එජාප කෝප් වාර්තාවෙන් බැදුම්කර මාමා අර්ජුන් මහේන්ද්‍රන් නිදහස් කෙරේ.. බහුතරය ගන්න TNA පසුපස..

October 25, 2016 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
එජාප කෝප් වාර්තාවෙන් බැදුම්කර මාමා අර්ජුන් මහේන්ද්‍රන් නිදහස් කෙරේ.. බහුතරය ගන්න TNA පසුපස..

හිටපු මහ බැංකු අධිපති වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා ගිය වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියක අක‍්‍රමිකතා සම්බන්ධයෙන් නිදහස් කරමින් කෝප් කමිටුවේ එජාප සාමාජිකයින් විසින් වාර්තාවක් සකස් කර ඇත.

එම වාර්තාවට කමිටුවේ බහුතර මන්ත්‍රී පිරිසකගේ කැමැත්ත ලබා ගැනීම වෙනුවෙන් දෙමල සන්ධාන මන්ත්‍රීවරු සිව්දෙනාගේ කැමැත්ත ගබා ගැනීමේ සාකච්චා පැවැත්වෙමින් තිබේ.

මෙම සාකච්චා සදහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා මහ බැංකුවේ නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගී වී ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි.

මේ අතර කෝප් කමිටු සාමාජිත නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසන්නේ මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් හා අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කෝප් කමිටුව නිර්දේශ කර ඇති බවයි.

කෙසේ වෙතත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ඇති නිර්දේශයක් ගැන ඔහු කිසිත් නොකීය.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන ආර්ථික විශේෂඥයින් පවසන්නේ මහ බැංකුවට පිටස්තර පුද්ගලයෙක් වන අර්ජුන් ඇලෝසියස්ට අදාල වංචාව තනිවම සිදුකිරීම කිසිසේත් සිදු කල නොහැකි බවත් හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එහි ප‍්‍රධාන චුදීතයෙක් වීම අනිවාර්ය බවත්ය.

26,606 Viewers

2 Comments to “එජාප කෝප් වාර්තාවෙන් බැදුම්කර මාමා අර්ජුන් මහේන්ද්‍රන් නිදහස් කෙරේ.. බහුතරය ගන්න TNA පසුපස..”

  1. Champa says:

    හොරයි හොරාගේ අම්මයි හොරාගේ තාත්තයි හොරාගේ නෑයොයි හොරාගේ යාළුවොයි හදන COPE වාර්තාවයි, ඒකට දඬුවම් දෙන එකයි ගැන අපිට විශ්වාසයක් තියන්න බැහැ.

    ඒ නිසා ජනාධිපතිතුමා මේ ගන අපක්ෂපාත පරීක්ෂණයක් තියලා, වැරදි කාරයන්ට දඬුවම් දීල, මහා බැංකුවෙන් වංචා කල මුදල ආපහු මහ බැංකුවට ගන්න ඕනේ.

  2. Deshapremiya says:

    කෝප් කමිටුවේ නිර්දේශය හරියට “සතාසිවම් නඩු තීන්දුව” වගේ. ඒ නඩුවේ මිනීමැරුමට වැරදිකාරයා උනේ කුස්සියේ තිබුන වංගෙඩිය. මේකෙත් අර්ජුන්ගේ බෑනාගේ කම්පැනි එක වැරදිකාරයා උනාට. උන්ට උදව් කල අර්ජුන් ඇතුළු නඩේ ගැන වගේ වගක් නැහැ. අනිත් කාරණේ තමයි ඔය නඩුව ටික දවසකින් නීතිපති උපදෙස් මත හෝ තාක්ෂණික කරුණු මත ඉදිරියට ගෙනියන්නේ නැතුව ඉන්නත් පුළුවන් (උදා – ෆොන්සේකාගේ නඩු, රවීගේ නඩුව ආදිය)

Main News