ඒකාබද්දය ස්වාධීන වුණත් විපක්‍ෂ නායක කම දෙන්නේ නෑ.. කොහොමත්ම දෙන්නේ නෑ.. ස්වාදීන වෙන්න දෙන්නෙත් නෑ..- අමරවීර-දුමින්ද එක්ව කියති..

August 13, 2018 at 10:40 am | lanka C news
ඒකාබද්දය ස්වාධීන වුණත් විපක්‍ෂ නායක කම දෙන්නේ නෑ.. කොහොමත්ම දෙන්නේ නෑ.. ස්වාදීන වෙන්න දෙන්නෙත් නෑ..- අමරවීර-දුමින්ද එක්ව කියති..

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවද ඔවුනට විපක්ෂ නායක ධූරය ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී ඒකාබද්ද විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමේ හැකියාවක් නැති බවයි.

ඔවුන් විසින් කළයුතුව ඇත්තේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනම දේශපාලන පක්ෂයකින් තරඟ කර පාර්ලිමේන්තුව විසින් එහිදී විපක්ෂනායක ධුරය හෝ වෙනත් තනතුරු ඉල්ලා සිටීම බවද ජාතික සංවිධායක වරයා පෙන්වා දෙයි.

2015 වසරේ දී නිමල් සිරිපාල ද සිල්වා මහතාට විපක්ෂ නායක ධුරය ලබා දීම වැරදි බවත් ඉතිහාසයේ සිදු කළ වරදවල් පූර්වාදර්ශ ලෙස ඉදිරියට ද කළ යුතු නැති බවත් ඇමතිවරයා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පල කලේ මල්වතු අස්ගිරි මහනාහිමිවරු හමුවීම සඳහා එහි පැමිණ සිටි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි.

සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතාද ජනහමුවක් අමතමින් කියා සිටියේ මේ ආකාරයේම අදහසකි.

16,679 Viewers

16 Comments to “ඒකාබද්දය ස්වාධීන වුණත් විපක්‍ෂ නායක කම දෙන්නේ නෑ.. කොහොමත්ම දෙන්නේ නෑ.. ස්වාදීන වෙන්න දෙන්නෙත් නෑ..- අමරවීර-දුමින්ද එක්ව කියති..”

  1. HItan says:

    Ane huke nannane kiwwalu

    • රජරට විදානේ says:

      මහින්ද බර්ටිට කපල එස්.එමි.චන්ද්‍රසේන promote කරන්න ගිහින් රජරටින් කෙළව ගත්තා.
      මහින්ද අමරවීර කපල රාජපක්ෂ හනුහරේ promote කරන්න ගිහින් ගිරැවාපත්තුව අනාගත්තා.
      මෛත්‍රීපාල මහින්දගෙ හතුරො සෙටි කරගෙන නියමෙට ගේම දෙනවා.
      ඌරගෙ මාළු ඌරගෙ ඇඟේම තියල කැපීම කියන්නෙ ඔකට තමයි.

  2. Keerthi says:

    Amaraweera
    Even Bus Conductors today are more intelligent
    than you. Don’t think you can fool the public. You are dead scared of the JO. You will get wiped out at the next election.

  3. maraya says:

    අපේ මව් බිම විනාශකරන්නේ අපේ රටේ දේශද්‍රෝහී සිංහල දේශපාලකයෝ
    මුන්ට මඩු වලිගෙන් ගහලා එලවන්න මිනිස්සුනේ පාරට බැහැපල්ලා …

  4. LION says:

    දැක්ක නේද යහපාලන දේශ ද්‍රෝහියන්ගේ හැටි ..මේ කතාකරන්නේ දෙමල කොටි ඩය ස් පෝරාවේ කප්පන් …
    මේ මීහරක් දෙන්නා රට ජාතිය පාවාදෙමින් කොටින්ට කඩේ යනවා ලැජ්ජයි

  5. CORBRA says:

    මේ කාලකන්නි අමරවීර- දුමින්ද හිවලුන් දෙන්නගේ හිනාව අදහස් ,අපේ රටට හෙනයක්

  6. Ruwan says:

    Umbala denna puluwannam pennapalla oya loku thanathuru Daranna tiyana education qualifications .Umbala wage gon harak da rata palanaya karanne.Elangata thou Serama gedara naive.

  7. නයා.... says:

    නිවෙන්න කිට්ටු පහන් දැල්ල ගොඩක් හයියෙන් නටනවා….!

  8. gorilla says:

    මහින්ද මහතයෝ මුව බල්ලෙක් වගේ ගහල පන්නන ජනතාව බලාගෙන ඉන්නේ.

  9. Danny says:

    You two traitors are getting that old hag Karu to dance to your tunes like a puppet. Is that the democracy you are boasting about?

  10. Kalawedda says:

    Ambaruwo bana……

  11. Gadol says:

    2020 දී අපේ නවරජයෙන් මුන්ට රෙදිත් නැතුව ගෙදර යන්න වෙන්නේ

  12. David Milli-banda says:

    Hello Critic !!! No…no…no… Amaraweeraya knows how to “hora ticket kadanna”. Ithuru salli nodenna.

Main News