එජාප තොගයක් රනිල් අතහරී.. ශ‍්‍රීලනිප අති බහුතරයත් එක්වෙයි.. පොහොට්ටුව සමග අලුත් සන්ධානයක් සූදානම්..

May 13, 2018 at 10:00 am | lanka C news
එජාප තොගයක් රනිල් අතහරී.. ශ‍්‍රීලනිප අති බහුතරයත් එක්වෙයි.. පොහොට්ටුව සමග අලුත් සන්ධානයක් සූදානම්..

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකට පෙරාතුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක්, එක්සත් ජාතික පක්‍ෂයේ 20කට ආසන්න මැති ඇමති පරිසක් සහ ඒකාබද්ද විපක්‍ෂයේ සිටින පිරිසක් එක්වී සන්ධානයක් ඇති කිරීමේ සූදානමක් ඇති බවට වාර්තා පලවෙයි.

එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානය සම්බන්ධයෙන් කලකිරී සිටින එම පක්‍ෂ මැති ඇමතිවරුන් 20කට ආසන්න පිරිසක් සමග මේ ගැන යම් එකගතාවයන් පත්ව ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනාට අමතරව ආණ්ඩුවේ ඉතිරිව සිටින ශ‍්‍රීලනිප පිරිසෙන් 15කට ආසන්න පිරිසක්ද මෙම නව සන්ධානයට එක්වනු ඇති බවද දැක්වෙයි.

ඉදිරියේදී මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කෙරුනු වහාම එජාප පිරිස මෙම ව සන්ධානය හා එක්වනු ඇති බවද වාර්තාවන්හි වැඩි දුරටත් සදහන්ය.

23,082 Viewers

5 Comments to “එජාප තොගයක් රනිල් අතහරී.. ශ‍්‍රීලනිප අති බහුතරයත් එක්වෙයි.. පොහොට්ටුව සමග අලුත් සන්ධානයක් සූදානම්..”

  1. Anuar says:

    Metharam Balagathu Pakshayak….UNP!
    Me Kalakanni Nayakaya…. Mahajana Mathayen Apu Ekek Novei…. Maamge Maaragyane Awith…. Mee Pakshaya…. Mee Rata…. Mee Jaathiya Nethi Karanna Upan Asarthaka Jeewithayak…..! Minisekua Jeewithaya Gena Asuba Vidiyata Kiyanna Honda Nehe….! Eeeth Swabawa Darmayen Ho Mohuwa Mee Nayakathwayen Ain Karanwa Nam Pakshayata Dahiriyaka…..Ratata Loku Baagyak….!

  2. බන්ඩා says:

    ගිය සතියෙ මැලේසියාවෙ මහ චන්දෙදි වෙච්ච පෙරලිය 2019 දී ලංකාවෙත් සිදු වෙනවා නෙඅනුමානය්. ඉතින් අද රටේ මිනිස්සු කියන්නෙ මොනවද හිතන්නෙ මොනවද කියල කොන්දොස්තර අැමතියල මහ බැංකු හොරු ගංජ දුමියල කැලෑ ජෝන්ල දන්නෙ නැහැ. මොකද උන් ටැක්සියක යන්නෙ නැහැ කඩ පිලක කතා කොරන්නෙ නැහැ. මේ දවස් වල මැලේසියාවෙ අති බහුතරය වසර 60ක් බලයෙ හිටපු පක්ෂෙ පරද්දල විපක්ෂෙ සමග එක් උන අවුරුදු 92 ක් වයස හිටපු අගමැති මහතීර් පත් කොර ගත්ත එක මුන් දන්නෙ නැහැ.

  3. Karu says:

    මේ කයිරාටිකයන් එන්නේ විෂබීජ වපුරන්නයි.

  4. මෛත්‍රී says:

    හැබැයි ඔය සන්දානෙට රට පාවලා දුන්න උන් ගත්තොත් පොහොට්ටුව කෙලව ගන්නවා. එක අමතක නොකරන්න. ජනතාව මොඩ නැහැ.

  5. David Milli-banda says:

    mahathir dictator kiyapu aya mahathir ta ma chande deela.

Main News