‘එන වසරේ දරුණු ආහාර හිඟයක් එනවා..’ කියමින් ඇමති SB වලපනේ කුරක්කන් වවයි..

December 27, 2016 at 4:05 am | lanka C news
‘එන වසරේ දරුණු ආහාර හිඟයක් එනවා..’ කියමින් ඇමති SB වලපනේ කුරක්කන් වවයි..

මේ වසරේ පැවැති දරුණු නියඟය හේතුවෙන් ඉදිරියේ දී ආහාර හිඟයක් ඇති විය හැකි බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

ඇමැතිවරයා එසේ පැවසුවේ වලපනේ ලියන්වල දී කුරහන් වගා ව්‍යාපෘතියක් ආරම්භ කරමිනි.

මෙම වසර දරුණු වසරක් බවත්, නියඟය නිසා කුඹුරු වගා කිරීම විශාල වශයෙන් අඩු වූ බවත් පැවසූ ඇමැතිවරයා මේ නිසා කුරහන් වැනි ධාන්‍ය වගා කිරීම ආහාර හිඟයට මෙන්ම ශරීර සෞඛ්‍යයට ඉතා යහපත් බව ද සඳහන් කළේය.

වී වගා කිරීම අඩු වී ඇති නිසා ආහාර හිඟයට මුහුන පෑම සඳහා හාල් ආනයනය කිරීමට සිදුවිය හැකි බව පැවසූ ඇමැති දිසානායක මහතා මේ වසරේ නියඟය විශාල වශයෙන් වී වගා කරන ඉන්දියාව, මියන්මාරය, ඉන්දුනීසියාව, හා පකිස්ථානය වැනි රට වලටද පැවැති නියඟය බලපෑ ඇති බව ද කීවේය.

– සංජය දසනායක

5,387 Viewers

2 Comments to “‘එන වසරේ දරුණු ආහාර හිඟයක් එනවා..’ කියමින් ඇමති SB වලපනේ කුරක්කන් වවයි..”

  1. Pin gonek says:

    අනේ කුරක්කන් කිව්වලු. ගමේ අපි හැමදාකම් කන්නේ කුරක්කන් තමයි අං නැති හරකෝ. නගරේ ඉන්න තොපි අපට තණකොළ කවන්නද චන්දෙ ගත්තේ. ලෝක අහර හිඟයට පිළියම උලපනේ කුරක්කන් හදාපල්ලා. ඌ නම් ගිනස් පොතට යටින් තින්න ඕනේ අඩේට….

Main News