එක්නැලිගොඩගේ වගකීම පා.ච. රණවක භාර ගනී

June 13, 2018 at 3:26 am | lanka C news
එක්නැලිගොඩගේ වගකීම පා.ච. රණවක භාර ගනී

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නායක උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

එක්නැලිගොඩගේ වගකීම පා.ච. රණවක ඇමතිතුමන් භාර ගනී

 

ප්‍රදිප් එක්නැලිගොඩ අතුරුදහන් කළේ රාජපක්ෂවරුන්ය කියලා  ප්‍රකාශ කරන මෙන් අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන්ට විවිධ බලපෑම් එල්ල වන අතරේ ප්‍රදිප් එක්නැලිගොඩ අතුරුදහන් වීමේ වගකීම ගරු පා.ච. රණවක ඇමතිතුමා භාරගැනීම සතුටට කාරණයක්.

මව්බිම පුවත්පත තමන්ට නිශ්චිතව සාක්ෂි තිබෙන නිසා ඉතාම වගකීමෙන් ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කලේ ගරු පා.ච. රණවක ඇමතිතුමන්ය කියන කාරණය තමන්ගේ පුවත්පතේ ප්‍රසිද්ධ කළා.  එවිට ඇමතිතුමා මොකද්ද කලේ?   එසේ මෙසේ ගානක් නෙවෙයි කෝටි සීයක් වන්දි ඉල්ලා මව්බිම පුවත්පතට නඩු දැම්මා. මේ අය හිතන්නට ඇති නඩුව දැක්කහම පුවත්පත බය වෙලා, අනේ සමාවෙන්න, අපි කණගාටුව ප්‍රකාශ කරලා පත්තරේ දමන්නම්  මේක අපි සමථයකට පත්කර ගනිමු යැයි කියයි කියලා. මව්බිම පුවත්පත සතුව සාධාරණ සාක්ෂි තිබුණ නිසා එම පුවත්පත එහෙම කරන්නට ගියේ නෑ. එවිට පා.ච. රණවක ඇමතිතුමන්ගේ නීතිඥයන් මව්බිම පුවත්පතේ නීතීඥයන්ට කතාකරලා   අහනවා අපි මේ නඩුව ගොඩින් බේරා ගමු නේද කියලා. එවිට මව්බිම පුවත්පත එසේ කිරීමට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවත්, නඩුව දිගටම පවත්වාගෙන යා යුතු බවත් පවසනවා. ඒක කිව්වා විතරයි මට අපහාසයක් වුණා යැයි නඩු පවරාපු  ඇමතිතුමන්ම නඩුව ඉල්ලා අස්කරගන්නවා කෝටි සීයටත් පයින් ගහලා.

මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කලේ පා.ච. රණවක ඇමතිතුමන්ය කියලා පුවත්පතේ පළ වීමෙන් තමන්ට අපහාසයක් වෙලා නැතැයි  කියලා එතුමන් පිළිගන්න නිසා තමයි අපහාසයට  වන්දි ඉල්ලා ගොනුකළ නඩුව ඉවත් කරගන්නෙ. අපහාසයක් විය හැක්කේ කෙසේද?  නොකළ වරදකට අල්ලගත්තොත් අන්න අපහාසයක් සිදු වෙනවා. උදාහරණයක් විදියට මහත්මා ගාන්ධි පැහැරගෙන ගියේ පා.ච. රණවක ඇමතිතුමන්ය  කියා  කිසිවෙක් කිව්වොත් අන්න අපහාසයක්. මොකද එතුමන් එහෙම දෙයක් කරලා නැහැ.  නමුත් ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කලේ පා.ච. රණවක ඇමතිතුමන් යැයි කිව්වම ඒකෙන් මට අපහාසයක් වෙන්නේ නැතැයි උසාවියට ගිහින් පා.ච. රණවක  ඇමතිතුමා කියනවා කියන්නේ එක්නැලිගොඩ අතුරුදහන් කලේ මමය කියන එක එතුමන්  පිළි අරගෙන තියෙනවා.

මම හිතන්නේ එක්නැලිගොඩ අතුරුදහන්වීම පිළිබඳව විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන්වත් පා.ච. රණවක  ඇමතිතුමාගෙන් ප්‍රශ්න කළ යුතුයි.  මොකද අපිට මතකයි එතුමාගේ පෞද්ගලික ජීවිතය පිළිබදව ප්‍රදීප් එක්නැලිගොඩ ලංකා ඊ නිව්ස් වලට ඉතා බරපතළ, මගේ වර්ග කිරීමට අනුව නම් ඉතාම විශිෂ්ඨ ගණයේ ලිපියක් ලිව්වා. ඒ ලිපියෙන් පස්සෙයි එක්නැලිගොඩ අතුරුදහන් වෙන්නේ. ඒ ලිපියයි අතුරුදහන් වීමයි අතර කාල පරාසයේ සිදුවූ දේවල් පිළිබඳව අපට යම් අවබෝධයක් තියෙනවා.  ඒ නඩුවේ අපිත් සාක්ෂිකරුවන් වෙන්න බලාපොරොත්තුවෙන් සිටියා. නඩුව ඉවත් කර ගැනීම නිසා අපට ඒ අවස්ථාව අහිමි වුණා. කොහොම නමුත් එතුමා මේ අවස්ථාවේදී මෙම නඩුව ඉවත් කර ගැනීම හරහා, ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගත්තේ පා.ච. රණවකය කියන ප්‍රකාශයෙන් තමන්ට අපහාසයක් නොවෙනවා යැයි පිළිගැනීම නිසා එය කළේ තමන් යැයි පිළි අරගෙන සිටිනවා.  අපි දැන් දෑස් දල්වා බලා ගෙන සිටිනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙවරවත් ඔහුගෙන් ප්‍රශ්න කරාවි කියලා.  මොකද මීට පෙර මේ නම තමයි කියවුනේ.  නමුත් ආණ්ඩු පෙරළියට පස්සේ මේ පැත්තෙන් ඒ පැත්තට  පැන්න නිසා,  චම්පික ජම්පික වුනු නිසා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. තමන්ම වරද පිළි ගත්තට පස්සේ ආයේ සාක්ෂි හොයන්න අවශ්‍යතාවයක් නැහැ. දඬුවම් කිරීම පමණයි තියෙන්නේ. සාක්ෂි ආඥා පනතේ ඉතා පැහැදිලිව කියා තිබෙනවා පිළිගත් දේ ඔප්පු කිරීම අනවශ්‍යයි කියලා.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සමරසිංහ මැතිතුමා දූෂණ විරෝධී හඬ නායකයකු ලෙස මාධ‍ය හමුවක් කැඳවා ගල් අගුරු වංචාවේ මහ මොළකරු පා.ච. රණවක  ඇමතිතුමන් යැයි ප්‍රකාශශයක් කරලා එය මව්බිම පුවත්පතේ පළ වුණා. මේ ප්‍රකාශය නිසා තමන්ගේ කීර්ති නාමයට සිදුවූ හානියට වන්දි වශයෙන් රුපියල් මිලියන පන්සීයක් ඉල්ලා නඩු දැම්මා. මෙන්න දැන් ඒ නඩුවත් ඉවත්කරගෙන.  එතුමා මොකක්ද එහෙම නම් මේ කියන්නේ. ගල් අගුරු වංචාවේ මහ මොළකරු පා.ච. රණවක  ඇමතිතුමන් යැයි කරනා  ප්‍රකාශයෙන් මට අපහාසයක් වෙන්නෙ නෑ. අපහාසයක් නොවන්නේ කෙසේද?  අපහාසයක් නොවන්නේ එය ඇත්තටම කළ කෙනෙකුට පමණමයි. එහෙම නම් එතුමා ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ  වගකීම විතරක් නොවෙයි ගල් අගුරු වංචාවේ මහමොළකරු වීමේ වගකීම ද භාරගෙන තිබෙනවා.

එතුමා වසර ගණනාවක් ගිහිල්ලා හරි ඇත්ත ඇති සැටියෙන් පිළිගැනීම පිළිබඳව අපි සතුටු වෙනවා.

– අරවින්ද අතුකෝරල

24,525 Viewers

2 Comments to “එක්නැලිගොඩගේ වගකීම පා.ච. රණවක භාර ගනී”

  1. sara says:

    ඔව් ඔව් එක්නැලිගොඩ මරල තියෙන්නේ චම්පික. ලසන්ත මරල තියෙන්නේ ෆොන්සේකා. ප්‍රභාකරන්
    මැරුවේ මහින්ද. මාර කතා බන් මේවා.

    • kate says:

      That is the absolute truth bloody idiot Sara. Accept the truth when there are clear evidence.

Main News