එජාප-ශ‍්‍රිලනිප ජාතික ආණ්ඩු ගිවිසුමක් නැවත අත්සන් කරන්න සූදානම්.. ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා නොතකා අමරවීර කියයි..

April 16, 2018 at 3:00 pm | lanka C news
එජාප-ශ‍්‍රිලනිප ජාතික ආණ්ඩු ගිවිසුමක් නැවත අත්සන් කරන්න සූදානම්.. ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා නොතකා අමරවීර කියයි..

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුව තව දුරටත් ඉදිරියට ගෙය යාම සදහා ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා සදහන් කරයි.

ගිවිසුම් අත්සන් කිරීමට පෙර සිදු කරන අධ්‍යන කටයුතු මේ දිනවල සිදු කෙරෙන බවද ඔහු පවසයි.

ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමේ වැඩපිලිවෙල සකස් කරන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් බවද ඔහු කියා සිටියේ වලස්මුල්ලේ පැවති ජනහමුවක් අමතමිනි.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුව තව දුරටත් ඉදිරියට ගෙන යාම සදහා මේ වන තෙක් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් අනුමැතිය දී නැත.

මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා සදහන් කරන්නේ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමේ යෝජනාවක් මද්‍යම කාරක සභාවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට සූදානම් බවයි.

14,278 Viewers

9 Comments to “එජාප-ශ‍්‍රිලනිප ජාතික ආණ්ඩු ගිවිසුමක් නැවත අත්සන් කරන්න සූදානම්.. ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා නොතකා අමරවීර කියයි..”

  1. Rajarata says:

    Bus kondostaralata epa nethuwa salu pili gelawagena duwanna wena kalayak enawa..

  2. දහනායක says:

    සිරිසේන ඔයා හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ

  3. lion says:

    මුන් ඔක්කොම අනගාරික තුමා කියාපු කලුසුද්දෝ ගමට ගන්න එපා

  4. chandapala says:

    රජෙක් නැති රටේ ගොන්පාර්ට් කතා .

    • Samuvel says:

      රජෙක් නැති රටේ පිස්සන් ගොන් පාට් කෙලිති.

      • Asaranaya says:

        පඹයා වදාපු දකුනේ ඌරු නායක කොන්දා අදෝමුඛයෙන් කතාකරයි

  5. බූ වල්ලක් අරන් වරෝ ....මුට දෙකක් තලාපියෝ says:

    බූ වල්ලක් අරන් වරෝ ….මුට දෙකක් තලාපියෝ නියම හොදාපාලු පාවා දෙන්නෑ.

  6. පාදඩයෝ says:

    පාදඩයෝ අංක එක.

  7. Rupa says:

    අත්සන් කරන එක හොඳයි තම තමන්ගේ දේශපාලන අන්තිම කැමති පත්‍ර.

Main News