ඒකාබද්දය බයිපාස් කර 16 කණ්ඩායමෙන් කොටසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී.. කල් මැරූ ඒකාබද්දයේ ශ‍්‍රීලනිප සාමාජිකයන් අනාථයි..

May 14, 2018 at 3:50 pm | lanka C news
ඒකාබද්දය බයිපාස් කර 16 කණ්ඩායමෙන් කොටසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී.. කල් මැරූ ඒකාබද්දයේ ශ‍්‍රීලනිප සාමාජිකයන් අනාථයි..

මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමන් කොටසක් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට එක්වීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

ජාතික ආණ්ඩුවේ තව දුරටත් ඉන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා 17 වනදා පැවැත්වෙන ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් පසු මෙම තීන්දුව ගැනීමට එම පිරිසක් තීරණය කර ඇතැයිද සදහන්ය.

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන කිසිදු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් මේ වන තෙක් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකත්වය ගෙන නැති තත්වයක් යටතේ 16 කණ්ඩායමෙන් පිරිසක් එහි සාමාජිකත්වය ගතහොත් එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් බවටද නිතැතින්ම පත්වනු ඇත.

මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ප‍්‍රබලයෙක් සමග සාකච්චාවක් සිදු කර ඇති බවද වාර්තා වන අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.බී. ඒකනායක මහතා මේ ගැන තම දේශපාලන හිතවතුන් සමග පවසා ඇතැයිද වාර්තා වෙයි.

36,118 Viewers

12 Comments to “ඒකාබද්දය බයිපාස් කර 16 කණ්ඩායමෙන් කොටසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී.. කල් මැරූ ඒකාබද්දයේ ශ‍්‍රීලනිප සාමාජිකයන් අනාථයි..”

  1. Pambaya says:

    Brave guys

    • දෙපත්-නයා says:

      මේ පිල් මාරුවෙන් මුන්ට අහිමි වූ දෙයක් නැත
      මුන්ට චන්ඳ දුන් අය අනේ අද අසරණ වෙලා ඇත
      මුන් රටට කල වැඩක් නැත කටින් බතල හිටව ඇත
      මොන පැත්තෙ හිටියත් මුං රට සෝදා පාලු කර ඇත

  2. Rohitha says:

    moun nisa kisi lesakin pohottuwa adapana nokaranta MR, BR athishayin prawesam wiya yuthui. a wagema mahinda samaga digatama siti haema ayama me moka aavath kisima asadharanayakata path karanta dentath epa. dilan, sb, nimal siripala wenna unta thaenak denath epa.

  3. Samuvel says:

    අම්මට හුඩු ස්වාමිනී කීවලු, එහෙනම් මහින්ද මහ රජුත් දොරටුවේ වාමන රූපෙ වගේ ඉන්න එකාට වඩා කනිශ්ඨ වේවි.

  4. Copral Saman says:

    They should be taken in with conditions. Seniority should start from the beginning. Whatever they say now they will change in the future. JO should be careful dealing with double crossers.

  5. David Milli-banda says:

    They can apply for membership just like any other…………Thats it.
    Thus far and no further.

  6. Open mind says:

    Wish to know the exact number of members who have joined the pohottuwa party

  7. මෛත්‍රී says:

    ඔය කතාව ඇත්තනම් පොහොටුවට කෙලව ගන්න ලගයි.ලගයි. Recycle රටට වින කරපු දෙශපාලුවන්ට මොන පක්ෂයෙන් අවත් ජනතාව චන්දෙ දෙන්නෙ නැ.

  8. bleo says:

    ගිලෙන නැවෙන් එලියට පනින සර්පයෝ. රට වෙනුවෙන් මුන්ට වැඩ කරන්න අවුරුදු තුනක් තිබුන. කල එකම දේ තමයි රට විනාස කරන අනපනත් වලට අත උස්සපු එක. අන්තිමෙදි මිස්ටර් ක්ලීන් සහ නඩේ රට විකුනං කෑව. සිරිසේන උඩ බලාගෙන හිටිය. මුන් ඒකට සම්මාදන් උනා මුන්ගෙ බඩගෙඩි පුරවගන්න ඇමති කටු සූප්පු කරන්න ඕන නිසා. රටට වෙන විනාසෙ ගැන වගේ වගක් නැති පාහර රැල. දැන් පොහොට්ටුවට රිංගන්න හදනව තව දුරටත් පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විඳින්න. ගන්න එපා මේ සරපයෝ. මුනුත් එකයි, ඇතුලෙ ඉන්න එවුනුත් එකයි. මුන් සෙට් එකම සදහටම දේශපාලනෙන් අතු ගාවලාම යවන්න ඕනෙ. රට කාපු හැත්ත.

  9. ඒකාබද්දය බයිපාස් කර 16 කණ්ඩායමෙන් ..... says:

    “ඒකාබද්දය බයිපාස් කර 16 කණ්ඩායමෙන් ….බම්බු ගහන්නද?බයි…පාස් ල නිකන් තුවාල කර ගන්නයි හදන්නේ.

  10. Sirisena Yatawara says:

    The role of SLFP has come to end by it was betray by MS and CBK of federalist policies SLFP leadership surrender their set of policies to UNP corrupted leadership since 2015 January 8th? Nation need New way of set out policies to New Democratic Sri lanka? It will join had with all nationalities in democratic programmed unfinished by SLFP old leadership!

  11. රාහුල කොලුවා says:

    පාර්ලිමේන්තුව විසුරුවාලීමට ඡනපතිට තිබුන බලය අහෝසි කොට රට අරාඡික කිරීමට පාර්ලිමේන්තුවේදී අගමැති සමග අත ඉස්සු මේ පිරිස 2020 දී ඡනතාව විසින් පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ ලියා පදිංචි කරවීමට බලා සිටි… එතෙක් ඔය ගහන බල්ටියක් ගහපු දෙන්..

Main News