එජාප පළුවක් ජනපති හමුවේ.. රනිල් ඉවත් කර කරූ අගමැති කරන්නැයි ඉල්ලති..

May 24, 2017 at 11:21 pm | lanka C news
එජාප පළුවක් ජනපති හමුවේ.. රනිල් ඉවත් කර කරූ අගමැති කරන්නැයි ඉල්ලති..

පසුගියදා සිදුව ඇති ඇති කැබිනට් මණ්ඩල සංශෝධනයට අගමැතිවරයා එකග කරවා ගෙන ඇත්තේ මලික් සමරවික‍්‍රම ඇමතිවරයා විසින් බවත් මුදල් ඇමති ධුරයෙන් රවි කරුණානායක ඉවත් කර ගැනීමටද ඇමති මලික්ට තදබල උවමනාවක් තිබූ බවත් එජාප අභ්‍යන්තර ආරංචි උපුටා දක්වමින් අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර කතානායක කරූ ජයසුරිය අගමැති ධුරයට ගෙන ඒමට එජාප මන්ත‍්‍රීවරුන් පිරිසක් සමග සාකච්චා කර ඇති බවත් එම තත්වය වලක්වා ගැනීමට නම් මුදල් ඇමති ධුරයෙන් රවි කරුණානායක මහතා ඉවත් කර වෙනත් පුද්ගලයෙකුට එම තනතුර ලබා දිය යුතු බවත් ඇමති මලික් අගමැති රනිල්ට අවධාරණය කර ඇතැයිද සදහන් කරන එම වාර්තා ඒ අනුව අගමැතිවරයාද රවි කරුනානායක මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට එකග වී ඇතැයිද සදහන් කරයි.

මේ අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඕස්ටේ‍්‍රලියානු සංචාරය නිමවා පැමිණි පසු ඇමති සාගල රත්නායක විසින් දැනට දරන නීතිය හා සාමය විෂය ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල හෝ වෙනත් අයෙකුට පැවරෙනු ඇති බවටද එහි සදහන්ය. මේ සදහා මලික් සමරවික‍්‍රම ඇමතිවරයා මැදිහ් වී ඇතැයි තොරතුරු මත ඔහු හා සාගල රත්නායක ඇමතිවරුන් අතර මතගැටුමක් ඇතිව තිබෙන බවද වාර්තාවන්හි දැක්වෙයි.

37,705 Viewers

10 Comments to “එජාප පළුවක් ජනපති හමුවේ.. රනිල් ඉවත් කර කරූ අගමැති කරන්නැයි ඉල්ලති..”

  1. manao says:

    මහින්ද නැවත රැවටීමට සූදානම්…..

  2. දැන් ඔය කාවද අන්දන්න හදන්නේ මේ අපිද? ග්‍රාමසේවක මහත්තයෝ ඒ 2015 ජනවාරි 08 ට පෙර මේ 2015 ජනවාරි 08 ට පසු.

  3. ඉස්සෝ වඩේ මාසාල වඩේ
    හිනා යනවා ඕයි
    බ්‍රාපති හිතනවා ඇති නෑ ඕනේ නැහැ ඕයි
    ඉතිරි කොටස හෙට නරඔමු අපි නරඔමු

    • asaranaya says:

      රවටා ඔලුව දවටා සැදු ඉස්සෝ වඩේ,
      මයිතුනයගෙ තුන වැටිලා හරිම වැඩේ,
      රස කර දෙන්න හැදුවත් වස ගඳයි වඩේ,
      හැදුනා අපොයි! එය කාලා බඩේ ලෙඩේ

  4. LION says:

    ඕනෑම දිරච්ච ලණුවක් ගිලින අපේ මිනිස්සු මෛත්‍රී පාලනයෙන් යහපාලනයක් අපේක්ෂාවෙන් වත්මන ජනාධිපති වන මෛත්‍රීපාල සිරිසේන මහතා නමෝවිත්තියෙන් පත් කර ගන්න ලදී. පෙර පවකට හෝ පිනකට මෛත්‍රීපාල තුමාට හංසයාගේ පිහිටෙන් ගොඩයාමට අවස්ථාව ලැබුණ නමුත් ඔහුට දැන් වර්තමානය , අනාගතය හෝ අඩුම තරමේ අතීතයවත් හිමි නොවන තරමට පාච්චල් වී අවසානය. හංසයාට දියෙන් කිරි වෙන් කර ගත හැකි බව පැවසුවත් මෛත්‍රීපාල තුමාට නම් දිය හා කිරි වෙන් වෙන් වශයෙන් ලබා දුන්නත් හදුනා ගැනීමට නොහැකි තරමටම ඔහු අන්ධ වී ඇත. රනිල්ගේ ඇම ගිල හංසයෙකු වූ මෛත්‍රී පාලගේ ජනාධිපති සිහිනය සැබෑ වූ නමුත් වර්තමාන අගමැති රනිල්ගේ හා හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ පදයට නටන රූකඩයක් බවට පත්වී ඇත .

  5. කරු says:

    කරු කියන්නේ ඉතාම තද. කෑදර අවස්ථාවාදියෙක් වග මීට ඉහත ඔප්පු කරල තියනවා.
    මහින්දගෙ ආංඩුවට බැඳුණා අගමැති කම ගන්න. හරි යන්නෙ නැති තැන අයින් වුණා.
    විපක්ෂ නායක කම රනිල්ගෙන් ඩැහැ ගන්න සජිතුයි කරුයි එකට සැලසුම් කළා.පස්සෙ සජිත් තල්ලු කරල’ කියනවා නං ගන්න ලැස්තියි’ කියන උපාසක වාක්‍යය දාගෙන රනිල් එක්ක තරග කරල පැරදුණා.
    දැන් පූස වගෙ ඉන්නව අවස්ථාවක් එන් කල්.
    දැන් මට පැන්සන් යන්න ළඟයි කියල කිව්වෙ එකත් එකටම තවත් සූත්තරයක් හිතේ තියා ගෙන.

    • බන්ඩා says:

      රනිල්ට බහුතරය නොවුනත් ඔහු වෙනුවෙන් ජූඒම්පියෙ කොටසක් ඉන්නවා. අැත්ත රනිල්ට අද බන්නෙ ජූඅැමිපියෙ උඩ තට්ටුව විතරය්. කරැට අද පහල කට්ටියක් වත් ඉහල ි කට්ටියක් වත් නැහැ. ඉතින් කරැ අගමැති වෙන එක හීනයක් පමනය්. නමුත් අට පාස් සිරිසේන රජා කොරවපු රටේ නොවෙන්න බැරි දෙයක් නැහැ.

  6. ලංකා දේශපාලන ඉතිහාසයේ,මොහු තරම් පාච්චල් වූ,මොහු තරම් කිච වූ,කිසිම පෞරුෂය..ක්..නැති…හැම අතටම වනේනා..පාලකයෙක්…මෙතෙක් බිහි වුයේ..නැත.දරුවන් දෙන්නෙක් හැදුව කියන එකත් පුදුමයකි.

Main News