ඒකාබද්ධය සමග ආණ්ඩුවේ පක්ෂ 6ක් ආණ්ඩුව පෙරළන සාකච්ඡාවක.. ජවිපෙ සහයත් හිමියි…

August 12, 2018 at 1:20 pm | lanka C news
ඒකාබද්ධය සමග ආණ්ඩුවේ පක්ෂ 6ක් ආණ්ඩුව පෙරළන සාකච්ඡාවක.. ජවිපෙ සහයත් හිමියි…

මෙවර අයවැය පරාජයට පත්කර ලබන වසරේ සිට ආණ්ඩු බලය ලබාගැනීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය මේ වන විට ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරු සහ ඇමැතිවරුන් සමග සාකච්ඡා ආරම්භ කර ඇත.

මේ බව තහවුරු කරමින් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරයකු ප‍්‍රකාශ කළේ දෙසැම්බර් මාසයේ පවත්වන අයවැය අවසන් වර ඡන්ද විමසීමේදී බහුතර ඡුන්ද සංඛ්‍යාවකින් අයවැය පරාජය කිරීමට තමන් සූදානම් බවය.

මේ සඳහා ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන්ගේ සහාය අවශ්‍ය බැවින් පළමුව සුළු පක්‍ෂ සමග සාකච්ඡා කරන බවද හෙතෙම කීවේය.

ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, ලංකා වතු කම්කරු සංගමය, ජාතික කම්කරු සංගමය යන සුළු පක්‍ෂවල මැති ඇමැතිවරුන් සමග ඒකාබද්ධ විපක්‍ෂය මේ පිළිබඳ සාකච්ඡා පවත්වන බවද එම මන්තී‍්‍රවරයා කීවේය.

කෙසේ වෙතත් ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා මේ සඳහා සම්බන්ධ කර ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ගෙන් බහුතරයක් අකැමැති නිසා අයවැය පරාජය කිරීම සඳහා බදියුදීන් මහතාගේ සහාය ලබා ගැනීමේ තීරණයක් නැතැයි ද හෙතෙම ප‍්‍රකාශ කළේය.

ඉහත සුළු පක්‍ෂ කීපයක් සමග පසුගිය බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ කණ්ඩායමක් දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇත.

ඇමැති රවුෆ් හකීම් මහතා සමග ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරුන් හත්දෙනෙක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ මනෝ ගනේෂන්, ජාතික කම්කරු සංගමයේ පලනි දිගම්බරන් ඇතුළු ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ මන්ත‍්‍රීවරුන් හයදෙනකු, ලංකා කම්කරු කොංග‍්‍රසයේ ආරුමුගම් තොන්ඩමන් සහ මුත්තු සිවලිංගම් යන මන්තී‍්‍රවරුන් දෙදෙනා මෙන්ම ජවිපෙ මන්තී‍්‍රවරුන් හයදෙනාගේ ද සහාය අයවැයට විරුද්ධව ලබාගැනීම සඳහා සාකච්ඡා පවත්වන බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරයා කීවේය.

– divaina

20,566 Viewers

10 Comments to “ඒකාබද්ධය සමග ආණ්ඩුවේ පක්ෂ 6ක් ආණ්ඩුව පෙරළන සාකච්ඡාවක.. ජවිපෙ සහයත් හිමියි…”

  1. Saman says:

    Sahaya arageba balamu. raa vatuna vale daval vatenne neha mea sulu paksha . Henayak thamai mea balabadaya dakinne……

  2. Saradiel says:

    යමපාලනය අවසානය රනිල් සිරිසේන ගෙදර යවමු රට සහා සාසනය රැකගමු

  3. බන්ඩා says:

    ඔය හැම සුලු පක්ෂයක්ම දිනන පැත්තට හ‌ෝය්යා. හැබැය් චන්ද‌ෙ දිනුවහම පමණය්. ඒ කියන්න‌ෙ චන්දය දිනනකන් උන් පවතින ආණ්ඩුව සමගය් කියන එක විපක්ෂය ත‌ේරැම් ගත යුතුය්.

  4. Asaranaya says:

    නොකෙරෙන වැඩ , රානි අලයගෙ කුමන්ත්‍රනයක්

  5. Champa Kumari says:

    ඒ කියන්නේ සේරම සුළු ජාතික අයිතීන් ලැබෙයි,සිංහලයාට අබ සරණයි.මුස්ලිම්වරුන් ඉල්ලන නැගෙනහිර වෙනම කලාපය ලැබෙයි.දේශපාලනඥයින්ට ඕනෑ බලය විතරයි මහින්ද පොදුයි.මතකනේ විල්පත්තුව දුන්නා තව ටිකකින් සිරිපාදෙ අපට අහිමි වෙනවා

  6. Sha says:

    බදුරුදින් නැති තරමට එකාබද්දයට ජය නියනයි

  7. Kalan says:

    Moda Jvp

  8. PULATHISI says:

    මහබැංකු රජාට එරෙහිව ගෙනා විශ්වාස භංගයට යොදන ලද ආකාරයේ “උප්පර වැට්ටියක්” නොවී මෙය සාර්ථක වී ඊනියා යහපාලනය වහාම ගෙදර යැවීමට හැකිවේවා.

  9. gihan says:

    ME WELAAWE KARANTA PULUWAN NAM HONDAI.
    NAMUTH [ DEMALA MUSLIM SAHHOODARA JANATHAAWA NOWEI JAATHIWAADEE SULU PAKSA
    NAAYAKAINTA WADAA UNP YA THULA INNA THAWAMATH RATATA AADARAYA KARANA
    MANTREEWARU DINAA GANTA.EHEMA UNOTH WEDE GODA. RATATH GODA

  10. Ganja says:

    නොකෙරෙන වැඩ. AURUDU 3 KA IDAN PELLANAWANI. NOT NEED NOW. 18 MONTH TO ELECTION

Main News