එජාප මන්ත‍්‍රී හේෂා විතානගේට සාවද්‍ය පරිහරණය කිරීම ගැන අධිකරණයේ නඩු..

May 17, 2018 at 8:40 am | lanka C news
එජාප මන්ත‍්‍රී හේෂා විතානගේට සාවද්‍ය පරිහරණය කිරීම ගැන අධිකරණයේ නඩු..

ගොඩනැගිල්ලක් කුලියට දී තිබියදී  කුලීකරු වෙළද සැල වසා දමා ඇති අවස්ථාවක එම වෙළද සැලේ ඉබි යතුරු කඩා ඇතුල්වී රුපියල් කෝටියකට අධික  භාණ්ඩ රැගෙන එම භාණ්ඩ බණ්ඩාරවෙල නගරයේ ව්‍යාපාරිකයෙකු වෙත අලවි කර භාණ්ඩ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ, එ.ජා.ප රතනපුර දිස්ත්‍රික් පාරිලිමේන්තු මන්ත්‍රී අංකුබුර ආරචිගේ  හේෂාන් විතානගේට එරෙහි නඩුවක්  ඇඹිලිපිටිය අධිකරණයේ විභාග වන අතර 16 දින එම නඩුව කැදවන ලදී .

2016 වසරේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී/ආර් 818/16 යටතේ ගොනුකර ඇති මෙම නඩුව පවරා ඇත්තේ ගාල්ල ප්‍රදේශයේපදිංචි ව්‍යාපාරිකයෙකු වන අනුර මහේන්ද්‍ර නමැති අයයි.

අවස්ථා 3නකදී පැමිණිලිකරු විසින් පොලීසියට කරන ලද පැමිණිලි අනුව මෙම නඩුව පොලීසිය විසින් පවරා ඇත.

මෙම නඩුවේ තවත් සැකකරුවෙකුට 2018/10/17 දින චෝදනා ගොනුකරණ ලෙස අද දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් නිරෝශි කුමාරි රාහින්ගල මහත්මිය විසින් පොලීසියට නියෝග කර ඇත. වගඋත්තරකාර  පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ වෙනුවෙන් නීතීවේදී විජිත පුංචිහේවා මහතා පෙනී සිටි අතර අගතියටපත් පාර්ශවය වෙනුවෙන් නීතිවේදී ජයනාත් මීඇල්ල මහතාගේ උපදෙස් පරිදි නීතිවේදී තසිත ගුණසේකර මහතා පෙනී සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ පාර්ලි‌‌මේන්තුවවට නියෝජනය කිරීමට පෙර ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව සහ සබරගමුව පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇත. මීට පෙර මොහු  ආන්දෝලනාත්මක බැදුම්කර සමාගමට අයත් මත්පැන් සමාගමක බෙදාහැරීමේ ආයතනයක් පවත්වාගෙන යෑම පිළිබදවද වාර්තා විය.

හේෂාන් විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වර්තමාන අටවෙනි පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු (දුෂණ විරෝධී) සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව,කෘෂිකර්මය සහ ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ව්‍යාපාර සහ වානිජ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ව්‍යාපාර හා වානිජ ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය සම්බන්ධයෙන් ගැටලු විසඳීම පිළිබඳ අනු කාරක සභාව යන සභාවල සාමාජිකයෙකි.

– ආර්.පුෂ්පකුමාර

12,535 Viewers

9 Comments to “එජාප මන්ත‍්‍රී හේෂා විතානගේට සාවද්‍ය පරිහරණය කිරීම ගැන අධිකරණයේ නඩු..”

  1. Nim says:

    NARIYATA BOKKA SUDDA KARANA
    DUNNA WAGE
    HORATA HORU ALLANA DEELA NEDA?
    ME ANNDUWATA
    HORU MESAK HODA
    KENEK HOYA GANNA MA
    NAHA WAGE.

    • ඇත්ත says:

      ඒකාධිපති කඩතුරාවට මුවා වී චෞරයන්ගේ රාජ්‍යයකට පාරකපන 20 වන ව්‍යවස්ථා මර උගුල පරදවමු…!

  2. සිංහල කොන්ග්‍රස් says:

    මොන පක්ෂයේ වේවා මනාප පොරයෙ දී ජනතාව මෙවැනි අය ට මනාප දීම ප්‍රශ්ණයක්

  3. බස්නායක says:

    මොහු ගැන බිඳක්….. කුඩා කල සිටම වාසය කළේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ රජයෙන් ලැබූ මහවැලි ඉඩම් වලය. පාසැල් ගියෙත් ඔය පළාතෙම ඉස්කොලේකය. තරුණ වියේදී දෙහිඅත්තකන්දිය සිංගර් සමාගමේ ප්‍රදර්ශනාගාරයට බැඳෙන්නේ සහායකයෙකු ලෙසටය.අවුරුදු කිහිපයක සේවයෙන් පසුව ගිරාඳුරුකෝට්ටේ ප්‍රදර්ශනාගාරයට එක්වෙන්නේ අලෙවි සහායකයෙක් සහ වාරික මුදල් එකතුකරන්නා ලෙසය. සැබැවින්ම මොහු අලෙවි අංශයේ දක්ෂතා පෙන්වුවත් මුදල් ගනු දෙනු අතර ඇතිවූ විශ්වාසය බිඳීම හේතුකොටගෙන සේවයෙන් පහකරනලදී. නමුත් පුරුවේ පිනකට තවත් එවකට ගෘහ විදුලි භාණ්ඩ අලෙවියේ ප්‍රමුක සමාගමක් ඔවුන්ගේ මාතර ප්‍රදර්ශනාගාරය වෙත කළමනාකරු ලෙස සේවයට බඳවා ගන්නා අතර එතැන් සිට මොහුගේ ජීවිතය වෙනස් මගකට හැරේ. තමන්ගේ දක්ෂතා නිසා තමන්ද , තම ආයතනයද ඉහල තලයට ගෙන ඒමට ඔහු සමත්වේ.ඉන්පසුව එම ආයතනයෙන් ඉවත්වී තමන්ගේම ව්‍යාපාර කිහිපයකට සාර්ථකව අතගසා එම ව්‍යාපාර ඇඹිලිපිටිය තෙක් පුළුල් කර ඉන් පසුව පොදු පෙරමුණෙන් දේශපාලනයට පිවිස එජාපයට එක්වී දැනට මන්ත්‍රී වී සිටී. ඔහුගේ ගමන් මග වාසනාව සහ පුරුවේ පින යන පීලි දෙකේ පැමිණ ඇත. මොහු විසින් ඔහුගේ මෙම පරිච්චේදය සිතා මතා වෙනස් කරගෙන සහ වෙවන් පසුබිමක් තමන්ට තිබී නැත යන සිහින ලෝකෙක දැන් ජීවත් වේ.. තව කතා ගොඩක් ඇත. සෙස්ස පස්සට.

    • Permathilaka says:

      ඔයා දන්නෙත් නෑ හරියටම මේ පල් හොරා ගැන…..

  4. alston says:

    මේ වගේ උං පාර්ලිමේන්තු අරින එවුන්ටත් නඩු දාන්ඩ ඕනේ

  5. සේනක, ගල්පාය says:

    හේෂා රක්වාන ආසනයේ මිනිස්සු හොඳට රැවැටිටුවා.කොයි වෙලේ ටෙලිෆෝන් කළත් කියන්නෙ රට ගිහින් කියලයි.ජන්ද දායකයින්ට මුණගැහෙන්න අමාරැයි.අඩුම තරමින් මෙයාගෙ ලේකමිවරයෙක් වත් අල්ලගන්න අමාරැයි.
    ලබන පාරනමි මෙයාට රක්වානෙ මිනිස්සු රැවටෙන්නෙ නැහැ.ගෙදරම තමයි.

  6. අනිල් පරාක්‍රම, වෙරළුගහමුල. says:

    අපිත් ඉන්නෙ හේෂා විතානගේ ලබනපාර රක්වානෙන් ජන්දෙ ඉල්ලන්න එනකමි තමයි.මෙයා ගියපාර මෙහේ මිනිස්සුන්ට හොඳට ඇන්දුවා.රැකියා දෙනව කියල UNP සමිතිවලට ඉල්ලුමිපත් බෙදාගෙන ගියා.දීපු රැකියාවක් නැහැ.
    ඇහැට දකින්නත් නැහැ.ඔක්කොම බොරැ සෝබනේ විතරයි.ලබනපාර කොළොන්න ආසනේට පනින්න බලනව කියල ආරංචියි.
    කොහෙන් ඉල්ලුවත් දිනන්න නමි බැහැ.මීට පස්සෙ පිටින් එව එවුන්ට මෙහේ ජන්ද නැහැ.

  7. විල්සන් පේමසිරි, බලවින්න. says:

    හේෂා විතානගේට UNP යෙන් රක්වාන ආසනයේ සංවිධායකධූරය දීම රනිල් ගත් ඉතාම අදූරදර්ශී තීරණයක්.රක්වාන ආසනය UNP යට වාසි සහගත ආසනයක්.පැරදුනත් අඩු ජන්ද ගණනකින් තමයි පරදින්නෙ.
    මෙයා නළුවෙක් වගේ පෝස්ටර් ගහල තරැණ,තරැණියන් රැවැටිටුවා.
    දිනුවට පස්සෙ ආසනයට එන්නෙ ඉතාමත් කලාතුරකින්.
    මෙිවගේ අපතයො නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ එජාපයට විශාල සේවාවක් කළ,සිය දේපළ කෝටි ගණනක් පක්ෂය වෙනුවෙන් වැයකළ සිරිපාල කිරිඇල්ල, පියදාස අබෙිනායක ( කිරි අයියා) වැනි අයට පාර්ලිමේන්තුවට යාමට තිබූ අවස්ථාව අහිමි උනා.මුන් නිසා UNP යට අළුතින් ලැබුන ජන්දයක් නැහැ.මිනිස්සුන්ට අන්දලා මනාප ටික කොටාගත්තා.
    නැවත මෙයාට මිනිස්සු රැවටෙන්නෙ නැහැ.

Leave a Comment

Main News