ඔන්චිල්ලාවේ ළණුවට ගෙල සිරවූ දරුවා මිය යයි….

August 1, 2018 at 4:40 pm | lanka C news
ඔන්චිල්ලාවේ ළණුවට ගෙල සිරවූ දරුවා මිය යයි….

කිලිනොච්චිය මුලංකාවිල් අන්බුපුරම් ප්‍රදේශයේදී අද (01) උදෑසන 13 හැවිරිදි පාසල් දරුවෙකු ඔන්චිල්ලාවේ ළනුවට ගෙල සිරවීමෙන් මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

සහොදරියන් තිදෙනෙකු සිටින මෙම පාසල් දරුවා අද දිනයේදී පාසල් නොගොස් ඇත්තේ වාර විභාගය අවසන් වී ඇති නිසාවෙනි නවසේ නැවතුනු පසු සිය මව කිසියම් අවශ්‍යතාවයකට කිලිනොච්චිය මහරෝහලට ගිය අතරතරුදී පාසල් දරුවා ගෙමිදුලෙහි තිබූ ඔන්චිල්ලාවේ සෙල්ලම් කොට ඇති අතර එහිදී ඔන්චිල්ලාවේ ළණුවට ගෙල සිරවී සිහි මුර්ජා වී ඇත.

නිවස අසලින් ගිය පුද්ගලයෙකු ඔන්චිල්ලාවේ සිරවී සිටි පාසල් දරුවා දැක එම අවස්ථාවේදීම දිවවිත් ළනුව කපා දරුවාට සිහිනැතිව ඇතයි සිතා වහාම මුලංකාවිල් රෝහලට රැගෙන ගියද රෝහලට රැගෙන එන විටද දරුවා මිය ගොස් සිටි බවට මුලංකාවිල් රෝහලේ වෛද්‍ය වරුන් කියා සිටියහ.

මිය ගිය තරුවාගේ මළ සිරුර මේ වන විට මුලංකාවිල් රෝහලේ තැන්පත් කොට ඇති අතර මුලංකාවිල් සහ කිලිනොච්චිය පොලීසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,579 Viewers

One Comment to “ඔන්චිල්ලාවේ ළණුවට ගෙල සිරවූ දරුවා මිය යයි….”

  1. KP says:

    විජේ කාලා: අනේ අපේ කොල්ලො හිටිය නං මෙහෙම වෙන්නෑනේ

Main News