙන යන සටනට උදවු කරනව.මේ ගමනේදී මා ඉන්නෙත් කුමාර වෙල්ගම ඉන්න මතයේමයි.එච්චරයි මට ඔයාට කියන්න තියෙන්නේ.

      • Rathgama MC says:

        වෙල්ගම,මහින්ද,ගෝටාභය …. මේ කවුරුත් මම අඳුරන්නේ නැහැ.මම රට වෙනුවෙන් 2015 පෙබරවාරි සිට මහින්දවාදියෙක් වූ පාරම්පරික එජාප පාක්ෂිකයෙක් ,වෘතියෙන් වරලත් සිවිල් ඉංජිනේරුවෙක් මැද පෙරදිග වසර 18 ක් රැකියාව කරපු.ඒ නිසා මට ඔය කාටවත් කහින්න නම් ඕනෑ නැහැ .මම රට වෙනුවෙන් නිහඬව පොහොට්ටුවට වැඩකරනවා, මහින්ද මහත්තය නැවත මේ රටේ රාජ්‍ය නායකයා කරල,රට බෙරාගන්නත්,රට ගොඩ නගන්නත්,වැරදි හදාගත් මහින්ද යුගයක් යලි බිහිකරන්න කුමාර වෙල්ගමල කරගෙන යන සටනට උදවු කරනව.මේ ගමනේදී මා ඉන්නෙත් කුමාර වෙල්ගම ඉන්න මතයේමයි.කුමාර වෙල්ගමලට ඕන වැරදි හදාගත් මහින්ද යුගයක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන්ම ඇතිකිරීමටයි.මහින්ද මහත්තයට ඉල්ලන්න බැරි නම් 2020 අපේක්ෂකයා ගෝටාභයද, කුමාර වෙල්ගමද, දිනේෂ්ද කියන එක මට අදාලම නැහැ.මහින්ද මහත්තය විසින්,බැසිල්,ජි.එල්. සහ එකාබද්ධයේ 51 දෙනාගේම එකඟතාවයෙන් ඉදිරිපත් වෙන ඕනෑම අපේක්ෂකයෙකුට මම වගේම මේ රටේ අතිබහුතරයක් ජනතාව චන්දය දෙනවා මහින්ද මහත්තය වෙනුවෙන්,එතුමාගේ ඉල්ලීමට.එච්චරයි මට ඔයාට කියන්න තියෙන්නේ..

    • Boo says:

      ඉතා දීර්ඝ දේශපාලන ඉතිහාසයක් ඇති, අති විශාල දේශපාලන පළපුරුද්දක් ද ඇති, ජ්‍යෙෂ්ඨ දේශපානඥයෙක් වූ සිරිසේන ගොයියා ජනාධිපති ලෙස දක්වන අන්ත අසාර්ථක භාවය දුටු විට ඔබේ තර්කය එක මොහොතින් බිඳ වැටේ.

      • Rathgama MC says:

        ඒක ක වෙලා තියෙන්නේ ජාතික ආණ්ඩුව නිසාත්, පරගැති නඩේකගේ උගුලට සිරිසේන අහුඋන නිසාත්, සිරිසේනට කොන්දක් නැති නිසාත්ය.ඒත් වෙල්ගම එවැනි පරගැති නඩේකට අහු නොවුන නියම ශ්‍රීලංකා කාරයෙකි,කොන්ද පන තියෙන,කියන දෙය මුහුණටම කියන අත්දැකීම් බහුල,වසර 24 ක් නොකඩවා පාර්ලිමේන්තුව නියෝජනය කල පරිනත දේශපාලඥයෙකි.අගමැතිවරුන් 04 දෙනෙක් බිහිකළ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ සිප් සතර හැදෑරුවෙකි,සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුතෙකි,ජන හද හඳුනන ජනතාව අතර ඉන්න ජනතාවාදී,මානව හිතවාදී නායකයෙකි..එනිසා ඔබට සිරිසේන සමග කිසි සේත්ම කුමාර වෙල්ගම සංසන්දනය කල නොහැක.පොහොට්ටුවේ දේශපාලඥයින් අතුරින් කුමාර වෙල්ගම මහතාගේ චරිතය දෙවෙනි වන්නේ මහින්ද මහත්තයාගේ චරිතයටම පමණි.

        • ගීගිරි says:

          කොන්ද පණ තිබුනට විතරක් මදි බං මොළෙත් තියෙන්න ඕනේ

  16. david milibanda says:

    Now is the time to enforce party decipline………… MR can do without Welgama.

  17. wasantha says:

    කුමාර වෙල්ගම නමැති මැස්සා ගොස් ඇති උස

  18. Sirisena Yatawara says:

    Next presidential elections we want candaitures who can work for overall nation interest of People of Sri lanka. We having no time play with politics of people who had been suffer over 70 odd years. I view Gota has such capability for that. I recommend him for next President candaitures. That my view!

  19. Sirisena Yatawara says:

    Dr Kumara Welgama is far from Politician ,he is member of Parliament but not politician or having not political vision of future of People of Sri Lankan. These people produce by SLFP under leadership of SWRD, SRD and her daughter of CBK ? In fact their are lack of that any vision of our nation. They rule and ruin specially 11 years CBK misrule since 1994!

  20. Ananda says:

    Welgama hithan inne porak kiyala. Gotabaya jajapaksha mahatha janathawge nayakaya . Umba wage kuhaka ballekuta honda padamak uganwanawa ilanga mathiwranedi. Ranilgen salli ganna kanu kicha.

  21. walghama says:

    වෙල් ගම වල් ගම ගම කන වෙල් ගම වල් ගම වෙල් ගම

    • Rathgama MC says:

      ඔබට වැරදීමක් වී ඇත,වල්ගම තියෙන්නේ මාතරය,අපි මේ කතාකරන්නේ මාතර වල්ගම කෙනෙක් නොව මතුගම සිංහයා කුමාර වෙල්ගම ගැනය.

  22. Sirisena Yatawara says:

    Fact reveal I am not Member of Parliament. Indeed is good move by Ratgamag?
    While we want to be re-build country, nation and people their aspiration destroy by MS RW of both UNP and CBK of Federal SLFP leaders last 4 years since 2015 January 8th?

    • Somapala says:

      Mr. Yatawara

      The way you write your comments in English shows that you should be from Angoda. You are murdering the queen so many times that her body may be now in pieces.
      Why not you write your nonsense in Sinhala where all of us could understand.
      Mr. Editor let Mr. Yatawara get this advice at least now

Main News