ඒ-9 මාර්ගයේ අනතුරකින් 5 කට තුවාල 4කට බරපතලයි….

September 14, 2018 at 8:02 am | lanka C news
ඒ-9 මාර්ගයේ අනතුරකින් 5 කට තුවාල 4කට බරපතලයි….

යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ කනගරායන්කුලම් ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කල බවට කනගරායන්කුලම් පොලීසිය කියා සිටියේය.

කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් අදාල වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කනුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණ සිදු කල කනගරායන්කුලම් පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

විදුලි කනුවේ වෑන් රථය වැදීම හේතුවෙන් වෑන් රථයට දැඩි හානි සිදුව ඇති අතරම විදුලි කනුවද සම්පූරණයෙන්ම විනාශ වී ඇති අතරම විදුලි කනුව කැඩී යාම හේතුවෙන් ඊයේ දින කනගරායන්කුලම ප්‍රදේශයට පැය 10 කට ආසන්න කාලයක් විදුලිය විසන්ධි වූ බවටද පොලීසිය කියා සිටියේය.

අනතුරින් තුවාල ලැබූවන් පුලියන්කුලම් හා මාන්කුලම් රෝහල් වෙතට ඇතුලත් කොට ඇති අතර ඉන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවටද රෝහල් කාර්යමණ්ඩලය කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,289 Viewers

One Comment to “ඒ-9 මාර්ගයේ අනතුරකින් 5 කට තුවාල 4කට බරපතලයි….”

  1. නයා says:

    මේවා මහින්ද ගේ වැරදි
    ඔය පාරවල් හැදුව නිසා තමයි අපරාදේ මිනිස්සු මැරෙන්නේ.
    බලන්න මේ යහ පාලන ආන්ඩුව එක පාරවල් කිලෝ මීටරයක් හැදුවද? නෑ නේ.
    ඉතින් පාරවල් වල මිනිස්සු හැප්පෙන එකට යහපාලනය වග කියන්න ඕනේ නැහැ

Leave a Comment

Main News