එදා අගමැති බණ්ඩාරනායක සිංහල රාජ්‍ය භාෂාව කිරිමට හේතුව බ්‍රිතාන්‍ය රූපවාහිනියට පැවසු ඓතිහාසික සම්මුඛ සාකච්ඡාව මෙන්න…

September 19, 2017 at 8:02 am | lanka C news
එදා අගමැති බණ්ඩාරනායක සිංහල රාජ්‍ය භාෂාව කිරිමට හේතුව බ්‍රිතාන්‍ය රූපවාහිනියට පැවසු ඓතිහාසික සම්මුඛ සාකච්ඡාව මෙන්න…

එදා 1956 දි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායක එවකට අගමැති එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුව ලංකාවේ රාජ්‍ය භාෂාව ලෙස සිංහල භාෂාව ප්‍රකාශයට පත්කල අතර එම තීරණය සම්බන්ධව එදා බ්‍රිතාන්‍යයේ ජාතික රූපවාහිනි සේවයේ බ්‍රිතාන්‍යය ජාතික වාර්තාකරුවකු විසින් අගමැතිවරයා සමඟ පැවත් වූ සම්මුඛ සාකච්ඡාවේදි ඔහු විමසුවේ ලංකාවේ (සිලෝන්) අගමැතිවරයා ලෙස එසේ කිරීමට හේතුව කුමක්ද යන්නය. බණ්ඩාරනායක අගමැතිවරයා ඉතා නිර්භීතව සහ පැහැදිලිව එම ප්‍රශ්නයට පිලිතුරු දුන් අයුරු දැක්වෙන මෙම දුර්ලභ විඩීයෝව youtube මගින් දැකගත හැකිය.

බ්‍රිතාන්‍යය ජාතික වාර්තාකරු: “ඔබගේ ආණ්ඩුව ලංකාවේ රාජ්‍ය භාෂාව ලෙස සිංහල භාෂාව හදුන්වා දීම නිසා මෙතෙක් පැවති සිංහල සහ දෙමළ ජනතාවගේ සම්බන්ධතාවය අතර විරසකයක් ඇති වනවා නේද? කොහොමද ඔබ අගමැතිවරයා ලෙස මේක සාධාරණ කරන්නේ?”

අගමැති බණ්ඩාරනායක මහතා: “හොදයි, අපේ රට නිදහස ලැබුනාට පස්සේ ස්වභාවිකවම නැගෙන ප්‍රශ්නයක් තමයි මෙරටේ රාජ්‍ය භාෂාව කුමක්ද යන්න, සිංහලයින් හැටියට අපි තීරණය කලා මෙරටේ ජනගහනයෙන් සීයට 70% සිංහල ජනතාව වන නිසා ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව වෙනුවට සිංහල භාෂාව අපේ රටේ රාජ්‍ය භාෂාව කරන්න, එමෙන්ම එම අවස්ථාවේදිම අපි නිරන්තරයෙන් වටහා ගත්තා රටේ සුලු ජාතිය වන දෙමළ ජනතාවගේ භාෂාව ද ඉතා වැදගත් මෙන්ම එහි සාහිත්‍ය වටිනාකම ගැන මනා අවබෝධයක් අපිට ඇති බැවින්, අපි තීරණය කලා දෙමළ භාෂාව ද සාධාරණ ලෙස භාවිතයට ගැනිමට අවශ්‍ය වන ආකාරයෙන් ජාතියේ සුලු ජාතිකයන්ගේ පාවිච්චිය සඳහා දෙමළ භාෂාව යොදාගැනීමට, ඒ නිසා අධ්‍යාපනික කටයුතුවල විභාග ඇතුළු රාජ්‍ය සේවයේ සමබන්ධිකරනය කටයුතුවලට සඳහා දෙමළ භාෂාව යොදාගැනීමට කටයුතු කර තියෙනවා, ඒ අනුව අපි විශ්වාස කරනවා කාටත් සාධාරණ ආකාරයෙන් එම ප්‍රශ්නය විසදා තිබෙන බව”

13,970 Viewers

11 Comments to “එදා අගමැති බණ්ඩාරනායක සිංහල රාජ්‍ය භාෂාව කිරිමට හේතුව බ්‍රිතාන්‍ය රූපවාහිනියට පැවසු ඓතිහාසික සම්මුඛ සාකච්ඡාව මෙන්න…”

  1. ප්‍රගතිශීලියා says:

    මේ සම්බන්ධයෙන් බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ දුව යයි කියා ගන්නා සංහිඳියාව නායිකාව වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මොනවා ද කියන්නේ, ඒකත් මහින්ද රාජපක්ෂගේ වැඩක් ද?

    • Kamal says:

      මේරට විනාශ කරපු පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා ඒ බණ්ඩා සහ ජේ ආර්.

    • Kamal says:

      අපිට සිංහල පමණයි කියලා ළමයි දෙන්නව ලන්ඩන් ඇරියා. ගෙදර සිංහලෙන් කතා කලොත් දඩ ගැහුවලු. ඔන්න මුන්ගෙ සිංහල කම. මෙයාට හරියට සිංහල බෑ මෙයාගෙ ළමයින්ටත් සිංහල හරියට බෑ. මුනුපුරන්ට කොහොමත් බෑ.

      • අලුගුත්තේරුවා says:

        ඔබ කියන කාරණේම තමා ඔහුගේ අපූරු බව රැඳිල තියෙන්නෙත්. සිංහල පමණක් ඔහුට කිසි විටෙක පෞද්ගලිකව අදාළවන දෙයක් නොවෙයි. සිංහල රාජ්‍ය භාෂාව කිරීමෙන් හා දෙමළ භාෂාවට සාධාරණ තැනක් ලබා දීමෙන් මෙරට ජනගහණයෙන් 98%ක් නිසි ප්‍රයෝජන ලැබුවා. චන්ද්‍රිකාත් සිතන පරිදි ඉන් දෙමළ ජනතාවට කිසිදු අසාධාරණයක් සිදු නොවුණි. එසේ වී නම් මුස්ලිමුන්ටද අසාධාරණයක් සිද්ධ විය යුතුයි. සිංහල ප්‍රභූන් – සමහර විට ඔබ ද ඇතුළත් ව – මෙන්ම දෙමළ ප්‍රභූන් ද – බොහෝ විට වෙල්ලාලයන් – මීට අකැමති වූ බව නොරහසකි. ගහක ගෙඩියක් කඩා ගන්ඩවත් කෙනෙක් නොමැති වීමක් ලෙසයි ඔවුන් එය දැක්කෙ.
        දෙමළුන් වෙනම රාජ්‍යයක් ඉල්ලුවේ 1956ට බොහෝ කලින් බවත් මතක තබා ගත යුතුයි.
        සැබෑ නායකයඉන් කටයුතු කරන්නේ තම පෞද්ගලික අභිමතාර්ථයඉන් වෙනුවෙන් නොවෙයි. තුන් කල් දැක්ම කියන්නෙ ඒකයි.

      • daham says:

        umba ahala naha wage bandarayake katha karnawa. aasiyawe ridee seenuwa kiyala ethumata kivve. yako e ingirisiyen karana katha nisa nemeyi sinhalen karapu kathawalata.

  2. Dr.Jayawikrama says:

    එදා සිංහල සීයයට 70% හිටපු රටේ බණ්ඩාරනායක අගමැතිවරයා දැක්ක සාධාරණය මහින්ද රාජපක්ෂ හැර වෙන කවුරුත් නොදැකීම ජාතියේ අභාග්‍ය ක්. කෝ මේ මහා ලොකු බණ්ඩාරනායක ප්‍රතිපත්ති කරේ තියාගෙන කෑගහන හිවල්ලු.

  3. පූජ්‍ය මේධාලංකාර හිමි says:

    අගමැති බණ්ඩාරනායක මහතා: “හොදයි, අපේ රට නිදහස ලැබුනාට පස්සේ ස්වභාවිකවම නැගෙන ප්‍රශ්නයක් තමයි මෙරටේ රාජ්‍ය භාෂාව කුමක්ද යන්න, සිංහලයින් හැටියට අපි තීරණය කලා මෙරටේ ජනගහනයෙන් සීයට 70% සිංහල ජනතාව වන නිසා ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව වෙනුවට සිංහල භාෂාව අපේ රටේ රාජ්‍ය භාෂාව කරන්න,

  4. ෆැන්ඩන්ගෝ says:

    හෆොයි මේක ගොඩක් කල් යූ ටියුබ් එකේ තිබුනා – හැබැයි මම නම් බණ්ඩා ගත්ත තීරණයේ අවුලක් දකින්නේ නැහැ – ඒක ටිකක් කල් අරන් ටික ටික ක්‍රියාත්මත තළා නම් හොඳයි

  5. ExUNPer says:

    ඒ දවස්වල නායකයො නියම වැදගත් මිනිස්සු !
    දැන් ඉන්න හිවල්ලු වගේ සල්ලිවලට බලයට ප්‍රතිපත්ති පාවා දුන්නෙ නැහැ!
    දැන් ඉන්න මී හරක් රටක් තියෙනවද කියලවත් දන්නෙ නැහැ…
    උන් NGO පුනක්කු බිබී තප්පුලනව විතරයි !

  6. සිරිබිරිස් says:

    ඕක තියන යූටියුබ් එකෙයි, මෙතනයි, අනිත් හැම තැනකමයි කවුරුත් පටලව ගෙන ඉන්න කාරණේ තමයි ඒ අවදියේ සීංහල රාජ්‍ය භාෂාව කිරීම බණ්ඩාරනායකගෙ තනි අදහසක් කියන එක. 1956 චන්දෙදි බණ්ඩාරනායක වගේම UNP එකත් කිව්වෙ සීංහල රාජ්‍ය භාෂාව කරනවා කියල තමයි. පක්ෂ දෙකේ ම 1956 ප්‍රතිපත්ති ප්‍රකාශන වල තියෙන්නෙ සීංහල රාජ්‍ය භාෂාව කරනව කියල. ඒ කියන්නෙ ඒක රටේ ඒ වෙලාවේ පොදු වුවමනාව.

  7. Jeewantha says:

    This SWRD is a “Kalu Sudda” as correctly forecasted by Srimath Anagarika Dharmapala Thuma.SWRD made Sinhala main language overnight & destroyed future of poor youths in villages.We all know how backward village youth’s today due to poor English literacy.SWRD sent his children to UK to learn in English.If SWRD & Sirima such patriotic why they didn’t allow their children to learn here in Sinhala?SWRD not different to current selfish,corrupted politicians see us by today.Don’t elevate him as a clean guy & patriotic guy.Chandrika is an enemy to this country just like whole her family.This whole Bandaranayake,Senanayake,Jayawardena,Wickramasinghe families enemies to my homeland who carry orders of foreigners who wants my land be under developed all the time.Unfortunately people like Sirisena trapped to this & doing more damages .SB,Rajitha,Ravi,Sujeewa Senasinghe ,Mervin Silva,Harison,Thevarapperuma,Sarath Fonseka,Sarana Gunawardena,Nimal Lansa,Arundika are few most corrupted & unsuitable guys seen in today politics.

Main News