එජාපෙ ඔටුන්න හිමි කුමරා විමුක්ති කුමාරතුංග..? චන්ද්‍රිකා, මලික්, මංගල, දුමින්ද හවුලේ කූට සැලසුම් එළියට.. සජිත්, රවී, නවීන් විසි වෙයි.. එජාප පසු පෙළ අවි ඔසවයි..

January 9, 2019 at 9:20 am | lanka C news
එජාපෙ ඔටුන්න හිමි කුමරා විමුක්ති කුමාරතුංග..? චන්ද්‍රිකා, මලික්, මංගල, දුමින්ද හවුලේ කූට සැලසුම් එළියට.. සජිත්, රවී, නවීන් විසි වෙයි.. එජාප පසු පෙළ අවි ඔසවයි..

මෙම පුවත උපුටා ගන්නා ලද්දේ lankanewsweek වෙබ් අඩවියෙන් වන අතර අන්තර්ගතයේ සියළු වගකීම ඔවුන් සතුය. එම වෙබ් අඩවිය එජාපයේ ඉහල තනතුරක්ද දරන මුදල් ඇමති ධුරය බලාපොරොත්තුවෙන් සිට එය නොලැබී ගිය ඇමතිවරයෙක් විසින් මෙහෙයවන්නක් යයිද වාර්තා වෙයි.

——-

හිටපු ජනාධිපතිනි චන්ද්‍රික කුමාරතුංග මහත්මියගේ දේශපාලන යටි අරමුණ සහ න්‍යාය පත්‍රය වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය ඇල්ලීම නොව එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණේ බලය ඇල්ලීම යැයි එම පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරු  හෙළි කර සිටියහ.

එක්සත් ජාතික පෙරමුණේ බලය අල්ලා ඇය කිරීමට යන්නේ එම පෙරමුණ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල මැතිවරණ කොට්ඨාශයෙන් සිය පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලන කරළියට ගෙන ඒම යැයි පෙන්වා දුන් එම පසු පෙළ මන්ත්‍රීවරු ඇයගේ මේ දේශපාලන කූට උපක්‍රමය,සෙල්ලම සහ කුමන්ත්‍රණය පරාජය නොකළහොත් එක්සත් ජාතික පක්ෂයත්,එහි අනාගත නායකයින් වන සජිත් ප්‍රේමදාස,නවීන් දිසානානයක සහ රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු සියලු දෙනා සම්පූර්ණයෙන්ම විනාශ වනු ඇතැයි ද අනතුරු ඇඟ වූහ.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ කුමන්ත්‍රණය දියත් කරන්නේ මලික් සමරවික්‍රම,මංගල සමරවීර සහ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් සමග එක්ව බවට ද එම මන්ත්‍රීවරු චෝදනා කර සිටිති.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු හෙළිදරව් කරමින් එක්සත් ජාතික පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරු මෙසේ ද පැවසූහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් එක්ක හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමාට අවශ්‍ය පරිදි මෙහෙයවීමට හෝ එම පක්ෂයේ බලය අල්ලා ගෙන ඇයගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලන කරළියට ගෙන එන්න නොහැකි වුණා.

සිය දේශපාලන අරමුණ ඉටු කර ගැනීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පෙරමුණ දෙසට හැරුණේ මේ පසුබිම යටතේයි.චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හෝ මංගල සමරවීර මහතාට හෝ දුමින්ද දිසානායක මහතා ප්‍රධාන කණ්ඩායමට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි යන්න හැකියාවක් නොමැති අතර මේ අයව එම පක්ෂයෙන් ගන්නේත් නැහැ.ඒ අනුව මේ කණ්ඩායමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ක දේශපාලන අනාගතයක් ඇත්තේ නැහැ.

මේ පසු බිම යටතේ චන්ද්‍රික කුමාරතුංග මහත්මිය දුමින්ද දිසානායක ඇතුළු දහයත් පහළොවත් අතර පිරිසක් එක්ක එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධවීමට උත්සහ දරන්නේ අපේ පක්ෂයට හෝ අපට තිබෙන ආදරයකට නොව ඒ අයට යන්න එන්න තැනක් නොමැති නිසයි.

මේ අය උත්සහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු බාහිර බලවේග නියෝජනය කරන බහුතරයක් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට රිංගවා ඒ අයට කැබිනට් ඇමති ධූර,සංවිධායක ධූර සහ එම පෙරමුණේ තනතුරු ඇතුළු සියල්ල ලබා ගෙන ඒ අයගේ බලය තහවුරු කර ගනිමින් ඒ අයගේ න්‍යාය පත්‍රයට අනුව අපේ පක්ෂය මෙහෙය වීමටයි. ජාතික හෙළ උරුමයේ මහා ලේකම් පාඨලී චම්පික කියන්නෙත් මේ අය වගේම යන්න එන්න තැනක් නොමැති පුද්ගලයෙකු බව කිව යුතුයි.

මේ කණ්ඩායමේ සැඟ වුණු දේශපාලන න්‍යාය පත්‍රය වී තිබෙන්නේ “එකසත් ජාතික පක්ෂය”, “අලියා” ලකුණ සහ “කොළ පාට” කියන අපේ අන්‍යතාවය අපට අහිමි කර “පොදු නාමයක්”, “පොදු ලකුණක්” සහ “පුළුල් සන්ධානයක්” කියන ඊනියා දේශපාලන සටන් පාඨයන්ට මුවා වී ඒ අයට අපුලක් සහ අවුලක් නොමැතිව ලගින්න පුළුවන් ස්ථානයක,එසේත් නොමැති නම් අම්බලමක් නොඑසේ නම් වේදිකාවක් බවට එක්සත් ජාතික පෙරමුණ පත් කර ගැනීමයි.

ඒ අනුව මේ ක්‍රියාදාමය සරළව හැඳින්වීමට අපට සිදු වන්නේ නකුට මගින් බල්ලා වැනීම හෝ කපුටාගේ කුඩුවේ කොහා බිත්තර දැමීම ලෙසයි.

පාඨලී චම්පික රණවකගේ,දොස්තර රාජිත සේනාරත්නගේ,මංගල සමරවීරගේ,ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ,චන්ද්‍රික කුමාරතුංගගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ඉල්ලා ජය ගත නොහැකි දුමින්ද දිසානායක ප්‍රධාන කණ්ඩායමේ පුද්ගලික දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අප අපේ පක්ෂයේ නම,ලකුණ සහ පාට පවා දිය යුතු ද..?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලන වශයෙන් හතර ගාතයෙන් වැටී සිටින මොහොතක එක්සත් ජාතික පක්ෂය ලෙස අපට සියලු දෙනා අපේ සෙවන යටතේ එකට ඒකරාශී කර ගෙන අපේ අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් නැගී සිටීමට නොහැකි නම් එහි ප්‍රශ්නය තිබෙන්නේ පක්ෂයේ හෝ පාක්ෂිකයාගේ නොව නායකයාගෙයි.

මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙය වමින් සිටින්නේ චන්ද්‍රිකා කුමාරතුංග,මංගල සමරවීර සහ මලික් සමරවික්‍රමයි.මලික් සමරවික්‍රම කියන්නේ වාසි අතට හෝයියා කියන,අසූචි ගොඩේ තිබෙන සතයත් දිවෙන් ගන්නා ජාතියේ පිරිහුණු සහ එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම විනාශ කළ පුද්ගලයෙකු වන අතර ඔහු දන්නා දේශපාලනයක් ඇත්තේ නැහැ.

මේ අනුව එක්සත් ජාතික පක්ෂයත්,නායකයාත්,පක්ෂයේ ලකුණත් රැක ගෙන අපේ දේශපාලන අනන්‍යතාවය,පදනම සහ පසු බිම ආරක්ෂා කර ගනිමින් විජයග්‍රහණය කරා යාම සඳහා සියලු පාක්ෂිකයින් පෙරට ආ යුතුයි.

මේ චන්ද්‍රිකා කුමාරතුංගලා,මංගල සමරවීරලා,දොස්තර රාජිත සේනාරත්නලා,පාඨලී චම්පිකලා,ජයම්පති වික්‍රමරත්නලා ඇතුළු කණඩායම් එදා කිව්ව දේ අසා මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු ලකුණකින් සහ පොදු නමකින් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණය ඉදරිපත් කරමින් අපේ දර දිය ඇද ඔහු ජනාධිපති පුටුවේ හිඳුවා ගිනි පෙළෙල්ලෙන් බැට කෑ අප මේ කණ්ඩායමේ අවශ්‍යතා ඉටු කිරීමට ගොස් කණාමැදිරි එළියෙන් බැට කෑමට බිය විය යුතු නැද්ද..?නොඑසේ නම් පක්ෂයක් ලෙස අප රෑ වැටුණු වලේ යළි දවල් වැටිය යුතුද..?

මාදුළුවාවේ සෝභිත නා හිමියන් පෙන්වා දුන් පරිදි එදා පොදු අපේක්ෂකකම කරු ජයසූරිය මහතාට දී එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ බලය බෙදා හදා ගැනීමට අපේ නායකයින් නිහතමානී වුණා නම් පක්ෂයක් ලෙස අපට අද මේ දේශපාලන ඉරණම අත් වෙනවාද..? එසේ නම් අප තව දුරත්  අපේ පක්ෂය,පාක්ෂිකයා සහ අපේ අනන්‍යතාවය ගැන හැගීමක් නොමැති බාහිර බලවේගවලට අවශ්‍ය ලෙස ක්‍රියා කළ යුතුද..?එක්සත් ජාතික පක්ෂය මෙහෙය වනවා වගේ මේ අයට අනෙකුත් දේශපාලන පක්ෂ මෙහෙය විය හැකිද..?

අනෙකුත් දේශපාලන පක්ෂ මෙහෙයවීමට සහ එම පක්ෂ අභ්‍යන්තරයේ කුමන්ත්‍රණ කිරීමට එම පක්ෂවල නායකයින් බාහිර බලවේගවලට ඉඩ නොදෙනවා නම් අප පක්ෂයක් ලෙස ඊට ඉඩ දෙන්නේ ඇයි..?

– lankanewsweek

 

71,146 Viewers

30 Comments to “එජාපෙ ඔටුන්න හිමි කුමරා විමුක්ති කුමාරතුංග..? චන්ද්‍රිකා, මලික්, මංගල, දුමින්ද හවුලේ කූට සැලසුම් එළියට.. සජිත්, රවී, නවීන් විසි වෙයි.. එජාප පසු පෙළ අවි ඔසවයි..”

  1. Madushanka says:

    Lassana story ekak. Meeta wada lassanata meka liyanna thibba podi thathwika gathiyak dala

    • කාදිනල් ගොනා says:

      සජියටයි රවියටයි වඩානම් මූ හොඳා.

      • "රඟපාන සිනමාව" says:

        පුතු පෙනුම නලුකමට දක්‍ෂබව හැඟුනේය
        පිය අඩිපාරෙ පුතු යැවුම මතුවට වටිනේය
        කතිර ඕනිනැ ඕනි අත්පොලසන්‍ ලෝලින්ය
        දෙමු කුමරුතුංග පුතුට රඟපාන සිනමාවය

      • Gamarala says:

        Understand the truth, do not talk like mother fucker. Y write as cardinal gona. Its not good to insult cardinal. Go home and ask ur mom who is the farther. Its better

    • මල්ලිකා says:

      අනේ සාදු ලොකු දෙයක්. බල්ලන්ට බලු දොස්තරෙක් විතරයි අඩුවට හිටියේ. දැන් ඒකත් හරි😂

  2. හැකහැක says:

    මෙවර ජනාධිපතිවරණය ද්විත්ව පුරවැසි ඩයස්පෝරාකාරයන්ගේ සටනක් වෙන්නද යන්නේ ?

  3. Weerappuli says:

    සජිත් ඔයාට වලව්වලින් තමා හැමදාම කරදර නේද ?

  4. Hesh says:

    ටොයියොන්ට, ජෙප්පොන්ට රනිල්ගෙන් පස්සේ ගැලපෙන නායකයා විමුක්ති තමයි. සජිත් කොච්චර ට්‍රයි කරත් ඔරිගිනල් ටොයියෙක් වෙන්න බෑ.

    • john the baptice says:

      ලංකාවේ ඉපදීමත් ලැජ්ජාවක් කියූ කළු සුද්දා අපේ රටේ දේශපාලනයට ..අපෝ එපා …ඔය වගේ දේශද්‍රෝහියන් LTTE ත්‍රස්තවාදී අරක්ශාකල නරුමයෝ අපේ රටට එපා ගැහෙ කටු උල් කරන්න ඕනෙද ? අම්මාගේ විස්කි අඩියට දැන් පුතාව පෙන්වා අපේ රට බිලි දෙන්න හදනවා

    • Nagasinha says:

      සජිත් හාමු කෙනෙක් නොවන නිසා ටෝයියෝ කැමති නෑ.
      හාමු කෙනෙක්ට කඩේ යනවා තරම් ආතල් එකක් නෑ සජිත්ට කඩේ යනකොට.

  5. Amda says:

    කොන්ද පණ නැති පෙන්දන්ට,
    රට ගැන හැඟීමක් නැති සිංහල බෞද්ධයාට වෛර කරන උන්ට,
    පොලවේ පය ගහලා නැති කොලඹ 7 කලු සුද්දන්ට……

    විශේශයෙන් දෙමල ඩයස්පෝරාවේ ඩොලර් වලින් සාදන ලද වීඩියෝ ක්ලිප් බැලීමෙන් අනතුරුව සින්හලයෙක් වීම ගැන ලැජ්ජා වෙනවා යැයි කියන්න පුලුවන් මැට්ටෙකුට…….

    රට ඉදිරියට ගෙන යාම කෙසේ වෙතත්
    රට පාලනය කල නොහැකි බව
    උන්ව පත්කල සෑම අවස්ථාවකදිම
    ඔප්පු කර පෙන්වා අවසන් !!!

    • sky says:

      චෞර රැජිනගේ දැන් අලුත්ම කාල බෝම්බය විමුක්තිද ? UNP කබලෙන් ලිපට වැටෙයි …
      විශේශයෙන් දෙමල ඩයස්පෝරාවේ ඩොලර් වලින් සාදන ලද වීඩියෝ ක්ලිප් බැලීමෙන් අනතුරුව සිංහල යෙක් වීම ගැන ලැජ්ජා වෙනවා යැයි කියන්න පුලුවන් මැට්ටෙකුට මොකටද මේ රටේ දේශපාලනය ? කාටද මේ මෝඩයා අවශ්‍ය ය ?

  6. The Lion says:

    මොකා ගෙනාවත් යූඑන්පියට කෙළවෙනවා සිකුරුයි!

  7. හැකහැක says:

    මෙවර ජනාධිපතිවරණය ද්විත්ව පුරවැසි ඩයස්පෝරාකාරයන් අතර සටනක් වෙයි වගේ.
    මෙන්න එක් එක් ඩයස්පෝරා අපේකෂකයාගේ චන්ද පොරොන්දු..
    USA cowboy- සැමට ඇමරිකන් ග්‍රීන් කාඩ්
    UK tommy- පිස්සු බලු රෝග එන්නත සැමට නොමිලේ
    ජපන් බෝනික්කා – පුපුරාගිය ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අවට රැකියා දශලක්ෂයක්

  8. නැවුම් මාවත says:

    පාඨලී චම්පික රණවක කියන්නේ බැංකු හොරෙක්වත් බැංකු හොරුන්ගෙන් ගෙවල් ගත්ත කෙනෙක්වත් නෙවෙයි .යුද්දයට විරුද්ද වුනු පාමංකඩ ගිය කෙනෙකුත් නෙවෙයි .උසනම් සෙකියුරිටි මිටිනම් කම්කරු රස්සා දෙන කෙනෙකුත් නෙවෙයි පැන්ෂන් ගිය පොලිස් කාරයෙක් නෙවෙයි චම්පික කියන්නේ එජාපයට අලුත් මුහුණුවරක් දෙන්න පුළුවන් දේශප්‍රේමී විදියට එජාපය මෙහෙයවන්න පුළුවන් එජාපය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න තරම් බුද්දියක් තිබෙන උගත් කමක් දක්ෂ කමක් තිබෙන කෙනෙක් .එක දුමින්දත් දන්නවා චන්ද්‍රිකා මැතිනියත් දන්නවා වෙන දෙයක් තබා ලංකා e නෙව්ස් වෙබ් අඩවියත් දන්නවා .එදා කුමන්ත්‍රණය කාලේ එජාපය වෙනුවෙන් ඉතාම ශක්තිමත් විදියට කතා කලේ ඔය කියන රවිලවත් ,සුජිවලාත් ,සජිත්ලාවත් හරින්ලාවත් නොවෙයි .පාඨලී තමයි ඉතාම නිවැරදිව එජාපය වෙනුවෙන් කතා කලේ .එජාපයට චම්පික නායකත්වය දෙනවා කියන්නේ එජාපයේ හැමෝම ගොඩ කියන එකයි .චම්පිකට විතරයි දේශප්‍රේමී පිල දිනාගන්න හැකි සැලසුම් තියෙන්නේ .චම්පික බොහොම දිර්ගකාලයක් ඉවසීමෙන් දේශප්‍රේමී පිල දිනාගෙන මේ යන නැවුම් මාවත ආපහු හැරෙන එකක් නෙවෙයි එක දන්නා නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමුන්ගේ දකුණු අත වගේ චම්පිකව ලඟින්ම ඒ අමාරු අවස්ථාවේ තබාගෙන හිටියේ .කවුරු කොහොම හිතුවත් කෙරුවත් චම්පික තමයි මීළඟ එජාප පොදු අගමැති /ජනපති අපේක්ෂකයා .එක නවත්තන්න ඔය සජිත්ලාට ,රවිලාට බෑ.හේතුව බටහිර තානාපතිතුමන්ලා පවා ඔහුව පිළිගෙන තිබෙන නිසයි

    • නිළමේ says:

      මොනතරම් ගුන වැනුවත් ජනතාවට අප්පිරියාවෙච්ච UNPයට නායකත්වය දෙන්න අදහස්කල එක තමා වරද. එික නිසා මෙයා ආවත් සොරිම තමා.

    • අමරබන්දු says:

      ඔව්, ඔව් පාට ලී ට එජාප නායකකම ලැබුනොත් අපි ඔක්කොම ගොඩ!
      අර පැනමා රටේ රහස් බැංකු ගිණුම්වල සඟවා තියෙන ගල් අඟුරු කලු සල්ලි ඔක්කොම නීත්‍යානුකූල කරල
      මෙරටට ගේන්ඩ පුලුවන් වෙයි.

    • Alapaluwa says:

      කොච්චර ගුණ වැරුවත් කියන්න තිබෙන්නේ බොහොම සුලුදෙයයි.ඔය කියාපු ඒවා නොකොට කොහොමද දන්නේ නැනේද පැනමා Account වල ගිණුම් Open කරගෙන ඉන්නේ? අනෙක මොනවා නැතත් මු හොඳ මානසික අසහනකාරයෙක් නිකම් නොවේ විකුර්ථ කමා අශාවල් වලට ගොදුරු වුණු අවලං වල් බල්ලෙක් ඔන්න සත්‍ය.නැවුම් දන්නේ නැතිනම් දැනගන්න.කඩේ ගියාට වැඩක් නැ.හලෝ!!

    • Amda says:

      නෑ නෑ පිස්සුද… අනුන්ගෙ ගෑනු ඉල්ලලා බෑ කිව්වම කරන්ට් වද්දලා පිස්සු වට්ටන, කොල්ලන්ව හප්පලා පැනල යන, තනිකඩ ගෑනු රවට්ටලා දේපල හොරා කන, ජීවිත කතාව ලිව්ව ටැබ්ලොයිඩ් කාරයන් උස්සලා අතුරුදන් කරලා ඒක වෙන අය පිට දාන, ලන්කාවෙ කොමිස් සල්ලි පැනමාවෙ සල්ලි හන්ගන, ජාතිවාදී කලබල කෘතිමව ඇති කරන ….බඩු කෑල්ලක් විතරයි

    • BDSM psychopath says:

      Halal champika has no chance with Muslim votes.. don’t waste your time …go and get th a commentary job from sajith..he will pay you less as he doesn’t have a panama account yet…

  9. as says:

    රනිලා පක්සේ දීලා යන්න යන්නේ උගේම ජාතියේ එකෙක්ට !…..

  10. john the baptice says:

    විමුක්ති කුමාරතුංග මහා බ්‍රිතාන්‍යයේ දි සමලිංගික විවාහයක් (gay marriage ) කරගෙන තිබෙන විවාහය කරගත් තරුණයා සහ විමුක්ති අතර වසර ගණනාවක් පැවති සබඳතාවය පසුගියදා විවාහයෙන් අවසන් වි තිබේන බවයි වාර්තාකරු සදහන් කළේ.

  11. sunimal says:

    කලු සුද්දා විමුක්ති .කියා සිටියේ තමා ශ්‍රී ලාංකිකයෙක් යැයි කීමට කෙතරම් ලජ්ජා වන්නේ ද යන්න බවයි.

  12. john the baptice says:

    චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංගගේ පුත් විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන ඒම සඳහා ඉන්දියානු ආණ්ඩුව මැදිහත්ව ශක්තිමත් වැඩපිළිවෙලක් දියත් කරගෙන යයි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දේශපාලන හා සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීම උදෙසා බණ්ඩාරනායක පවුලේ අලුත් සාමාජිකයෙකු ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නායකත්වයට ගෙන ආ යුතු බවට ඉහල පෙලේ ඉන්දියානු දේශපාලන නායකයින් තීරණය කොට තිබේ. ඒ අනුව ඒ සඳහා සුදුසුම පුද්ගලයා විමුක්ති කුමාරතුංග බවත්, ඔහු වහා ශ්‍රී ලංකාවේ දේශපාලන කරලියට ගෙන ආ යුතු බවත් ඒ අනුව ඉන්දියාව තීරණය කර ඇති බවත් දැනගන්නට ලැබේ. මේ අනුව ඉන්දියානු රජයේ ප්‍රධානියෙකු බන්ඩාරනායක පවුලේ චන්ද්‍රිකා බණ්ඩාරණායක ඇතුලු ප්‍රධානීන් සමග සමග සාකච්ඡා කොට ඇත.

    • Dalit says:

      I think what you are saying John the Baptice is right. Indian has been involved in our politics for a long time. Sirisena is another Indian puppet. The same applies to all Banda family.

      Even Mahinda was India’s choice in 2005 but he turned against India. That is why India hate him and his family.

  13. parakum says:

    We had enough of Bandaranayakes his grand father is responsible for this divisive politics today (Kulalkana Deshapalanaya), I wonder what will be the fate of Srilanka if he had the patience to wait for the Premiership of UNP in 1953. This man was so GREEDY for power he destroyed the progressive path of Srilaka.

  14. asantha k says:

    If he follows his uncle, Mr. Anura Bandaranayake’s, life style,, All the Butterflies would agree.

  15. Saroja says:

    Chandrika me tharam dangalanne puthata rata baradenna.Danwath oya bandaranayaka deshapalana pitiyen athugala damanna ona . Lankawa chora rajinage ammage appage budalayak nowe.

Leave a Comment

Main News