සදා විශ්වාසයි.. රුසියාවේ මහා ඒකාධිපතියා පුටින් සිවුවන වතාවටත් ජනපති ධුරයට පත්වේ.. ප‍්‍රතිශතය 76%යි..

March 19, 2018 at 6:45 am | lanka C news
සදා විශ්වාසයි.. රුසියාවේ මහා ඒකාධිපතියා පුටින් සිවුවන වතාවටත් ජනපති ධුරයට පත්වේ.. ප‍්‍රතිශතය 76%යි..

ඊයේ දිනයේ පවත්වන ලද රුසියානු ජනාධිපතිවරණයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නැවත වතාවක් රුසියාවේ ජනාධිපතිවරයා විසින් අති බහුතර රුසියානුවන්ගේ කැමැත්තෙන් තෝරා පත් කරගෙන තිබේ.

පුටින් විසින් ලබා ගෙන ඇති ඡුන්ද ප‍්‍රතිශතය 76.63%ක් බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

2012 පැවති ජනාධිපති මැතිරවණයේදී ලද ප‍්‍රතිශතයටත්(64%) වඩා වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් පුටින් විසින් මෙවර වාර්තා කර ඇති අතර ජනාධිපති ධුරයට පුටින් පත් වන්නේ සිවුවැනි වතාවටයි.

ඔහු සමග තරග අනෙක් අපේක්‍ෂකයා ලබා ගෙන ඇත්තේ 11.84%ක් පමණි.

ව්ලැදිමීර් පුටින් ලෝකය හමුවේ රුසියානු අභිමානය ගොඩනගා ජාතිය දෙපයින් සිටවූයේ යයි වූ බලවත් විශ්වාසයක් එරට ජනතාව තුල වෙයි.

බටහිර මාධය විසින් පැල කරන ලද පුවත් වාර්තා කිසිදු තැකීමකට නොගෙන රුසියානු ජනතාව විසින් පුටින් අති මහත් බහුතරයෙන් මෙසේ සිවුවන වතාවටත් ජනාදිපති පුටුවේ හිදුවා තිබේ.

(ප‍්‍රතිඵල තව දුරටත් නිකුත් වෙමින් තිබේ)

  • දෙවතාවට වඩා ජනාදිපති ධුරයට පත් වන්නේ මහා එකාධිපතියන් යයි ශ‍්‍රී ලංකාවේ ජනතාව විශ්වාස කරයි. ඒ අර්ථයෙන්ම චීන ජනාධිපතිවරයා හා ජර්මානු චාන්සලර්වරියද මහා ඒකාධිපතියන් වෙයි.

23,587 Viewers

39 Comments to “සදා විශ්වාසයි.. රුසියාවේ මහා ඒකාධිපතියා පුටින් සිවුවන වතාවටත් ජනපති ධුරයට පත්වේ.. ප‍්‍රතිශතය 76%යි..”

  1. Prof. Udheni Jagathchandra says:

    Congratulations! From Sri Lanka with Love!

    • ඇත්ත says:

      ජනතාව කැමතිනම් 2…3…4…5…පත් වුණාට අපට මොකෝ….!

      • රාලහාමි says:

        ඔය කියන ජනතා කැමැත්ත කොහොම ගන්නවද අපි දන්නේ නැහැනේ …කලේ හරි නම් විශ්‍රාම යන්න ඕනේ .

        • ඇත්ත says:

          නියමයි එතකොට රට කන්න බලා ගෙන ඉන්න වුන්ට පිනා චාන්ස්…..

          • කනිෂ්ක says:

            මේ පහලින් රාලහාමි කියල නම දාගෙන ලියන්නේ එන්ජිඕ කාරයෙක් .
            උන්ට ටාගට් දෙනවා දැන් උන්ගේ ටාගට් එක තමා මහින්ද හෝ රාජපක්ෂවරුන් අනාගත ජනපති තරගයට ඉදිරිපත්වීම වලක්වා ජනතාව අතර ජනපතිවරණයට තරුණයෙක් අවශයයි කියන මතය සමාජ ගත කරන එක .
            හොඳට බලන්න ඌ හැම කොමෙන්ට් එකම ලියන්නේ ඒ මතය ඉදිරිපත් කරන්න .මේ අනිවාර්යෙන්ම එන්ජිඕ කුක්කෙක් හෝ සජිත් බේබි හරි අපේ පචයා ගේ හරි කුලියට ලියන එකෙක් .

          • sinha says:

            කනිෂ්ක …රාජපක්ෂ වරුන්ට චන්දෙ ඉල්ලන්න බැරි මොකද ..නාමල් රෝහිත යෝෂිත ..සෂින්ද්‍ර ඉන්නේ

        • Hoo !!! says:

          ගොනෝ ජනතා කැමැත්ත ගන්නේ චන්දෙන්. මිනිස්සු අකමැතිනම් 76% එන්න තරම් හොර චන්ද දාන්න බෑ. අපේ රට ලෝකය හමුවේ අභිමානයෙන් නගා සිටවපු නායකයව ගෙදර ඇරලා දැන් තණකොල කනවා මදිවට තව උම්බෑ නොගා හිටු.
          බටහිර කුමන්ත්‍රණකාරයින්ට ඇන්දෙන්නෙ නැතුව තමන්ගෙ සැබෑ නායකයා දිනවා රට රැකගත් රුසියානු ජනතාවට අපෙන් සුභ පැතුම් !!!

          • රාලහාමි says:

            ලොක්කා …ඔයා පාට කන්නාඩි දාගෙන අනුන්ට ගොනා කියන්නේ ඔයා හරි කියල හිතන මාන්නකාර හිතුවිල්ල ඔලුවේ තියන්නේ ..
            94 දී අපි දැක්කා ලංකාවේ ජනාධිපතිවරණයක් ..එක අපේක්ෂයකයෙක් 60% කට වඩා ගත්තා ..ඒ අපේක්ෂයකගේ දක්ෂතාවය නිසා නෙමෙයි..කරට කර හිටි අනික් අපේක්ෂකයා LTTE උන් මැරුවා ..රුසියාවේ උනත් එච්චරයි ..බලපන් ප්‍රතිවාදී අපේක්ෂකයෝ කරට කර ඉන්න උන්ද ..නැත්තන් කබ්බොද රූකඩ ද කියලා …රට කන්න ඉන්න උන්ගෙන් රට බේරගන්න කියලා වයස්ගත මහල්ලෝ බලේ ඉඳල වැඩක් නැහැ …තියන්න ඕන නොවෙනස් නීති ප්‍රතිපත්ති ..රටට ආදරේ මිනිස්සු..මිනිහෙක්ට රටට සේවයකරන්න බලය ගන්න ඕනේ නැහැ …

          • Hoo !!! says:

            රාලහාමි, කෙනෙක් තමන් උපන් රටට ආදරේ වෙන්න තරුණ මහලු බේදයක් බලපාන්නෙ නැහැ. හැබැයි ඔයාලගෙ නපුන්සක ගැන්සිය තරුණ උනාට උන් රටට තියා තමන්ගෙ ගෑනිටවත් ආදරෙ නෑ. ඇස් පෙනීම අඩු නම් රාලහාමිත් කන්ණාඩි දෙකක් ගන්න.☺️

          • Puri says:

            රාලහාමි ඔය පහල තියන දේශාභිමානී දේශ හිතෛශියාගෙ කමෙන්ටුව කියවලා බලහන්. පේනවා අඩු නම් කන්ණාඩි දෙකක් දා ගන්.

        • FREE says:

          මෙහි මේ රාලහාමි නමින් කොටන්නා රටක් ගමක් නැති ගම කා රට කන එකෙක් බව පෙනේ.කාගේ හෝ සොච්චම් මුදලකට උන්ගේ කැත කුණු නොපැකිලව සෝදන මේ වෘෂභයා කැඩී බිඳී සුණු විසුනු කල රුසියාව දෙපයින් සිටවා ලෝක බලවතකු කල ව්ලැදිමීර් පූටින් නම් ඒ මහා පුරුෂයා පිළිබඳ අධ්‍යයනය කරන්නේ නම් මැනවි.රුසියානුවන් පූටින් ඔසවා තබන්නේ ඔහු සිය රටට කල මෙහෙයට කෘතගුණ සැලකීමට මිස මේ දෙකයි පණහේ රාලහාමි නම් කියාගන්නා මන්ද බුද්ධිකයා කියනා තේරුමෙන් නොවන බව දන්නෝ දනිති.පත පොත පරිශීලණය නොකර අනුන්ගේ කුණු පමණක් කුලියට හෝදන මෙවැන්නන් බහුල ශ්‍රී ලංකාව කිසිදා ගොඩ නොඑන්නේ ඒ නිසාය​.

      • leel says:

        ඇමරිකාවෙ රොනල් රෙගන් හා බටහිරට ගැති මිහාඉල් ගොර්බචොප් විසින් කැලි, කෑලි වලට කඩන ලද, බොරිට්z යෙල්සින් විසින් ඉරා දමන ලද ඒ සුන්දර රුසියාව නැවත ගොඩගත් සදාදරනීය නායකයානනි….ඔබට අපගේ ගවෞරව සම්ප්‍රයුක්ත ප්‍රනාමය…..

      • Amda says:

        අන්න නායකයො..අන්න ජනතාව.
        වටේ ඉන්න ඇම්බැට්ටයො නිසා තමුන් නාගත්තෙත් නෑ
        බඩගෝස්තරවාදය නිසා මිනිස්සු තමුන්ගෙ රට විනාසකරගත්තෙත් නෑ

      • Dubba says:

        එහෙම කොහොමද ? අපිට අවුරුදු 6 න් 6 ට අලුත් කෙනෙක් ඕන. එතකොට කර ගෙන ගිය වැඩ වල වේගේ වැඩි වෙනවා. අපිට දැන් අත්දැකීම් තියනවනේ. පොර්ට් සිටිය හදල ඉවරයි. උමා ඔය හදලා ඉවරයි. බලපල්ලකො.

    • Wijebahu says:

      He will be a another Stalin who would start another world war. Does not matter how good they are should retire after a decent term of presidency. Putting is a billionaire who has swindled billions of dollars from his country. MARa pawla must be looking for a president for life.

    • තුෂාර says:

      I tip my hat to Mr Putin. Empire to be successful, need one leader till the job done. Not political football. Long live Mr Putin!

  2. daminda says:

    rusiyawatath wada loku deshapaalana irisiyawa apata boho dewal ahimi kara atha…………

  3. Yasmin says:

    තමන්ගේ හොදම ප්‍රතිවාදියා හීරේ දාලා චන්දේ තියන

    • ජෙහාන් says:

      මෙතන බටහිර ගැති එදා මහින්දට විරුද්දව මඩ බලකාය මෙහෙයවපු එවුන් කොමෙන්ට් දාන බව පේනවා මුන් නියම බටහිර ගැති එවුන් උන්ට තමුන්ගේ සුවාමියාගේ තරහා කාරයා එක්ක පුදුම තරහක් තියෙන්නේ .කොහොමත් ඩොලර් ලැබෙනවනේ නේද බන් .

      • ලහිරු says:

        ඔයා වරද්දාගෙන …ලංකාවේ ඔක්කොම ඉම්පොටඩ් …කොටින්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවා සුද්දෝ හදුන්නල දුන්නේ …ඔයා අඳින කලිසම චීන්නු හොයගත්තට බටහිර උන් තමයි ලංකාවේ උන්ට් ඇන්දුවේ …..රුසියාවේ ඉතිහාසේ ගත්තොත් උනුත් බටහිර ගැත්තෝ ….පුටින් සහ බටහිරටවල් එකිනෙකා මතුපිටින් විරුද්ධ වාදීන් ලෙස පෙන්වා අවි වෙළදාම සරුවට කරගෙන යන බවයි මගේ හැගීම …

    • leel says:

      යස්මින් එහෙම කලාට කමක් නැ, රටට හොදක් වෙනවනම්…..

  4. Aruna says:

    Chinese Communist party choose Presideng Xi Jinpeng as their lifetime President. And now Russians choose Putin as their President for the fourth time. In our country MR coming to power in next election like the same way.

  5. දේශාභිමානී දේශ හිතෛශියා says:

    රාළහාමි, වයසට ගියාම විශ්රාම කතන්දරේ මුල් පුටුවලට අදාළ කර ගන්නෙපා ……ලෝකෙ වටේ පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න….. අගමැති ජනාධිපති ධුර දරණ බහුතරයක් 70 ට වැඩි අය….. ඒකට හේතුව තමයි වයසින් වැඩි පරිණත, දේශපාලන, රාජ්‍ය තාන්ත්රික දැනුම, කළමණාකරණ දැනුම, ජීවිතය ගැන, රට ගැන සහ ‌ලෝකය ගැන ඇති පරිණත දැනුම….. අලුතින්එම තරග කරන කෙ‌නෙක්ක්ට වඩා එක් වරකට වඩා දූරයේ සිටි කෙනෙක්ගෙ දැනුම වැඩියි…… පළමු වරට ධුරයට ඉල්ලන කෙනෙක්ට වඩා දෙවරක් ධුරයේ සිටි සිටි කෙනෙක්ගෙ ඒ පරිණතබව අවබෝධය වැඩියි…… 3 වරක් ජනාධිපති ධුරයේ සිටි අයෙක් 4 වෙනි වරට පත් කරනවා කියන්නේ ඒ රටේ ජනතාව අති බුද්ධිමත් පිරිසක් ……මොකද ඒ ජනතාවට වැටහෙනවා දේශපාලන වශයෙන් පරිණත අවබෝධයක් ඇති ඒ පුද්ගලයා ජාතික සහ ජාත්‍යන්තරව එන ගැටලු වලට හොදින් තෙම්පරාදු වී මුහුණ දුන් කෙනෙක් බව…… අලුතින් කෙනෙක් ඇවිත් මුල ඉදන් එම ක්රම වේදයන් ස්ටඩි කරලා පටන් ගන්නකොට රට අවුරැදු ගානකින් ආපස්සට ගිහින් ඉවරයි……. උදාහරණ අවශ්‍ය නම් සරලවම ලංකාවෙ 2015 ජනවාරි 8 වුණ දේශපාලන වෙනස ඊට පෙර තිබූ රට සහ අද වෙද්දි තියෙන රට සසදන්න…..

    • රාලහාමි says:

      පුටින් උනත් අගමැති උනේ වයස 49 දී ..ප්‍රංශ අගමැතිට වයස 39 ..අලුතින් එන අය මුල ඉඳලා පටන් ගන්නේ මොකටද? ඒ අයට තියන්නේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න ..රටට ගැලපෙන්නේ නැත්තම් පාර්ලිමේන්තු අනුමැතියෙන් වෙනස් කරන්න …ජනාධිපති අගමැති ඇමතිලා පෞද්ගලිකව හැමදේටම ඇඟිලි ගහන්න ඕනේ නැහැ ..හොඳම උදාහරණේ මහ බැංකු මන්කොල්ලේ.
      .මේ රටේ ප්‍රධාන පක්ෂ වල දෙවන පෙළ නායකත්වයක් නැහැ …ජෙප්පෝ ගැන නොකියන්නේ..උන් කවදාවත් රටේ පාලනයනට නොඑන නිසා….අපිට විශවාස කරන්න පුළුවන් අපි විතරයි …ඒකාධිපතියෝ පිස්සු කෙලිනකොට දත කට වහන් ඉන්න වෙන්නේ.

  6. Raawanaa says:

    Ekadhipathithwayen thora paalanayak netha. hema ekaatama balathala deela kisiwak paalanaya kala noheka. apata siduwee eththe eyayi.

  7. Gon Jo says:

    රුසියානුවෝ ශ්‍රි ලාංකිකයෝ වගේ බොරු වලට රවටෙන්නෙත් නෑ ශ්‍රී ලාංකිකයෝ වගේ පුන්නක්කු කන්නේ නෑ

  8. sinha le says:

    රටට ජාතියට ආදරේ ඇති එකම නායකයා ජය වේවා

  9. lion says:

    මේ බුදුන්ගේ දේශය.බුදුන්ගේ පා පියුමෙන් ස්පර්ශ උන දේශයක ඉන්න අපි සිංහලයෝ.සිංහල අපිට තියෙන එකම රට.එකතුවෙමු.රැකගනිමු..අපෙ රට අපේ ජාතිය අපේ ආගම..තෙරුවන් සරණයි !

  10. Love nature says:

    හොඳම දේශපාලනඥයා

    ගෞතම බුදුන් වහන්සේ. උන්වහන්සේ සිද්ධාර්ථ කුමරු වශයෙන් සිටි සමයේ සුද්ධෝදන රජතුමා තම පුතුට අල්ලසක් දෙනවා. ඒ තමයි රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගා තුන ඕනෑ තරම් වස්තුව හා යුවරජකම. නමුත් එතුමා ඒ සියල්ල අතහැර අභිනිෂ්ක්‍රමණය කරනවා. එසේ කර මුළු ලොවටම ඔබින දහමක් ලොවට දේශනා කරනවා. එහෙම බැලුවොත් පූර්වාදර්ශීම දේශපාලනඥයා සිද්ධාර්ථ කුමරුයි. අද අපේ දේශපාලනඥයන්ට මාළිගා තුනක් යුවරජකම එක්ක දෙනවා කිව්වොත් කීයටවත් කැ‍ලේට යන්නේ නැහැ.

  11. sinha le says:

    අද අපේ රටේ අපේ උරුමයන් අපි රැකගැනීමට පසුබාන ස්‌වභාවයක්‌ ඇතිවෙලා තිබෙනවා. රටක මුල් හිමිකරුවන්ගෙන් පැවත එන්නන්ට තම මුතුන්මිත්තන් සතුව තිබූ වස්‌තුවල අයිතියත් අගයත් රැකගැනීමට නොහැකි වුවහොත් ඒවායේ මුල් හිමියන් පිටගම්කාරයන් බවට පත් කොට ඔවුන්ගෙන් පැවත එන්නන් පොළෝ මතුපිටින් තුරන් වීමට ද ඉඩ තිබෙනවා. අප රැකගත යුතු අපේ මුතුන් මිත්තන්ගෙන් අපට උරුම වූ බොහෝ දේ තිබෙනවා. සිංහල බෞද්ධකම ඉන් ප්‍රධාන යි.

    • මාරයා says:

      වස්තුව ගෙවල් දොරවල් මුතුන් මිත්තන්ගේ උරුමය ..බෞද්ධ දර්ශනය අනුව අවිදයාව ..ඕවා අල්ලලා දාල හොඳ බෞද්ධයෙක් වෙලා සසරෙන් එගොඩ වෙයන් ..

      • sinha le says:

        මේකා අපේ රට ගිලගන්න ඉන්න සුලුජාතික යෙක්

        • මාරයා says:

          අපේ රට සුළු ජාතිය වැනි බෙදා වෙන්කිරීම් ඔක්කොම හිතේ ඇතිවන මායාවල් ..විවේක තියෙන වෙලාවට දහමට හිත යොමුකරන්න

      • Hoo !!! says:

        මෙන්න මාරයා බුද්ධාගම උගන්නනවා 😀😀😀😂

  12. Gobrial says:

    Congratulations Mr. Putin!

    Lets repeal the 13th, 17th and 19th Amendments, then our leader can return!

  13. Critic says:

    Congratulations Hon, Mr Putin!! I wish I was born in Russia or I wish I had a leader like you in SL. Anyway we wish you all the best and long life!!

  14. Mavubima says:

    Gra8 achievement…!!!!!!!!!

Main News