එජාප ආණ්ඩුවකට සහාය දෙන්න බෑ… TNA මන්ත‍්‍රීන් 05 දෙනෙකු ස්වාධීන වෙයි..

December 1, 2018 at 11:20 am | lanka C news
එජාප ආණ්ඩුවකට සහාය දෙන්න බෑ… TNA මන්ත‍්‍රීන් 05 දෙනෙකු ස්වාධීන වෙයි..

දෙමළ ජාතික සන්ධානය විසින් එක්සත් ජාතික පක්ෂයේ ද සහයෝගය දීමට තීරණය කිරීම හේතුවෙන් එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ස්වාධීන වීමට තීරණය කර ඇති බව උතුරින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ ස්වාධීන වීමට තීරණය කර ඇත්තේ ධර්මලිංගම් සිද්ධාර්ථන්, එස් සිවමෝහන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා, එස්. ශ‍්‍රීධරන්, චාර්ල්ස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරුන්ය.

මෙම සියලු දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි විරෝධය දක්වමින් සිටිති.

එක්සත් ජාතික පෙරමුණ සහයෝගය දෙන්නේ යැයි පවසමින් පසුගියදා ඉදිරිපත් කරන ලද ලිපිය අධිකරණයට ඉදිරිපත් කිරීමට ලබාගත් එකක් බවට ද ඔහු චෝදනා කරති.

ඔවුන් කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් සඳහා සහයෝගය දීමට එක්වීමට තමන් සූදානම් නැති බවයි.

35,161 Viewers

2 Comments to “එජාප ආණ්ඩුවකට සහාය දෙන්න බෑ… TNA මන්ත‍්‍රීන් 05 දෙනෙකු ස්වාධීන වෙයි..”

  1. Namal says:

    සුමන්තිරන් යනු…අගවිනි සභා කථානායක ධුරයට මහරැජිනිය විසින් පත්කළ අයෙක් නිසා අධිකරණය ත්, කථානායකත් ඔහුට යටත් වීමට සිදුවී ඇත.

  2. david milibanda says:

    Bloody yesterday’s politician Sumanthiran attempting to be a king maker running behind the last legs of Sampanthan to become TNA’s next Leader.

Main News