එන ජනාධිපතිවරණයේ එජාප අපේක්‍ෂකයා සජිත්ද.. රාජිතද.. චම්පිකද.. බටහිර තානාපති කාර්යාලයේ කුසපත් අදී..

October 9, 2018 at 3:21 am | lanka C news
එන ජනාධිපතිවරණයේ එජාප අපේක්‍ෂකයා සජිත්ද.. රාජිතද.. චම්පිකද.. බටහිර තානාපති කාර්යාලයේ කුසපත් අදී..

පිවිතුරු හෙළ උරුමයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා මෙම අදහස් පල කලේය.

පසුගිය දිනවල බොහොම සූක්ෂමව රහසිගතව  සිදුවෙමින් පැවති මුළු රටටම බලපාන දේශපාලන සැලසුමක කරුණු සතිඅන්ත ජාතික පුවත්පතක් විසින් රටටම අනාවරණය කෙරුනා.  ඉන් කියැවෙන්නේ එළැඹෙන ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සහ අගමැතිවරයා තෝරා පත්කර ගැනීමේ රැස්වීමක් බටහිර තානාපතිවරුන් විසින් පැවැත්වූ බවයි.

රාජිත සේනාරත්න, චම්පික රණවක, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නම් මෙහිදී යෝජනා වී තිබෙනවා. මේ කවුරුත් බලයට පැමිණියත් ඔවුන් තෝරා ගන්නේ බටහිර රටවලින් නම් ඔවුන් බලයට පත්වූ පසු ක්‍රියාත්මක කරන්නේ බටහිර න්‍යාය පත්‍රයයි. මොකද ඔවුන්ට වඩාත්ම කීකරු ගෝලයා තමයි ඔවුන් මේ අතරින් ඉදිරිපත් කරන්නෙ. රටට ආදරේ කවුරුවත්  ඔවුන් තෝරා පත්කර ගන්නේ නැහැ.

රණවිරුවන්ට මහා සංඝරත්නයට සිපිරිගෙය උරුම කරමින් එජාපය විසින් ගෙන ගිය වැඩපිළිවෙළ නිසා විශාල වශයෙන් සිංහල ජනතාව එජාපය හැර ගොස් තිබෙනවා. ඔවුන් නැවත ඒකරාශී කර ගැනීමේ අරමුණින් තමා සිංහල ජාතිකවාදී නායකයෙකු සේ පෙනී සිටින චම්පික රණවක අමාත්‍යවරයා ඉදිරිපත් කිරීමට උත්සාහ දරන්නේ.

තමන්ට  දොන් ජුවන් කියූ චම්පිකට අපේක්ෂකත්වය දෙන්නට රනිල්ට වික්‍රමසිංහ මහතාට ලැජ්ජාවක් නැහැ. ඒ  වගේම අපේක්ෂකත්වය ගන්නට චම්පික ඇමතිතුමන්ට ලැජ්ජාවකුත් නෑ. මේදෙන්නම ලැජ්ජා නහර කැපූ දේශපාලඥයන් බවට පත් වෙලා.

එදා 2015 මෛත්‍රිපාල සිරිසේන මහතාට උදව් කරමින් චම්පික ඇත්තටම කළේ රනිල් වික්‍රමසිංහ මහතාට මේ රට බාර දෙන එකයි.  2019 මැතිවරණයට චම්පික ඉදිරිපත් වීමෙන් කරන්නේත්  රනිල් වික්‍රමසිංහ අගමැතිතුමන්ට නැවත වතාවක් රට බාර දීමට උත්සහ දැරීමක්.  මොකද එජාපයේ කවුරු ජනපති වුණත් එදාට රට පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමායි.

චම්පික රණවක මේ උත්සහ දරන්නේ හිරු නොබසින අධිරාජ්‍ය ඇතුළු බටහිර රටවල උදව්වෙන් ලංකාවේ බදු නොබසින අධිරාජ්‍ය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ගොඩනගා දෙන්නයි.

ඒ වගේම ජනාධිපති සිහිනයේ සිටින තවත් අමාත්‍යවරයෙක් වන රාජිත සේනාරත්න ඇමතිතුමා ප්‍රකාශ කරනවා 2019 වන විට මේ රටේ විශාල ආර්ථික අර්බුදයක් ඇති වෙන්න පුළුවන් කියලා.  ඒක එතුමා කියන්නට ඕනේ නැහැ. අද දවසේ එතුමන්ලාගේ රජය යටතේ රුපියල මේ විදියට බාල්දු වෙන කොට මෙරටින් පිටරටට ගෙවියයුතු ණය ප්‍රමාණය දවසින් දවස වැඩි වනවිට ඉදිරි වසරේ රටේ ආර්ථිකය තවත් නරක අතට හැරෙන බව අප කාටත් ඉතාම පැහැදිලියි.

එක්සත් ජාතික පක්ෂය ඇතුළේ තමුන්ගේ නායකත්වය ප්‍රශ්න කරන තත්ත්වයකට රනිල් වික්‍රමසිංහ මහත්මයා පත්වෙලා තියෙනවා. පසුගිය දා ගෙනාපු විශ්වාස භංගයෙන් අගමැතිතුමන් බේරුණේ අනූනවයෙන්. දැන් එතුමා පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවන ප්‍රශ්න මැඩ පවත්වා ගැනීම සඳහා එම පක්ෂයේ ප්‍රධාන පෙළේ චරිත සියල්ලටම ජනාධිපති සිහිනය ලබාදෙනවා.ඉතින් ඒ හැමදෙනාම එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා වෙන්න සූදානම්.

නමුත් කවුරුන් කොහොම සූදානම් වුණත් මොන විදිහේ තානාපතිවරුන් එකතුවෙලා සාකච්ඡා කළත් ඒකාබද්ධ විපක්ෂයෙන්  මුලු රටම දන්නා ප්‍රබල අපේක්ෂකයෙක්  අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම ඒ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වටපිටාව මේ වන විටත් නිර්මාණය වෙලා අවසන් කියන එක අපි පැහැදිලිව කියනවා.

– අරවින්ද අතුකෝරල

11,145 Viewers

13 Comments to “එන ජනාධිපතිවරණයේ එජාප අපේක්‍ෂකයා සජිත්ද.. රාජිතද.. චම්පිකද.. බටහිර තානාපති කාර්යාලයේ කුසපත් අදී..”

  1. හයියෝ මේ අනුන්ගෙ පක්ෂවල කුණු හොයද්දි 5 වෙනිදා ⁣ජඩබලයට බෙදපු කිරිවල වස හෝ වෙනත් දෙයක් නොමැතිබවටත්, කිරිපැකට් විවෘත කර නොමැති බවත් රස පරීක්ෂක වාර්තා කරලා. අපරාදෙ ඒ නාඩගමත් පුස්සක් උනා.

    • Alwis says:

      චම්පික නානා ආවොත් ගොම්මන්පිල නානත් ඒ පැත්තට පනින්නේ මනෝහර නානත් එක්කය.

    • Gorilla says:

      Hane ou hunp ekenma pareekshana karala hunp ekenma na kiwa ne? Yako okata waha danna one na kohen hari bacteria tikak dannamath hari

    • නැවුම් මාවත says:

      පාඨලී කියන්නේ මේ රටේ සියලුම ජාතින් එක කරන්න පුළුවන් බලවේගය පාඨලී කියන්නේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ බුද්ධිමතුන්ගේ ආක්‍රමණයේ පළමුවැනි ජයග්‍රහණය පාඨලී කියන්නේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය රැකගැනීමේ සාම්ප්‍රධායන් රැකගැනීමේ දිදුලන තරුව පාඨලී කියන්නේ දේශපාලන මජර ගොහොරුවේ දේශපාලනික පාදඩකරණයට භීෂණයට දුෂණයට හොරකමට විරුද්ද ගිනිසිළුව .පාඨලී කියන්නේ ජාතියක සදාචාරවත්බව හා සබ්යත්වය නැගිටීමේ ප්‍රතිමුර්තිය .

      පාඨලී එක්ක සම කරන්න පුළුවන් නායකයන් එජාපයේ තවත් සිටිනවද ?සජිත්,දයා ගමගේ ,රවී ,සුජීව සේනසිංහ ,රුවන් විජේවර්ධන ,හර්ෂ පෙරේරා ,සාගල රත්නායක ,වැන්නන්ට පාඨලී සමග එක වචන දෙකක් තර්ක කරන්න පුලුවන්ද ?
      අද එජාපයේ අගමැති කලයුත්තේ පාඨලී එවිට මුළු ජාතියම එජාප රජයේ පාඨලීගේ අගමැති තනතුර යටතේ එකම ජාතියක් ලෙස නැගී සිටිනු ඇත .
      රටම සමුර්ධිමත් වනු ඇත

      • හර්ෂණ says:

        ලැබෙයි ලැබෙයි පචයගෙන් සමුර්දිය පැනමා ඇලෙන් .නැගිටියි උගේ සදාචාරය අර කොල්ලව හප්පපු වෙලාවේ බලන්න ගිය වෙස නිළියගේ කාමරේ
        අනේ යකෝ මේ කාටද බයිලා කියන්නේ .අපි දන්නවා පචයා කියල මුට දෙමාපියෝ උනත් නම දැම්මේ තුන්කල් බලලා බව ඒ උනත් මෙහෙම ගෙඩි පිටින් බුද්දියට නිගාදෙන කතා කියනවද .පචයා කියන්නේ අන්තවාදී අවස්ථාවාදී උන්මත්තක විකුර්ති මිනිහෙක් බව මේ රටේ මිනිස්සු දන්නවා .අපි දන්නවා මිනිහා මිනිහගේ පවුලට කරපු වැඩේ අහිංසක ළමයි දෙන්නෙක්ට කරපු වැඩේ අර සංදීප කොලොවට කරපු වැඩේ අවුරුදු ගානක් තමුන්ට කෑම උයලා දුන්නු මිනිහව පිස්සන් කොටුවට දක්කලා කරන්ට් අල්ලලා මිනිහගේ ගෑනි පැහැරගන්න හදපු හැටි .
        ඔය යකා මේ රටේ අගමැති උනොත් රටම මල සොහොනක් වේවී .මුට පුළුවන් හිට්ලර්ට උනත් වැඩක් දෙන්න
        අර තක්කඩි රතනයා එක්ක එකතුවෙලා .
        මේ රටේ ඉන්න අන්තම බයානකම දේශපාලුවෝ දෙන්නේ තමා පචයා සහ රතනය අනික් නරකම එවුන් උනත් මුන් දෙන්නට වඩා දහස් ගුණයක් හොඳයි

  2. ඕන් බලාපන් මාමේ රුවන් අය්යා මේ අයට කලින් උඩ එන හැටි... says:

    ඕන් බලාපන් මාමේ රුවන් අය්යා මේ අයට කලින් උඩ එන හැටි…

  3. desta says:

    ei mangala epada kollange passa palagannawat yako moka awath unp minissu chanda deida me anthima unp anduwa Sri lankawe tiyena Ali inna kale alinta nagare game ayeth ida neha ayubon

    • On looker says:

      Are these UNP fellows who donot have a chance of winning an election in Sri Lanka, are they going to contest in the country that Ambassdor represents??? May be that they would get at least the his vote in that country.

  4. Hari says:

    SAJITH JAYAWEWA JAYA JAYA WEWA

  5. A Patriot says:

    The patriotic people in this country would never ,ever allow such dreams of western countries to be realized ,as people in this country have well understood that western countries would be trying to bring to power an agent , who would work according to their political, economic and ideological agendas and their interests.

Main News