එන ඡන්දෙට පෙර අලුත් ව්‍යවස්ථාවක්.. කඩිනම් දේශපාලන විසදුමක්..- විශ්වාස භංගයට විරුද්ද වෙන්න දෙමල සන්ධානයට දුන් පොරොන්දු මෙන්න..

April 5, 2018 at 8:02 am | lanka C news
එන ඡන්දෙට පෙර අලුත් ව්‍යවස්ථාවක්.. කඩිනම් දේශපාලන විසදුමක්..- විශ්වාස භංගයට විරුද්ද වෙන්න දෙමල සන්ධානයට දුන් පොරොන්දු මෙන්න..

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට එරෙහිව පාර්ලිමේන්තුවේ දී ඡන්දය භාවිත කිරිම සඳහා දෙමළ ජාතික සන්ධානය කරුණු 10න් යුත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇත.

එම කොන්දේසි 10 සම්බන්ධයෙන් එකඟ වනවා නම් තමන් අග්‍රමාත්‍යවරයාට විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ දී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දය භාවිත කිරිමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන බව විපක්ෂ නායක ආර්.සම්බන්දන් සඳහන් කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකලනාදන් කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය මෙම තීරණය ගෙන ඇත්තේ විපක්ෂ නායක කාර්යාලයේ (04) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

එහිදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර ද දැඩි උණුසුම් තත්ත්වයන් හට ගත් බවද සඳහන්ය.

  1. ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2/3 ක බහුතරයකින් පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුයි.
  2. හමුදාව සතුව ඇති උතුරු නැගෙනහිර සියළු ඉඩම් ජනතාව වෙත ලබාදිය යුතුයි.
  3. සිරභාරයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ට පොදු සමාව ලබාදිය යුතුයි.
  4. අතුරුදන් වූවන්ට හිමිව ඇත්තේ අතුරුදන්වුවන්ගේ කොමිසම පමණයි… ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර අතුරුදන්වුවන්ගේ පවුල්වලට සාධාරණය ඉෂ්ඨ කළ යුතුයි.
  5. උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිම.
  6. උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදිය යුතුයි.
  7. උතුරු නැගෙනහිර පළාත් සඳහා දකුණෙන් රැකියා පත්වීම් ලබාදීම වහාම නතර කළ යුතුයි.
  8. උතුරු නැගෙනහිරට අයත් දිස්ත්‍රික්ක 8 සඳහා දෙමළ දිස්ත්‍රික් ලේකම්වරුන් පත්කළ යුතුයි.
  9. උතුරු නැගෙනහිර සංවර්ධනයේ දී අදාළ අදාළ පළාත් සභාවල මතයට ගරු කළ යුතු අතර පළාත් සභාවල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි.
  10. දෙමළ ජනතාවට කඩිනම් දේශපාලන විසඳුමක් ලබාදිය යුතුයි.

– nethnews.lk

17,634 Viewers

13 Comments to “එන ඡන්දෙට පෙර අලුත් ව්‍යවස්ථාවක්.. කඩිනම් දේශපාලන විසදුමක්..- විශ්වාස භංගයට විරුද්ද වෙන්න දෙමල සන්ධානයට දුන් පොරොන්දු මෙන්න..”

  1. dutu says:

    ඔබට සතුටුුුුයිි ද දැන්?????

  2. නිදහස් says:

    මේ කරුණු ඇත්තක්නම් කවුද මේවට වගකියන්න ඕන. බගය රැකගන්න සහ තනතුරු වරප්‍රසාද, මුදල් මුල්කරගෙන දෙපැත්තට අදින දකුණේ දේශපාලන පාපතරයින්. මුන් කොන්ද කෙලින් තියාගෙන හිටියනම් දෙමළ ඩයස්පෝරාවේ කොන්දේසි ඉටුකරන්න ඕන නෑනේ.

  3. රාහුල මල්ලී says:

    දෙමල සන්ධානය හැර (මේ ඔවුන්ගේ යෝඡනා නිසා) අගමැතිට පක්ෂව චන්දය දුන් අයයි… චන්දය දීමෙන් වැලකී සිටිමින් අගමැතිට වක්‍රවාකාර සහය දුන් අයයි මෙම යෝඡනා 10 කඩිනමින් දෙමල සන්ධානයට ලබා දීමට පියවර ගත යුතුය..

  4. Dev says:

    Me wiswasa bangayedi janathawa therum gatha uthu wadagthma deya mekai
    Dakune janathawa me gana awadiyen siteewi.

  5. siri says:

    ගරු අගමැති තුමනි,…රෙද්ද අස්සේ දාගෙන ඉන්න නයි පොලොංගු හැකි ඉක්මනට අයින් කර ගන්න..නැත්තං අයේ ‘කනවෝ කනවෝ’ කිය කියා කියන්න එපා..උදා: රංගෙ, වසා, ගොං පාලියා, වගේම කටට එන එක එක ගොං කතා කිය කියා චන්ද පදනම විනාශ කරන SF, රංජා, දතා, වගේ හරක් රැල…

  6. Ravi says:

    බයියොන්ට බයවෙන්ඩ දෙයක් නැහැ. මේවා කිව්වේ චන්දෙ ගන්ඩ විතරයි. මේවා කීයටවත් දෙන්නේ නැහැ අගමැතිතුමා.

    කොහොමටත් තුනෙන්-දෙකක් නැහැ MY3+රනිල්ට අද ඉඳලා. ඉතින් ඔය වියවස්තා කතා කරන්ඩ බැහැ කොහොමටත්.

  7. neil says:

    Why Tamil (person) for Distric secertaties. Any body should be able to work. But agree that in those 8district District seceteies should have working knowledge of Tamil. That means, not necessarriy a TAMIL person. Even sinhalses, Muslim with Tamil language ability should be able to hold the position. This should be like that. Otherwise it is racial issue.

  8. Bandara says:

    if Mahnida given that requirement for Muslim & Tamils, Mahinda is the President,but he never ever betray our mother land and Sinhala nation as well as religion. But these to MY3 and Ranil accepted that requirement of of Muslim and Tamil. They shameless.

  9. bandu says:

    There is nothing wrong with these proposals. Anybody against, should refer to MR’s proposals at that time.

  10. LION voice says:

    This is real tamil eelam sakkili HORROR…………..[.MR &joint opposition should have taken over the leadership of the country by coming out with the people 2months back on FEB 11th immediately after the elections MR’s landslide results]

  11. Nilame says:

    on what basis asking only Tamils need working in NE? how about Sinhalese or Muslims having Tamil language skills? see the real culprits spreading racism.

  12. daminda says:

    wikineema saha mila deema

Main News