‘ඔන්න ඕක විකුණලා දාපන් මිනිහෝ’.. විමල් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..[Video]

May 25, 2018 at 10:30 pm | lanka C news
‘ඔන්න ඕක විකුණලා දාපන් මිනිහෝ’.. විමල් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..[Video]

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත වැනි නීති මගින් බැඳුම්කර සොරකම් නීතිගත කරමින්, සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම මගින් මේ රටේ වෘත්තිකයන්, ශ්‍රමිකයන්ගේ රැකියා අවස්ථා අහිමි කරමින් මේ ආණ්ඩුව තම බටහිර ස්වාමිවරුන්ගේ අභිලාෂයන් ඉටු කරමින් ක්‍රියාත්මක කරමින් සිටින්නේ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රයක් බවත් එමගින් මේ රටේ ආර්ථිකය හතරගාතෙන් ඇද වැට්ටවීම මිස අන් යමක් සිදු නොවන බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ පැවැති මුදල් පනත් කිහිපයකට අදාළ රෙගුලාසි පිළිබඳ විවාදයකට එක් වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘පිත්තල කොපමණ මැද්දත් එහි ගඳ යවන්න බැහැ’ කියා කතාවක් තිබෙනවා. මේ ආණ්ඩුවත් ඒ වගේයි. බොරු දැන්වීම් කප්පරක් දැම්මත් ආණ්ඩුවේ ගඳ යවා ගන්න බැරි වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව බලය ලබා ගත්තේ ස්වදේශික ජනතාවගේ අපේක්‍ෂාවන් මල් ඵල ගැන්වීමට ද? එහෙම නැතිනම් තමන්ට බලයට ඒමට තිරය පිටුපස සිට උදව් කළ විදේශික ස්වාමිවරුන්ගේ අභිලාෂයන් ඉටුකර දීමට ද? කියා දැන් ජනතාවට පැහැදිලි වී තිබෙනවා.

නව ලිබරල්වාදී ආර්ථිකයට සිත් සේ වැඩීමට ඉඩකඩ සලසා දීමයි මේ ආණ්ඩුව වසර තුනක් තිස්සේ සිදු කළේ. ඒ අනුව විදේශ ව්‍යවසායකයාට, කළු සල්ලි ජාවාරම්කරුවාට මේ රටේ ආර්ථික මර්මස්ථානවලට කඩා වැදීමට පැවැති බාධාවන් ඉවත් කර දීම මේ වසර තුන තුළ ඉතා හොඳින් සිදු වුණා.

නව විනිමය පාලන පනතක් ගෙන ආවේ මේ රටට කළු සල්ලි ගෙනවිත් ඒ කළු සල්ලිවලින් මේ රටේ ආර්ථික මර්මස්ථාන මිලදී ගැනීමට විදේශිකයන්ට තිබූ සියලු බාධාවක් ඉවත් කරමින්. ඒ අනුව ජාත්‍යන්තර මාධ්‍ය මගින් අනාවරණය කර තිබෙනවා, ශ්‍රී ලංකාව ලෝකයේ කළු සල්ලි සුදු කරන ප්‍රධානතම රටවල් හතරපහෙන් එකක් කියලා. ‘කළු සල්ලි සුදු කරන තිප්පොළ’ කියන විරුදාවලිය මේ ආණ්ඩුව පසුගිය අවුරුදු තුන තුළ මේ රටට අරන් දුන්නා.

‘චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මනෝ තිත්තවැල්ල’

ලයිකා මොබයිල් නැමැති කොටි හිතවාදී කුප්‍රකට සමාගමට ඊ. ඒ. පී. සමූහ ව්‍යාපාරය සතු සියලු සමාගම් විකුණන්න හදන ගනුදෙනුව පිටුපස ඉන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ මනෝ තිත්තවැල්ල මහත්තයායි. ඊ. ඒ. පී. මාධ්‍ය ජාලය ලයිකා මොබයිල් සමාගමට දුන්නේ දේශීය සමාගමක් ඊට වඩා වැඩි ලංසුවක් තබා තිබියදීයි. නීතියට පටහැනිව ගොස් කැබිනට් අනුමැතියක් සහිතව ඒ කුප්‍රකට ගනුදෙනුව මේ ආණ්ඩුව විසින් සිදු කළා.

අද කළු සල්ලි සමඟ ලෝක පාතාලය, ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාවට රිංගමින් සිටිනවා. නව ලිබරල්වාදයට උවමනා ‘එන්ජින් ඔයිල් ටික’ තමයි හොරකම නීතිගත කිරීම. මහ බැංකු බැඳුම්කර හොරකම අහුවුණා. දැන් නැට්ටේ හිටං ගොම. ඒ නිසා බැඳුම්කර හොරකම් නිත්‍යනුකූලව සිදු කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහට දැන් සිංගප්පූරුවට වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් අලුත් නීතියක් හදලා දුන්නා. ඒක තමයි පසුගිය දිනවල සම්මත කර ගත් ‘සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත’. ඒ පනත අනුව ලංකාවේ මේ වන විට පවතින සමස්ත රාජ්‍ය ණය මුදලින් 10%ක් දක්වා වන ණයක් අගමැතිවරයාට කැමති පොලියකට, කැමති හෙට්ටියකුගෙන් ගන්න පුළුවන්. ඔන්න දැන් බැඳුම්කර හොරකම ආයතනගත කොට තිබෙනවා.

මේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය යටතේ මේ ආණ්ඩුව කළ තවත් දෙයක් තමයි, පාන්පිටි සමාගම්වලට හා කිරිපිටි සමාගම්වලට බදු සහන ලබා දීම. මේ ගජමිතුරු සමාගම්වලට බදු සහන දීමෙන් ඇමතිවරුන්ට කොමිස් ලැබුණාට පාන්පිටි හෝ කිරිපිටි මිල ශත පහකතින් හෝ අඩු වූයේ නැහැ. පාන්පිටි සමාගම්වලට වසරකට ලබාදෙන බදු සහනය රුපියල් මිලියන 34,000ක්. එය මහ බැංකු මහ මංකොල්ලයෙන් ක්‍ෂණිකව සිදු වූ පාඩුවට සමාන දැවැන්ත මුදලක්. කිරි ගොවියා ගැන ඇහැක් ඇරලා නොබලපු මේ ආණ්ඩුව කිරිපිටි සමාගම්වලට වසරකට දෙන බදු සහනය රුපියල් මිලියන 18,000ක්. වැට් බදු නොගෙවන සමාගම්වලට හිරේ යන්න වෙනවා. නමුත් මේ විදිහට මහා පරිමාණ සමාගම්වලට බදු සහන දීලා බදු නොගෙවීමේ හොරකම ආයතනගත කරනවා.

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම

දැන් කැබිනට් එකටත් කොළේ වහලා ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමක් ගහලා තිබෙනවා. මේක ගෙනවිත් තිබෙන්නෙත් හොරකම ගිවිසුම් හරහා නීතිගත කර ගැනීමේ නව ලිබරල්වාදී ආර්ථික මූලෝපායන් අනුවයි. මේ මගින් සිංගප්පූරුවේ ලියාපදිංචි මෑන්පවර් සමාගම්වලටත් මේ රටට සේවකයන් එවන්න ඉඩ සැලසෙනවා. වෘත්තිකයන්ගේ පමණක් නොවෙයි, මේ රටේ මේසන් බාස් උන්නැහේගේත් ශ්‍රමයේ වටිනාකම හෑල්ලු කරන්නයි මේ හදන්නේ. වී වවන්නේ නැති සිංගප්පූරුවට වී සඳහාත් බදු සහන දී තිබෙනවා. තායිලන්තයේ වී අතිරික්තයක් තිබෙන කාලයට ඒ බදු සහනය යටතේ සිංගප්පූරුව ලංකාවට වී පටවන්නත් පටන් ගනීවි. මේ ගිවිසුම අනුව ‘සිංගප්පූරුවේ නිෂ්පාදනය කරන ලදී’ කියන ලේබලය ගහලා මේ රටට ඕනෑම කුණුගොඩක් රැගෙන එන්න නීතිමය ඉඩකඩක් හදලා දීලා තිබෙනවා. අපේ රටේ අහිංසක අම්මලා මැද පෙරදිග කඹුරලා එවන ඩොලර් ටික හූරාගෙන යන්න සිංගප්පූරු ගිවිසුම අනුව එන විදේශික ශ්‍රමිකයාට දැන් ඉඩකඩ විවර වෙමින් තිබෙනවා.

‘මේ මව් පොළොව ගැන කිසිම හැඟීමක් නැති ආණ්ඩුවක්’

මේ මව් පොළොව පිළිබඳව කිසිදු තෙතමනයක්, හැඟීමක් තමන්ට නැහැ කියලා මේ ආණ්ඩුව දැනටමත් පෙන්වා දීලා ඉවරයි. ඔවුන් ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ විදේශික ස්වාමිවරුන්ගේ නව ලිබරල්වාදී උපායමාර්ගයට අදාළ ක්‍රියාමාර්ග පමණයි. දැන් බලන්න, බලපත්‍රලාභී ඉඩම් හිමි පවුල් ලක්‍ෂ 20කට සින්නක්කර ඔප්පු දෙන කතාවක් මට පෙර කථා කරපු එරාන් වික්‍රමරත්න ඇමතිවරයා පැවසුවා. මේ කතාව මතුපිටින් හරි සුන්දරයි, මානුෂිකයි. නමුත් මෙතැන තිබෙන මේ අයගේ පරමාර්ථය හොඳ එකක් නොවෙයි. දැන් එක පැත්තකින් විදේශිකයන්ට මේ රටේ ඉඩම් සින්නක්කරව මිලදී ගන්න නීති ගෙනාපු මේ ආණ්ඩුව මෙතැනදී බලාපොරොත්තු වෙන්නේ කුමක් ද? අපේ රට අධිනාගරීකරණය වී නැත්තේ, යටිතල පහසුකම් සහිතව ග්‍රාමීය කෘෂිකර්මාන්තය රැකී තිබෙන නිසයි. ඒ නිසා නගරයට සංක්‍රමණය නොවී ග්‍රාමීය ජනතාව කෘෂිනිෂ්පාදනයෙහි යෙදෙනවා. නමුත් මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳන් ගොවියාට වින කළා. පොහොර සහනාධාරය කැපුවා. වීවලට සහතික මිලක් ලබා දුන්නේ නැහැ. දැන් ගොවිබිමේ මුල් ඇද තිබූ ‘ගොවියා නැමැති ගස’ මුලෙන් උදුරා දමා තිබෙනවා. ණය තුරුස් වී සිටින බලපත්‍රලාභී ඉඩම් හිමි ගොවියාට දැන් සින්නක්කර ඔප්පුවක් ලබා දුන්නාම ඔහු ඉඩම් විකුණා ණය තුරුස්වලින් ගැලවීමට ඇති ඉඩකඩ වැඩියි. මේ ආණ්ඩුව පළමුව ගොවියා ණයකාරයකු කළා. පසුව සින්නක්කර ඔප්පු දී ගොවිබිම විකුණා යන තැනට ඔහුව පත් කරනවා.

ඒ විකුණා දමන කුඹුරුවල විදේශ සමාගම් සමඟ එකතු වී ‘සෝලා පවර් ප්ලාන්ට්’ හදන්න මේ ආණ්ඩුව දැන් සූදානම් වෙමින් ඉන්නවා. මේක තමයි මේ අයගේ බටහිර ස්වාමිවරුන්ගේ නව ලිබරල්වාදී ආර්ථික න්‍යාය පත්‍රය. මෙවැනි ඉරණමකට මේ රටේ ආර්ථිකය ඇද දමා ඇති මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා කියනවා, ‘මේ විදියට වැස්සොත් ආර්ථික වර්ධන වේගය 2.5%කින් වැඩි වේවි’ කියා. එතුමාට අනුව මේ වැස්ස සල්ලි වැස්සක්. ඒක අතුරු කතාවක්. මේක තමයි ”Neo – Liberalism” න්‍යාය පත්‍රය. ඒ අනුව ගොවියා හතරගාතෙන් ඇද වට්ටලා සින්නක්කර ඔප්පුව දෙනවා. ‘ඔන්න ඕක විකුණාලා දාපන් මිනිහෝ’ කියලා. මුදලාලි අතට ඒ ඉඩම් යනවා. ඒ විදියට ග්‍රාමීය කෘෂිකාර්මික පැවැත්ම සම්පූර්ණයෙන්ම වැනසී ගිහිල්ලා ඒ ඉඩම් වාණිජකරණයට ලක් වෙනවා. මහින්ද රාජපක්‍ෂ ගෙදර යවලා බටහිර ස්වාමිවරුන් තමන්ගේ ‘සත්තු ටික’ බලයට ගෙනාවේ මේ පාපතර න්‍යාය පත්‍රය ක්‍රියාවට නඟන්න.

‘ණය බර 40%කින් ඉහළ දැම්මා’

මේ ආණ්ඩුවේ ආර්ථික වර්ධනය ගැන කථා කරන්නත් ලැජ්ජයි. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ යුද්ධයක් තිබිලත් 2014 වන විට ආර්ථික වර්ධන වේගය 7%ක අගයකට ගෙන ආවා. නමුත් 2015 දී 5%, 2016 දී 4.5%, 2017 දී 3.1%යි. 2018 දී මේ ආණ්ඩුවට හොම්බෙන් යන්න තමයි වෙන්නේ. ඒ විතරක් නොවෙයි, 2014 අග වන විට පැවැති ණය බර රුපියල් බිලියන 7391යි. 2017 අග වන විට ණය බර රුපියල් බිලියන 10312යි. මේ ආණ්ඩුව වසර තුනක් තුළ මේ රටේ ණය බර 40%කින් ඉහළ දමා තිබෙනවා. මොන ඉටි ගෙඩියක්වත් හදලා නොවෙයි මෙලෙස ණය බර වැඩි කොට ඇත්තේ. මේ වසර තුන තුළ රුපියල 19%කින් බාල්දු කර තිබෙනවා. මෙවැනි දෙයක් යුද්ධය පැවැති කාලයේදීත් සිදු වුණා ද? එදා මංගල අපිත් සමඟ ඉන්නකොට කීවා, ‘රනිල්ට බැහැ’ කියලා. නමුත් දෙන්නා එකට ඉන්න කොට පෙනෙනවා ‘මේ දෙන්නාට නොවෙයි, මේ ආණ්ඩුවටම බැහැ’ කියලා. මේ ආණ්ඩුව මේ රටේ ආර්ථිකය හතරගාතෙන් ඇදවට්ටමින් තිබෙනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

55,603 Viewers

14 Comments to “‘ඔන්න ඕක විකුණලා දාපන් මිනිහෝ’.. විමල් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..[Video]”

  1. Gunapala says:

    Great speech! Thank you, Mr. Weerawansa.

    • Deshapriya says:

      The patriotic people in this country are thankful to you for your timely speech which points out what this current government, which had come to power by very very narrow margin from Sri Lankan people’s votes , but how they try to appease the foreign powers (they have been our enemies from the colonial era upto last war we did against terrorism,making allegations about our heroic forces)and execute their wishes than the Nation’s wishes . They just came to power by very ,very narrow margin ,but unfairly and unjustifiably try to take measures , that would ruin our future of our future generation , letting them slaves of
      foreign countries, in their own land. Is it ethical to accomplish such dangerous moves without a Referendum?

    • xyx says:

      ………………”මේ ආණ්ඩුව බලය ලබා ගත්තේ ස්වදේශික ජනතාවගේ අපේක්‍ෂාවන් මල් ඵල ගැන්වීමට ද? එහෙම නැතිනම් තමන්ට බලයට ඒමට තිරය පිටුපස සිට උදව් කළ විදේශික ස්වාමිවරුන්ගේ අභිලාෂයන් ඉටුකර දීමට ද? කියා දැන් ජනතාවට පැහැදිලි වී තිබෙනවා”………………….

      පිස්සුද? මේ රටේ ඉන්න ගොබ්බ හරක්ට ඒක තේරෙන්න තව කල්ප කාලාන්තරයක් බලාගෙන ඉන්න වේවි.

      • SALMAL says:

        Wow great speech ,Hon . Wimal Thank you
        Speeches are not magic and there is no great speech without great policy.

    • Kamal says:

      හැබැයි ඉතින් ගෝටාගෙ බැසිල්ගෙ ආර්ථික දැක්මත් ඕකම තමයි.

  2. Nim says:

    THANK YOU WEERAWANSA SAHODARAYANANI.
    RATATA OBE PIHITA
    ATHI WESISTI
    JAYAWEWA. .

  3. Asaranaya says:

    අවමන්ඟල ගල් කාක්කෝ දීපන් උත්තර, රනිලයට එදත් බැහැ, අදත් බැහැ ඉදිරියටත් බැහැ, නගින එකත් බැහැ, ඒනිසා දරු පරම්පාරාවක්dha නැහැ

  4. Sunil Dahanayake says:

    Dear Wimal,

    Your speech and analysis is thousand times better than so called Economic Masters and Economic academics.

  5. rohan says:

    yahapalanya is an absolute group of backboneless traitors. Greedy bunch of pimps who sell their mothers?.

  6. Sumith says:

    Great Wimal. We all are behind JO.

  7. Sri Lankan says:

    Wimal umbnan hodata bera Parlimentuwe gahanawa.Habai umba paulata anduwe niwasa saha sallli beduwa kale mathaka nadda? Hora gadiya!!!!!!!

Main News