එක්නැලිගොඩ වගේ අතුරුදහන් කරනවා නොකියා.. සුකීට වගේ කරන්ට් අල්ලනවා නොකියා.. සංදීප්ට වගේ හප්පා ආබාධිත නොකිරීම ගැන පච රණවකට ස්තුතියි..

December 13, 2018 at 6:28 am | lanka C news
එක්නැලිගොඩ වගේ අතුරුදහන් කරනවා නොකියා.. සුකීට වගේ කරන්ට් අල්ලනවා නොකියා.. සංදීප්ට වගේ හප්පා ආබාධිත නොකිරීම ගැන පච රණවකට ස්තුතියි..

පිිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

අමාත්‍යාංශ ලේකම්වරුන් වැය ශීර්ෂ අනුව මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් දඬුවම් කරන බවට ගරු පාච රණවක මන්ත්‍රිතුමා ඊයේ තර්ජනාත්මකව කතා කළා.  එතුමා දත් කූරු කමින් කතා කරපු විධියට ඕනෑම කෙනෙකුට බියක් ඇති වීම සාධාරණයි.  නමුත් එක්නැලිගොඩ වගේ අතුරුදහන් කරනවා කියන්නේ නැතුව සුකීට වගේ කරන්ට් අල්ලනවා කියන්නේ නැතුව සංදීප්ට වගේ හප්පලා සදාකාලික ආබාධිත කරනවා කියන්නේ නැතුව මාරසිංහට වගේ මැර ප්‍රහාර එල්ල කරනවා කියන්නේ නැතුව පාර්ලිමේන්තුවේ දී දඬුවම් කරනවා කියපු එක ගැන අපි සතුටු වෙනවා.  නමුත් මේ තර්ජනය කරන්නේ කාටද?  ආණ්ඩුවේ ඉහළම නිලධාරින්ට.

මේ තර්ජනයට කිසිම නීතිමය පදනමක් නැති බව අපි පුන පුනා කිව්වා.  අපිට කරුණ කියන්න පුළුවන්.  නමුත් ඒවා තේරුම් ගන්න රණවක මන්ත්‍රිතුමාට මොලයක් දෙන්න විධියක් නෑ.  රටේ දැන ගැනීම පිණිස අපි ඒ කරුණු යලි මතක් කරමු.  අමාත්‍යාංශ ලේකම්වරුන් වියදම් කරන්නේ 2017 අංක 30 දරණ විසර්ජන පනතෙන් ඒ ඒ අමාත්‍යාංශයට මුදල් වෙන් කර දී ඇති නිසා.  ඒ මුදල් අත්හිටුවන්න හෝ කපා හරින්න අවශ්‍ය නම් මේ පනතට සංශෝධනයක් ගේන්න ඕනෑ.  එහෙම මිස යෝජනාවක් සම්මත කරලා වැඩක් නෑ.  දෙවනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තිය අනුව මුදල් සම්බන්ධ යෝජනාවක් ගෙන ආ හැක්කේ ඇමතිවරුන්ට පමණයි.  ඒ ඇමතිවරයාත් යෝජනාවට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තාට පසුවයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේ.  ඒ අය විරුද්ධ පක්ෂයේ වාඩි වෙලා මුදල් සම්බන්ධ යෝජනාවක් ගේන්නේ කොහොමද?  තමන්ගේ නොදන්නා කමට නීතිමය වලංගු භාවයක් නැති යෝජනාවක් සම්මත කරලා නීතිය දන්නා නිලධාරින් ඒ අනුව කටයුතු නොකලාම ඔවුන්ට තර්ජනය කරන එක හරි ද?

මේ ලේකම්වරුන් සාතිශය බහුතරය ආණ්ඩුවේ නිලධාරින්.  පරිපාලන සේවයේ සැලසුම් සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරින් මිස දේශපාලන පත්වීම් නොවේ.  එජාප ආණ්ඩු යටතේත් වැඩ කළ නිලධාරින්. අපේ ආණ්ඩුව එක්කත් කටයුතු කරනවා. අනාගතයේ එන ආණ්ඩු එක්කත් කටයුතු කරනවා. ඔවුන්ට දේශපාලණයක් නැහැ. මේ දේශපාලන බල අරගලයට ස්වාධීන ආණ්ඩුවේ නිලධාරින් සම්බන්ධ කර ගන්න එපා කියලා අපි පාච රණවක මන්ත්‍රිතුමාගෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කරනවා.

– අරවින්ද අතුකෝරල

20,615 Viewers

5 Comments to “එක්නැලිගොඩ වගේ අතුරුදහන් කරනවා නොකියා.. සුකීට වගේ කරන්ට් අල්ලනවා නොකියා.. සංදීප්ට වගේ හප්පා ආබාධිත නොකිරීම ගැන පච රණවකට ස්තුතියි..”

  1. දෙහිවල ෆ්‍රෑන්ක් ලොයිඩ් රයිට් says:

    මෙම පච රණවක වැනි ලුම්පන් පන්තියේ ගුගල් ගහලයන්ට එරෙහිව පාරට බහිමු.

  2. desta says:

    pacha ranawakaya maha loku sihala urumayalu u demala ekka sinhala urume rekkada oka ge pakshaya demala muslim urumaya

  3. Dasa Nayaka says:

    Eknaligoda is living in Dubai
    -Madu Madhawa

  4. Dasa Nayaka says:

    Acording to C news Eknaligoda is living in Dubai
    -Madu Madhawa

  5. පොඩි බයියා says:

    එක්නැලිගොඩ වගේ, තාජුඩීන් වගේ, කීත් නොයාර් වගේ, ඔහොම කියන්න එපා කාට තදවෙයිද දන්නෙ නෑ.

Main News