‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ කඩාකප්පල් කලොත් බැංකු නිලධාරින්ට දඬුවම්..

September 11, 2018 at 8:02 am | lanka C news
‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ කඩාකප්පල් කලොත් බැංකු නිලධාරින්ට දඬුවම්..

‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හිතා මතා කඩාකප්පල් කරන බැංකු නිලධාරින්ට එෙරහිව පියවර ගන්නවා’ යයි රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් ප‍්‍රකාශ කලේ මහනුවර දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගේ ප‍්‍රධාන්වයෙන් මහනුවරදි පැවති අවස්ථාවට එක්වෙමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

‘අද වන විට සියළු බැංකු ගමේ ජනතාවත් සමග සම්බන්ද කරලා තිබෙනවා. එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුලින් ගමේ ජනතාවට මෙම සහන ණය ලබා දීමට කටයුතු කරන්න කියලා ආසන සංවිධායකවරු සියල්ලටම අපි දැනුවත් කරලා තිබෙනවා. රාජ්‍ය බැංකු ණය ලබා ගැනීමට මෙතෙක් පැවති ඇප කොන්දේසි මේ වන විට අපි අඩු කරලා තිබෙනවා ගමේ කරුණු කාරණා පිළිබද ගමේ ජනතාව දැනුවත් කරලා එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය ජනතාවට ලබා දීමට ආසන සංවිධායකවරු වැඩි උනන්දුවක් දැක්විය යුතු යැයි විෂය භාර අමාත්‍යවරයා පවසා සිටියේය.

රාජ්‍ය බැංකු යාන්ත්‍රනය තුල තිබු 100කට වඩා වැඩි ණය යෝජනා ක්‍රම 15කට ආසන්න ප්‍රමාණයකට සම්පිණ්ඩනය කර තිබෙනවා ග එමගින් බැංකු විසින් ලබන අධික ලාබය භාණ්ඩාගාරයට යාමට නොදී නැවත ජනතාවටම ලබා දීමට පියවර ගෙන තිබෙනවා. බැංකු කළමනාකාරිත්වය සමග සාකච්චා කරලා ජනතාවට මෙම සහන ණය ලබා දීමට අවශ්‍ය මුලික කටයුතු කරන්න ආසන සංවිධායකවරුන්ට අපි බලය ලබා දී තියනවා. අපි සියළු බැංකු නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙන්නේ හැකි තරම් ජනතාවට සහන ණය ලබා දීමට කටයුතු කරන්න කියලා. ඒ වගේම කුමන හෝ බැංකුවක නිලධාරියකු මේ වැඩපිළිවෙල සිතා මතා කඩාකප්පල් කරනවා නම් අපිට දැනුම් දෙන්නග එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සිතා මතා කඩාකප්පල් කරන බැංකු නිලධාරීන්ට එරෙහිව විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා කටයුතු කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අමාත්‍ය මලික් සමරවික‍්‍රම රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන හා මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් ද දේශපාලන නියෝජිතයින් ඇත`ුඑ පක්ෂ කි‍්‍රයාකාරින් රැසක් සභභාගි වී සිටියහ.

– රජිත සමරසූරිය

10,548 Viewers

11 Comments to “‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ කඩාකප්පල් කලොත් බැංකු නිලධාරින්ට දඬුවම්..”

  1. Saman says:

    Me vaden venne banku kadan vatena eka

    • ඒ. ඊ. ගුණසිංහ says:

      ඔබ හරි.

      බැංකුවල තියෙන සල්ලි ටික මිනිසුන්ට බෙදල දෙන්න කියලා කියන එක මහ අමාරු වැඩක් නෙමෙයි.

      බැංකු කොහොමත් බලන්නේ ණය දෙන්න තමයි. මොකද බැංකු වල ආදායම එන්නෙ සල්ලි ණයට දීලා පොලී ආදායම එකතු කරලා. හැබැයි බැංකු ණය දෙන්නේ ණය ආපාසු ගෙවිය හැකි අයට. නැතිනම් බැංකු බංකොලොත් වෙනවා. තැන්පතුකරුවන්ගේ තැන්පත් මුදල් පවා ගෙවා ගත නොහැකි අර්බුද ඇති වෙනවා.

      ආණ්ඩුව මේ කරන්නේ රාජ්‍ය බැංකු වල මුදල් තම හෙන්චයියන්ට බෙදලා දෙන එක. මේ වැඩසටහන ආරම්භයේ දී ආණ්ඩුව රාජ්‍ය සහ පෞද්ගලික කියන දෙඅංශයේම බැංකු ප්‍රධානීන් ගෙන්නලා කිව්වා අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියලා එකක් කරනවා ඒ නිසා ඒ යටතේ ණය ගන්න එන හැමෝටම ණය දෙන්න කියලා. පෞද්ගලික අංශ බැංකු ප්‍රධානීන් බෑ කිව්වා. මොකද එහෙම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ණය දුන්නොත් වෙන්නේ බැංකු කඩන් වැටෙන එක. නමුත් රාජ්‍ය අංශ වල බැංකු ප්‍රධානීන් ට එහෙම බෑ කියන්න බැරිවුනා.

      ඒ නිසා මේ වෙලාවේ රාජ්‍ය බැංකු බේරා ගැනීමේ විශාල වගකීමක් බැංකු වෘතීය සමිති මත පැටවෙනවා. දශක ගණනාවක් තිස්සේ තැන්පත් කරුවන්ගේ තැන්පත් මුදල් හරහා රාජ්‍ය බැංකු වල ඒකරාශී වී ඇති ධනය මේ ආකාරයට සති කිහිපයකින් ආණ්ඩුවේ හෙන්චයියන්ට බෙදා දී බැංකු බංකොලොත් කිරීමේ ආණ්ඩුවේ නිහීන වෑයමට එරෙහි ව බැංකු වෘතීය සමිති වහාම පෙරට ආ යුතුයි. 2019 අග හරි 2020 මුල හරි මැතිවරණ පැවැත්වෙනවා. එතකොට ආණ්ඩුව කරන්නේ මේ දැන් දෙන ණය බොල් ණය විදියට කපා හරින්න රාජ්‍ය බැංකුවලට උපදෙස් දෙන එකයි. මේක එක්තරා ආකාරයකින් තම හෙන්චයියන් ව සතුටු කිරීමක් වගේම මැතිවරණ වලදී වියදම් කිරීම සඳහා තම හෙන්චයියන් ට මහජන මුදල් බෙදා දීමක් ද වෙනවා. බැංකු වෘතීය සමිති ප්‍රමාදයකින් තොරව දැන්ම ක්‍රියාත්මක විය යුත්තේ ඒ නිසයි.

      • Sadda says:

        මුන් රටටත් කෙලවලා, රාජ්‍ය බැංකු ටිකටත් කෙලවලා හැදිගැවිලා යන්නයි හදන්නෙ.

  2. Danny says:

    Bankuth iwarai. Banku niladharinta deviyangema pihitai.

  3. ටිකිරි මොලේ says:

    ආසන සංවිධායක වරු රෙකමන්ඩ් කලොත් විතරයි වගේ. ඒ කියන්නෙ පක්ෂෙට වැඩ කරපු ඕන කෙනෙක් ගිහිල්ල එන්ටර්ප්‍රයිස් කතාව පැත්තක තියල නය අරගෙන බැංකු ටික ඉවර කරයි. එතකොට බැංකු පාඩුයි කියල ප්‍රයිවටයිස් කරන්න ලේසියි. කොහොමද ටිකිරි මොලේ.

  4. අඩුමවශයෙන් හොද සිංහල නමක්වත් දාපියවූ කෝ තොපේ මගුලට. ඒකවත් මුන්ට කරගන්ට බෑ. මෙවුන් එකෙක්වත් පොලවේ පයගහගෙන ඉන්න පරයෝ නොවේ.

  5. Ravi says:

    Banku walata giyama niladarin loan dennawata wada nodenna hethu kiyanne , hariyata unge gedrin salli denawa wage ,
    May kathawa hari , banku walata giyama apiwa asarana karawana …

  6. baba says:

    mama me danna deyak kiyanne… banku loan den denne pradeshaye deshapalakayo… unta oni list walata letter print karanna witarai bank ekata tiyenne.. harima duk bara tathwayak….

  7. සරත් says:

    කොම්පැනියක් අරින කොටම ප්‍රාග්ධනයට බදු ගහන ප * ආණ්ඩුවක් .ලාභ ගන්නත් ඉස්සරවෙලා බදු ටික ගන්න පො** මුදල් ඇමතියෙක් ඉන්න රටක් මේක

  8. vishnu says:

    යන්ටප්‍රයිස් කියල දැම්මොත් නේද හොඳ

Main News