එදා පිං අගමැති අද පවු අගමැති වෙයි.. රනිල් ගොං අලයක්..

November 12, 2018 at 6:33 am | lanka C news
එදා පිං අගමැති අද පවු අගමැති වෙයි.. රනිල් ගොං අලයක්..

අද රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගත හැක්කේ යුද්ධය අවසන් කර රටත් සංවර්ධනය කළ මහින්ද රාජපක්ෂ වැනි ප්‍රායෝගික නායකයකුට පමණක් බව ඒකාබද්ධ විපක්ෂයෙක් කැදවුම්කරු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ඒ සදහා ශක්තිමත් සහ ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බව පැවසූ රණතුංග මහතා කී දේ කරන කරන දේ කියන නායකයා යටතේ සුබ අනාගතයක් ගොඩනැගීම සදහා මේ මහ මැතිවරණයේ දී අතිවිශිෂ්ට ජනවරමක් ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පාක්ෂිකයන් දැනුවත් කිරීම සදහා උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති හමුවකට එක්වෙමිනි. රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

අද උදා වෙලා තියෙන්නේ අපි කාලයක් තිස්සේ බොහොම කැමැත්තෙන් බලාගෙන හිටපු අවස්ථාවක්. 2015 සිට මේ රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂයේ අමන පාලනය නිමා වෙලා තියෙනවා වගේම නැවත වරක් අපට අවස්ථාව උදා වෙලා තියෙනවා ජනතාව හමුවට ගොස් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව වැඩපිළිවෙළකට අනුමැතිය ගන්න.

2015 ජනාධිපතිවරණයෙන් අපි පැරදුණා. 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් අපිව පැරද්දුවා. නමුත් අපි සැලුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය එකහෙළා පිලිගත් ඒකාබද්ධ විපක්ෂයේ අපේ කණ්ඩායම 2018 පළාත් පාලන මැතිවරණයේ දී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබලා එතැන් සිට මාස අටක් ගෙවෙන කොට අද මෙතැනට ඇවිත් තිබෙනවා.

අපි පළාත් පාලන මැතිවරණයේ දී කිව්වේ මහින්ද මහත්තයා අගමැති ධුරයට පත්කරන්න අපිට පළාත් පාලන ආයතන ටික දිනවලා දෙන්න කියලයි. තමුන්නාන්සේලා ඉතාමත් ඉහළින් අපේ ඉල්ලීම ඉටු කළා. ඒ නිසා දැන් අපි අපේ යුතුකම ඉටු කරලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කළා පමණක් නොවෙයි අපි ස්ථාවර ආණ්ඩුවක් හදන්න මහ මැතිවරණයකුත් ලබාගන්න සමත් වුණා.

2005 දී අපි බලය ඉල්ලුවේ යුද්ධය ඉවර කරන්නයි. මේ රටේ ජනතාව ඒ ගැන විශ්වාසය තැබුවා. අපි 2005 දී මහින්ද මහත්තයා ජනාධිපති පුටුවේ වාඩි කළා. එතුමා අපේ ගෞරවයත් රකිමින් වසර තුනහමාරක් තුළ යුද්ධය අවසන් කළා. 2010 දී අපි නැවත ජනතාව හමුවට ආවේ රට සංවර්ධනය කරන්න ජනවරමක් ගන්නයි. ජනතාව ඉතා ඉහළින් ඒ ඉල්ලීම ඉටු කරලා මහින්ද මහත්තයා නැවත වරක් ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වා.

අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපොළ හදලා එතුමා ඒ පොරොන්දුවත් ඉෂ්ට කළා. දැන් අපි ඔබ හමුවට ඇවිත් තිබෙන්නේ නව ජනවරමක් වෙනුවෙන්. අපි තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ මේ වතාවේ රටේ ආර්ථිකය ගොඩනංවන්න අපිට ජනවරමක් දෙන්න කියලයි. දෙවතාවක් පොරොන්දු ඉටු කළ නායකයා නායකත්වයේ තබාගෙන අපි ඉල්ලා සිටින්නේ ඒ ජනවරම අපට දෙන්න කියලයි.

එදා කිව්වේ රනිල් තමයි ආර්ථික ඔස්තාර් කියලා. මහින්දට යුද්ධය කරන්න පුළුවන් වුණාට රනිල්ට තමයි ආර්ථිකය හදන්න පුළුවන් කිව්වා. නලුවෙක් නෙමේ මොළයක් කිව්වා. අවුරුදු තුනෙන් රට විනාශ කළේ ඒ රනිල් වික්‍රමසිංහ තමයි කියන එක අපට අමතක කරන්න බැහැ. මොළයක් නෙමේ රනිල් කියන්නේ ගොන් අලයක් කියලා දැන් ජනතාවට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

ජනාධිපතිවරයා එදා පාර්ලිමේන්තු වටරවුමේ පැවැති රැස්වීමේ දී කිව්වා මේ රට විනාශ කළේ රනිල් ඇතුළු සමනල රෑනයි කියලා. ඒක තමයි ඇත්ත කතාව. ඒ සමනල රෑන තව අවුරුද්දක් රට පාලනය කළා නම් අපිට රටක් ඉතුරු වන්නේ නැහැ. ජනාධිපතිවරයා මේ වෙලාවේ ගත්තේ අමාරු තීන්දුවක්. අපි ඒකට ගරු කරන්නේ ඒක අපි වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන් ගත්තු තීන්දුවක් නිසයි.

අද පරාජිත රනිල් අරලියගහ මන්දිරයේ බලෙන් එල්ලිලා ඉන්නවා. 2015 දී පිං අගමැති වෙලා ආවා. දැන් පවු අගමැති වෙලා. රනිල් මහත්තයෝ ජනවරමක් නේද ඉල්ලුවේ? දැන් එන්න පොර පිටියට. අපි ලැහැස්තියි ජනමතය උරගා බලන්න. සමනල් රෑන එක්ක අරලියගහ මන්දිරයේ හිටියට ජනවරමක් ලැබෙන්නේ නැහැ. කරට කර හැප්පිලා බලමු මේ රටේ මිනිස්සු ඉන්නේ කා එක්කද කියලා.

මේ රටේ ජනතාවගේ එකම පැතුම බවට පත්වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂයි. මහින්ද නැත්නම් වෙන කිසිවෙක් එපා කියන එක තමයි මිනිස්සු කියන්නේ. අපි අවුරුදු තුනහමාරක් තිස්සේ හිටියේ මිනිස්සු දරන මතයෙයි. ඒ වෙනුවෙන් අපි කැපවුණා. ඒ වගේම මම අද පොරොන්දු වෙනවා මහින්ද මහත්තයා දිනෙව්වා වගේම තමුන්නාන්සේලාට යහපත් හෙටක් උදා කිරීම වෙනුවෙන් කැපවෙන බවට.

– ප‍්‍රදීප් අනුර කුමාර

28,991 Viewers

8 Comments to “එදා පිං අගමැති අද පවු අගමැති වෙයි.. රනිල් ගොං අලයක්..”

  1. Wijaya says:

    Niyama kathawa! I like it!

    • Asaranaya says:

      පින් ගුත්තරයා ව හම්පඩ නාකි ගොන් කතා නා යකා පව් ගුත්තරයා කරයි, යම දූතයන්ට ඕවා යස පාඩම්

  2. මරයි සිරයි ඇනගත්තයින් ඇනගත්තෙ නෑ මෙහෙම ඇනගැනිල්ලක්. 113 හරි කියල රිගිං ටෝන් දාන්න කියල ඇනගන්නකොට කෙහොමද සනීප? රටේ ආදරනීය මහරජයි, මිනිහගේ ගේම්කාර බැසිල් මලයයි, යුදදෙට බයේ රට පැනපු මහාරණවිරු මල්ලියයි, පිස්සු සිරයි, අරලිය හාල්කාරයයි සේරම එකතුවෙලා දන්න ගෙම් ගැහුවට 113 නැතිවුනා. දැන් රූපවාහිනී ඉස්සරහ අඬනවා කතානායක මට කෙලිය කියකියා.

    • ගිගිරි says:

      බහුතරය පෙන්නුව කියලා අගමැති කම ගන්න බැහැ.. ගොං බාස්. පොනිලා උසාවි යන්න බය නිසා කරපු උප්පරවැට්ටියක් විතරයි ඕක. ඒත් රටේ වාසනාවට ඒක හොඳට හිටියා.ඒනිසානෙ ජනාධිපතිට පුලුවන් වුනේ විසුරුවලා දාන්න. දැන් වරෙල්ලකො චන්දෙන්. සමනල රෑන😀

  3. truth says:

    හැම දෙයක්ම හොඳටයි සිදුවන්නේ. මහින්ද මැතිතුමා 2015දී පරාජය වුන එකත් එක අතකින් හොඳයි. ඔහුත් අපිත් දෙගොල්ලම හොඳ පාඩමක් උගෙන ගත්තා. සත්‍ය රනිල් කවුදැයි රටම දැනගත්ත. දැන් මහින්ද මහත්තය එන්නේ පාඩම් කිහිපයක් උගෙන් ගෙන ඇතිවයි. අපි සියල්ලෝ එකතුව එතුමන්ව බලයට පත් කරමු.

  4. chandapala says:

    2015 කුමන්ත්‍රණයෙන් මහින්දට ඇටවූ උගුල ආපසු රනිල්ට කැරකුනේය . රනිල්-චන්ද්‍රිකා ඔබලාට දැන් ඉතින් අබම තමා .දිට්ටධම්ම වේදනීය කර්මය ඇස් පනාපිට පල දී ඇත.

  5. malraj says:

    රයි සිරයි ඇනගත්තයින් ඇනගත්තෙ නෑ මෙහෙම ඇනගැනිල්ලක්. 113 හරි කියල රිගිං ටෝන් දාන්න කියල ඇනගන්නකොට කෙහොමද සනීප? රටේ ආදරනීය මහරජයි, මිනිහගේ ගේම්කාර බැසිල් මලයයි, යුදදෙට බයේ රට පැනපු මහාරණවිරු මල්ලියයි, පිස්සු සිරයි, අරලිය හාල්කාරයයි සේරම එකතුවෙලා දන්න ගෙම් ගැහුවට 113 නැතිවුනා. දැන් රූපවාහිනී ඉස්සරහ අඬනවා කතානායක මට කෙලිය කියකියා.

Main News