එජාප-ශ‍්‍රිලනිප ජාතික ආණ්ඩුව ඉදිරියටම යන්න ජනපති උපදෙස් දුන්නා.. නව ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම්..- අමරවීර

April 21, 2018 at 11:20 am | lanka C news
එජාප-ශ‍්‍රිලනිප ජාතික ආණ්ඩුව ඉදිරියටම යන්න ජනපති උපදෙස් දුන්නා.. නව ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම්..- අමරවීර

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුව තව දුරටත් ඉදිරියට ගෙන යාම සදහා ජනාධිපතිවරයා උපදෙස් දුන් බව එක්සත් ජනතා නිදහස් සන්දාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව ජාතික ආණ්ඩුව ඉදිරි කාලයේද පවත්වාගෙන යාම සදහා නව ගිවිසුමක් සකස් කෙරෙමින් පවතින බවද ඒ මහතා සදහන් කරයි.

මෙ ගිවිසුම සකස් කිරීම සදහා ඇමති සරත් අමුණුගමගේ ප‍්‍රදානත්වයෙන් පසු දෙනෙකුගෙන් යුතු කමිටුවක්ද ජනාධිපතිවරයා විසින් නම් කරනලද බවද ඇමති අමරවීර මහතා කියයි.

ජාතික ආණ්ඩුව සදහා නව ගිවිසුම් අත්සත් කිරීම ජනාධිපතිවරයා මෙරටට පැමිණි පසු සිදු කරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

7,887 Viewers

5 Comments to “එජාප-ශ‍්‍රිලනිප ජාතික ආණ්ඩුව ඉදිරියටම යන්න ජනපති උපදෙස් දුන්නා.. නව ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම්..- අමරවීර”

  1. fass says:

    Nodakin me moosalayage moona Danna epa

  2. AMARIS says:

    honarable horuntha henathatam wadinna one.

  3. mike says:

    KONDA GE GIVISUMA will bring more disastrous results to country. Beware !!!!!

  4. mike says:

    KONDA GE GIVISUMA

  5. Upali says:

    ජේ ආර් සියලු විදායක බල සහිතව රටට කල හැකි සියලු හානි කලේය. ඔහුට ඒ සඳහා අසාදාරනව හෝ ගොඩ නගාගත් පවුරුශයක් තිබුනි. සිරිසේනට විදායක බල සියලු බර දැරීමට කිසිම පවුරුශයක් නොමැත. ඒ නිසා අහම්බෙන් ලැබුනු තනතුරේ පවතිමින් බර පසෙක ලා “මට විදායක බල ඕනා නැත” කියන වයාජ නිහතමානිත්වයක් පෙන්වයි. මෙ පරිසරයට අනුව කේවට්ටයින් දෙතුන් දෙනෙක් ලඟ තබාගෙන පිස්සන් කොටුවේ දොර හැර ඕනා දෙයක් කරපල්ලා මට කම් නැත කියන පිස්සු දොස්තර කෙනෙක් වගේ ඔහු මේ අවුරුදු තුනේ රටට කල හානිය ජේ ආර් අවුරුදු 15ක් තිස්සේ කල හානියටත් වඩා වැඩිය. ඉදිරියේ ඇති කෙටි කාලය තුලත් ඔහු එසේම හැසිරෙනු ඇත.ප්රශ්නය වන්නේ සිරිසේනට ඒ හානිය ගනනය කිරීමට හෝ තේරුම් ගැනීමටවත් හෝ හැකියාවක් හෝ ඕනාකමක් ඇතිද යන්නය.

Main News