එජාපයට තනිව ආණ්ඩුවක් හදා ගන්නැයි කියා විරෝධය පා ජනපති කැබිනට් මණ්ඩලයෙන් නැගිට යයි.. ආණ්ඩුව කැළඹේ..

January 16, 2018 at 3:03 pm | lanka C news
එජාපයට තනිව ආණ්ඩුවක් හදා ගන්නැයි කියා විරෝධය පා ජනපති කැබිනට් මණ්ඩලයෙන් නැගිට යයි.. ආණ්ඩුව කැළඹේ..

අද පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ගතස්වීමෙන් නැගිට ගොස් ඇති බව අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ දෙවැනි පෙල මැති ඇමතිවරුන් විසින් දිගින් දිගටම තමනට එරෙහිව ප‍්‍රසිද්ධියේ සිදු කරන විවේචනයනට විරෝධය පල කරමින් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගොස් ඇති බව වාර්තාවන්හි සදහන්ය.

විවේචනය කිරීම නතර නොකරන්නේ නම් තනියෙන් ආණ්ඩුවක් හදාගන්නා ලෙසද ජනාධිපතිවරයා පවසා ඇති බවද ජනාධිපතිවරයාගේ මෙම හදිසි නැගිට යාමෙන් පසු අගමැතිවරයා ජනාධිපතිවරයාගේ නිල කාර්යාල කාමරයට ගොස් ඔහු කැදවාගෙන ආ බවද වාර්තාවන්හි දැක්වෙයි.

එජාපය විසින් ශ‍්‍රිලනිපයත් ශ‍්‍රිලනිපය විසින් එජාපයත් විවේචනය නොකල යුතු යයි එහිදී එකගතාවයකට පැමිණි බවද සදහන්ය.

53,645 Viewers

31 Comments to “එජාපයට තනිව ආණ්ඩුවක් හදා ගන්නැයි කියා විරෝධය පා ජනපති කැබිනට් මණ්ඩලයෙන් නැගිට යයි.. ආණ්ඩුව කැළඹේ..”

  1. ජසයා says:

    ඔයාලා දෙන්නා නිඹුල්ලුනේ? ඇයි ඇනකොටාගන්නේ?

    • kamalasirikuruwita says:

      මෙවාට කියන්නේ ජනතාව අන්දන නාට්‍ය කියලයි. මයිත්‍රී ට ඔච්චරම තද වෙනවනම් හු ඇම් පි යට පහින්ගහල එලියට දමල තමන්ගේ ශ්‍රී ලංකා එකේ කට්ටියත් එක්ක අගමැතියෙක් දාල ආණ්ඩුව හදනවනේ. තමන්ගේ අබිමතය කියල 47 ක් හිටපු එකෙකුට අගමැති කම දුන්න එකේ අගමැතිකම දෙන්න තමන්ගේ සෙට් එකේ කියක් හිටියම් මොකද . ඕවා කොහෙද කරන්නේ. කොන්දක් තිබිල එපායැ.මහින්ද යුද්දේ කරලා දිනලා කොන්දක් තියෙන බව පෙන්නලා තියෙන්නේ. පුළුවන් නම් තමන්ගේ කට්ටියට ආණ්ඩුව අරන්දිල තමන්ට කොන්දක් තියෙන බව පෙන්වන්න. හු ඇම් පි එකේ මෝඩ නරින්ගෙන් මේ තරම් බැනුම් මේ මිනිහ මොකට අහනවද මන් දා.

  2. shantha kurus says:

    acting

  3. Nandasoma says:

    ඒකනෙ, කණාගෙයි කොරාගෙයි ආණ්ඩුවට එකෙක් නැතිව බැහැ….!

    මුන් රටට පේන්න බොරුවට ගහ ගන්නව කියල පෙන්නුවට, රට විනාශ කිරීමේ කාර්යයේදී එකට වැඩ….!!

  4. Upali says:

    මෙම දේවල් සැබෑ ලෙසම සිදුවීම්ද එසේ නැතහොත් ව්‍යාජ රඟපෑමක කොටසක්දැයි තවම සිතනු නොහැක. මන්ගල වැනි කපටි දේශපාලකයින්ට මෙවැනි සිදුවීම් මවන්නට ලෙහෙසිය. ජනපති දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම උගුලට අසුවී ඇති සේ පෙනේ.

  5. නයා.... says:

    පට්ට රඟපෑම් යකෝ
    ඉන්දියන් ටෙලි පරාදයි

    අපේ උනුත් ඉතින් කඳුලු පෙරාගෙන රස විඳිනවා මුන්ගේ නරි නාටක.

  6. BARCARDI says:

    Great Understanding ! MY3 knows RW will come to bring him back.

  7. Sadda says:

    ඔය නාඩගම් වලට අපි නම් රැව්ටෙන්නෙ නැතෝඕඕඕඕඕ.

  8. නිදහස් says:

    මේකනම් රගපෑමක් නෙමෙයි. පළාත් පාලන මැතිවරණයෙන් පස්සෙ මහ මැතිවරණයක් තියන්න කියල එ.ජා.ප. පසුපෙල මන්ත්‍රීන්ගෙන් ජනපතිට බලපෑමක් කරල. එ.ජා.ප. ඇමතිවරු 2ක්, නියෝජ්‍ය ඇමතිවරයෙක් ඇතුළුව මන්ත්‍රීන් 27 දෙනෙක් ලිඛිතව ජනපතිගෙන් කරපු ඉල්ලීමට කොළ එළියක් තමයි මෛත්‍රී දීල තියෙන්නෙ. කීප දෙනෙක් ශ්‍රී.ල.නි.ප. එක් වෙන්නත් බලාගෙන ඉන්නව. මේකයි ඇත්තම කථාව.

  9. රයිගමයයි ගම්පොලයයි says:

    රයිගමයයි ගම්පොලයයි කියන්නේ පරණ කතාවක්. මුන් දෙන්නම අපට තමා ගම්මිරිස් කොළ කවන්නේ.

    • Jonaa'S Brother says:

      මෙහේත් හරි වැස්ස , කොහෝමද ඔය පැත්තේ,
      අයියෝ තද ගිරිස්මේ

  10. බන්ඩා says:

    හවුලෙ මහ බැංකුවට වැඩේ දීපු යහපාලකයො දැන් එකිනෙකාට විරුද්දව ප්‍රසිද්දයේ වහසි බස් දොඩනවා. කුල කියනවා. බැන ගන්නවා. හැබැය් ජනතාවට කෙලවන්න පාර්ලිමේන්තුවෙ එකට එකතු වෙලා අඹරනවා. අාප්පයටත් ලැජ්ජ නැහැ අගමැටිටත් ලැජ්ජ නැහැ.

  11. Asanka says:

    Poor people will belieave these acting once again….

  12. රාහුල මල්ලී says:

    අතයි බුලත් කොලේ ඇමතිවරු වේදිකාවේ නම් කියන්නේ අපේ සතුරා යූ.ඇන්පි යලු… පේනවද කැබිනට් එකේදී… එයා තරහා වෙලා යනවා.. මෙයා බටර් ගාලා එක්කං එනවා.. ඡනතාවනි… මේ ඇත්ත තේරුම් ගෙන රඡයට විරුද්ධව ඉන්නේ කව්ද කියලා තේරුම් ගන්න…

  13. බන්ඩා says:

    රාජිත දත් ගලවල මාලු නැව් අටක් ගත්ත කියල ජනතාව කියන කතා පැත්තක තියමු. වංචාවකට නඩු තීන්දුවකින් මංත්‍රි කම අහිමි වෙච්ච අද පාර්ලිමේන්තුවෙ ඉන්න එතම මංත්‍රි රාජිතය්. ඉතින් තවත් මොන කතාද?

  14. Clement says:

    ගොන් බඩුවත් ඔහොම තමයි. සල්ලි අඩුවෙන් දුන්නම තරහවෙලා යනව. ආයේ අතට කීයක් හරි දුන්නම ආපසු එනවා.

  15. +/- says:

    my3, now your time is over!!!!!!!!!!!!!!

  16. Dushantha says:

    මේක තමයි ගොනාට ඈන්දවීමේ නාට‍යය. මේ රටේ ජනතා බලවේග දෙකෙන් හූ ඈම් පී විරෝධී බලවේගය ආකර්ෂනය කර ගන්ඩ නන්. හූ ඈම් පිය එක්ක වලියක් දාගන්ඩම වෙනවා. චන්දෙ ලන් වෙනකොට තව තව නිව්ස් එයි.

  17. kadiya says:

    රටක පාලකයෝ මේ විදියට විහිළු සපයනකොට ජනතාව හව්හරණක් නැතිවෙනවා. අපේ දරුවන්ට අනාගතයක් නැතිවෙනවා. අපරාදේ 2014 වෙනකම් හොඳට ගිය රට. නිර්මාණය කරනලද බොරු චෝදනා දාල මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කඩාවට්ටල මොකක්ද මේ කරණ විකාරය. කරුණාකරලා ජනාධිපතිවරණයක් සහ මහමැතිවරණයක් තියල රට ස්ථාවර කරන්න.

  18. Fernando says:

    Fight between SLFP and UNP to attract opposition vote to SLFP. this is a tactic. They will definitely together till 2020 end

  19. john the baptice says:

    පලාත් පාලන චන්දෙට තවත් වෙළද දැන්වීමක් රනිල් සිරිසේන අබ යහලුවෝ

  20. David Milli-Banda says:

    Acting…………………
    Full serial no fight.

    Janathawa…………….. be careful of these actors……..Get ready to treat them well with your vote.

  21. Yasantha says:

    මුන් දෙගොල්ලන්ටම උන්ට පක්ෂපාති මිනිස්සුන්ගේ ඡන්ද ටිකත් නැතිවෙන සයිස් එකක් තමයි තියෙන්නේ. මිනිස්සුන්ට ඒ තරමටම මුන්ව එපාවෙලා තියෙන්නේ.ඒ නිසා මෝඩ යු.එන්.පී කාරයින්ටයි ශ්‍රී ලංකා කාරයින්ටයි බොරු බලාපොරොත්තු දීලා තවදුරටත් රඳවා ගන්න අපි ඡන්දෙන් පස්සේ තනිකර අපේ ආණ්ඩුවක් හදනවා කියලා නාට්‍ය පෙන්නනවා! හැබැයි ඉතිං ඕවට අහුවෙන ඈයෝ තමයි ලංකාවේ වැඩිපුර ඉන්නේ!

  22. රජින්ද says:

    තරහා වෙන්නෙපා. ගණේමුල්ල නගරයේ ඇතැම් පැතිවල පොහොට්ටුවෙන් දාල තියෙන්නේ අමුම කුඩුකාරයෝ ටිකක්. ඇයි මේ වගේ ගොන් වැඩ කරන්නේ කියල තේරෙන්නේ නැහැ.

    • Boo says:

      නරකද අපිටත් දැනගන්න එක්ක ඒ කුඩු කාරයින්ගේ නම් ටික දැම්මනං ? නැත්තන් ඉතින් ඕකත් අර රත්තරන් අස්සයින්ගේ වගේ නිකම්ම මඩ විතරයි.

      ජාතියක් ලෙස අපි මඩ ගැහීමේ කලාවෙන් ඉවත් වෙනතුරු අපිට කවදාවත් ඔලුව උස්සන්න බැහැ . ඒ නිසා කරුණාකර තමන්ගේ අතෙත් නමෙත් මඩ ගාගන්නේ නැතුව හරියට නම් ගම් ඇතුව ඔප්පු කල හැකි කරුණු කාරනා ඇතුව විවෘතව චෝදනා කරනවනං රෑට කරදරයක් නැතුව නිද්දාගන්න පුළුවන් වෙයි, අවංක මිනිහෙක් වගේ දවල්ට ඔලුව උස්සගෙන කෙලින් බලාගෙන ජීවත් වෙන්නත් පුළුවන්. නැත්තන් ඉතිං අර රාජකීය මඩ කාරයා වන පරාජිත නැවු හොරාගේ තත්වෙට ඔබත් පත් වෙයි.

      • රජින්ද says:

        මඩක් ගහන්න නෙවෙයි සහෝදරයා මෙහෙම කියන්නේ හදාගන්න පුලුවන්ද බලන්නයි. නම්-ගම් එක්ක කියන්න ගියොත් අපිට ගමේ වසන්න වෙන්නෑ. ලාංකීය දේශපාලනේ හැටි එහෙමනේ.! මම දන්නේ නැහැ අනික් පළාත්වලත් මේකමද තත්වේ කියලා. ඒත් පොහොට්ටුවට ජන්දය දෙන්න සුදානමින් ඉන්න අය දෙගිඩියාවෙන් ඉන්නේ ඒ කුඩ්ඩන්ට ජන්දය දෙනවද නැත්නම් කටු ගානවද කියල හිතමින්. 100%ක් විශ්වාසෙන් මෙහෙම කියන්නේ.

        • perera says:

          බෝ” හරි.නම් ගම් සමග දාන්න බෑරිනම්,බය නම් රජින්ද කටපියාගෙන ඉන්න.නිකම් කකුලෙන් අදින්න එප්පා.තුන් අවුරුදු ශාපය ඉවරවීගෙන යන කාලයේ විකල්ප බලවේග වලට පහර ගහන්න එපා.මම රටට ජාතියට ආදරය කරන මිනිසෙක් හෑටියට මෙය ලියන්නෙ.

  23. nimal says:

    owata kiyanney pada show. arrpa sha ranil pada show than thira gatha veay. after the election arrpa sha ranil gey gu ganada balanna mahajanathwata ciduveyve.

Main News